මෙත පාන්නෝ තමන්ගේ මුලස්ථානය ඉදිරියට පැමිණ උද්ඝෝෂනය කරන්නට පැමිණි භික්ෂුන් වහන්සේලාට පටිසෝතගාමීව ගුටිබැට වලඳවන්නේ කෙසේදැයි ඊයේ බොදු බල සේනා චීවරධාරීන් පිරිසක් පෙන්වා දී තිබුණා. එම ගුටිබැට දංසලෙන් වැලඳු භික්ෂුන් වහන්සේ නමක් දතකුත් අහිමිව රෝහල් ගත වුණා. එම පුවත මේ වන විටත් ඉංග්‍රීසි බසට හැරවී අන්තර්ජාතිකව ප්‍රචාරය වී හමාරයි. මෙලෙසම පසුගිය කාලයේ බොදු බල සේනාව විසින් කරගෙන ගිය බොහෝ අබෞද්ධ ක්‍රියාවන් ...
වෙසක් සුභපැතුම්! බෞද්ධ ජනතාවට මෙදා සැරේ වෙසක් සමරන්න වෙලා තියෙන්නේ ප්‍රශ්න ගොඩක මැදිවෙලයි. එකපැත්තකින් බොදු බල සේනාව විසින් වෙසක් එකට බකට් පත්තු කරන එකට ඔළුබක්කෝ නටන එකට විරුද්ධ වෙලා. පහන් පුජා කරන එකත් බෞද්ධ විරෝධීයිලු. මමත් එයට 100% ක්ම එකඟයි. නමුත් පහන් විතරක් නෙමෙයි! මල් පුජා කිරීම, බෝධි පුජා කිරීම, චෛත්‍ය වන්දනාව සහ බුද්ධ ප්‍රථිමා වන්දනාවත් බුදු දහමට අයත් ඒවා ...
කේ. නීලකන්දන් ශ්‍රී ලංකාව සිංහලයන් සහ බෞද්ධයන් සඳහා පමණක් උරුම වූ රටක් ලෙස අන්තවාදී බෞද්ධ සංවිධාන ගෙනයන ප්‍රචාර නැවත්වීමට පියවර ගත යුතු යයි සමස්ත ලංකා හින්දු මහා සංගමය රජයෙන් ඉල්ලා සිටී. රටේ ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දී ඇතිවාක් මෙන්ම අනිකුත් ආගම් ඇදහීමේ අයිතියද සහතික කර ඇති බවයි හින්දු මහා සංගමයේ සභාපති කන්දයියා නීලකන්ඩන් අධිනීතිඥ වරයා කියා සිටියේ. බුද්ධාගම සඳහා පමණක් ...
ඩිලාන් පෙරේරා මේ වනවිට රටට වැඩිම ආදායමක් ගෙන එන අමාත්‍යාංශය ලෙස විදේශ රැකියා අමාත්‍යාංශය පත්වෙලා ඉවරයි. නමුත් එලෙස තමන්ගේ ශ්‍රමය දහඩිය අන්රටකට පුදලා රටට මුදල් රැගෙන එන විදෙස් ගත ශ්‍රමිකයන්ට මේ රජය විසින් කරපු මගුලක් නැහැ. බොරුවට ගිරිය පුප්පගෙන කෑගහන ඩිලාන් පෙරේරා ඇමතිවරයා කරපු දෙයකුත් නැහැ. එයා කරලා තියෙන එකම දේ විදෙස් ගත ශ්‍රමිකයාට “රට විරුවන්” කියා නමක් දාපු එක ...
ජේ ආර් ජයවර්ධන ජේ.ආර්. ජයවර්ධන විසින් තමන්ට අසීමිත බලයක් ආරෝපනය කරගැනීම සඳහා නිර්මාණය කරගත් විධායක ජනාධිපති පට්ටමෙන් කළහැකි උපරිම දේවල් මොනවාද? යන්න මහින්ද රාජපක්ෂ චරිතය විසින් මේ වන විටත් පෙන්නා දී ඇත. දේශපාලකයන්, බුද්ධිමතුන් සහ සිවිල් සංවිධාන යන සියළුම තලයන්හි අය මේ වන විටත් විධායක ජනාධිපති ක්‍රමය රටට අනවශ්‍ය එකක් බව පිළිගෙන සිටිති. මේ සම්බන්ධව රටේ පුළුල් කථිකාවක් ඇති කිරීම ...
ගාල්ල පොලීසිය ගාල්ලේ ක්‍රිස්තියානි දේවස්ථානයකට පහරදීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට නොගත්තේ මන්දැයි කරුණු පහදන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ගාල්ල පොලීසියට නියෝග කළේය. ගිංතොට පිහිටි පෙන්තකොස්ත සභාවට අයත් ආගමික මධ්‍යස්ථානයක භාරකරුවන් ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය එම නියෝගය කළේය. බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් ඇතුළු කණ්ඩායමක් සිය මධ්‍යස්ථානයට කඩා වැදී එහි ආගමික කටයුතු නවත්වන මෙන් බලකරමින් මධ්‍යස්ථානයට පහරදුන් බව භාරකරුවන් ඉදිරිපත් කළ ...
ජීවිතය නුඹ! අහස වගේ වෙනස් වෙන…මලක් වගේ පිපෙන…සුවදක් වගේ හමන…සතුටක් වගේ විදින…කදුළක් වගේ දවන… ජීවිතය නුඹ කව්රුන්ද….තාමත් නොවැටහෙන.. ලැබීම…නොලැබීම…සිනාසීම….වැලපීම…හමුවීම….වෙන්වීම…සියල්ල අතර විටෙක සෝදාපාලුවෙන…විටෙක ජවසම්පන්නව නැගීසිටින…ජීවිතය නුඹ කව්රුන්ද….තාමත් නොවැටහෙන… ලැබීම් පරම සැපත ලෙස සිතන…නොලැබීම් සියල්ලේ අවසානය ලෙස සිතන…ගමනාන්තයේ ලබන්නට පැහැදිලි දෙයක් ඇත්දැයි සිතෙන…ජීවිතය නුඹ කව්රුන්ද තාමත
දලයි ලාමා තුමා මේ දිනවල ලංකාවේ මාධ්‍ය නිහඬතාවයක් පල කෙරේ. පොඩ්ඩක් හෝ සද්දයක් දමන්නේ ඥානසාර සහ විමල් වීරවංශයි. ඥානසාර කෙසේ හෝ නොර්වේ සල්ලි වලට වැදුණු මඩ සෝදා ගන්නට උත්සාහ දරන අතර විමල් වීරවංශ දේශප්‍රේමයට මුස්ලිම් ප්‍රේමයද එක්කර දේශපාලනික වාසියක් ගැනීමට තැත් දරයි. නමුත් විමල් වීරවංශ මහතාට අමතක වී ඇති දෙය නම් ලංකාවේ මුස්ලිම් විරෝධයක් ඇති කිරීමට මුල‍්වුයේ ඔහුගේම චක්ගෝලයන් විසින් ...
සුනන්ද දේශප්‍රිය රාජපක්ෂ ආණ්ඩුවේම ඇමැතිවරුන් පවසන පරිදි ජාවාරම්කාර පැලැන්තියක් විසින් සමාන්තර කලූ ආර්ථිකයක් එනම් දූෂිත, වංචනික්, භිෂක සහ දුරාචාර ආර්ථිකයක් පවත්වා ගෙන යමින් රටට කරන බලපෑම සහමුලින්ම රාජපක්ෂ ආණ්ඩුවේ දේශපාලන වර්ධනයකි. රාජපක්ෂ පාලනය ආරම්භ වූයේ 2005 ජනාධිපතිවරණයෙන් යැයි සළකන්නේ නම් මේ ගත වන්නේ චින්තනයේ අටවන අවුරුද්ද ය. යුද්ධය අවසන්ව දැන් වසර හතරකි. මේ වනාහී රටක වෙනසක් ඇති කිරීමට ඕනෑවටත් වැඩි කාලයකි. ...
බොදු බල සේනා බොදු බල සේනාව, නොර්වේ සහ යුද්ධයෙන් පසුව යුරෝපයට පැන්න කොටි සමග අශුද්ධ සංධානයක් තිබෙන බව දැන් සනාථ වන්නේ පසුගිය 11 වැනිදා කෑගල්ලේ පැවති බොදු බල සේනා වාර්ෂික සම්මේලනයේදී ආගම්බේධකාරී ඥානසාර චීවරධාරියා විසින් තමන් විසින් නොර්වේදී සාකච්ඡා කලේ දෙමළ ඩයස්පෝරාවේ හොඳ කට්ටිය සමග බව පිලිගැනීමෙන්ය. මෙහිදී මට මතුවන පලමු ගැටළුව නම් මේ අය හොඳ දෙමළ ඩයස්පෝරාව වෙන්කර හඳුනාගත්තේ ...
නීතිඥ එස්.ජී. පුංචිහේවා අද ඉන්නේ නියම පුරවැසියෙක් නොවන ප්‍රබන්ධ කරපු පුරවැසියෙක් බවත් මේ ප්‍රබන්ධය හදන්න මේ රටේ මාධ්‍ය පුදූම දායකත්වයක් දී ඇති අතර මාධ්‍යවේදීන්ට ලැප්ටොප්, වාහන බලපත්‍ර දී මේ ප්‍රබන්ධය හැදීමට ඔවුන් පොළඹවාගෙන අහවර බවත් නීතිඥ එස්. ජී. පුංචිහේවා මහතා පැවසීය. සිවිල් සංවිධාන එකමුතුවක් ගොඩනගමු යන මැයෙන් මානව හිමිකම් කේන්ද්‍රය සහ පර්යේෂණ ආයතනය සංවිධාන කළ වැඩමුළුවක් අමතමින් පුංචිහේවා මහතා මේ ...
ගාමිණී වියන්ගොඩ අප මොන තරම් ඇන්දවිය හැකි ජාතියක් දැ යි ගිය සතියේ අපේ ඇහැට ඇඟිල්ලෙන් ඇන අපේ පාලකයෝ පෙන්වා දුන්හ. එහෙත් ඒ ‘පෙන්වා දීම’ අප ‘දැක්කේ’ ද? නැති බවට මම සැක කරමි. මැජික්කාරයන් පෙන්වන දේවල් බලා සිටින්නා ‘දකින්නේ’ නැත. එය විජ්ජාවක් වන්නේ එබැවිනි. විස්මය දනවන්නේ, එසේ පෙන්වා දෙන දෙය ‘නොදැකීම’ මගිනි. නොපෙන්වා යමක් පෙන්වන විජ්ජාව කරන්නේ කෙසේ දැ යි ...
අසාත් සාලි අසාත් සාලි අත්අඩංගුවට ගැනීමේ අර්බුධය අවසන් වුයේ රාජපක්ෂ පාලනයට දැඩිලෙස අවාසිදායක තත්වයක් නිර්මානය කරමිනි. රජයට සම්බන්ධ වෙබ් අඩවි විසින් අසාත් සාලි සමාව ගත්තා යැයි ප්‍රකාශ කළද එය පුස්සක් බව මාධය මගින්ම හෙළිවිය. චෝදනා 18 ක් සම්බන්ධව ප්‍රශ්න කිරීමට අත්අඩංගුවට ගත් සාලි මහතා කිසිදු කොන්දේසියකින් තොරව නිදහස් කිරීමට රජයට සිදුවිය. සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීමේදී සහ අසාත් සාලි මහතා ...
ඔවුන්ට බුදුන් සිහිවෙත්වා! – මියන්මාරයේ සහ ලංකාවේ බෙදුම්වාදී භික්ෂූන් ගැන දලෙයි ලාමා පවසයි.
Anver Manatunga
දලයි ලාමා ටිබෙටයේ අධ්‍යාත්මික බෞද්ධ නායකයා වන දලෙයි ලාමා, පසුගිය අට වැනිදා ඇමෙරිකාවේ මේරිලන්ද විශ්වවිද්‍යාලයෙදී (University of Maryland) කල දේශනයකදී බෞද්ධ බෙදුම්වාදී ගැටුම් පිළිබඳව අදහස් ප්‍රකාශ කරන ලදී. එම දේශනය සඳහා පසළොස් දහසක පමණ ප්‍රමාණයක් සභාගත වූහ. හැත්තෑ හත් හැවිරිදි, නොබෙල් සාම තාග්‍ය ලාභී දලෙයි ලාමා මෙසේ පවසා සිටියේය. “ආගමේ නාමයෙන් මිනී මැරීම ඉතා ශෝකජනක සහ සිතීමටවත් අපහසු වන ...
දේශපාලන සිරකරු අසාද් සාලි මහතා අත්අඩංගුවට ගැනීමේ ක‍්‍රමවේදය ගැන විපක්‍ෂ නායකතුමන් පාර්ලිමේන්තුවේදී මතු කළ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග‍්‍රාමාත්‍යතුමන් කියා සිටියේ, ‘‘ලංකා ආණ්ඩුවට විරුද්ධත්වය දැක්වීමේ හැඟීම් ඇවිස්සීම, එසේ හැඟීම් ඇවිස්සීමට තැත් කිරීම, වැසියන් අතර අසමගිය වර්ධනය කිරීමට තැත් කිරීම වැනි දණ්ඩ නීති සංග‍්‍රහයේ 120 වැනි වගන්තිය ප‍්‍රකාරව අසාද් සාලි මහතා අත්අඩංගුවට ගෙන ඇත.’’ එමෙන්ම, ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පණත අහෝසි කිරීමට හෝ ජාත්‍යන්තර ...
ඕමල්පෙ සෝභිත හිමි 2013 මැයි මස 8 වැනි බදාදා “ලංකාදීප” පුවත් පතේ 17 වැනි පිටුවේ “නීතිය හමුවේ සියලු දෙනා එක සමානයි” යන මාතෘකාව යටතේ ජාතික හෙළ උරුමයේ මාධ්‍ය හමුවට සහභාගි වෙමින් එහි සභාපති ඕමල්පේ සෝභිත හිමියන් විසින් ඉදිරිපත් කරණ ලද කරුණු පිළිබඳව අපගේ වැටහීම අනුව එහි සාරාංශය පහතින් ගෙන හැර දක්වන්නට කැමැත්තෙමු. 1. මුස්ලිම් වරුන් නීතිය ඉදිරියේ තමන් සුවිශේෂී යැයි මතයක් අන්තවාදී ...
හොස්නි මුබාරක් සාමාන්‍ය දුප්පත් පවුලක ඉපිද දේශපාලනය ඇරඹි ඊජිප්තුවේ හොස්නි මුබාරක් අවසානයේ ඩොලර් බිලියන 40 කට වඩා ධනසම්පත්තියක් හිමි අයෙකුව සිටියේය. එමෙන්ම ඔහු ඉදිරිපත්වු සෑම මැතිවරණයකින්ම අතිබහුතරයක් සහිතව ජයග්‍රහණය කරන ලදී. නමුත් කිසිවෙකුත් අපේක්ෂා නොකළ පරිදි කොළු කුරුට්ටන් පිරිසක් එක්වී කළ විරෝධතාවයක් තුලින් මුබාරක්ගේ මහා ප්‍රතිරූපය විනාශ කර ඔහුව බලයෙන් පහකරන ලදී. මුබාරක්ගේ ජීවිතයෙන් අපේ රටේ නායකයන්ද උගතයුතු කරුණු බොහෝය. ...
අවනීතිය අසාද් සාලි මහතා ජාත්‍යන්තර මට්ටමින් සිදුකර ඇති ප්‍රකාශයක් ඇතුළු චෝදනා 18ක් ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් ප්‍රශ්න කරන බවද සාලි මහතාට විරුද්ධව විශාල මූල්‍ය වංචාවක් ගැනද චෝදනා ඇතැයි ද ජාතික ආරක්ෂාව පිළිබද මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා පවසයි. කොළඹදී 2013 මැයි 06 පැවති මාධ්‍ය හමුවක දී ඔහු ඒ බව සඳහන් කළේය. එම පැමිණිලි 18 ක් සම්බන්ධයෙන් විමර්ශන ...
සී.පී.ජේ ප්‍රතිවිපාක වලින් තොරව මාධ්‍යවේදීන් මරා දැමෙන රටවල් පිලිබඳ දර්ශකයක් (The Impunity Index) වාර්ෂික වාර්තාවක් ලෙස එලි දැක්වේ. මරා දැමුණ මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවන අවස්ථා 5ක් හෝ ඊට වැඩි නම් එම රටවල් අදාළ වාර්තාවට ඇතුලත් කෙරේ. මාධ්‍යවේදීන් ආරක්ෂා කරන කමිටුව (Committee to Protect Journalists) මගින් නිකුත් කරන මෙම වාර්තාවේ 2013 වසර සඳහා රටවල් 12ක් එම දර්ශකයට ඇතුලත් වන්නේය. මත්ද්‍රව්‍ය ...
පොලිසිය ත්‍රස්ත නීතිය යටතේ මුස්ලිම් දේශපාලන නායකයා අත් අඩංගුවට ගැනීම – කේ. රත්නායක විසිනි
Anver Manatunga
අසාත් සාලි ශ්‍රී ලංකා පොලිසියේ කොලඹ අපරාධ විමර්ශන ඒකකය විසින් මුස්ලිම්-දෙමල ජාතික සන්ධානයේ නායක අසාද් සාලි, ත්‍රස්තවාදය වැලක්වීමේ පනතේ නීති යටතේ මැයි 2 දා අත් අඩංගුවට ගත්තේ ය. ඔහුට විරුද්ධ ව ඇති පැමිනිලි ඔස්සේ සාලිගෙන් ප්‍රශ්න කර ගෙන යන බව පොලිසිය ප්‍රකාශ කර ඇතත් රඳවා ගැනීමේ නියෝග යටතේ ඔහු රඳවා ගෙන සිටින්නේ දැයි පැහැදිලි නැත. ආරක්ෂක අමාත්‍යාංශයේ උසි ගැන්වීම ...