ඉතින් ඔන්න O/L ත් ඉවර උනා. ඉතින් දැන් ගිය දේ ගිහිල්ලා ඉවර නිසා. O/L කරපු ඔක්කොටම මගෙන් සුභ පැතුම්........ ඔය O/L වලින් පස්සෙ තියන ලොකුම ප්‍රශ්නෙ තමා A/L වලට මොකක්ද කරන්නෙ කියන එක. සමහර අයනම් දැම්මම තීරණය කරල ඉවරයි මොනාද කරන විෂයන් කියල ඒත් තව සමහරුනම් එහෙම නෑ මොකද එයාල තීරනය කරන්නෙ ප්‍රතිඵල ආවට පස්සෙ නිසා. මේ කොහොම කළත් විෂයන් ...
මේක මට ඊයකින් ආව කතාවක්. මේක හිනායනවා ( මටනම් ) වගේම හොද දේවල් ටිකකුත් ගන්න තියනවා.විශේෂයෙන් රාමුවට පිටින් හිතීම,එක විසදුමකට හිරනොවීම,එකම ප්‍රශ්නයකට හරි යැයි හැගෙන විසදුමක් ආවත් තව තවත් විසදුම් හෙවීම වගේ එවා..........ඔන්න එහෙනම් කතාව, ඉස්කෝලෙ විද්‍යාව උගන්වන ගුරුවරයා එදා නියමිත පාඩම් වෙච්ච වායු පීඩනය පාඩමට ඕන බැරෝමීටර් ටිකකුත් අරගෙන පන්තියට ආවලු,( බැරෝමීටරය කියන්නෙ වායු පීඩනය මනින උපකරනයක් ඔය උඩින් ...
සාමාන්‍ය පෙළ විභාගෙ දෙසැම්බර් මාසෙ 12 වෙනිදා හා හා පුරා කියලා පටන් ගන්නවා ඕන්. ඉස්සල්ලාම ආගමින් පටන්ගෙන දෙසැම්බර් 21 වෙනිදා ඔය කොමර්ස් අනන් මනන් වලින් ඉවර වෙනවා ඉතින් මෙන්න තියනවා විභාගෙ කාළ සටහන. පහල තියන link වලින් එවා බාගන්න. ඉතින් මේ අවුරුද්දේ විභාගෙට ලියන ඔක්කෝටම කූඹියාගෙන් සුභ පැතුම්.....................................! එහෙනම් ඉතින් හොදට විභාගෙ ලියහල්ලා හරිය.............!මෙන්න ලින්ක් ටික Sinhala Tamil English ...
ඇන්ටාර්ටිකා වේ විශාල පැල්මක් ඇතිබවට නාසා ආයතනය විසින් සොයාගෙන තිබෙනවා."පයින් අයිලන්ඩ්" නැමති මෙම ග්ලැසියරයේ පැල්ම හේතුවෙන් විශාල කොටසක් එයින් වෙන්වී ඇති බව නාසා ආයතනය පවසනවා. සති දෙකක පමණ කාලයක් තුල සිදු කල ගුවන් සංචාර තුලදී ඔක්තොම්බර් මස 8 වෙනි දින මෙම පැල්ම නිරීක්ශණය කරනු ලැබ තිබෙනවා මෙම ග්ලැසියරය ඇන්ටර්ටිකාවේ විශාලම හා වේගයෙන් පාවෙන ග්ලැසියරයද වෙනු ලබනවා. මෙම පැල්ම හෙතුවෙන් එළඹෙන ...
බ්ලොග් එකක් ලියනවා කියල අමතකම උනානෙ හැබෑට, අද මම කියන්න යන්නෙ මට කෙටි පණිවිඩේකින් එහෙම නැත්තම් sms එකකින් ආපු සිරාම කතාවක් මේක මට නම් සිරා උනාට ඔයගොල්ලන්ටත් සිරාද කියල බලන්නකෝ, මේකයි කතාව,එක නෝන කෙනෙක් ගියාලු දවසක් දොස්තරකෙනෙක් හම්බ වෙන්න ඊට පස්සෙ වෙච්ච දෙබස තමා ඔය යටින් තියෙන්නෙ,දොස්තර: මොකක්ද අසනීපෙ ?නෝනා: අනේ දොස්තර මහත්තයෝ මම බැදල දැන් අවුරුදු 10ක් විතර වෙනවා ...
ගොඩ කාලෙකට පස්සෙ ඉතින් අයුබෝං කිව්වා. මම මේ කතාව කාලෙකට කලින් post එකක් විදියට දාන්න හිටියත් අමතක උනා. මේ දවස්වල නම් නොලිය හිටියෙ අර වාරෙකට සැරයක් එන චාරෙකට නැති වාර විභාගෙ නිසා.කොහොමින් හරි කමක් නෑ කතාවට බහිමුකෝ,ඇම්ඩන් කියල කියනකොටම කස්ටිය දන්නවා ඇතිනෙ මොකාටද එන්න හදන්නෙ කියලා.ඔව් ඔව් මේකත් ඒවගේ කතාවක් තමා, ඒත් මේ කතාව කොහෙවත් දැක්කෙ නැති නිසා ලියන්න ...
අද මේ ලෝක ළමා දිනේ දවසෙ ලියන්න යන්නෙ නම් කතාවක් නෙවෙයි. කාටහරි වැදගත් වෙයි කියල හිතෙන දෙයක් ගැන.ඒ ලෙවල් කරන එව්න්ට තිබ්බ ලොකුම පුරශ්නයක් තමයි practical පොතක් කියල එකක් තිබ්බෙ නැති එක. ගමේ ඉස්කෝල වලට ඕක හරිම ප්‍රශ්නයක් උනා. සමහර පැතිවල කලාපෙටම තිබ්බෙ ඒවගේ practical පොත් දෙකක් නැත්තම් තුනක්,සම්හර එව්න් එහෙම එකක් තියනවද කියල දන්නෙත් නෑඒ හේතුව නිසාමද කොහෙද අධ්‍යාපන ...
ඉස්කෝලෙ කාරිය එහෙමත් පටන්ගත්ත නිසා ගොඩ දවසකින් post එකක් දාන්න බැරිඋනා, හොදයි එහෙනම් කතාව පටන් ගමුකො හරිය.විස්ස විද්‍යාලෙට එහෙම අලුතෙන් ළමයි ගන්නකොට නවක වදය කියල එකක් දෙනවලුනෙ. ඉතින් ඕක කොහොමින් කොහොමින් හරි ඉස්කොලෙටත් ගොඩබැස්සනෙ. ඒක නිසා අපෙ ඉස්කෝලෙ කියල මහ එකක් ඈයි ඕකෙත් ඕක ගජ රාමෙට තිබ්බ. ඔය අල්ල පනල්ලෙ අපෙ ඉස්කෝලෙට අලුත් පිනෙක් ආවා. ( පිනෙක් කිව්වෙ ප්‍රින්සිපල් තුමාට ...
මෙ කතාව මම ඉන්ටනෙට් එකේ දැක්ක කතාවක්. කලින් අහල තියනවනම් ගනන් ගන්න එපා. බොහෝ දෙනාගේ හිත සුව පිණිස ඕන් එහෙනම් දැම්මා හරිය .......... ඉතින් ඔය අනාදිමත් කාලේ ඇමරිකාවෙ හිටියලුනෙ ජෝ(ර්)ජ් වොශින්ටන් කියල ජනාධිපති කෙනෙක් . ඉතින් ඔය ජනධිපතිතුමාගෙ කාලෙ ඇමරිකාවෙ මිනිස්සුන්ට වැසිකිළි භාවිතයක් තිබ්බෙ නැල්ලුනෙ ( ඇත්තටමද දන්නෙ නෑ, කතාවෙ තිබ්බෙ එහෙමයි ) ඉතින් ඔය ජනධිපතිතුමා ඔයගැන හොයන්න කමිටුවක් එහෙම ...
අද මම තුමා කියන්න යන්නෙ කූඹි ලන්තෙ ගැන මම තුමා ට හිතෙන දේවල් ටිකක්. එහෙනම් පටාන් ගමු............... දවසක් මේ කූඹි තුමාගෙ යළුවෙක් ගියා ඔය අග නගරෙ පැත්තට මේ ලගදි දවසක කියමුකෝ. ඔහොම ගිහින් ඇවිදිල්ල මේ මම තුමාට මෙහෙම කිව්වා. " ඉතින් බලන්න එපෑය ලස්සන. තණකොල වවල, ම ල් හදල, අර නගරෙ මැද තියන ලොකු විල වටෙට යන්ඩ එන්ඩ පාරවල් ...
ඔන්න එහෙනම් දෙවෙනි කතාවත් දැම්ම හරිය. ඉතින් මම හා හා පුරා කියල ලියපු පලවෙනිකතාව කියවපු කොමෙන්ටු දැම්ම හැමෝටම ගොඩාක් ස්තූතියි. මට මේ කතාව දාන්න හිතුනෙ දුමී අයියගෙ "කඩ්ඩ සහ කක්කල් කැස්ස" කියන කතාව බැලුවට පස්සේ. ඒක බලලා නැත්තම් මෙතනින් ගිහින් බලන්න. හරි එහෙනම් දැන් කතාවට බහිමුකො............. දවසක් ගමේ ගොඩේ කොල්ලෙක් ගියාලු අගනගරෙ පැත්තට. ඒ කිව්වෙ ඔය කොලොම්පුරේ පැත්තට. ඉතින් ...
"I failed in some subjects in exam, but my friend passed in all. Now he is an engineer in Microsoft and I am the owner of Microsoft." — Bill Gates
ඔන්න මම මගේ පළවෙනි කතාව දානවා..........(හිනායයි ද දන්නෑ) කමක් නෑ ඔන්න දැම්මා ඈත ගමක හිටපු ගමරාල කෙනෙකුට හිතුනා තමන් මහන්සි වෙලා හරි හම්බ කරගත් දෙයින් දානයක් දෙන්න.ඉතින් ඔය අදහස ගම හාමිනේටත් කියල ගමරාල පන්සලට ගියා දානෙට දවසක් ගන්න. පන්සලට ගිය ගමරාල හාමුදුරුවන්ට තමන්ගෙ අදහස කිව්වා. හාමුදුරුවොත් ඉතින් දිනයක් දුන්නා. ගමරාලට අදහසක් තිබුන කව්රුත් වැඩිය නොදෙන දෙයත් දෙත්ත. ඉතින් ගමරාල ...
අවසරයි ලියන්නට...........ඔන්න ඉතින් මටත් ඉන්න බැරුවට මාත් පටන්ගත්ත BLOG එකක් ලියන්ට........ කුළුදුලේ ලියන නිසා අඩුපාඩු තියනවනම් ගනන් ගන්න එපා.