ගීත සාහිත්‍ය සම්මන්ත්‍රණය - ගීත රචක සුනිල් සරත් පෙරේරා සමග නිව් සවුත් වේල්සයේ සිංහල සංස්කෘතික හමුවට අනුබද්ධ සිංහල ලේඛක සංසදය මගින් දෙදහස් දොළහ වසරේ දී පවත්වා ගෙන යනු ලැබූ වැඩ සටහන් මාලාවේ අවසාන අංකය මෙන්ම ඉතා වැදගත් අංගයක් ලෙසින් ‘සුනිල් සරත් පෙරේරා සුහද හමුව’ වැඩ සටහන හැඳින්විය හැකිය.ලංකාවේ සම්මානනීය ගීත රචකයකු වන සුනිල් සරත් පෙරේරා ශූරීන් ගේ මූලිකත්වයෙන් පැවැත්වූ මෙම වැඩ සටහන ආධුනික ගීත රචකයින් ගේ ගී රචනයට අත්වැලක් වීම් ...

මුරලි පුතා සහ දූසර පන්දුව - Muralidaran and his Doosra : ඥාණතිලක හේවාගමගේ ඇස් කැරකෙනා රුව දකිමින් පිත්ත තියාඉන්නා පිතිකරුට සංයමෙ නැතිව ගියාඅහසට ඉගිලුනා පන්දුව ද6ගය කියාලෝකෙන් උතුම් රට කියලා දැවී ගියාමුරලි පුතාගේ ඕවර කොතැන කියාසද්දන්තයින් ලෙස වැජඹෙන සැවොම බයාඉවතට දෝ ඇතුළට දෝ එන්නෙ කියාදූසර පන්දු කැරකුම නැත පොතේ ලියාදිලිසෙන පැත්ත කැරකුම සහ වේගෙ ලියාපර්යේෂණ දනන් සිටියා දෙනෙත අයාබෘනලි සිද්ධාන්තෙට පටහැනිය කියාකල්පිත වාදයක් මුව මුව පැතිර ගියාඑක පිට එක බිඳී වැටෙනා කඩුලු බලාඔල්වරසන් ...

ශ්‍රීමත් දොන් බ්‍රැඩ්මන් - Sir Don Bradman - හෙන්රි කුමාරප්පෙරුම බටහිර දෙසට දිව යන මහ මග ඔස්සේඈතින් ගමක තතු කියවෙයි හැම තිස්සේවියැලෙන කතර වියලෙන්නට නොව රිස්සේ මිදි බඩ ඉරිඟු වතු හරිතෙන් කළෙ තොස්සේ කෙත් බිම් වැවේ සරුවට ඈත ඇසි දිසිනෙත් සිත් පිරේ කහ පැහැ හිරු මලින් වැසීයත්නක් නොවේ නම් වපසරිය බොල් ගැසී අත් පත් සුවේ කිමදැයි දනිති ගම වැසී "කූටමන්ඩුරා" නගරය දැකුම්කළු "යං" "වග-වගට" අතරින් කඳු ය කොත් දිලූ"දොන් බ්‍රැඩ්මන්" ...

කබාය ඉරිලා ඊට කමක් නෑ - (කෙටිකතාවකි) ලක්‍ෂ්මන් රන්දෙනිය දඩ බඩස් යන හඬින් පඩිපෙල දිගේ යමක් පහත මාලය වෙත පෙරලී ගෙන එන හඬින් සෞම්යා ගේ දැහැන බිඳුනි. ඉන්පසු නිවස පුරා දැඩි නිහඬතාවයක් ඇතිවිය. "අනේ මගෙ කොන්ද" යන දේශප්රිය ගේ කෙඳිරිල්ල පඩිපෙල පාමුලින් නික්මුනේ එම නිහඬතාවය බිඳිමිනි. "මොකද ඔයා උඩ කරණමක් ගහන්න ගියාද?" සෞම්යා ඇසුවේ මැසිවිල්ලක ස්වරූපයෙනි. වත්තේ තණකොල කැපීමෙන් මිදීම සඳහා ඕනෑම ආකාරයේ කපටි කමක් කිරීමට දේශප්රිය මැලි නොවන ...

ඕස්ට්‍රේලියාවේ ගිම්හාන මල් සමය - උඩගේ වික්‍රමසේන විස්සට තිහට රෑ දාවල් රස්ණය ඇති දවස් වලවායු සමන පංකා ලඟ ඉන්නෙ ඇයි ද ගෙවල් තුළවටපිට ලස්සනයි හරිම ගස් වැල් මල් පිරී පල චමත්කාර වේ රට තොට තතු විමසා බලන කලසුවඳ දිදී හතර අතේ ගුමු ගුමු නද යනව පැතිර සිරියාවයි මල් පිපිලා ගස් වැල් වල අපේ ගෙදර මී මැස්සන් හා බඹරුන් රොන් ගන්නව නෑ හිරිහැර දසුනකි මේ සදාතනික ඉන්නේ කෙලෙසද ...

නෙඩ් කෙලී (1855-1880) - මලී දිසානායක පසු ගිය සිය වසේ ඔසි රට ඉතිහාසේ මෙල්බන් නුවර "බෙවරෙජ්" නම් ගම් පියසේ සරු ගොවි බිමෙක අස්වනු සරි වූ නිසිසේ විසුවෝ පවුල් දහයක් සමගිව සතොසේ "රෙඩ්" හා "ඇලන්" අයිරිෂ් ජාතික යුවළ මෙගමේ විසුවෙ කාටත් පාමිනි ලීල වපුරා තිරිඟු සිටුවාලා අල බතල සරි කළො පැටවු අට දෙනෙකුට තුන් වේල "නෙඩ් කෙලි" නමැති මේ පවුලේ පස් වැන්නා සැමගේ හිත් දිනාගෙන ජීවත් වෙන්නා ...

"වලේ" ඉඳං නාට්‍ය බැලූ හැටි : සරච්චන්ද්‍ර එලිමහන් රංග පීඨය සහ පේරාදෙනිය විශ්ව විද්‍යාලය පිලිබඳ අතීත ආවර්ජනාවකි! - රසික සූරියආරච්චි විසිනි කාල යන්ත‍්‍රයක නැගී හෝ වෙනත් ක‍්‍රමයකින් හෝ අතීතයට යාමට හැකියාවක් ලබා ගත හැකි නම්, අප බොහෝ දෙනෙකු එදා ගත් තීරණ කිහිපයක් හෝ වෙනස් කර අදට වඩා වෙනස් වූ වර්තමානයක ජීවත්වනු ඇතැයි මට සිතේ. එසේ කළ හැකි නම් සහ තමන් එලිපිට කියන කරුණු සත්‍යයක්ම මිස අන් කිසිවක් නොවේ නම්, ඕස්ටේ‍්‍රලියාවේ අද සිටින අපේ සිංහල ජනගහණයෙන් හරි අඩක් පමණ තම සංක‍්‍රමණ අයැදුම් ...

සුපුරුදු පරිදි රෑ කෑමක් ලෑස්ති කරල තිබුණ මා සමග එකට විශ්ව විද්යාෑලයේ ඉගෙන ගත් මිතුරෙක්. ඉතිත් අපි කා බී හමාර වෙලා ගැහැණු උදවිය වෙනම ද, පිරිමි උදවිය වෙනම ද කථා බහ කරමින් සිටියෙමු.“හරිම අහිංසකයා, මිනිහට වුණේ වැඩිය තැලිල පොඩි වෙලා හිටියෙ නැති කම අණ්ඩර කනවා ලේසියෙන්ම. මොකක් දෝ අණඩරයක් කාලා, එක්සෑම් ඇණ ගෙන අන්තිමට බීලා පිස්සෙක් වාගෙ හිටියා ලූ පස්සෙ ...

ආදරණීය මව් බිම - නිහාල් රූපසිංහ හිම සීතල අප වට කොටසිරකරගෙනඝණකම් සුළඟ තව තවත්සීතල ගෙනෙනවඈත නිල කඳු යායෙන්,ඇන්ටාක්ටිකාවෙන්කොපමන සීතල ගලාවිත්අපමණ හිම තලාවෙන්වැසී ගියදපොලෝ ගැබ තුල පැසවන ලෝදිය සිසිල් වෙදඔබෙන් සමුගෙනඅතීත මතක සැමරුම්මඟ අත්හැර දා ඉඳසිත තුල ඇවිලෙන ගිනි කඳඔබේ සෙනෙහස ඉල්ලා නොවක් ආදරය යදිනාගිනිගත් හතවතසිසිල් වෙදගත සිසිල් කරනාවිසල් මාලිගා තනායාන වාහන රස මසවුලු නිච්ච ගීත වාදනවිසුක දස්සන අපමණවටකොටදිවිගෙවුනද-නිහාල් රූපසිංහ(image: http://travel.ninemsn.com.au/domesticbasic/nsw-bluemountains/655851/the-blue-mountains-nsw) ...

කලාවැව අබියස දී (කෙටිකතාව) - සමන් මහානාම දිසානායක ශ්‍රී ලංකාවට නිවාඩුවකට යන සෑම විටෙකම දූ දරුවන් සමඟ ශ්‍රී ලංකාවේ පැරණි ශ්‍රී විභූතිය නැරඹීම යාම මගේ පුරුද්දක් විය. මේ ගමනට තවත් පවුලක් එකතු කර ගැනීමද සාමාන්ය සිරිතක් වී තිබිණි. පසු ගිය වසරෙහි ශ්‍රී ලංකාවට ගිය විට අප සංචාරයට එකතු වූයේ මගේ සොහොයුරියත් ඇගේ සැමියා හා දියණියන් දෙදෙනාත්ය.සුපුරුදු පරිදි අපේ පැරණි නටඹුන් බලා ඒ ඈත අතීතයේ අපේ මුතුන් මිත්තන් කළ ...

උස් ගොඩනැගිල්ලක් තුල නගරයෙහි මැද සිසිලැති වායු සමනය සුව ගතෙහි විඳ පරිගණකයට යොමු කර මුළු කයෙහි ඔද මම හිඳ සිටිමි ගෙල වට ටයි පටිය බැඳ සුදු කඩදාසි මත මා නෙත නිබඳ ගැටේ අතැඟිලි යතුරු ලියනය මත සෙමෙන් නැටේ සුදු මිනිසුන් ය පිය බස් තෙපලමින් වටේ ඔවුනගෙ සිනා මැද දෙසවන් අඟුළු වැටේ කවුළුව එපිට අහසේ දුම් රොටු පාවේ වාහන හඬින් නගරය ...

ඕනෑම මිනිස් සමාජයක, ඔවුනටම අනන්‍ය වූ සුවිශේෂී ජීවන ක‍්‍රමයක් පවත්නේය. හුදු මිනිස් ඇවතුම්, පැවතුම් වලින් පමණක් නොව, ඔවුන් ගරු කරන හර පද්ධති රාශියකින්ද, චාරිත‍්‍ර, වාරිත‍්‍ර, ආචාර, සමාචාර මෙන්ම ආගමික ඇදහිලි හා කලා ශිල්ප යන මේ සියල්ලෙන්ම විචිත‍්‍රවත් වූ එම සුවිශේෂී ජීවන ක‍්‍රමය, එම ජන කොට්ඨාශයේ සංස්කෘතිය ලෙස සලකනු ලබයි. සියළුම ජන කොට්ඨාශ ඔවුන්ටම ආවේණික වූ සුවිශේෂී වූ සංස්කෘතියක හිමිකරුවෝ වෙති. ...

ශිවනාදන් මල්ලියේබඩ ගිනි වෙලා හැඬුවා මව් නැති වේලේනුඹෙ අම්මාට කිරි එරුණා මං බාලේවැලි බත් ඉව්වෙ පළඳා පොල් කටු මාලේඇයි විරසක බවක් අපෙ හදවත් පතුලේනෙළුම් මල තබා බුදු සාදුගෙ පතුලේකපුරු පිච්චුවා අපි කෝවිල ඇතුලේනටා කාවාඩි දේවාලය මිදුලේපැදකුණු කළා කිරිවෙහෙරය කොත බැබළේමහපටැඟිලි පොට්ටු තියලා නළල් තලේපොල් ගැසුවා නොවෙ ද කෝවිල් දොරටු ගලේනුඹෙත් මගෙත් හදවත් වල එක රතු ලේඇයි මල්ලියේ පොල් ඉරටට රන්ඩු ...

එකල් හි තිලොවට තිලක වූ අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ සූ අසූ වසරක තම අනුපමේය ලෝකානුකම්පික ධර්ම සේවය නිමවා, පංච සහශ්‍රකයක කාලයක් ලොව සුදනන් සුරකින්නට තම නිමල දහම ලොව රඳවා, ජම්බුද්වීපය නොහොත් උතුරු කුරු දිවයිනේ මලල රට කුසිනාරා වේ දී පිරිනිවා වදාළ සමයේ, එකී උතුරු කුරු දිවයිනෙන් නැව් නැගි විජය නම් රාජ කුමාරයෙක් සත් සියයක් වූ තම බල සෙනඟ ද ...

ඕස්ට්‍රේලියාවේ, නිව් සවුත් වේල්සයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදය 2009 නොවැම්බර් මස 29 දින සිඩ්නි නගරයේ දී පිහිටුවා ගන්නා ලදී.අපේ අරමුණුපොදුවේ ඕස්ට්‍රේලියාවේ සහ සුවිශේෂීව නිව් සවුත් වේල්ස ප්‍රාන්තය තුල සිංහල භාෂාව පරිහරනය වැඩි දියුණු කිරිමපොදුවේ ඕස්ට්‍රේලියාවේ සහ සුවිශේෂීව නිව් සවුත් වේල්ස ප්‍රාන්තය තුල සිංහල සාහිත්‍යමය ක්‍රියාකාරකම් වැඩි දියුණු කිරීමඕස්ට්‍රේලියානු සිංහල ලේඛකයින් ගේ සාහිත්‍යමය වැඩ කටයුතු සඳහා අනුග්‍රහය දැක්වීමෙන් ඔවුන් ...

Previous Page