ටේලර් සාප්පුව ගිනිගනී අද මම ඔබව ගෙනියනවා අවුරුදු 16 ක් අතීතයට. හරියටම දිනය කියනවනම්, 1996 මාර්තු 18 වැනි සඳුදා. ලංකාව ලෝක ක්‍රිකට් කුසලානය දිනාගත්තු දවසට පසු දිනය. එදා දිවයින පත්තරේ සිරස්තලය තමයි මේ. අර්ජුන රණතුංග පකිස්තානු අගමැති බෙනාසීර් බූ‍තෝ අතින් ලෝක කුසලානය ලබාගන්නා අයුරු දැක්වෙන අපැහැදිලි ඡායාරූපයක් ඊට වම් පසින් මුද්‍රණය කර තිබුනා. සිරස්තලයට යටින් තිබුනේ ලංකා නායක අර්ජුන සහ උපනායක අරවින්දගේ ඡායාරූප ...

අවවාදයයි! ඔබත් ෆෝබියාවෙන් පෙලෙන්නෙක් විය හැක. ෆෝබියාව කියල කියන්නෙ යමකට තියෙන අධික සහ අසාමාන්‍ය බයට. ඒවගේම ෆෝබියාව කියන්නේ මානසික රෝග විශේෂයක්. ෆෝබියාව සාමාන්‍ය භීතියෙන් වෙනස් වන්නේ කෙසේද? එන්නතක් විදින්න කලින් එන්නත් ක‍ටුවක් දැක්කම බය හිතෙන එක සාමාන්‍යයි. නමුත්, ඒ හේතුවෙන් අතවශ්‍ය වෛද්‍යප්‍රතිකාර වලින් ඉවත්වී සිටී නම්, ඔබට ඇත්තේ ෆෝබියාවක් විය හැකියි. යමෙකුට ෆෝබියාව වැලඳීමට නිශ්චිත හා ස්ථිර හේතුවක් කියන්න බැහැ. නමුත් ෆෝබියාවට හේතුකාරක වියහැකි දේවල් ...

වසර 82 ක් පැරණි මුල්ම සිළුමිණ පුවත්පත මට හම්බ උනා ගොඩක් වටින කෞතුක භාණ්ඩයක්! ඒ තමයි අවුරුදු 82ක් පරණ, ලංකාවේ මුල්ම සිළුමිණ පුවත්පත. ප්‍රකාශිත දිනය 1930 මාර්තු 30 වන ඉරිදා. පත්තරේ මිල ශත 10යි. අද මගේ ලිපියෙන් ගෙන එන්නෙ ඒ පුවත්පතින් උපුටා ගත් ලිපි හා ඡායාරූප කීපයක්. "බෞධ රටවල දෙකක් අතර යුධයක් ඇතිවන්ට යාමේ ලකුණු." පත්තරේ සිරස්තලේ තමයි ඒ. ලේක්හවුසියේ රාත්‍රීකාලයේ ගන්නා ලද ඡායාරූපයකුත් ඊට යටින් ...

ඔච්චම් කරයි ගැමිකම මගෙ සිත ඇතුලේ මේ දවස්වල වල ගොඩක් දෙනෙක් 'කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය' ගැන කතා කරනව. ඕක ගැන හිත හිත ලියන්න දෙයක් නැතුව ඉන්නකොට මට හිතුනා කවි පංතියක් ලියල බලන්න. :) මම කවි කාරයෙක් නම් නෙවෙයි. විනෝදයට වගේ ලිව්වෙ. :) පාසැල් ගොසින් එන අතරේ වෙල අයිනේ මා දං ගහේ ගෙඩි පිරිලා බරට බරේ බඩකට පුරා දං කාලා රසට රසේ විගහට ගෙදර දිවුවා මම ...

මාර්ටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරය නොදු‍ටු ගැමි සුවඳ කාලෙකට පස්සෙ ලැබුනු නිවාඩුවේදී මාතර ප්‍රදේශයේ සංචාරය කරන්න මට සිතුනා. ඒ කාලෙකින් එහි ගියෙ නැති නිසා නොවේ. මගේ නෑයින් බහුතරයක් සිටින නිසාමත් නොවේ. මා අවංකවම ගැමි සුවඳට ප්‍රියකරන නිසාවෙන් සහ දකුණේ ආගන්තුක සත්කාරයට ප්‍රිය කරන නිසාවෙනි. කුඩා කාලයේ දෙමාපියන් එක්ක සිංහල අවුරුද්දට මාතර ගිය හැටි මට සිහිවේ. එදා මාතර වීදි වල ඉඳහිට හෝ බක්කි කරත්ත, ගොන් ...

සුන්දර අයිස්ලන්තය යාලුවනේ... ඉතින් කොහොමද? ගොඩක් කාලෙකින් ලිපියක් ලියන්න බැරිවීම ගැන කනගා‍ටුව ප්‍රකාශකරනවා. 2012 කියන්නෙ මගේ ජීවිතයේ ගොඩක් වෙනස්කම් සිදුවෙච්ච සහ සිදුවෙමින් පවතින වසරක්. විශේෂයෙන්ම ‍රැකියාව පැත්තෙන්. ඉතින් අලුත් ලිපියක් ලියන්න වෙලාවක් හොයාගන්න අමාරු උනා. කාලෙකට පස්සෙ ලැබුනු විවේකයේදී, මේ විදියේ තොරතුරු ටිකක් බෙදාගන්න හිතුවා... අයිස්ලන්තය ගැන. මුලින්ම අයිස්ලන්තය ලෝක සිතියමේ කොයි ඉසව්වක පිහිටල තියෙනවද කියල බලමු. අයිස්ලන්තය කියන්නේ වර්ග කිලෝමීටර් 103,000 ...

දැනගෙන ගියොත් කතරගම... නොදැන ගියොත් අතරමග! ඉකුත් සතිඅන්තයේ මට කතරගම සංචාරය කිරීමට අවස්ථාව ලැබුනා. හදිස්සියේ යෙදුන ගමනක් නිසා ගොඩක් තැන්වල යන්නටවත් බොහෝ තොරතුරු ‍රැස් කරන්නටවත් අවස්ථාවක් ලැබුනෙ නෑ. නමුත් ඒ කෙටි සංචාරයේ අත්දැකීම මගේ බ්ලොග් රසිකයන් අතර මේ විදියට බෙදාගන්න හිතුවා. කොලඹ ඉඳන් කතරගමට යා හැකි ප්‍රධාන මාර්ග 2ක් තියෙනවා. රත්නපුර හරහා 230km ක් පමණ වූ මේ මාර්ගයේ යන්නේ නම්, හොරණ හෝ අවිස්සාවේල්ල හරහා රත්නපුරයට පැමිණිය ...

යටත්විජිත සමයේ විමුක්ති අරගල මෙම ලිපිය කියවන ඔබ වයස අවුරුදු 64 ඉක්මවා නැතැයි උපකල්පනය කලහොත්, ඔබත් මා මෙන්ම නිදහසින් පසු ඉපදී ඇත්තෙක්ය. යටත්විජිත්වාදයේ අත්දැකීම් ඔබටත් මටත් නැත. නමුත් මේ ලක් පොලව වසර 424 ක පමණ කාලයක් විවිධ ජාතීන්වල යටත් විජිතයක්ව පැවතිබව ඔබ අමතක කල යුතු නැත. වසර 153ක් පෘතුගීසීනුත් වසර 138ක් ලන්දේසීනුත් තවත් වසර 133ක් ඉංග්‍රීසීනුත් යටතේ ලංකාව පාලනය වී ඇත. එම සියවස් හතරකට ...

දිය කැපීමේ චාරිත්‍රය අපේ ගමේ පංසලේ පෙරහැර මංගල්‍යය ගිය සතියේ තිබුනා. පංසලේ නම "පුලිනථලාරාමය". පිහිටල තියෙන්නෙ රත්මලාන කල්දෙමුල්ල ප්‍රදේශයේ. ඕනෑම පෙරහැර මංගල්‍යයක් අවසාන වෙන්නෙ දිය කැපීමේ චාරිත්‍රයෙන්. පෙරහැරට වගේම පෙරහැරට පසුදා උදේ දිය කැපීමේ චාරිත්‍රයටත් සහභාගීවීමේ දුර්ලභ අවස්ථාවක් මට හිමි වුනා. ඒ අවස්ථාවට අදාල ඡායාරූප කීපයක් ඔයගොල්ලොත් එක්ක මේ විදියට බෙදාගන්න හිතුවා. චාරිත්‍රය සිදුකෙරුනේ බොල්ගොඩ වැවේ. මුලින්ම දේවාලයේ චාරිත්‍ර කීපයක් සිදුකරල, පෙරහැරකින් වැවට ...

තරු පංතියේ හෝටලයකින් ආහාර ගනිමු! ඔබ විධායක ශ්‍රේණියේ ‍රැකියාවක හෝ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නිරත අයෙක් නම්, බොහෝ විට තරු පංතියේ හෝටල්වල භෝජන සංග්‍රහ වලට ආරාධනා ලැබෙනවා. කුමක් හෝ විශේෂ දවසක, පවුලේ අය සමඟ මෙවැනි හෝටලයකින් ආහාර ගන්නා අයත් ඕනෑ තරම් ඉන්නවා. ඒසේත් නැත්නම් අඩුම තරමින් හිතවතෙකුගේ විවාහ උත්සවයකදීවත් ඔබ තරු පංතියේ හෝටලයකින් ආහාර ගන්න ඇති. ඔබ දන්නවාද.. එවැනි හෝටල්වල, ආහාර ගැනීමේ සහ පිලිගැන්වීමේ පිලිගත් සම්ප්‍රදායන් තිබෙන ...

රජෙකුගේ දවසක් පුරාණ ලංකාවේ රජෙකුගේ දෛනික කාලසටහන මොන ආකාර වන්නට ඇත්ද? ඒ පිලිබඳ කරුණු සොයාබැලීමේදී "කඳවුරු සිරිත" නම් අපූරු ග්‍රන්ථයක් හමුවෙනවා. එම ග්‍රන්ථයෙන් විස්තර වන්නේ II වන පරාක්‍රමබාහු රජතුමාගේ දින චරියාවයි. II වන පරාක්‍රමබාහු යනු ලංකා ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන නමක්. දඹදෙනිය රාජධානිය කරගනිමින්, ක්‍රි.ව. 1236 සිට ක්‍රි.ව. 1270 දක්වා වසර 34ක් රජකම් කල මෙතුමා තම පාලනකාලය තුලදී කාලිංගමාඝ, චන්ද්‍රභානු වැන්නන්ගේ විදේශ ...

මනුස්සකම මාතෘකාව 'මනුස්සකම' වුවත් මේ ලිපිය වෙනත් දෙයක් ගැනයි. එසේනම් මේවගේ මාතෘකාවක් දැම්මේ ඇයි? ඔබේ අවබෝධ ශක්තිය හොඳ නම් ලිපිය අවසානයේ එයට උත්තරයක් ලැබේවි. ඔබ ජීවිතයේ ඕනෑතරම් දේ පරිත්‍යාග කරල ඇති. ඒ පිනෙන් ඔබ නොයෙක් ලෞකික සැප බලාපොරොත්තු වෙන්න ඇති. එසේ නම් ඔබ කර ඇත්තේ සැබෑ පරිත්‍යාගයක් නොවේ. පරිත්‍යාගය නොඑසේනම්, දානය යනු අත්හැරීමයි. සැබෑ දානයක් අර්ථගැන්වෙන්නේ ධාර්මිකව උපයාගත් දෙයක්, අත්හැරීමේ චේතනාවෙන් ...

සැබෑ වූ සිහින අද පලකරන්නේ මට ලැබුනු ඊමේල් පණිවිඩයක්. කාලීන වැදගත්කමක් තියෙන නිසා ඒක ඔයගොල්ලොත් එක්ක මේ විදියට බෙදාගන්න හිතුවා. මේක පොතකින් උපුටාගෙන තියෙන්නේ. නමුත් පොතේ කතෘ හෝ චිත්‍ර ශිල්පියා කවුදැයි සොයාගන්න බැරිවුනා.බුදුන් දවස, කොසොල් රාජ්‍යයේ රජකම් කළ පසේනදි කොසොල් රජතුමා දිනක් මහා බියකරු හීන 16ක් දකිනවා. පසු දින වහාම සිය උපදේශක බමුණන් කැඳවන රජතුමා ඒ සිහිනවල පලාඵල විමසනවා. බමුණන්ගේ මතය වන්නේ මෙය ...

1815 මාර්තු 2 වෙනි දින ඇතිකරගත් උඩරට ගිවිසුමෙන් ලංකාව පූර්ණ යටත්විජිතයක් වූ බව අප හොඳින් දන්නා කාරණයක්. මෙසේ ඉංග්‍රීසීන්ට කන්ද උඩරට යටත් කරගැනීම පහසු කරවූ විවිධ කාරණා තිබුනා. උඩරට රදලයන්ගේ සහ සිංහලයන්ගේ සහයෝගය ලැබීම එහිදී ඉංග්‍රීසීන්ට මහත් වාසියක් වුනා. එය එසේ වූයේ ඇයි? ඊට බලපෑ බහුවිධ කාරණා අතුරින් එකක් වන්නේ ඇහැලේපොල කුමාරිහාමි සහ දරුවන්ට ලබාදුන් කෲර දඬුවමයි. එය රජු කෙරෙහි ...

එක්තරා ගුවන් විදුලි නාලිකාවක මීට කලකට පෙර මම ආසාවෙන් අහපු වැඩසටහනක් තිබුනා. "මම කැමතිම ගී 10". රටේ ප්‍රසිද්ධ චරිත තමන් අහන්න කැමතිම ගීත 10ක් රුචිකත්වයේ ආරෝහණ පිලිවෙලට විකාශනය කරනවා. තාමත් ඒ වැඩසටහන විකාශනය වුනත්, කාර්ය්‍යබහුලත්වය නිසා ලඟදිනම් ඇහුවේ නෑ. අද ලිපියෙ තියෙන්නෙ මම අහන්න කැමතිම ගීත. ගීත 10ක් වෙනුවට මම 20ක්ම ‍තෝරනවා. කියවා බලන්න. මගේ රුචිකත්වය ඔබේ රුචිකත්වයෙන් අපගමණය වන්නේ ...

අද ලිපිය මා ලියන්නේ පාසැල්යන කුඩා දරුවන් වෙනුවෙන්. මුලින්ම කිවයුත්තේ මෙය ගණිත පාඩමක් නොවන බවයි. ගණිතය යනු කුමක්ද යන්නත්, ගණිතය පිලිබඳ පාසැල් සිසුන්ගේ ආකල්පය ගැනත් මා දකින ආකාරය පහත ප්‍රකාශ කෙරේ. ඔයා පාසැලේ කැමතිම විශය මොකක්ද? අකමැතිම විශය මොකක්ද? කියා ඇසුවොත් බහුතරයක් දරුවන් ඔය දෙකෙන් එකකට දෙන පිලිතුර තමයි, "ගණිතය". ගණිතය සමහරුන්ට කැමතිම විශය වද්දී තවත් අයෙකුට අකමැතිම විශය වන්නේ ...

සුන්දර නුවරඑළි‍ය ඉකුත් සතිඅන්තයේ මට නුවරඑළි‍යේ සංචාරය කිරීමට අවස්ථාව ලැබුනා. මේ එම සංචාරය තුලින් මම සොයාගත් තොරතුරු කීපයක්. මුහුදු මට්ටමේ සිට අඩි6128ක් උස නුවරඑළි‍ය නගරය 19වන සියවසේදී 'සැමුවෙල් බේකර්' විසින් සොයාගත්තායැයි සැලකෙනවා. රාම රාවණා කථාපුවතට අනුව හනුමා විසින් ගිනිතබා ඇත්තේ නුවරඑළි‍යයි. ඒ ගින්නෙන් හටගත් ආලෝකය නිසා 'නුවර' + 'එළි‍ය' යන පද සන්ධිවීමෙන් 'නුවරඑළි‍ය' සෑදුනු බවයි ජනප්‍රවාදයේ පැවසෙන්නේ. නුවරඑළි‍ය හා ඒ අවට වැදගත් ...

ශ්‍රී ලංකාවේ A ශ්‍රේණියේ මහාමාර්ග උපුටා ගැනීම - wikipedia.orgHighways Highway NumberRouteLength-km A0Colpity-Sri Jayawardenapura07 A1Colombo-Kandy115 A2Colombo-Wellawaya317 A3Peliyagoda-Puttalam126 A4Colombo-Batticaloa430 A5Peradeniya-Chenkalady276 A6Ambepussa-Trincomalee199 A7Avissawella-Nuwara Eliya119 A8Panadura-Ratnapura68 A9Kandy-Jaffna321 A10Katugastota-Puttalam125 A11Maradankadawala-Trikandimadu129 A12Puttalam-Trincomalee177 A13Galkulama-Anuradhapura17 A14Medawachchiya-Talaimannar114 A15Batticaloa-Trincomalee131 A16Beragala-Hali Ela

මම ටෙලිනාට්‍ය ලෝලියෙකු නොවෙමි. අහබු ලෙස දු‍ටු ටෙලිනාට්‍ය කොටස් වලින් ගොඩනඟාගත්, ලාංකේය ටෙලිනාට්‍ය කලාව ගැන මාගේ අදහස මෙසේය. මා කුඩාකල ආශාවෙන් නැරඹූ අඹයාළුවෝ, පලිඟුමැණිකේ, චරිත තුනක්, යශෝරාවය, කඩුල්ල, ඇල්ල ලඟ වලව්ව, දඩුබස්නාමානය වැනි ටෙලිනාට්‍ය අද දක්නට නැත. ඒ වෙනුවට අද නිෂ්පාදනයවන බහුතරයක් ටෙලිනාට්‍ය වලට පාදක වන්නේ, බොලඳ ආදර කතාවක් වටා ගෙතුනු බාල නවකතාවකි. මෙහි තේමාව බොහෝවිට තුන්කොන් හෝ සිව්කොන් ආදරයකි. ...

Previous Page