හලෝ ළමයිනේ කොහොමද? හැමෝම හොඳින් ඉන්නවාද?මමනම් සුවෙන් සැපෙන් ඉන්නවා හිකිස්... කාලෙකින් බ්ලොග් පොස්ට් එකක් නොලියුවට කට්ටියම ලියන කියවන එව්වා ඇහැ ගහගෙන හිටියේ ඕන් , මට හොරෙන් කුරුල්ලෙක්වත් පියාබනවා බොරු :D........ කම්මැලිකමත් රැකියාවේ කටයුතුත් නිසා බ්ලොග් ලිවිල්ල පස්සට ගියා එකටනම් හද පිරි මෙව්වා එකෙන්ම දුකයි. :'(හරි දැන් කස්ටිය බලනවා ඇති මෙකි මොනාද මේ කාලෙකින් ඇවිත් දොඩවන්නේ කියලා නේද :Pලස්සන කටයුත්තක් වෙන්න ...
සසර කතර එතෙර කරනනැව හිමි නාවිකයා ඔබඅදුර අතර සිරගත කලආලෝකයේ සිලුවයි ඔබමෙලොව බුදුන් මට පෙන්වාකවා පොවා දෙවා සතරමමයි ඔබේ මිසදුටු පුත්හමුවී ඇත ගෙවා සතරඅවැඩ පවැඩ ලොවැඩ සිත්අතර නිතර සැරිසැරුවදරාග ද්වේශ මෝහ රසින්දිවිය අතරමං වුවදමතු බුදුවන මෙතේ බුදුන්ඔබ මව් කුස බිහි වූවදගෙදර බුදුන් ලෙස පෙළහරපෑ අවසර මගේ නොවේදපෙරුම් පුරා සසර ගෙවාබුදුවූ ලෙස මෙතේ බුදුන්ඔබට හැකිද බුදු වන්නටමා හැදු වැඩු පිනේ බලෙන්මවැනි ...
"සෑම මිනිසෙකුටම බල්ලෙකු සිටිය යුතුය" යන පැරණි කියමන මං අහලා තියෙනවා. එත් මට හිතෙන්නේ :සෑම බල්ලෙකුටම මිනිසෙක් සිටිය යුතුයි" කියලයි. බල්ලෙකු වූ මා කතා කරන්නේ මොන දෙයක් ගැනද කියන්න මං දන්නවා.හැම බල්ලෙකුම ඉතා පරීක්ෂාවෙන් මිනිසෙකු තෝරාගන්න ඕනා.ඒ තේරීම වෙන්න ඕනේ ඉතා කරුණාවන්ත බල්ලන්ට ආදරේ කරන හැන්දෑවට ඇවිදින්න කැමති කෙනෙක්. ඒ අතින් මං තෝරාගත්ත මනුස්සයා ඒ හැම අතින්ම සම්පුර්ණ කෙනෙක්.මං ...
පුංචි දරුවෙක් කියන්නේ හරියට මලක් වගේ. හරිම පරිස්සමට ආදරේ ගොඩාක් දීලා චුටි මල් කැකුලක් හදන්න සමහර දෙමව්පියෝ කොච්චර දුක් විඳිනවද? තමන්ගේ දරුවාට කිසිම ලෙඩක් දුකක් නොදී බලාගන්න දෙමව්පියන් වෙච්චි ඔබ කොච්චර පරිස්සම් වෙනවාද?මේ පින්තුරේ ඉන්න මල් කැකුලක් වගේ පුංචි නංගියාගේ වයස තාම අවුරුදු 4 යි.එයාගේ නම ප්‍රශාලි තත්සරා නානායක්කාර.තාම කටේ කිරි සුවඳ ගිහිල්ලත් නැති මේ පුංචි කැකුලගේ කන් දෙකම ඇහෙන්නේ ...
අපි කොයි කාගේත් යටි හිතේ යන්තමට හරි ආසාවක් තියෙනවා අනිත් අයගේ ගෞරවාදයට ලක්වෙන්න.බොහෝ දෙනෙක් සමහරවිට කැමති නැහැ ඒ බව පිළිගන්න.නමුත් අවංකවම හිතලා බැලුවොත් අපිට පිළිගන්න සිදුවෙනවා අපි සමහර වෙලාවට අනුන්ගේ ආදර ගෞරවයට, අගය කිරීමට , හොඳ නමක් අහගන්න, පිළිගනු ලැබීමට , ප්‍රසංශා ලැබීමට ටිකක් හරි කැමැත්තක් ඇති බව. ඇත්තෙන්ම අනික් අයගේ ආදරයට ගෞරවයට අවධානයට නිතරම ලක්වෙන පුද්ගලයා අනික් අය විසින් ...
කොහොමද හැමෝටම?ඔන්න කාලෙකින් ආවා පුංචි කාලේ කරපු වැඩක් අද හදිස්සියේම මතක් වෙලා, ඒ දේ අකුරු කරලා යන්න. වැඩ අධික කමත් එක්කම බ්ලොග් ලිපි කියවන එක ටිකක් ප්‍රමාද වුනත් කොහොමහරි වෙලාව හොයාගෙන එව්වාත් කියවනවා. සමහර ලිපි කියවද්දී මැරෙන්න හිනා.. අන්තිමට ඔෆිසියේ උන්ගෙනුත් නොන්ඩි වෙනවා :( :පිහරි දැන් එමු කතාවට.මේ වෙද්දී මගේ වයස අවුරුදු 7 ක් . ඒ කියන්නේ මම 2 වසරේ. ...
මම හැමදාම උදේම නැගිටිනකොටමුළින්ම දකින ඔයාගේ මූනලස්සන සිතුවිලිවලින් පිරැණු ලස්සන දවසක් හදලා දෙනවා......ඒ ඇයි දන්නවදඔයා තමයි මේ ලෝකේ ලස්සනම කෙනා..ලස්සන කෙනෙක් දැක්කම මුළු දවසම ලස්සනයිනේ...හැමදාම උදේට මම වැඩට යන්න හදද්දීසාරි පොට ඉඔලා මගේ කම්මුල හපලාමට සමුදෙනකොට...මට දැනෙන්නේ මගේ ලෝකේ මට ඉන්න එකම කෙනාඹයයි කියලා..ඔයාගේ උගුරේ කට්ටක් හිරවෙලාමම නොසෑහෙන්න බය වුනු දාදොස්තර කෙනෙක් නැති ඉරිදා දිනයේ අපිතනි වුනා... ඔබ මගේ හුස්ම ...
හීනෙන් ඇවිදීම ගැන මොනවද කියන්න දන්නේ? ඔයාලටත් අත්දැකීම් තියෙනවද? මගේ දැනීමේ හැටියට මෙය මානසික ආබාධයක්. අපි නිදාගනිද්දි මෙම නින්දට අවධි කිහිපයක් තියෙනවා.REM (rapid eye movement) ඇස් චලනයකින් සිද්දවෙන නින්ද සහ තද නින්ද. තද නින්දේදී සාමන්යෙන් හීන පේනවා අඩුයි. REM තත්වයේදී තමයි අපිට හීන පෙනෙන්නේ. මෙය අපි නිදාගන්න පැය 6 කදී අවධි වශයෙන් තමයි සිද්දවෙන්නේ. මගේ දැනුමේ හැටියට මම ඔච්චරයි ඒ ...
කොතෙක් සෝ සුසුම් මැද වුවත් අදත් නන්නත්තාරයේ ඇවිද නොයන සිත හිරු එලියට පෙම් කරයි. අනාදරයට නිගා කරන්නටත් ආදරයට ගරු කරන්නටත් මා උගත්තේ බොහෝ කලකට පෙරයි. ඒ සිප් හද රඳවා ගෙන මා පැමිණියේ සිය ගණන් අතුරු පාරවල් ඇති මාවතකයි. ආ දිගු මග යන මා වත ධෛර්ය සඳහා සුභ පතුවේද නැත. එහෙත් මම යමි. කෙළවරක් නොපෙනෙන මාවතක පහන් සිලක් සොයා මම යමි.බොහෝ ...
ලොවේ අනික් අම්මලා මෙන්මනොඑසේනම් ඊටද වඩා නුඹ දුක්විඳමා ලෙඩ ඇඳේ ගෙවූ කාලයහතර වසරක සාපය නුඹ ඇඳ විට්ටමේ හිස ගසානිදිවැරු කාලය සිහිනෙන්ද එපා යලි අම්මේ.....රෝහලේ ඇඳක් මතමා ලොකු දැරියෙක් වූදාවට තිර ඇදපිරිමි ඇස් වලින් මා රැකඅම්මා කෙනෙකු ලෙස ඔබ ලතවූ අයුරු සිහිනයක් නොවේමයි අම්මේ.....පියාණන් නොසිටි ගෙයි නුඹේ පා යුග වැළඳ ඔබේ පියසින් පිටව මගේම යැයිකිසිවෙකු නොසිටි සබයකඅසරණ වූ දාමං දුක් වුනා ...
ලේඛකයෙක් කියන්නේ ඔහු ඉටි පන්දමක් වගේ අඳුර නසා ආලෝකය දෙනවා. එත් දැවී අවසන් වෙන්නේ ඉටි ගොඩක් පමණක්ව.එහෙත් ඔහු දුන් ආලෝකය අන් අයගේ ජිවිත පුරා වැටි තියෙනවා. යුධ භටයෙක් මරා දමන්නේ ජීවත්ව ඉන්නා මිනිසෙක් වුවත් ලේඛකයෙකුට සිය පෑනෙන් නුපන් අයත් මරා දාන්න පුළුවන්.ඇත්තටම ලේඛකයෙක් කැමති වෙන්නේ තමා සිය සහෝදර ජනයාගෙන් වෙනස්වූ අයෙකු ලෙස සිතීමට නෙවෙයි.ඔවුන්ගේම ලෙයින් මසින් සෑදුනු කෙනෙකු ලෙස ...
එකම දුම්රිය පොලේ වේදිකා දෙකක දුම්රිය දෙකක්.එකක් බදුල්ල බලා යෑමට සුදානම්.අනික ගාල්ලේ යෑමට සුදානම්.පාසල අහවර වූ මොහොත හින්දා හෝ ගාලා සෙනග."අන්න මධු අක්කා" බදුල්ල දුම්රියේ මැදිරියක හුන් යුවතියක් හිටි හැටියේම කෑගැහුවා. ඒ එක්කම ඒ මැදිරියේ හුන් යුවතියන් රෑනම නෙත් යොමු කලේ මාතලේ දුම්රියේ මැදිරියක් වෙත."ඔව් අනේ. මදූ අක්කා තමයි... බලන්නකෝ ලස්සන?.. අනේ හරි ස්වීට් අනේ.ෂෝක් ඇඳුමක්.කොලේජ් යුනිෆෝම් එකට වැඩියේ කොච්චර ...
පොඩ්ඩක් පරක්කු උනා යාලුවනේ දෙවෙනි කොටස දෙන්න.. සමාව භජනය කරත්වා... :(හරි ඔන්න එදා අපි අවසන් කලේ ප්‍රභාකරන්ගේ බංකරේ ගැන කියලා. කියෙව්වේ නැත්තම් කියවන්නකෝ මෙන්න මෙතනට ගිහින්ප්‍රභාකරන්ගේ බංකරේ පළමු මහල විතරක් උඩට පිහිටන්නත් ඉතිරි තට්ටු තුන පොලොව යට පිහිටන්නත් හදලා තියෙනවා. පළමු කොටසේදී මම තට්ටු 4 ම පින්තුර මගින් පැහැදිලි කළා.මේ බලන්නකෝ මෙයාලා fan දාගෙන සැපට ඉඳලා තියෙන්නේ :/මේ බලන්න එක ...
සිහින උළෙලට මම ආවද? මම ආවේ නැතිලු.. අයියෝ එහෙනම් වර්ණා කියලා ආවේ කවුද? :පිසිහින උළෙලට මෙදා සැරෙත් පරක්කු වී පැමිණීමේ කුසලානය මම දිනාගත්තා. මට හුරේ... දකුණු කකුල පෙරට තබලා ක්‍රීඩාංගනනෙට එද්දිම යකඩ යකා කෑ ගැහුවේ නැතැයි ඔන්න අදත් වෙනදා වගේම වර්ණා පරක්කු වෙලා එනවා කියලා. ඒ වෙලේනම් පොලොව පලාගෙන යන්නට හිතුනා හිකිස්..පරක්කු උනාත් ඉතින් ගොඩාක් අය එක්ක කතා කළා. මේ ...
රයිට් ඕඕ පටාන් ගමු. මාරයා අයියා යාපනේ ගිහින් එහෙයි මෙහෙයි හැම දිහාවේම පින්තුර කෑලි දානවා. අපිව එක්කන් ගියෙත් නැහැ. අපිත් ආසයි නොවැ යාපනේ බලන්ට.. කවදාවත් ගෙහුං නැහැනේ. කොටි ඉන්න කාලේ මඩු පල්ලි ගියාට මොකෑ යාපනේ ගෙහුං නැහැනේ. ඉතින් මෑණියන්ට භාශාවක් දැම්මා අපිව ගෙනියන්ට කියලා. අපේ මෑණියන් ගෙහුං නැහැ, ඒ මදිවට අපේ මෑණියන්ගේ මෑණියන් ගෙහුනුත් නැහැ. ඉතින් කල්පනා කොර කොර හිටියා ...
"දුවන්න දුවන්න ඉක්මනින් ආරක්‍ෂිත ස්ථාන කරා යන්න. "හමුදාවෙන් එක පිට එක හඬවල් නිකුත් කරයි. යුද්දය නිසා හැමතැනම මිනිස්සු කලබල වී පාරේ එහා මෙහා දුවති."නැන්දේ මෙහෙ එන්න ඔයා කොහෙද මේ අර කට්ටිය පස්සේ යන්නේ. අයියෝ කෝ අම්මි?""අම්මි නැහැනේ . මමත් මේ බැලුවේ කෝ අම්මි කියලා.."මට උන්හිටි තැන් අමතක වූවාක් මෙන් විය. මගේ අම්මා මට පන මෙන් විය. "මේ ඔයා මෙතනම ඉන්න. ...
මං ඔයාට ආදරෙයි. ඔයා මට ආදරෙයිද?ඔව් මමත් ආදරෙයි. ඔයා මගේ චූටි මල්ලියනේ.කිපාරක් කියන්නද මම මල්ලි නෙමෙයි. මම ඔයාට ආදරෙයි.කෑ ගහන්න එපා මල ගෙදරක ඉන්නේ මේහ්ම්ම්ම්....ඒ උනත් මම ආදරෙයි. ආදරෙයි ආදරෙයි..මම යනවා යන්ඩ. ඔයා කාර්ඩ් ගහන්න. මම ගේ ඇතුලට යනවා.-------------------------------------------------------------------------------------------------------------------------නංගි අම්මා ඇහුවා ඒ ඔයාගේ මල්ලිද කියලා. මම ඔව් කියුවා. අහ්හ් ඔව් ෂෙහාන් ගෙනුත් අහලා තිබුනා අක්කයි මල්ලියිද කියලා. ඉතින් බං අක්කේ ...
"ඔයා මොනවද කරන්නේ?""කවියක් ලිව්වා, අනේ හොඳද බලන්න""බාගයිනේ ලියලා තියෙන්නේ. ""ඉතිරි ටික ලියන්න හිතට එන්නේ නෑනේ""චුට්ටක් කල්පනා කරලා ලියන්න""බෑ... ඔයාම ඉතිරි ටික ලියන්න. ඔයා මහ ලොකු කවිකාරයනේ""මම ඔය අනුන් ලියපු කවි බෑගවල අඩු පුරවන්න ගිහින් මගේ ප්‍රතිභා පූර්ණ කාව්‍යත්වය නැති කරගන්න කැමති නෑ හලෝ.. තේරුනාද? ""මෙහෙමනේ. මේ කවිය ලියලා තියෙන්නේ අපි දෙන්නා ගැන. ඉතින් අන්තිමේදී අපි දෙන්නා එකතුවෙන වග කවියෙන් කියවෙන්න ...
බැල්ම කියන්නේ හුගාක් දෙනෙක්ගේ හිත පැහැර ගන්න පුළුවන් දෙයක්. සමහර වෙලාවට කිසිදාක නොදුටු කෙනෙක් බලපු එක බැල්මකින් අපේ හිත් ඔවුන් කෙරෙහි බැදුනු අවස්ථා තියෙනවා. ඒ කියන්නේ "බැල්ම" කියන දේ ප්‍රබල දෙයක් කියන එකයි. ඒ කොහොම උනත් ආදරේ කරන දෙන්නෙක් අතර තියෙන සදාදරණිය බැල්ම ඔවුන්ගේ හිත් වලට කොයිතරම් සමීපද....?ඉතින් ඔයාලගේ පෙම්වතා ඔයාලා දිහා බලනවා ඇත්තේ හුගාක් ආදරෙන් වෙන්න ඇති. එත් අමතක ...
අඬන හැම හිතක්ම දවසක හිනා වෙනවා, ජිවිතේක තියෙන්නේ දුක් කඳුළු විතරක්ම නෙමෙයි.ආදරේ කරන හිත් කඳුලින් දුකින් තෙත් උනාට කවදාහරි ඒ හිත් සතුටින් පිබිදෙනවා. විහඟ කෞමදී මේ දෙන්නාගේ ජිවිත එයාලට ඕනා විදියට ගෙවුනේ නැහැ.. හැම දෙයක්ම සිද්ද වෙන්නේ ඉරණමේ තියෙන විදියට කියලා අපි හැමෝම හිතුවත් විහඟ ඒ ඉරණම පිළිගන්න සුදානම් වුනේ නැහැ.සැහැල්ලුවෙන් ජිවිතේ ලස්සනට ගෙනිච්ච විහඟට මේ සිද්දවුණු දේවල් ගැන ඔහුගේ ...