Weight Loss Ideas to Motivate From the struggle to gain weight loss motivation far better assist you achieve your goals, chances are you'll feel just a little confused. There is certainly whole lot information that might be for your motivation, it can be hard to manage. We've assembled some good ideas, start your trip.Whenever you sit in your chair in class or at work, ensure ...

The Best Motivation To Lose Weight The motivation to lose weight has become a task to execute, particularly if are not aware of where do you start. Follow these seven tips below to make certain you then become a motivation to lose weight!Know Your DestinationKnowing you need to lose weight will be the easy part, knowing precisely how much you intend to lose by what date ...

ටැබූ සහ දේව්ගේ අඩවිය (නව ප්‍රවණතා) බ්ලොග් අවකාශයේ අප අවධානය දිනාගත් අලුත්ම ප්‍රවණතා මෙන්න.පළමු ප්‍රවණතාවය හිට්ස්, කමෙන්ට්ස් ගැනීම සඳහා ටැබූ විකුණන්නට දැන් දැන් සිංහල බ්ලොග් කරුවන් හරි දක්ෂය. ටැබූ හැක් වීම යන සිදුවීම වටා ලියැවුණු බ්ලොග් ලිපිද සෑහෙන ප්‍රමාණයක්ද කියවීමට උනන්දු වූ මට ටැබූ බ්ලොග් අවකාශයේ සක්‍රීයව සිටි කාලයේ කියවන්නට නොලැබුණත් පසුව Web Archive වල සුරක්ෂිතව පවතින ඔහුගේ ලිපි සෑහෙන ප්‍රමාණයක් කියවීමට අවස්ථාව උදා විය. ටැබූගේ ...

නවක සිංහල බ්ලොග්කරුවනි මෙන්න ඔබට ජනප්‍රිය වෙන්න අනගි අවස්ථාවක්! කාලය ගෙවීයාමත් සමඟ ශ්‍රී ලාංකික ජනයා අන්තර්ජාලය භාවිතා කිරීම ශ්‍රීඝ්‍රයෙන් වර්ධනය වී ඇත. එය ඉමහත් සතුටට කාරණයකි. එය හා සමගාමීව සිංහල බ්ලොග්කරුවන්ගේද වර්ධනයක් දකින්න ලැබෙයි. එයද අපගේ සතුටට හේතු වෙයි. නමුත් මෙම වර්ධනය අලුතෙන් සිංහල බ්ලොග්කරණයට පිවිසෙන අයගේ අවාසියට හේතු වී ඇති බව පෙනෙයි. ආරම්භක අවදියට සාපේක්ෂව ගත් කළ බ්ලොග් අඩවියක් කියවන්නන් අතරට ඉතා පහසුවෙන් ගෙනයා හැකි වුවද එහි අන්තර්ගතය ...

ඇනෝනිමස් සහ සිංහල බ්ලොග් වලි (අභීත & දිල්) අභීත සහ දිල් අතර ඇති වූ යම් මත ගැ‍ටුමක් (මෙය උත්සන්න කිරීමට ඇනෝනිමස් ප්‍රයත්නයක් නිසා ඇතිවූ ගැටලු) නිසා ඇති වූ තත්වය මේ ලිපිය ලියවිණි. මෙය ලියවෙන විට දිල්ගේ බ්ලොග් අඩවිය වසා දමා ඇත.බහුතරයක් සිංහල බ්ලොග් ඇත්තේ Blogger අඩවියේ නිසා මේ ඇනෝනිමස් මෙන්ම Name/URL පහසුව එහි බොහෝ ගැ‍ටුම් ඇති කරන්නට හේතු වී ඇත. විශේෂයෙන්ම විවාදාත්මක ලිපිවලට ලැබෙන ඇනෝ කමෙන්ට් හරහා මෙම ...

පෞද්ගලික සරසවි ගැන සත්‍යය කතාව - සරසවි සිසුවෙකුගේ ඇසින් පෞද්ගලික සරසවි ගැන කතිකාවතක් යළිත් ඇති වෙමින් පවතී. ආසන්නම සිදුවීම නම් පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම් තහනම් කිරීම සහ ඔවුන්ගේ විරෝධතාවයට පොලීසිය හා හමුදාව බාධා එල්ල කිරීමයි. එහිදී කැළණියෙදී මෙන් දෙමවුපිය වෙස් ගත් නළු නිළියන් පිරිසක් සරසවි සිසුන්ට එරෙහිව විරෝධයක් එල්ල කළහ. ලබන ජනවාරියෙදී පෞද්ගලික සරසවි පනත පාර්ලිමෙන්තුවට ගෙන එන බව S B දිසානායක ඇමතිවරයා ප්‍රකාශ කර ඇත.අන්තරයේ/ජවිපෙ මත දරන ඇතැම් ...

අපේ ලිංගික කුහකත්වය! කලින් කලට කරලියට එන ටෙලි නිළි වෙසඟන පුවත් නැවත වරක් මතු වෙමින් පවතී. ගොසිප්9 වෙබ් අඩවියේ ( ටෙළි නිලිය ) ඉතා ගුජුප්සාජනක අන්දමින් එක් තරුණ නිළියකගේ නම ගම පමණක් නොව සේයා රුවත් සහිතව පළ කර තිබූ පුවත දැක මේ ලිපිය ලියන්නට සිත් විය.ලංකාවේ පවතින ලිංගික කුහකත්වයට හොඳම නිදසුන නම් මේ ටෙලි නිළි මගඩියයි. ඇත්තටම වෙසඟන වෘත්තියේ ඇති වරද කුමක්ද? මා ...

සිලෝනයේ ධාවන බලපත්‍රය ලබා ගැනීමේ මහා මෙහෙයුම 1. මුලින් ලර්නර්ස් කාරයෙක් අල්ලා ගත යුතුය. තමන් ‍තෝරා ගන්නා වාහන පන්ති අනුව රු. 1500 සිට 20000 අතර මුදලක් ගෙවා ඔවුන් ළඟ රෙජිස්ටර් වීම පළමු පියවරයි. ඉන්පසු ලර්නර්ස් මහතා විසින් රියැදුරු බලපත්‍ර ලබා ගැනීමේ මෙහෙයුම ගැන අයදුම්කරුට පැහැදිලි කර දෙයි. පෙර නම් ලර්නර්ස් මහතා විසින්ම අයදුම්කරු අදාළ දෙපාර්තමේන්තුවේ රෙජිස්ටර් කර ලිඛිත පරීක්ෂණයට දින ලබා දුන්නද නවීකරණයෙන් පසුව අදාළ කාර්යය අයදුම්කරුම ...

නූතන සිංහල බ්ලොග් අවකාශය සහ කමෙන්ට්ස් ! සිංහල බ්ලොග්කරුවන් බොහෝ දෙනා ඉතා වැදගත් ලෙස සලකන අංගයකි කමෙන්ට්ස්/ප්‍රතිචාර. බොහෝවිට වැටෙන කමෙන්ට් සංඛ්‍යාවෙන් ලියන ලද ලිපියේ සාර්ථක බව මැනීමට ඔවුන් පුරුදු වී ඇත. මේ සිංහල බ්ලොග් අවකාශයේ කමෙන්ට් කිරීමේ සංස්කෘතියේ පවතින ලක්ෂණ පිළිබඳ විග්‍රහයකි.1. බොහෝ සිංහල බ්ලොග් දෙස බැලූ විට පෙනී යන්නේ ඒවායේ කමෙන්ට් කරන්නේ සිංහල බ්ලොග් කරුවන්ම පමණක් බවයි. බ්ලොග් නොලියන පාඨකයන් සටහන් කරන කමෙන්ට්ස් ඇත්තේ ඉතාමත් සුළු ...

සිංහල බ්ලොග් සහ ෆලෝවර්ස්ලා! බොහොමයක් බ්ලොග් වල සාර්ථකත්වය මනින තවත් මිනුමක් වන්නේ ෆලෝවර්ස්ලා සංඛ්‍යාවයි. සාමාන්‍යයෙන් කෙනෙක් බ්ලොග් එකක ෆලෝවර් කෙනෙක් වීම යනුවෙන් අදහස් වන්නේ ඔහු එහි අන්තර්ගතයට කැමැති බැවින් අලුතෙන් ලියැවෙන ලිපි කියවන්න පහසු මඟක් ලෙස රීඩරයකට ඇතුළත් කර ගැනීමට කටයුතු කිරීමයි. ඒ අනුව සරලව ගත්කළ ෆලෝවර්ස්ලා ගණන වැඩි වීම යනු බ්ලොග් අඩවිය ජනප්‍රියත්වයෙන් ඉහළ බවයි.නමුත් සත්‍යය මෙයද?යම්තාක් දුරකට එය ඇත්ත වුවත් සිංහල බ්ලොග්කරුවන් ...

සිංහල බ්ලොග්කරුවන් අතර පවතින තවත් එක් සුවිශේෂී අංගයක් වන්නේ හිට්ස් සංඛ්‍යාව පිළිබඳ දක්වන දැඩි උනන්දුවයි. ඒ හා සම්බන්ධ ප්‍රවණතා ගැන අපි දැන් සැලකිලිමත් වෙමු. හිට්ස් වැඩි වීම යනු තම බ්ලොග් අඩවියේ ජනප්‍රියතාවය ඉහළ යාම යැයි බොහෝ බ්ලොග්කරුවෝ සලකති. එහි ඇති වරදක්ද නැත. නමුත් සැලකිය යුතු කරුණ වන්නේ මෙලෝ රහක් නැති බොහෝ බ්ලොග් වලටත් සැලකිය යුතු හිට්ස් ප්‍රමාණයක් තිබීමයි. සිංහල බ්ලොග් ...

සිංහල බ්ලොග් අවකාශය යනු ශ්‍රී ලාංකිකයන්ගේ නවතම පැතිකඩකි. එය අති ප්‍රබල සජීවී කලාවකි. වැදගත් මෙන්ම නොවැදගත් පහත් අරමුණු සඳහා භාවිතා කල හැකි අපූරු ආයුධයකි. අනාගතයේ බිහිවන සිංහල ලේඛකයන් සඳහා කදිම ‍තෝතැන්නකි. අරුත්බර මෙන්ම විනෝදයෙන් කාලය ගෙවිය හැකි ගිමන් හලකි. මේ ඒ අමුතුම බ්ලොග් අවකාශය ගැන විවේචනයි! ...

Previous Page