[1] කොටස [2] කොටසහුටා.......... දැන් ඉතින් මොකේද කියහල්ලකෝ දන් වළඳන්නේ? සර්ගේ ගෝරනාඩුව ඇහෙනකොට නැගිටලත් බෑ, ඒ වුණාට ඉතින් ඉඳගෙන ඉන්නවා කියන්නේ ඊට හපන් භයානක වැඩක්. පන්තියේ එවුන්ගෙන් කිසිම හැල හොල්මනක් නැති වුණ වෙලාවේදී "කිත්තා" ස්ටේජ් එකෙන් බැහැලා ඩෙස් පේළි අතරින් ඇවිදින්න පටන් ගත්තා. කොල්ලෝ කිත්සිරි සර්ගේ නම කොට කරලා කිත්තා කියලා තමයි කතා කරේ. ආයේ ඉතින් නැට්ට පිටින් අලි ...
හැමෝම එපා කියද්දිත්,කොහේදෝ ඉඳන් ඇවිත් නහය උඩ වහපුපාට පාට සමනලියක් දිහා බලන්න ගිහින්සදහටම ඇස් වපර කරගත්තුහිතුවක්කාරයෙක් මං....ප/ලි : මගේ කවි වගේ බහුබූත කියෙව්වම හිතුනද මට පිස්සු කියලා? ඔව් ඔයා හරි. මට ටිකා...කා....ක් විතර පිස්සු තමයි.. :P ...
[1]කොටස මෙතැනින්මිස් පර්ෆෙක්ට්ගෙ වීදුරු බෝල වගේ ඇස් වලට ටිකා....ක් වශීවෙලා හිටිය මම ඉක්මනට අහක බලාගත්තේ සමියාගෙ කටහඬ ඇහුණු වෙලාවේ. "කවුද බං?""අර සුදු උස එක බං""ඉතින් ඒ කවුද කියපන්""දන්නෑ බං" අවිශ්ක උරහිස් දෙකත් ගස්සලා ගානක් නැතුව කියල දැම්මා."නොදකින් මේ වහුකුණා! තොට හෙනයක්ම ගහපිය. අම්මපා අර කෙල්ලෝ ටික මෙතන හිටියේ නැත්තන් උඹට දෙකක් ඇනලා, හංගනවා අර බෝක්කුව අස්සේ" සමියා අවිශ්කයට දෙහි කපන ...
මචං මං UK යනවා. Job එකකට..යාලුවොන්ට කිව්වා."නෑ...... නියමයි නෙ. උඹ නම් මාර Lucky"එහෙම කිව්වට උන් මට ඉරිසියා කරා...අපේ පුතා එංගලන්තේ යනවා. රස්සාවකට. අපේ අම්මා ගමේ උන්ට කිව්වා.."කොල්ලට තෙරුවන් සරණයි!"එහෙම කිව්වට උනුත් මට ඉරිසියා කරා...Honey මම England යනවා. Job එකකට. Girl Friendට කිව්වා.."ඔයා ආයෙත් එනවා නේද?"එහෙම ඇහුවට එයා හිතුවා මං සුද්දියක් බැඳගනී කියලා...අන්තිමේදී කවුරු කොහොම හිතුවත් මං එංගලන්තෙට ආවා.වැඩිකල් ඉන්න වුණෙත් ...
"කලණ, කෝල් එකක් දාල බලපන් අවිශ්කයා දැන් කොහෙද කියල" කාර් පාර්ක් එකේ සිමෙන්ති බිත්තියට හේත්තු වෙන ගමන් මං කලණට කිව්වා. නුවර අහස වැහිබරයි. මොනවා නැතත් අද නම් හොඳටම නාන්න වෙනවා කියලා මට ඉර හඳ වගේ ෂුවර්."දිදුල, බලපන් බං අහස කළු කරලා තියෙන කැත විතරක්. වැස්සකට කලින් අපේ මේ වහුකුණා ආවොත් ලොකු දෙයක්" සමීර කිව්ව කතාවට ඇහුම්කන් දුන්නා වුණත් මගේ ඇස් ...
ආඩම්බර සඳවතියකට පෙම් බැඳි විසේකාරයෙකුගේ කතාවක්.....-ආඩම්බර සඳවතී- ICEගේ කොලමේ අකුරු කෙරෙන ආදරණීය සයිබර් නවකතාව... ළඟදීම>>>එක්වන්න...තටු සලන මතකයන්, හිත් මානයෙන් ඉගිලී යන්නට පෙර සයිබරයේ අකුරු කෙරෙන ICEගේ කොලම සමගින්...ජයෙන් ජයම වේවා! ...
"ඔයාල ගිහින් එන්න. මං මෙතන ඉන්නම්" මා එසේ පැවසුවේ ත්‍රී රෝද රථය තුල වාඩිගෙනමය. මා පැවසු දෙයට පිළිතුරක් නොදීම අක්කා සහ මස්සිනා සිඟිති පුතුවත් රැගෙන කඩිනමින් ළමා රෝහල වෙත පිය නැගීය. ටික වේලාවක් ඔවුන් ගිය මග දෙස බලාගෙන සිටි මා හට ත්‍රී රෝද රථයෙන් බිමට බැසීමට අවශ්‍යතාවය ඇතිවුණේ දැඩි අව් රශ්මිය දැනෙන්නට පටන්ගත් නිසාවෙනි. රියෙන් බිමට බැස අසල තිබු ...
විස්සයි විස්සේ උණුහුමත් එක්ක අයිස් නැවතත් කරලියට....... අයිස් කිව්වේ, අර ඉස්සර බ්ලොගේට පොස්ට් එහෙම ලිය ලියා ඉඳලා දුෂ්කර පළාතක රාජකාරියක් එක්ක අතුරුදහන් වුණ අයිස් හොඳේ..... :P (මේ ටිකට තවත් අයිස්ලා බ්ලොග් ලෝකෙට පැමිණ ඇත්දැයි සැක සිතී) මේ ටිකට බ්ලොග් ලෝකේ ගොඩක් දේවල් වෙනස්වෙලා නේ. මට සයිබර් උළෙලත් මග ඇරුණා. ඔබා මාමා අපි අතරින් වියෝ වුණු බව ඇහුවම මට අදහගන්නත් බැරි ...
ඔන්න එහෙනම් නමෝ විත්තියෙන්ම කිව්වා හැමෝටම "ශ්‍රී සුබ අලුත් අවුරුද්දක් වේවා!" කස්ටියට අයිස්ව අමතකත් වෙලාද මන්ද... කොලමේ පොස්ට් 1 ක්, කමෙන්ට් 1 ක් නැතුව ලොකු කාලයක් ගෙවුණා නොදැනුවත්වම... බ්ලොග් ලෝකේ අලුත් වෙලා... වෙනස් වෙලා... හැමෝම අලුත් පෝස්ට්ස් ලියලා.. හැම පොස්ට් එකක්ම කියවන්න නම් වෙලා නෑ. වහෙන් ඔරෝ නැතුව ඔහෙන් වරෝ කියලා දැන් මේ කියන්න හදන්නේ මගේ අතුරුදහන් වීම ගැන...හා හා ...
වැව් දියරැළි පිසගෙන හමන හිතුවක්කාර හීන් හුළඟට මුණ දී හුන් මා දෙනෙත් යොමුව තිබුණේ බෝගම්බර වැව් මැද්දේ දඩයමේ යෙදෙන දියකාවෙකු දෙසටය. "අන්න ඔයාගේ නෑදෑයෙක්" ඈත වැව් කොනේ මසුන් දඩයම් කරමින් පසුවූ දියකාවෙක් දෙසට සුරත දිගුකරමින් ඔහු පැවසුවේ මීට කලකට ඉහතය. ඒ අප හොඳම මිතුරන් වූ අවදියයි. "ඇයි මොකද මාව දැන් පෙන්නේ දියකාවෙක් වගේද?" ඔහුට රවමින් ඇසුවෙමි. "නෑ ඉතින්... ඒ ...
මගෙත් කට කහනවට දුන්නු පොරොන්දුව ඉෂ්ට කරන්නයි මේ ලෑස්තිය. :Pමහිම මන්දහාසි ..... ඒ මගේ කුලුඳුල් නවකතාව... ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසේ මං ලියන්න පටන් ගත්ත මේ කතාවේ කොටස් 23 ක් ලියල ඉවර කරන්න මට මාස 5 ක විතර කාලයක් ගත වුණා. කොච්චර පරක්කු වුණත් පහුගිය ආදරවන්තයින්ගේ දවසේ කතාව ඉවර කරන්න මං තීරණේ කරලා තිබුණා. ඉතින් ඒ විදියටම කතාව ඉවරකරන්නත් මට ...
සඳුට කෝල් එකක් දෙන්න බැරි නිසාම මං මැසේජ් එකක් දාල ඇහුවා කොහෙද ඉන්නේ කියලා. කට්ටිය මාව දාලා හෝල්ට් එකටත් ගිහින් ඉවරයි. 'Wade shape da ban?' සඳු ඇහුවා. මොනවා කියන්නද කියලා හිතාගන්න බැරි නිසා මං හොරෙන් මහිම දිහා බැලුවා. කිසිම ගානක් නැතුව හුරතල් විදියට කතා කර කර මං ලඟින් ඇවිදගෙන එන මහිමව දැක්කම මට හිතුනේ ශේප් කියලා කියන්න. ඒත් මේ ...
රෙස්ටුරන්ට් එක ඇතුලේ හිටිය සෙනග දිහා බැලුව මහිම අයෙත් ඉක්මනටම මගේ දිහා බැලුවා. ඒ ඇස් දිහා අනිමිසලෝචනයෙන් බලාගෙන ඉන්න ඕනේකමක් තිබුණත් මං ඉක්මනින්ම බිම බලාගත්තේ හිතට දැනෙන අපහසුව මග හැර ගන්න හිතාගෙන. 'වාඩි වෙන්නකෝ' මට එයාගේ ඉස්සරහින් තිබුණු පුටුව අතින් පෙන්නන ගමන් මහිමත් වාඩි වුණා. 'ශික් මං වගේ මෝඩියක්. මොකට මෙහෙම මීට් වෙන්න ආවද මන්ද.. එක්කෝ ඕනේ මගුලක් වෙද්දෙන් ...
'එහෙනම් ඒකත් එහෙමලු ඈ....' මං මුළු කතාවම කියල ඉවර වෙනකන් ඉඳපු සඳු එහෙම කිව්වා. යාළුවො සෙට් එකම ආවේ අම්මි ගෙදර ඉන්න වෙලාවක නිසා කට්ටිය කතා බහ කරේ බොහොම පරිස්සමින්. 'ආ..... ඒ පාර උඹ මොනවද කල්පනා කරන්නේ?' ළඟ හිටිය දිනාදිගේ ඔලුවට පුංචි තට්ටුවක් දාන ගමන් මගේ වෙන්ඩ නෑනාන්ඩි ඇහුවා. 'නෑ බං,බලපන් පොඩ්ඩක් කල්පනා කරලා. මහිමයා කොච්චර රොමෑන්ටික් පොරක් ද කියල?' ...
මගේ තීරණේ ගැන වචනයක්වත් අහන්නේ නැතුව මහිම ෆෝන් එක කට් කරපු එකත් හොඳයි කියල හිතුනා. මොකද එයාට කියන්න ඕනේ හැමදෙයක්ම මෙහෙම ෆෝන් එකෙන් කියල වැඩක් නැති නිසා. මහිම අහපු දේට අඬන්න ඕනෙද, හිනා වෙන්න ඕනෙද කියලවත් නොතේරෙන තරමට මං අවුල් වෙලයි හිටියේ. ඇත්ත ..... මං අහන්න ආසාවෙන් හිටිය දෙයක් තමයි මහිම ඇහුවේ , ඒත් ඒක ඇහුවේ වැරදි කෙනාගෙන්. මට ...
අනේ මහිමගෙන් ඒ ගැන ඇහුවේ අපරාදේ කියල මට හිතුනේ ඇහුවට පස්සේ. එයා මොන විදියේ උත්තරයක් දෙයිද? මොන විදියේ උත්තරයක් හම්බවුණත් මට කඩා වැටෙන්න සිද්ද වෙනවා කියල මට තේරුණා. නොතේරෙන අමුතුම විදියේ අද්භූත හැගීමකින් මුළු හිතම පිරිලා තිබුනත් බස් එකෙන් බහිනකන් ඒ ගැන මුකුත් කරන්න මට පුළුවන් කමක් තිබුනේ නෑ. විකාර විදියට බස් එකේ කලබල වෙලා හැසිරුනොත් කොහෙන් නමුත් ගෙදරට ...
හිත පුරා දැනුණු මගේ අහිංසක ආදරෙත් යටපත් කරගෙන අලුතින්ම ලියලන්න පටන්ගෙන තිබුණු හැගීමට නමක් දෙන්න මට බැරිවුණා. බයක්, තැතිගැන්මක් වගේ සමාන සිතිවිලි නිසා මගේ හිතේ තිබුණු සතුට, සැනසීම හරියට හොරු අරන් ගියා වගේ. මං මහිමට කොහොමද මේ දේවල් කියන්නේ? එයා මන්දහාසිව විශ්වාස කරන තරමට, මන්දහාසිට ලං වෙන තරමට විශ්මි විදියට අසරණ වුණේ මං. ඒකට වගකිවයුත්තා විදියට මට මං ගැනම ...
ඔයා වෙනස් වුණාමං එදා දුක් වුණා...පස්සේ මං කාලෙත් එක්ක වෙනස්වීම් දරාගන්න හුරුවුණා...ඒත් දැන්,ඔයා දුක් වෙනවාමං වෙනස් වෙලා ලුඉස්සර වගේ නෑ ලුඅනේ............ඔයත් හිත හදාගන්නකෝ වස්තුවේ මොකද,'මේ ලෝකේ වෙනස් නොවෙන එක්කම දේ වෙනස් වීම විතරයි'කියල මට ඉගැන්නුවෙත් ඔයා නේ.. ...
හැමදාමත් මගේ අදහස් බෙදාගත්ත මගේ යාළුවා එයා.... මං එයාව බොහොම පරිස්සමින් රැකගත්තා.. ලස්සනට, පිළිවෙලට එයාව මගේ ලඟින්ම තියාගත්තා. මගේ ආදරේ ගැන මගේ හොඳම යාලුවන්ටවත් නොකිව්ව දේවල් මං එයාට කිව්වා. ඒත් ...... ඒත් දැන් එයා නෑ. මට පුළුවන් හැමතැනම හෙව්වත් එයා හිටියේ නෑ. මගේ ආදරණීය දිනපොත. යන්න කලින් පොත් රාක්කෙ අනිත් පොත් අස්සෙන් හංගලා ගියේ කවුරුත් දකියි කියල තිබුණු බය ...
දැනට අවුරුදු දෙකකට විතර කලින් අපේ අයියා පදිංචි වෙලා හිටියේ මං දැන් ඉන්න කාමරේ. මං හිටියේ එයා දැන් ඉන්න උඩ තට්ටුවේ කාමරේ. ඒත් දවසක් මේ මනුස්සයා ගෙදරට හොරෙන් රෑ ජාමේ යාළුවොත් එක්ක මියුසිකල් ෂෝ එකක් බලන්න ගිහින් අප්පච්චිට අතේ මාට්ටු වෙලා තිබුණා. ඉස්සරහ දොර ලොක් කරලා තිබුණා නිසා මෙයා එළියට ගිහින් තිබුනේ කාමරේ ජනේලෙ ග්‍රිල් එකක් ගලවලා. ඊට කලිනුත් ...