සඳැස කවි පිටුවේ ඇතිවූ කවි සංවාදයකි ‎.අතීතය සහ වර්තමානය හෙලේ විරුවන් ලෙයෙහි අනුහස රැඳුණු මේ පින් බිම පුරාසොරාගෙන නොරටට යවන්නට තේ ලදැල්ලක සඟවලාමුලින් සිඳ කය ඉරා දැමු , කඳු මුදුන් වල හුන් රජවෙලාවනස්පතියන් ප්‍රකම්පන වැද මේගයන් රට හැර ගියාකලට වැසි දිය පොදක් නොලදින් බෝ සතුන් යන වඳවෙලාරකිනයුරු අපහට කියන්නට ගම්දොරට එන සැරසිලාදයා කරුණා ගුණෙන් ඉතිරෙන සුදු මහත්තැන් සනසලා"කුරුලු පාළුව" කපා ...

රන් සළු උනා රන් වන් රූ රැසින දිසීසුහුඹුල් සුකුරු යොවුනන් කළඹවා ඉසීදැන් දැන් එළඹ මධු යහනට කරයි වසීරන් තුණු විලම මට මිස කාටද දිගැසී තුනු විල තුළින් කිමිදෙන සඳ සුකුරු කෙමිරතදර උරන හිමිසඳ හිස පිරිමදිමිසසඟෙහි යෙදී අවසන හිමි වෙතට නැමීනිති පොබයන හසඟන මත රඳව ගමි . ...

කැලණි විහාරය ළඟ නෙක ළඳුන් වෙතීසැදැහැවතුන් සොය සොය ඇඟ මස පුදතීතැලී පෙළී ගිලිහෙයි තන කැකුළු පෙතිකැලණි ගඟේ කොන්ඩම් මල් පාව එතී .

බැන්කී මූනුයි බරක් ඔබාමයිතෙල් ගෙන යන්නට එන ළිඳ මේකයිවැරදිලා හරි තෙල් මතුවුණොතින් මෙහිඅපිටත් දවසක වෙන්නේ ඕකයි .....!

බ්ලූමැන්ඩල් කුණු කඳු පාමුල නැමදපුංචි එවුන් කඳු බඳ විමසයි නිබඳඅත පය නැති බෝනික්කෙක් දකින සඳකුණු ගඳ වෙනුවට සුවඳින් පිරෙයි හද .

Previous Page