මුකේෂ් අම්බානි කිව්වම විශේෂයෙන් හදුන්වලා දෙන්න දෙයක් නෑනෙ, ඉන්දියාවෙ වගේම ලෝකයේම ඉන්න සුපිරි ධනවතෙක්. ඔහු මෑතකදී ඉල්ලුම් කරපු yacht යාත්‍රාවේ තොරතුරු අඩංගු mail එකක් මට ලැබුනා subscribe වෙලා ඉන්න mailing-list එකකින්. මේ තියෙන්නෙ එහි අඩංගු වුන විස්තර.යාත්‍රාව හදන්න භාර අරගෙන තියෙන්නෙ ප්‍රංශ shipbuilder සමාගම සහ monaco සමාගමක්. මේ සුපිරි යාත්‍රාව දිගින් මීටර 58 ඒ වගේම පළලින් මීටර 38ක්. ඇස්මේන්තුගත වියදම ...
සරලව කිව්වොත් මේ කියන්නෙ චිත්‍ර තුලින් සත්‍ය ලෝකයේ දර්ශනයන් මැවීමේ කලාව. 1960 අගභාගය හා 1970 මුල් භාගයේදි ඇමරිකාව තුල තමයි මෙම චිත්‍ර කලාවෙ ආරම්භය සිදුවෙලා තියෙන්නෙ. මෙම චිත්‍ර ශිල්පීන් කලින් ලබාගත් අධි පැහැදිලි(High Defenition) ඡායාරූපයක් ගුරුකොට ගෙන නිර්මාණකරණයේ යෙදෙන්න රුචිකත්වයක් දක්වනවා. රොබොටෝ බර්නාඩි, ස්ටීව් මිල්ස්, එරික් ක්‍රිස්ටියන්, ඩොන් එඩී මෙම චිත්‍ර කලාවෙ පතාක යෝධයන් ලෙස සලකනවා. මෙම චිත්‍ර ශිල්පීන් නිර්මාණකරණ ...
ක්‍රිස්ටිනා පිමෙනෝවා කියන්නෙ වයස අවුරුදු හතරක ගෑණු ලමයෙක්. ඒත් ඇය දැන් ලෝකප්රකත විලාසිතා නිරූපිණියක්. ඇය රුසියානු ජාතික වන අතර 2005 දෙසැම්බර් 5 වන දින මෙලොව එලිය දුටුවා.ඇයගේ වෙබ් අඩවියhttp://kristinapimenova.com ...
Zuckerberg කිව්වම කවුද නොදන්නෙ.. මිනිහගෙ අලුත් ඡායාරූප කිහිපයක් ලැබුනා වැඩිය ප්‍රසිද්ධ නැති. මේ තියෙන්නෙ ඒ සෙට් එක. පේන විදියටනම් මෑන් බූල් බල්ලන්ටනම් ගොඩක් ආසයි වගේ. ...
මුහුද.. මුහුදු වෙරළ.. ස්වභාවදර්මයේ අති විශිෂ්ට නිර්මාණයක්. එහි අලංකාරය කියා නිමකරන්න බැහැ. කොච්චර බලන් හිටියත් එපා වෙන්නෙ නැති දේවල් අතරට මුහුද සහ මුහුදු වෙරළත් එක් වෙලා තියෙන්නෙ ඒක නිසාම වෙන්න ඇති. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවෙ අපිට මුහුද සහ මුහුදු වෙරළ කියන්නෙ අපේ ආධ්යාත්මයේම කොටසක්. ඒ වගේම ලොව වටා ඉන්න සියලුම දෙනාත් මුහුදට මුහුදු වෙරළට දැඩිසේ ආදරය කරනවා. තමන් සතු අති මන්ස්කාන්තය ...
ලෝකයේ තාක්ෂනික දියුණුවත් සමගම බැදිල තියන වචනයක් තමයි සුඛෝපභෝගීතාව නැත්නම් සැප පහසුව කියන්නෙ. මොකද තාක්ෂනික දියුණුවත් එක්ක විශාල වශයෙන් මිනිසාට කිරීමට තිබූ වැඩ ප්‍රමාණය අඩු වුනා. තාක්ෂනික දියුණුව කාර්මික විප්ලවය කාලෙදි තරම් වේගවත් නොවුනත් අදටත් සීඝ්රයෙන් එය සිදුවෙමින් තිබෙනවා. මේ ඒ සදහා හොද උදාහරණයක්. මේ තමයි ලොව ප්‍රථම සුපිරි බස් රථය. එහෙමත් නැත්නම් super bus එක.බස් රථය හදලා තියෙන්නෙ ඕලන්දයේ. ...
මේක Royal Caribbean කියන නෞකා සමාගමට අයත් නෞකාවක්. මෙහි වරකට මගීන් 4300ක් පමණ රැගෙන යනවා. නැවේ කාර්ය මණ්ඩලය 1300ක්. නැවේ දිග අඩි 1,111.9ක් (මීටර 339). මෙහි දිනකට මෙහෙයුම් වියදම ඇ.ඩො. මිලියන එකකට ආසන්නයි. නැව තුල පිහිනුම් කළාප 3ක් තියෙනවා. නැව තුල පිහිටි අනෙකුත් පහසුකම් අතර බාස්කට් බෝල් ක්‍රීඩාංගණයක්, කුඩා ගොල්ෆ් ක්‍රීඩාංගණයක්, ගල් සහිත කදු නගින ආකෘතියක්,අවන්හල්, බීරහල්, duty-free වෙළෙදසැල්, කෝපිහල්, ...
මේකට කියන සිංහල නමනම් මම දන්නෙ නෑ. අනුමාන වශයෙන් 'වෙනස් කරන ලද දෘෂ්ටිකෝන සහිත ඡායාරූපකරණය' වගේ කියන්න පුලුවන්. මෙහිදී දුර, ලග, විශාල, කුඩා යන මානයන්ට විවිධ අරුත් දෙමින් දෘෂ්‍ය මායාවන් නිර්මාණය කරනවා. ඒ ඔස්සේ නිර්මාණය වෙන ඡායාරූප ඉතාමත් සිත් ඇදගන්නා සුලුයි.වැඩි විස්තර ඕනනම් මෙන්න wikipedia පිටුව.http://en.wikipedia.org/wiki/Forced_perspective ...
අද මම අරගෙන ආවෙ අහක දාන ඔරලෝසු කැබලි වලින් කරපු අරුම පුදුම නිර්මාණ කිහිපයක්. නිර්මාණකරුවන්ට සීමා නෑ කියන එකට මේක ඉතාමත්ම හොද උදාහරණයක්.
විවිද රටවල ඡායාරූප සහිත mails විශාල ගාණක් මට ලැබිලා තියෙනවා. ඒ ලැබුනෙ මම subscribe වෙලා ඉන්න nidokidos කියන yahoo group එක හරහා. ඒ ටික ඔයාලත් එක්ක share කරගන්න ඕන කියලා හිතුවා. ඒකෙ මුල් පියවර විදියට අද නිකරගුවාවෙ ලස්සන පින්තූර පෙළක් ඉදිරිපත් කරනවා.නිකරගුවාව කියන්නෙ ඇමරිකා මහද්වීපයට අයත් රටක්. උතුරින් හොන්ඩුරාස් හා දකුනින් අයිවරි කෝස්ට් වලින් සීමා වෙනවා. මෙහි වැඩි ප්‍රමාණයක් ජීවත් ...
BMW මෝටර් රථ ගැන අහල තිබුනට BMW පාපැදි ගෙන මීට කලින් අහලා තිබුනෙ නෑ නේද? මෙන්න එහෙනම් බලන්න විවිද මාදිලියෙ BMW පාපැදි.ඔවුන්ගෙ අලුත්ම පාපැදි ගැන විස්තර මෙන්න මෙතනින් බලාගන්න පුලුවන්.http://bmw-bikes.net/ ...
මේක මේ දවස් වල ගොඩක් ප්‍රසිද්ධ mail එකක්. මෙහි දැක්වෙන්නෙ facebook මූලස්ථානයන්ගෙ ඡායාරූප පෙළක්. facebook හි සාර්ථකත්වයට එහි නිර්මාණශීලිත්වය ගොඩක් දුරට ඉවහල් උනා. ඔවුන් ඒ නිර්මාණශීලිත්වය එයට පමණක් සීමා නොකරමින් ඔවුන්ගේ කාර්යාල පරිසරය තුලටද රැගෙන ගිහින් තියෙනවා. මේ කාර්යාලවල තිබෙන තවත් විශේෂත්වයක් තමයි ඒවා ප්‍රදේශය අනූව ආකෘතිමය වෙනස්කම් වලට ලක් කිරීම.කැලිෆෝනියාහි මූලස්ථානයහයිඩ්රාබාද් කාර්යාලයපැරිස් කාර්යාලයටෝකියෝ කාර්යාලයඩබ්ලින්හි කාර්යාලයServer Farms ...
මේක මට ලැබුන mails අතර මගෙ හිත ගොඩක්ම සසල වුන mail එකක්. අපි මිනිස්සු විදියට මේ තරම් කල් ආපු මාර්ගය හරිද කියලා දෙපාරක් හිතන්න පොළඹවන mail එකක්. ලෝකයේ සම්පත් බෙදී යන්නෙ සාධාරණ විදියට නෙමෙයි කියන එකට මේක සාක්ෂි සපයනවා. ඇමරිකාවේ දරුවො අතර අධිපෝෂයණය පැතිරෙන අතරෙ ගොඩක් රටවල දරුවො කෑමට දෙයක් හොයමින් කුනු ගොඩවල් අවුස්සනවා. ධනවාදයේ ඇත්ත ස්වරූපය මේක තමයි. ධනවාදය ...
හමුදා සෙබලා කිව්වම මතක් වෙන්නෙ සටන්කාමී, නිතරම තුවක්කුවත් එක්ක ජීවත් වෙන මිනිසෙක්ද? නිතරම සටනට බර පුද්ගලයෙක්ද? ඒත් ඔවුන්ගෙ සැබෑ ජීවිත ඊට වඩා ගොඩක් වෙනස්. ඔවුනුත් නිතරම කැමතියි අපි වගේම හිනාවෙලා සැහැල්ලුවෙන් ඉන්න.මේ ඡායාරූප පෙළ ඊට සාක්ෂි දරාවි. ...
කාර්මික විප්ලවයෙන් පස්සෙ ලෝකය පුරා තාක්ෂණික විප්ලවයක් ඇති වුනා. ඒත් එකකම ඉබිගමනින් දියුණු වේගෙන ආපු තාක්ෂනයන් සීඝ්‍ර වේගයෙන් දියුණු වෙන්න පටන් ගත්තා. කැමරාකරණය කියන්නෙත් ඒ ඔස්සේ සීඝ්‍ර දියුණුවක් ලබපු තාක්ෂනයක්.අද වෙනකොට කැමරාකරණ තාක්ෂණයේ නව පරීක්ෂණ සිදුවෙන මානයන් තමයි පැනෝරාමා පින්තූර, අධිවේගී ඡායාරූපීකරණය, චලනයන් සහිත නිශ්චල ඡායාරූපීකරණය, අධික අන්තර්ගතයක් සහිත ඡායාරූපීකරණය ආදිය.මේ එක් එක් තාක්ෂණයන්ගෙන් නිර්මිත විවිධ ඡායාරූප ඔබ වෙත ගෙන ...
නයගරා ඇල්ල කියලා හදුන්වන්නෙ ඇමරිකන් ඇල්ල(Amarican Falls), බ්‍රයිඩ්ල් වේල්(Bridal Veil Falls) ඇල්ල, හෝර්ස්ෂෝ(Horseshoe Falls) අල්ල කියන දිය ඇලි තුනේ එකතුව. මේක පිහිටලා තියෙන්නේ ඇමරිකානු හා කැනඩා දේශසීමාවේ. ඇල්ලට නිව්යෝර්ක් නගරයේ ඉදලා කි.මි. 121 ක පමන දුරක් තිබෙනවා. ඇල්ලෙ ජල ඝනත්වය තත්පරයට වර්ගමීටර 2407ක් පමණ වෙනවා. මේසා විශාල ඇල්ලක ජලය මිදිලා අයිස් බවට පත් වුනා කිව්වොත් ඔබට ඒක විශ්වාස කරන්න පුලුවන්ද? ...
වොන් පාර්ක් තමයි මේ විශ්මිත නිර්මාණකරුවා. ඔහු වෘත්තීමය ඔරිගම් නිර්මාණකරුවෙක්. වොන් තමන්ගෙ නිර්මාණ අමුද්‍රව්‍ය විදියට යොදාගන්නෙ ඩොලර් නෝට්ටුයි. තනි ඩොලර් නෝට්ටුව හෝ නෝට්ටු කිහිපයක් එක කරමින් අපූරු නිර්මාණ කරන්න ඔහු සමත්කම් දක්වනවා.තවත් විශේෂිත දෙයක් තියෙනවා.ඒ තමයි මේ සුවිශේෂී නිර්මාණ කරුවා ජීවත්වෙන්නෙ සකස්කරගන්නා ලද කුනු ගෙනයන ට්‍රක් එකක. එහි ඡායාරූප කිහිපයකුත් අන්තිමට දක්වලා තියෙනවා.තනි ඩොලරයේ මාලුවාතනි ඩොලරයේ වවුලාතනි ඩොලරයේ කැමරාවඩොලර් දෙකේ ...
මේක නම් කරලා තියෙන්නෙ හයිඩ්‍රොපෝලිස්(hydropolis) කියලා. මෙය ඉදිකරන්න සූදානම් කරලා තියෙන්නෙ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරයේයි. මුහුදේ සිට මීටර 20ක් යටින් තමයි මේක ඉදි කරන්නෙ. ඇස්තමේන්තුගත මුදල ඩොලර් මිලියන 300ක්. සෑම දෙයක්ම අතිශය සුඛෝපභෝගී ලෙස ඉදිකරන්න සැලසුම් කරලා තිබෙනවා. මෙම හෝටලය පිලිබද අදහස 2006 දී මුලින්ම ඉදිරිපත් වූ අතර එය ඉදිකිරීම 2008 දී පටන්ගන්න සැලසුම් කරලා තිබුනා.කොහොම නමුත් 2010 ...
මාතෘකාවෙන් කියවෙනවා වගේම මොහු මාවත් වල සිත්තම් කරන්නෙක්. මොහු මාවත් සිත්තම් කරමින් මවන දර්ශනයන් විශ්වාස කරන්නත් බැරි තරම්. සමහරු මොහුව 'විද්යාකරුවෙක්' ලෙස හදුන්වන්නෙත් පුරුදුවෙලා ඉන්නවා. ඒකට හේතුව මොහුගෙ චිත්‍ර වල තියෙන අරුම පුදුම 3D නිරූපණයයි. ලොව පුරා මංමාවත් ගණනාවක මොහු නිර්මාණකරනයේ යෙදිලා තියෙනවා.විකිපීඩියා ලිපිය http://en.wikipedia.org/wiki/Edgar_M%C3%BCllerවෙබ් අඩවිය http://www.metanamorph.com/youtube වීඩියෝ http://www.youtube.com/watch?v=3SNYtd0Ayt0එඩ්ගාර් ඇතුලු කණ්ඩායම නිර්මාණයක නිරත් වෙමින්කණ්ඩායම
මම ඓතිහාසික දේවල් අඩංගු mails වලට වැඩි කැමැත්තක් දක්වන නිසා මේ mail එකත් ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවා.ක්‍රි.ව.1850-1920 වකවානුව වෙනකොට ලංකාව මොනවගේ තියෙන්න ඇතිද? ශ්‍රීපාදය, දළදා මාලිගාව, මාතර දුම්රිය නැවතුම ඒ කාලෙ මොන වගෙ වෙන්න ඇද්ද? ගිහින් බලලා එමු.කොල්ලුපිටියෙ නුග ගස ගල්කිස්ස මහ හෝටලය -1865කොළඹ කෞතුකාගාරයවැල්ලවත්ත ඇළ මාර්ගයදළදා මාලිගාවසමාධි පිළිමයගෝල්ෆේස් හෝටලය -1860මාතර දුම්රිය නැවතුමපේරාදෙනිය උද්භිද උද්යනයරුවන්වැලි සෑයශ්රී පාදස්ථානය ...