පසුගියදිනක ලේ දන් දීමේමහඟු පුණ්‍යකර්මයක් බ්ලොග් ලියන සොහොයුරුසොහොයුරියන් අතින් සිදුවුනා මතකයි. එය නම් අසීමාන්තිකපිනක්. ලේ බිඳක්නිසා ජීවිත බේරුනු අවස්ථා මගේ මේ සුළු සේවා කාලය තුල අපමණයි . ඔබ දෙන ඒ ලේ බිඳෙන් , රෝගාබාද දහස් ගණනකින් පීඩා විඳින කුඩා දරුවන්ගේ පටන් වැඩිහිටියන් දක්වා මිලියන ගණනකගේ ජීවිත සුරැකෙන බව ඔබ දන්නවාද ? සමහර විට මා මේ කියන්න යන දේ සමග මේ ...
කොළඹ 7 ධර්මපාල මාවත දිගේ ගිණි අව්වේ ඇවිදින්න වුනා...ගත පුරා දහඩිය බේරෙනකොට මට මතක් වුනේ, මෙච්චර ඉගෙන ගත්තු අපි සොච්චම් පඩියක් අරගෙන සේවය කරද්දී, ඉගෙන නොගත්තු අය රටට සේවය කරන රිසියෙන් ඉන්ටර් කූලර් වල යන හැටි ගැනයි. අවුරුදු 7 කට පස්සෙ මගෙ වෙද නලාව කැඩුනා. ඒක හොඳ ලිට්මන් එකක්. මොන තරම් පරිස්සමෙන් පාවිච්චි කරාද කියලා දන්නේ මම. ඒත් ඉතින් අපේ ...
"අක්කා මම උසස් පෙළ ලියලා දැන් ප්‍රින්ටින්ග් ප්‍රෙස් එකක වැඩ කරනවා." ඒ කිව්වේ දන්නා හඳුනන දෙමළ මල්ලී කෙනෙක්. කලකට කලින් අනිත්කොණ රෝහලේ වැඩ කරද්දී පුනුරුත්ථාපනය වෙච්චි ළමා සොල්දාදුවන්ගෙන් කෙනෙක්. මතකද මම ලීවා ඕස්ට්‍රේලියානුවන්ගේ අත්පොලසන් සහ අපරාජිතන්, හතුරු හිත් මිතුරු කළ බෙහෙත, ජීවිතය සොයා . "ඔයාට බය හිතුනේ නැද්ද ? ඒ අය එක්ක කතා කරන්න" යෙහෙළියක් අහනවා දවසක්."මොකටද ?" "කොච්චර උනත් ...
Notes of a doctor who had to switch places as a patient in the most ironic way. Published with the consent of the writer.Dear Akka, I'm sorry I couldn't call you earlier, I was hospitalized and was treated for few weeks as I was diagnosed with a left side tubal ectopic pregnancy. I was 3 weeks pregnant when I had ...
අප ඇයට රාජිනී කියමු, සැමියා අත්හැර දැමූ ඇයගේ සහ දරු දෙදෙනාගේ ජීවිත රැකෙන්නේ අලුතෙන් ඉදිවෙන මාර්ගයේ කම්කරුවෙක් ලෙස වැඩ කරමිනි. එහිම අත් උදව් දීමට පැමිණෙන විවාහකයෙක් සමග ඇය රහසේ සම්බන්දයක් අරඹන්නේ ඔය අතරය. අවුරුදු 24 ක තරුණ මවක් වන ඇයට හැඟීම් දැනීම් පාලනය කරගන්න යැයි අපට බැන වැදිය නොහැක. නමුත් සිදුවන්නේ අර මනුස්සයා අතින් ගැබ්බර වූ ඇයට අන්තිමේ තමන් ...
A 28 year old mother of 2 kids was admitted today to our ETU ( emergency treatment Unit) along with her 3 months old baby and the 2 year old toddler. She had taken kaneru which is a poisonous seed , commonly used in these areas of the country to commit suicide. I feel terrible whenever I come across anyone ...
You've heard it, seen it, felt it but never spoke about it..... Yes , we cant fight against it alone, so lets all rise together ! We say we are civilized , but yet witness brutality from our own kind.I always wonder where did we fail ?I've been a pain bearer for almost all the women and girls, even children ...
Immense pain throbbed my chest while I watched the movie" Ira handa yata" Under the sun and moon, (some time back in 2010 ). This movie reflected the 30 years of war that ruined the lives of all citizens of this country, while the rest of the world went higher up in the scale with their developments and higher living ...
මට දුකයි....ඒ බොහෝ වෙලාවට මට ඔවුන් වෙනුවෙන් උපරිමය කරන්න බැරි වෙන නිසා. සාධාරණය කරන්න බැරි වෙන නිසා. අපිට සීමා මායිම් ඇඳ පෙන්වා දී ඇති නිසා. ඉන්දියාවේ ස්ත්‍රී දූෂණ සිදුවීමත් එක්ක ආයෙත් සමාජයේ කතා බහට ලක්වුන මාතෘකාවක් බවට පත්වෙච්චි නමුත් ඒ කොතරම් සුළු කාලයකටද ? මුහුණු පොත නම් අන්තර්ජාල සමාජ වෙබ් අඩවියේ දකින දකින අත මේ අසාධාරණය ගැන විවිධ රූප රාමු ...
එදින මට වැඩි වැදගත්‍කමක් නැති වුවද, උදෑසන ජේෂ්ඨ වෛද්‍යවරුන් දෙදෙනා නගරයේ කේක් කඩයට ගිය බවට ආරංචි පැමිණියාය. "අනේ කේක් විතරක් හරියන්නේ නෑ මොනවා හරි එහෙනම් දෙන්න වෙනවා" සෙසු යහළුවන්ද පැවසූයෙන් අප පේස්ට්‍රි රෝල් සහ වඩේ රැගෙන පැමිණියෙමු. කිසිදාක උපන්දින සාද පවත්වා නැති මුත් එදින වෝඩ් එකේ කුඩා තේපැන් සංග්‍රහයක් ඔවුන් මා වෙනුවෙන් ලෑස්ති කර තිබිනි. මා කුඩා රසකැවිලි සහිත රෝල් ...
මතකද එක්තරා දිනක මම මෙසේ ලියුවා.... ඇමෙරිකාවෙන් ඇඳුම් සහ එකම ඇඳුම හෝදන්න සැත්කමෙන් පසු ඇඳෙන් බැස්ස හැටි ගැන. ඒ ලිව්වේ අපි එදිනෙදා දකින විඳින දුක් කරදර පොදි බැඳි ජීවිත වල එක්තරා පැති කඩක්. දැනට අවුරුදු 3 කට කලින් සිට සැරෙන් සැරේ ( ඉතා හෙමින්) ලියවුනු මේ සටහන් නිතර ලියන්න වෙලාව නැති කමින් පරක්කු වීම ගැන බොහෝ දුකයි. ඒත් වැඩ අධික ...
රෝහලෙන් පිටත ......දන්නා හඳුනන අයියා කෙනෙකුගේ අම්මාගේ මරණයෙන් පසු තුන් මාසේ දානය, අපිත් සහභාගි වුනා. දානය අවසානයේ මතක වස්ත්‍ර පූජාව සහ පැන් වඩද්දී දුටුවේ මේ අම්මාගේ අනික් දරුවන් කිසි කෙනෙක් නෑවිදින් සිටීමයි. දරුවන් හත් දෙනෙක් වදාපු අම්මා මියෙනතුරු රැක බලාගත්තේ ලොකු පුතා හෙවත් අර අඳුරන අයියා සහ ඔහුගේ බිරිඳ, ඒත් මැරුණාට පසු දේපල බෙදාගන්න ආවේ ඈතින් ඉඳගෙන තමන්ගේ පවුල් ගොඩනගමින් ...
"මම කවුද කියලා දන්නව ද ?" එහෙම ඇසුවේ උදෑසන සායනික වටය අවසාන වෙත්ම අප වෙත එවා තිබූ කායික වෛද්‍ය වාට්ටුවේ නේවාසික රෝගී තරුණයෙක් ගෙන්. ඊට කලින් දින කිහිපවිටක් ඔහු පරීක්ෂා කර බලා තිබුනත් ඔහුට අප ගැන මතකයක් තිබුනේ නෑ. ඔහු අප මුහුණ වත් නොබලා බිම බලන් සිටියේය. මට ඊට දිනකට කලින් මහ පාන්දර ලැබුනු ඇමතුමෙන් කියවුනේ අසාමාන්‍ය ලෙස හැසිරෙන බොහොම ...
ලියන්නනම් බොහෝ දේවල් තිබුනත් ඉක්මනින් ලියා ගන්න බැරි වුනේ කාර් ය බහුල කම නිසා. ඒ ගැන සමාවෙන්න.මතකනේඉහළ වෛද්‍යවරයෙක්ගෙන් " විහින් මැරෙන්නෙ නැතිව රාජකාරිය විතරක් කරන්න කියලා අහගත්තා..." ඒ උනත් කවදාවත් පාඩම් ඉගෙන ගත්තේම නැති තරම්. කෙනෙක්ගේ අපහසුකම් අභියස අපේ හිත් උණු වෙන්නේ අර පරණ අත්දැකීම් සියල්ල අමතක කරමින්...අපේ වාට්ටුවට නිතර එන යන අවුරුදු 3ක මල්ලියෙක් හිටියා. ඔහුගේ නම ඇහුවට හැමදාම ...
නොලියූ කතා ටිකක්..."අද ටිකක් කලින් අපට යන්න වෙනවා සර්." ස්නායු වෛද්‍ය විශේෂඥ තුමා වෙත එසේ කියද්දී ඔහු අප දෙස කණ්නාඩි කුට්ටමට යටින් බැලුවේ "මොකක්ද ඒ පාර" කියමිනි." සර් අපි හොයාගත්තා, ලොජ් එකක් තියෙනවා කියලා මේ අහවල් ගමේ. එතෙන්ට පොඩි කෙල්ලො කොල්ලෝ එනවලු. ඒකට විරුද්ධව මොකක් හරි කරන්න ඕනෙ නිසා පන්සලේ හාමුදුරුවන් හම්බුවෙන්න යන්න හදන්නේ අද හවස.""අයිසේ මේ මම කියන්නේ නෑ ...
සුපුරුදු පරිදි අනිත්කොණ මනෝ වෛද්‍ය ඒකකයේ සිටියදී හවස් වරුවම ගත වුනේ අනෙක් වාට්ටු වලින් අප වෙත යොමු කරන රෝගීන් හෙවත් රිෆරල් බැලීමටයි. එහෙම වෙලාවට පුරුද්දක් වශයෙන් සිංහල රෝගීන් මා විසින්ද දමිළ රෝගීන් දමිළ අයියා විසින්ද බලනු ලබන්නේ, වස බී හෝ පෙති බී හෝ ගෙල වැලලාගෙන හෝ ඔවැනි නොයෙක් ආකාරයට දිවි නසාගන්න තැත් කර බේරාගෙන කායික, ශල්‍ය වාට්ටු වල ප්‍රතිකාර කල ...
මිත්‍රත්වයේ පාළම….පසුගිය කොටසෙන් මා ලියූ ලෙස මල්ලී කෙනෙක් (පුනුරුත්ථාපනය වූ හිටපු ත්‍රස්ත ළමා සොල්දාදුවෙක්) කතා කර ඔවුන්ගේ උත්සවයකට ආරාධනා කරා. ඒ අප විශේෂඥ වෛද්‍යතුමා විසින් ඔවුන් ගේ ජීවිතද, මනෝ සෞඛ්‍ය පිළිබඳවද ලියන ලද සතුට නැමැති ග්‍රන්ථය දොරට වැඩීමේ උත්සවයටයි. මා මේ වන විට වෙනත් මහ රෝහලක ජේෂ්ඨයෙක් ලෙස වැඩ කළද ඔවුන්ගේ ඉල්ලීම අහක දමන්නට බැරි නිසා එහි ගියෙමි.කොළඹ පැවති එම ...
අපි අනිත් කොණ ඉන්දෙද්දී කරපුවා ලියද්දී කාට උනත් හිතෙන්න පුළුවන් අපි පම්පෝරි ගහනවා කියලා… ඒක ගැන නම් අනේක වාරයක් සමාවෙන්න. ඉන්න තැන වෙනසක් කරන්න පුළුවන් කෙනෙක් හැටියට මේවා ලියන්නේ අපි මෙහෙමත් කලා කියලා කියන්න මිසක් ලොකු කමකට නම් නෙමේ. අපි අනිත්කොණ රෝහලේ ඉන්නකම් පටන් ගත්තු පෝයදා බණ සඳහා වැඩම කළ පන්සලේ පොඩි හාමුදුරුවෝ හැම තිස්සෙම කිව්වේ මේ තරුණ දොස්තර මහත්තුරු ...
ජීවිතේ බොහෝ දුක් පීඩා මැද ඉගෙනුම ලැබූවෙමි. වෛද්‍යවරියක්/වෛද්‍යවරයෙක් වූ පසුද දුක පීඩාව වෙනස් වූයේ නැත. නමුත් ඒවා මම පිළිගන්නා ආකාරය වෙනස් කෙරුවෙමි. තව දුරටත් දුක හෝ පීඩාව මට වෙහෙසකර වුනේ නැත. මා ඊට ගොදුරක් වෙන්නට ගියේද නැත.දිගු කලකින් දන්නා හඳුනන මල්ලියෙක් කතා කළේය. "ආයුබෝවන් අක්කා" "ආ දැන් සිංහලෙන්ම කතා කරනවා" මට එක වරම කියැවිනි. මුලින්ම මා දකිද්දී ඔවුන් සිටියේ වයස ...
බයිසිකල් පැදීම සම්බන්දයෙන් ලියූ ලිපියට බොහෝ ප්‍රතිචාර ලැබුනා. ඇත්තටම සිතට ඒක අස්වැසිල්ලක්. උඩුගං බලා පීනන අය දිහා වපර ඇසින් බලන අයද, තමන්ගේ ගොඩට දමාගනන්ට ඉහල නගින අය කපා කොටා බිම හෙලන අයද බහුල සමාජයේ හිතකර වෙනස දිහා හිතකර ලෙස බැලූ ලිපි කියවන ඔබ වන්නන් සිටීම භාග්‍යයක්.කිහිප ගමනක් A 9 ප්‍රධාන මාර්ගයේ ගමන් කළද දැන්නම් ඒ වෙනුවට අතුරු මාර්ග යොදා ගනිමින් ...