සහසක් සතන් සුව සදවන වරම් ලබා පහනක් සේ ම දැල් වී නුඹ එලිය වුණා පියුමක් සේ ම පිපිලා ලොව සුවඳ කළා කාටත් හොරෙන් සැඟවී නුඹ මිලින වුණා.. මී මැසි කැලක් වී ගුම් ගුම් නද දුන්නු නිල් දිය දහර වී එක ගඟකට වැටුණු සිනහව නුඹ ම විය තොල් පෙති අග රැඳුණු ඒ සිනහව ම නෙතු අග කඳුලක් රැන්දු.. සසර සරන තුරු ...

දුල් මන බැන්ද ඉඳුරන් ද දල්වා තියා (ගීතයක් ගැන) ඕනෑම සන්නිවේදන මාධ්‍යයක මෙන් ම ගීතය නමැති ප්‍රකාශන මාධ්‍යය මගින් කෙරෙන භාව ප්‍රකාශනය පිළිබඳව ද වඩාත් හොඳ අවබෝධයක් සහ වින්දනයක් ලබන්නේ එහි ශ්‍රාවකයා ය. නමුත් එම සංවේදනය කෙරෙහි රචකයාගේ අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව බෙහෙවින් බලපායි. නමුත් සමහර අවස්ථා වලදී ගීතයක ව්‍යංගය මගින් කියැවෙන අර්ථය ශ්‍රාවකයා වෙත යන්නේ බොහෝ ප්‍රමාද වී ය. ඒ අනුව සලකද්දී ගීතයක් පිලිබඳ වඩාත් නිවැරදි සහ සාධාරණ ...

වෙන් වීම දෑත බිම ඔබා, පස්සට වාරු වී ගං ඉවුර අසල, නොගැඹුරු දිය ළඟ නුඹ නිහඬව හුන් තැන, අද මම තනිවම සුපුරුදු සුවඳයි, මුළු ගං ඉවුර ම.. වක්කඩ ළඟ, දිය බොර කර නටාපු තිත්තයෝ අද නැත, උනුත් මියැදිලා වාගෙයි තටු අකුලාගෙන,කඳුළු දරාගෙන, මා සමුගෙන ගිය, නුඹ ගැන හිතනවා වාගෙයි ඉවුරේ සිල්ගත්, කණ කොක් රෑන ම.. රතු රෝස මල් වෙනුවට දෑතේ, සුදු ...

හුණුවටයේ කතාව නැරඹුයෙමි. හෙල ගැඹුරුයි පුත නොබලන් සෙලවෙන කොට වැල් පාලම දෑස බයෙන් බිම නොබලන් අපට පුතේ මගක් නැතේ මේ මග මිස යමන පුතේ දෙවියෝ බලයි මුණ නුඹේ නුඹව රකියි යමන් පුතේ සිංහල වේදිකා නාට්‍ය ගැන සියුම් හෝ අවබෝධයක් ඇති, මේ ගීතය අසා නැත්තෙක් වේ නම්, එය මහා පුදුමයකි. ඒ තරම් ම එය අපට සමීප ය. මෙය ජර්මානු නාට්‍යයකි. එවැන්නක පරිවර්තනයකි. නමුත් ...

අද හෙට ඔබ අප අතහැර යන බව දැනගන්නට ලැබුණා... ජීවිතයේ තිබෙන්නේ හමු වීම් සහ වෙන්වීම් පමණයි කියලා කවුදෝ කියනවා අහලා තිබුණත්, බොහොම කාලෙකට පස්සේ, හිතට තදින් ම දැනෙන විදියේ වෙන්වීමක් අත්විඳින්න සිදු වෙලා. ඉදිරියට ඉගෙන ගන්නා ක්ෂේත්‍රය තීරණය කරන, මෙතෙක් කළ විභාග අතරින් වැදගත් ම විභාගයට තව දවස් 3ක් වත් නැති නිසා බොහොම කාර්යය බහුල වෙලා ඉන්න මොහොතකයි මේ සටහන ලියන්න ගත්තේ. සටහනක් පල කරන විදියේ මානසිකත්වයක් නොතිබුණත් ...

මුහුදු රැල්ලක් ඇතුලේ සැඟවුණු පෙණ කැටි අහුරක සිර වුණු ඉකියක් හැඬවුණු මොහොතක නුඹ හා මා හුන් වෙරළ පසු කළ තුන්වෙනි පන්තියේ දුම්රිය මැදිරිය දෙදරා වැළපෙනු අසා උන්නෙමි මම සැන්දෑ මොහොතක.. පෙර එක් දවසක සැන්දෑ මොහොතක මා තුරුලෙහි හිඳ නුඹ කල් ගෙවූ ඒ ගල් කුළු මත වෙන වෙන අය අද.. ඒ අප නොව බව නොම දැන මහ සිඳු රිද්මය නංවයි පෙර ...

මේ ලියවෙන්නේ අරුණැල්ලට ලියන සියවන සටහනයි. ඒ, අරුණැල්ල ඒ නමින් අරඹා වසරක් ගෙවෙන තැන දී යි. මේ දක්වා ආ ගමනේ බ්ලොග් ලෝකය සහ සයිබරය තුළ, රැංගෝ ට ගුරුහරුකම් දෙමින් රැඳී වුන් රැසකි. මා අල්තීනායි විණි නම්, උහූ දුයිෂෙන් වැන්නෝ වුහ. එවැන්නවුන්ට ප්‍රණාමය පුද කරනු වස්, මෙතෙක් මා හා බ්ලොග් කරණයේ යෙදුණු පිරිසෙන් කිහිප දෙනෙකුගේ සහභාගිත්වය ඇතිව 'චිංගීස් අයිත්මාතව්' විසින් රචිත ...

සැහැල්ලු ය සුදු ය, මුදු ය සුමුදු ය පුළුන්.. අසා උන් තෙපුල ගියෙමි සොයා මම පුළුන්.. රූස්ස ගසක හිස රැඳී ගෙඩියක් පුපුරා පාවී ආවේ ය මහා ගොඩක් පුළුන්.. අල්ලා ගන්නට නොහැකිව සියුමැලි ද බලන්නට පසුපසින් ගියෙමි පා වී යන පුළුන්.. කපු කටින තැන නූල් වී එතෙන ඒ නූල් වලින් කම්බා වියෙන තැනට වී අතගා බැලුවෙමි පුළුන්.. මතුපිට නම් රළු ය ...

වෘදංග ගැටබෙර තාල අභිබවා සසැලෙන දණහිස් පුපුරු ගස්සවා නිදිබර බොර නෙත් බලෙන් ඇහැරවා නලියන නළලත රේඛා මකවා තිරයේ නුඹේ වත යළිත් හිනැහුණා.. Posted by : Nj_A najathakram1@gmail.com

බටහිරට එහා ගිය අපේ දැනුම -  ලිපි පෙළක ආරම්භය කවුරුන් පිළි ගත්තත් නොගත්තත්, අද ලෝකය ක්‍රමයෙන් විනාශය කරා යමින් පවතී. බටහිර දැනුම මත පදනම් ව කෙරෙන ඊනියා සංවර්ධනය ක්‍රියාවලිය නිසා දිනෙන් දින සම්පත් විනාශ වෙමින් පෘථිවියේ පැවැත්මට හානිකර බලපෑම් එල්ල වෙයි. එසේ වීමට නම් අප භාවිත කරන දැනුම නිවැරදි සහ භාවිත කළ යුතු දැනුම නොවිය යුතු ය. මිනිසා යනු පරිසරයේ එක් කොටසක් විනා එහි හිමිකරු නොවේ. ඒ බව ...

විශ්ව විද්‍යාල උප සංස්කෘතිය සහ ඇනෝගේ සිත් රිදුම මෑතක දී මා, රත්තා හෙවත් රත්ගමයා සමග සතියක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අක්බාර් ශාලාවේ ගත කළ බව ඔබට මතක ඇතුවාට සැකයක් නැත. එසේ නම් ඒ අවධියේ දින පතා සිදු වූ දෑ අරුණැල්ල බ්ලොගයේ සංක්ෂිප්තව පළ කළ බව ද නිසැකව ම මතක තිබිය යුතු ය. ඒ ලිපි පෙළෙහි දෙවන සහ තෙවන ලිපි වල යම් තැනක සඳහන් කළ මයිනන් යන වචනය නිසා ...

"කුසුමක් නම් පිපී, සුවඳ විහිදා, පර ව යා යුතුමැයි.." නැත නැත.. අද තාක්ෂනය බොහෝ දියුණු ය... තොපේ ඔය අනිත්‍යය අපේ අලුත් නිර්දේශයේ නැත.. දරුවෙනි බලව.. අපේ දැනුම ඉහල ය විද්‍යාව අතැඹුලකි මට වර.. සුත්‍ර ගත කරමු අපි මල.. පුදුමයකි, කැපී ගියේය සුළු වී, දෙපස වූ සුවඳ.. Posted by : Nj_A najathakram1@gmail.com ...

අක්බාර් පාලම මත ආදරය (කෙටි කතාව) අවුරුදු ගණනාවක් පුරාවට,එහෙමත් නැත්නම් ජීවිත කාලය පුරාවට ගොඩ නැගුණු මතකයන්, හැම දේ ම මාසයක් දෙකක් ඇතුලත අමතක කරලා, ජීවිතේ අලුතින් ම පටන් ගන්න එක ලේසි නැහැ. නැති වී ගිය සම්බන්ධතා නිසා බිඳ වැටුණු මානසික තත්වය ගොඩ ගන්න තවත් ඒ වගේ ම සම්බන්ධතා බොහොමයක් අවශ්‍ය වෙනවා. ඒත් එහෙම වෙලා තියෙන වෙලාවක හුදෙකලා වෙන්න සිදු වුනොත්? එහෙම වුණොත් ඒ මතකයන් නිසා ...

ජීවිතය පිලිබඳ ආශාව අත හැරීම හෙවත් රත්ගමයා සමග සතියක් ගත කිරීම - අවසන් කොටස 2012 වර්ෂයේ මා විසින් ගත කරන්නට යෙදුනු වැඩි ම ජීවිතයට අවදානමක් තිබූ සතියේ පස් වන හා හය වන දින පිළිබඳව කෙරෙන සටහනයි මේ.. පෙර කොටස් නොකියවූ අයගෙන්, පහත ලින්ක් වලින් ගොස් ඒවා කියවා එන මෙන් ඉල්ලමි! 1 කොටස 2 කොටස 3 කොටස 4 කොටස පේරාදෙණිය උද්භිදඋද්‍යානයේ දී ඊයේ දවසේ දවල් කාලය ගෙවුණේ බොහොම සාමාන්‍ය විදිහට. කම්මැලි කම නිසා වැඩිය ...

ජීවිතය පිලිබඳ ආශාව අත හැරීම හෙවත් රත්ගමයා සමග සතියක් ගත කිරීම - 2 කොටස මේ වෙද්දී මම පේරාදෙණියට ඇවිත් පැය විසි හතරකට එහා කාලයක් ගත වෙලා.. රත්ගමයා සමග පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ, එක ම කාමරයේ සතියක් ගත කිරීමේ මහා මෙහෙයුම පිළිබඳව 'ලක් වැසි' සහ 'පිට රට වැසි' පාඨකයන් දැනුවත් කිරීමේ මෙහෙයුම් වාර්තාකරණයේ දෙවන දිග හැරුමයි මේ.. කලින් කොටස කියවපු නැති කෙනෙක් ඉන්නවා නම් මෙතනින් ගිහින් කියවලා එන්න... මේ ඊට පස්සේ සිදු වුණු ටික! කාමරයේ ජනේලයෙන් ...

ඇගෙයි වරද (සත්‍ය සිද්ධියක් ඇසුරෙනි) අඩවන් වූ නෙත් සඟලේ නුරා ගින්න ඇවිලිලා, ඊට යටින් කඳුලැල්ලක් යාන්තමට වියළිලා, තව ටිකකින් අන්ධකාරේ සැඟවෙයි ඇය නික්මිලා, ඒ එක්ක ම කඳුලැල්ලත් මැකී යාවි වියළිලා.. අපේ අතේ නෑ වරදක් ඇයයි වරදේ බැඳෙන්නේ, මැකී ගියත් කඳුළු බිඳුව යළි නෙතගට උනන්නේ, මහ ගඟකින් දිය දෝතක් බිව්වට නැහැ දැනෙන්නේ, ගඟෙන් වතුර බී යන උන් මුහුදට ආවඩන්නේ!! Posted by : Nj_A najathakram1@gmail.com ...

ධරණීය නොවූ සංවර්ධනය මහා ගස් පෙරළලා කැලෑ බිම් එළි කළා සොබා දම වනසලා "සංවර්ධනය(??)" නම් කළා.. වැහි පොදක් නො වැටිලා කාලයක් ගත වෙලා වන සතුන් මියැදිලා මහ පොළොව වියැළිලා.. බොහෝ කල් ගත වෙලා වර්ෂාව නැති වෙලා සංයෝග කළඹලා ඔවුන් වැසි ඇති කළා.. වැහි ලිහිණි හඬ සලා අහස් කුස ඉගිලිලා වැසි වැටෙන සන් වෙලා ගම්මාන හිනැහිලා.. සතන් සිත් තුටු වෙලා වර්ෂාව ඇති වෙලා ...

ගෙවී යන දවස! නුඹ හා හුන් තවත් දවසක් ගෙවී යන යුරු බලා හිඳිනෙමි අන්තිම පැන්සයත් පරාද වූ සූදු අන්තුවෙකුගේ බැල්මෙන්... ප/ලි: මේ ටිකේ මම ගොඩක් අයගේ බ්ලොග් වලට ආවේ නෑ කියලා ඇති වෙන්න නෝක්කාඩු ඇහුව නේ.. ඔන්න තව පැය කිහිපයකින් ඔලුව පිරිලා තිබුණු මගේ වැඩ ටික ඉවර වෙනවා.. ඊට පස්සේ ආපු නැති බ්ලොග් වලට එනවා.. කාගේ හරි බ්ලොග් එකක් මග හැරිලා නම් ...

දානය දන් දීම දොරින් දොර ඇවිද නොලැබෙන ලදුව එකමෙකෙක් ඈ දැක, දුන් දානය ගෙන පැලට විත් බුදින සඳ.. පිල්කඩට වී පතයි නකුටු බල්ලෙක් ඇගේ ඉඳුලෙන් කුස පුරවා ගන්නට.. පින්තුරය ගත්තේ මෙතනින් Posted by : Nj_A najathakram1@gmail.com ...

Previous Page