නස්රුදින්ට මඟුල් ගෙදරකට යන්න ඇරයුමක් ලැබුණා. ඒ රටේ සිරිතක් තමයි, ගෙදරකට ගොඩ වෙන කොට සෙරෙප්පු දෙක දොරකඩ තියල ඇතුළු වෙන එක. ඒත් කලින් වතාවෙ ඒ ගෙදරදි ඔහුගෙ සෙරෙප්පු දෙක හොරු ගත්තා නස්රුදින්ට හොඳට මතක තිබුණා. ඒ හින්දා ඔහු කල්පනා කළා සෙරෙප්පු දෙක ඒ ගෙදර දොරකඩ නොතියා යන්න.එහෙම කල්පනා කරලා ඔහු ඒවා ඔහුගේ කබායේ ඇතුළු පැත්තේ තිබුණු සාක්කුවේ දමා ගත්තා.”මොකක්ද ඔහෙගෙ ...
‘මල් කැකුළු’වල සිදු වූ විරාමය...අපේ පරිගණකත් අපත් හදිසියේ ම එක විට රෝගී වීම හේතුවෙන් ‘මල් කැකුළු’ වලට විරාමයක් දීමට අපට සිදු වුණා. අද පටන් යළිත් සුපුරුදු පරිදි ඉදිරියට නවාංග ඔබ වෙත නොකඩවා ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. - ‘මල් කැකුළු’ සංස්කාරකඔබේ ජනෙල් රෙද්දට ආයුබෝවන් කියන්න කාලයක් ළඟ එනවා!දුර සිට බොත්තමක් එබීමෙන් ජනේලයේ වීදුරුව අඳුරු කර ගන්න එවිට ඔබට ම පුළුවන්. ...
අඟහරු මත තවමත් ගවේෂණයෙහි යෙදෙන කියුරියෝසිටි හෙවත් ‘කුතුහලයා’ එහි නව මසක් තිස්සේ කළ ගමන මිනිත්තුවක වීඩියෝවකට කැටි කොට ඔබට දැන් දැක ගැනීමට පුළුවන්.මෙම විස්මිත වීඩියෝ පටිය තනා ඇත්තේ ඇමරිකාවේ මිචිගන්වල ග්රෑන්ඞ් රැපිඞ්ස්හී කාල් සැන්ෆෝඞ් විසින්. ඔහුත් මෙවැන්නක් නිපද වූ පළමු වැනි වතාව මෙයයි.ඔහු කියුරියෝසිටි වෙබ් අඩවියෙන් තමයි, මේ සඳහා අවශ්‍ය මූලික රූප රාමු ලබා ගෙන ඇත්තේ. කියුරියෝසිටි රෝවරයේ ඉදිරිපස වම් ...
නියැන්ඩර්තාල් මවුවරුන් වර්තමාන මානවයන් මෙන් ළදරුවන්ට වසරකට වැඩි කාලයක් දරුවන්ට මවු කිරි දුන් බව අලූත් ම පර්යේෂණයකින් හෙළි වී තියෙනවා.ළදරු දතක් ඇසුරෙන් කළ රසායනික විශ්ලේෂණයකින් විද්‍යාඥයන්ට හැකි වී තියෙනවා හෙළි කර ගන්න ඒ දතේ හිමිකරුගේ මව ඔහුට මාස හතක් පමණ මවුකිරි පමණක් දී ඇති දැඩි කළ බව. ඒ විතරක් නෙවෙයි, ඝන ආහාර ගන්නා ගමන් තවත් එවැනිම කාලයක් කිරි උරා බිව් ...
පාරවල්වල ඇති වළවල් රථවාහනවල යන අයට විතරක් නොවෙයි පා පැදි කරුවන්ටත් ලොකු හිරිහැරයක්! විශේෂෙයෙන් ම රාති‍්‍ර කාලවලදී මේ වළවල් නොපෙනෙන නිසා පා පැදි කරුවන් අනතුරුට පත්වෙන වාර අනන්තයි. දැන් ඒ අයට සිතට සහනයක් ගෙන දෙන නව නිපැයුමක් ගැනයි, මේ පුවත. චීන විශ්ව විද්‍යාලයක ඉංජිනේරුවන් පිරිසක් තමයි, මේ නව නිර්මාණය කරලා තියෙන්නෙ.බයිසිකලයේ විදුලි ලාම්පුව වෙනුවට ඔවුන් නිපදවා තියෙන්නේ එල්ඊඞී (LED) ප‍්‍රක්ෂේපණ ...
ති‍්‍රමාන ක‍්‍රමයට තැනූ උපාංගයක් ලබා පුංචි බබා දිවි බේරා ගනියි! නවීන වෛද්‍ය විද්‍යාවේ හාස්කමක්!
මල්කැකුළු
ඒ පුංචි ළමයට කවදාවත් ඉස්පිරිතාලෙන් ගෙදර යන්න ලැබෙන එකක් නැහැ කියලයි, දොස්තරල කිව්වෙ. ඒත් නවීන ති‍්‍රමාන (3D) මුද්‍රණ ක‍්‍රමයට පින්සිදුවෙන්නට සැත්කමට අවශ්‍ය උපාංගය තනා ගෙන සැත්කමකින් ඒක බද්ධ කළා. දැන් ගෙදර ගිහින් විස්මයජනක ලෙස ජීවත් වෙනවා.කායිබා ජියොන්ෆ්රිඩෝට මුලදි හැමදාම වගේ හුස්ම ගන්න බැරිව ගිහින් සිහි නැති වෙනවා. ඒක එදා මාරක තත්වයක්. ඒත් දැන් එයාට සාමාන්‍ය විධියට හුස්ම ගන්න පුළුවන්. වෛද්‍යවරුන් ...
‘ස්ටාර් ටේරක්’ ටෙලිවිෂන් චිත‍්‍රපට මාලාව ඔබට මතකද? ඒ චිත‍්‍රපටයේ කපිතාන් ස්කොට්ගේ අතේ අමුතු ගැජට් එකක් තිබුණා, ‘ට‍්‍රයිකෝඩර්’ (tricorder) කියලා. ඒක වෛද්‍ය උපකරණයක්. තත්පර ගානක් ඇතුළත ඔබේ සිරුරේ තත්වය කියා දෙන උපකරණයක්. දැන් ඒ උපකරණය ඇමරිකාවේ කැලිෆෝනියා ජනපදයේ පිහිටි සමාගමක් විසින් සැබෑවට ම තනා තියෙනවා.ස්කෑනඩු ස්කවුට් (Scanadu Scout) කියා නම් කර ඇති අතේ ගෙන යා හැකි මේ උපකරණයට ඔබේ හෘද ස්පන්දනය, ...
හිරු බැසීම ඉතාමත් සිත්කළු දසුනක් මවන්නක්. රත් හා රඹ පැහැති වලාකුළු මවන සිත්තම මෙම දසුන වඩාත් විචිත‍්‍රවත් කරනවා. කෙමෙන් අඳුර වැටෙද්දී තරු එකින් එක මතු වෙන්නට පටන් ගන්නවා. රාති‍්‍ර අහස දෙස බලා සිටින්නට කැමති අය මේ දසුනෙන් උද්දාමයට පත් වෙනවා. ඒ අයට සුවිශේෂ හැන්දෑවක් මැයි 26 වැනිදා උදා වෙනවා කියා නාසා ආයතනය කියනවා. රාති‍්‍ර අඳුර වැටෙන්න ඔන්න මෙන්න කියා තිබියදී ...
‘කිව්ඊ 2’ හෙවත් ක්වීන් එලිසැබත් නෞකාව මෙන් නව ගුණයක් දිගින් වැඩි මේ යෝධ ග‍්‍රහකය පෘථිවිය පසු කර යන්නේ මැයි 31 වැනිදාය. වාසනාවකට මෙය පෘථිවිය පසු කර ගන්නේ පෘථිවියේ සිට සැතැපුම් මිලියන 3.6ක් ඈතිනි. එනම් පෘථිවියත් හඳත් අතර දුර මෙන් 15 ගුණයක දුරකිනි.විද්‍යාඥයන් මේ ග‍්‍රහකය නම් කළේ ‘1998කිව්ඊ2’ කියායි. ක්වීන් එලිසැබත් නෞකාවට මෙහි ඇති සම්බන්ධයක් නැත. මෙසේ නම් තබා ඇත්තේ ඇමරිකාවේ ...
ලෝකයේ ඇති සියලූම මල් එක වර පිපුණා වගෙයි පෙනෙන්නේ! ඇත්තෙන් ම මේ මල් උයන තියෙන්නේ ඇමරිකාවේ හවාඞ් විශ්ව විද්‍යාලයේයි. එහි රසායනාගාරයේ තමයි, මේ පියවි ඇසට නොපෙනෙන ක්ෂුද්‍ර මල් ගොමුව මවා ඇත්තේ. මේ මලක ප‍්‍රමාණය මැනිය හැක්කේ මයික්‍රෝනවලින්. ඒ කියන්නේ මීටරයකින් මිලියනයකින් පංගුවකින්. ඒවා වරකට එක අංශුව බැගින් අර ගෙනයි, නිමා කර ඇත්තේ. පර්යේෂකයන් විවිධ මල් වර්ග අනුකරණය කරන ආකාරයට විවිධ ...
මාර්තු 17 වැනිදා කිලෝග්‍රෑම් 40ක් පමණ බර උල්කාපාතයක් සඳ මතට කඩා වැදුණා. ඒ උල්කාවේ ඝට්ටනයෙන් නිකුත් වූ ආලෝකය පොළොවටත් පෙනුණා. මෙය මෙතෙක් දැක ගන්නට ලැබුණු ලොකුම උල්කා ගැටුමයි.මේ බව මුලින් ම හඳුනා ගත්තේ සඳ වෙතට යොමුවූ දුරදක්නයක්. ඒ උල්කාභය සඳ මතට වැදුණු කෙණෙහි ම එම ස්ථානයෙන් දීප්තිමත් ආලෝක ධාරාවක් විහිදුණා. එය පියවි ඇසට පවා දැක ගත හැකි එකක් කියලයි නාසා ...
විද්‍යාඥයන් පිරිසක් චිත‍්‍රපටය අපූරු තලයකට ගෙන ගිහින්. ලෝකයේ කුඩාම චිත‍්‍රපටය නිපදවලා. ඒක කොයිතරම් කුඩා ද කීවොත් මනින්නෙ අණුවල දිග පළල අනුවයි. ඒ කියන්නෙ නැනෝ මීටරවලින්. මේ චිත‍්‍රපටයේ රූප රාමු පියවි ඇහැට පෙනෙන්නෙ නැහැ. චිත‍්‍රපටයේ එක රූප රාමුවක් නැනෝමීටර් 45x25ක් වෙනවා. එක් අඟලකට නැනෝමීටර් මිලියන 25ක් තියෙනවා. අයිබීඑම් පසුගියදා මේ චිත‍්‍රපටය යූටියුබ් එකට මුදා හැරියා. මේ චිත‍්‍රපටයේ රඟපාන්නේ අණු සහ පරමාණුයි. ...
ඇස් කන්නාඩියක් සේ පැලඳිය හැකි ගූගල් උපැස් පරිගණකය ගැන විස්තර ‘මල්කැකුළු’ තුළින් ඔබට ගෙනාවා මතක ඇති. අද මේ කියන්නේ ලොව සැම තැනක දීම පාවිච්චි කළ හැකි එහි නව මාදිලිය එන්නට කලින් මාදිලි රැසක් නිපදවමින් ඔවුන් කළ අත්හදා බැලීම ගැනයි. එදිනෙදා ජීවීතයේ නොයෙක් තැන්වලට මේ නව උපැස් යුවළ ගළපන්නට ඔවුන් උත්සාහ කළා. අත්හදා බැලීම් කළා. බයිසිකල්කරුවන්ගේ හෙල්මටයේ සිට මොබයිල් ෆෝන් යුගලක් ...
බැලූ බැල්මට එය රයිෆලයක් වගෙයි. ඒත් ඇත්තමට නම් ඒක අතේ ගෙන යන කැමරාවක්. නිකම්ම කැමරාවක් නෙමෙයි, චිත‍්‍රපට කැමරාවක්! මේ තමයි, සිනමා කර්මාන්තය පෙරළියකට ලක් කළ ලොව පළමු චලනචිත‍්‍ර කැමරාව.මෙය සැලසුම් කිරීමේ ගෞරවය හිමි වන්නේ ඉටෙන් යූල්ස් මරේ (Étienne-Jules Marey) නම් ප‍්‍රංශ විද්‍යාඥයාටයි. (මේ නම ප‍්‍රංශ එකක් නිසා එය උච්චාරණය කළ යුත්තේ ‘ඉටෙන් යූල්ස් මායි’ කියායි.) ඔහු මේ අපූරු කැමරාව හැඳින්වූයේ ...
ශල්‍ය වෛද්‍යවරුන් මෙතෙක් මැසීමට භාවිත කළ ක‍්‍රමවලට ආයුබෝවන් කියන්න කාලය ඇවිත්! මහන්නෙ නැතුව ‘වෑල්ඩින්’ කරන්න ක‍්‍රමයක් දැන් විද්‍යාඥයන් සොයා ගෙන තියෙනවා.රත්තරන් අංශු යොදා ගෙන ලෙසර් මගින් කැපුම් පාස්සන්න මේ නව ක‍්‍රමයෙන් පුළුවන්. කැපුම පෑස්සීමට යොදා ගත් විට එය සිරුරේ චලනයත් සමග එකට චලනය වෙනවා.ඇමරිකන් රසායනික සංගමයේ විද්‍යාඥයන් ඒ පෑස්සුම් ද්‍රව්‍ය ඌරන්ගේ අන්ත‍්‍ර සමග යොදා දැන් පරීක්ෂාවට ලක් කරමින් සිටිනවා. ඔවුන් ...
ටෙරාෆූජියා (Terrafugia) ඒ ට‍්‍රාන්ස්සිශන් කාරයේ සැලැස්ම දැන් එළි දැක්වලා තියෙනවා. ඒක අඩක් මෝටර් රථයක් වගෙයි, අඩක් පුංචි ජෙට් අහස් යානයක් වගෙයි. රෝද හතර දිග හැර පියාපත් හකුළා ගත් පසු මෝටර් රථයක් වගේ මහ මග පදවන්න පුළුවන්. තව අවුරුද් දෙකකින් මෙය ඔබටත් මිල දී ගන්න පුළුවන්.මේ කාරය නිපදවන්නේ ඇමරිකාවේ මැසචුසෙට්ස්හී පිහිටි ටෙරාෆූජියා සමාගමයි. මෙහි අලූත්ම මාදිලිය හැඳින්වෙන්නේ ‘ටීඑෆ්-එක්ස්’ (TF-X) කියායි. මෙය ...
බි‍්‍රතාන්‍ය ඉංජිනේරුවකුගේ විස්මිත නිපැයුමක්! ඕනැම රළු පාරක් විල්ලූ ද මගක් සේ දැනෙන පාපැදියක!
මල්කැකුළු
බි‍්‍රතාන්‍ය ඉංජිනේරුවෙක් මෙතෙක් කිසිදා නොවූවිරූ ලෙසින් බයිසිකලයට නවමුහුණුවරක් දීලා. එය පදවන ඔබට ඕනෑම බොරලූ පාරක් විල්ලූද ඇල්ලූ එකක් සේ දනේවි.ඇත්තෙන් ම මේක හරිම අපූරු නිපැයුමක්. මේ බයිසිකලයේ රෝදවල ස්පෝක් කම්බි නැහැ. ඒවා වෙනුවට තියෙන්නේ දුනු වළලූ විශේෂයක්. එය ඔහු විසින් හඳුන්වා ඇත්තේ ලූප්වීල් (Loopwheel) ක‍්‍රමය කියලයි.මේ නව නිපැයුම වෙළඳ පොළට එවන්න නම් මහා පරිමාණයෙන් ඒවා නිපදවන්න ඕනෑ. ඒ නිසා ඔහු ...
ප‍්‍රංශ විද්‍යාඥයන් පිරිසක් විශ්වාස කරනවා, ඔවුන්ට ප‍්‍රථම වතාවට ගස් ජලය ඉල්ලා නඟන හඬ පටි ගත කරන්නට හැකි වූ බව.මිනිසුන් අමාරුවෙන් හුස්ම ගන්නවා මෙන් ශබ්දයක් ගස්වලින් නිකුත් වෙන බව දැන් තේරුම් ගෙන තියෙනවා. සජීවී ගස් නියං කාලයේ දී දිවි රැක ගැනීමට වාතයේ ඇති තෙතමනය හැකි තරම් උරා ගැනීම සඳහා කරන උත්සාහයේ දී මිනිස් ඇසට නෑසෙන අධිධ්වනි ශබ්ද මාලාවක් නිකුත් කර බව ...
අද්භූත පෙනුමක් ඇති ‘යෝධ මුහුදු රකුසෙක්’ පසුගියදා නවසීලන්තයේ මුහුදු වෙරළට ගසා ගෙන ආවා. එහි ප්ලෙන්ටි බොක්කේ වෙරළට ගසා ගෙන ආ ඒ සත්වයා කවරෙක්ද? තවමත් ඒ අබිරහස විසඳී නැහැ.නවසීලන්තයේ එලිසැබත් ඈන් විසින් මේ සත්වයාගේ මළ සිරුර වීඩියෝ කර යූ ටියුබ් එකට එකතු තියෙනවා. ඒ අනුව අපට දැක ගත හැක්කේ මුව අයා දත් විලිස්සා ගත් උගේ විශාල හිසෙහි කොටසක් විතරයි. සිරුරේ ඉතිරි ...
ගත වූ සියවස තුළ විද්‍යාඥයන් බොහෝ දෙනකුට තමන් ඉදිරිපත් කළ නව සංකල්ප ඵල දරනු බලන්නට වාසනාවක් තිබුණේ නෑ. ඒ නිසා ම ඔවුන් මානව වංශයට කළ මෙහෙය ගැන සතුටු වන්නට ඔවුන්ට ඉඩක් ලැබුණේ නැහැ. එයට හේතුව ඔවුන්ගේ සිහින සැබෑ වන්නට ඔවුන්ගේ ජීවිත කාලයට වඩා වැඩි කාලයක් ගත වීමයි.මට මතකයි, ශී‍්‍රමත් ආතර් සී. ක්ලාක් පවා වරක් කියා තිබුණා, එතුමා ලද ලොකු ම ...