දාහතේ කොලනියට ඒතරම් හඳ එළිය වැටිච්ච නැති එක දවසක මමයි රිපිටයි දෙන්න කිරි ඉබ්බෝ දෙන්නෙක් තුන් දෙනෙක් අල්ලගන්න හිතාගෙන ඇල දිගේ පහළට ගියා . චිකන් කන්න අතේ මිටේ සල්ලි හිඟ කම නිසාම මේ කොලනි කීපයේම මිනිස්සු ඉබි මස් නම් බෑ නොකියා දෙසා බෑවා . මම වුණත් එහෙමයි . හරක් මස් කටේ තොලේ ගෑවෙනවාට පවා අකමැති මම ඉබි මස් කන ...
තැපැල් කන්තෝරුවේ වැඩ කරවුව දාස මාමලෑ ලොකු පුතා රණවීර අයියා මගෙත් එක්ක තරහ වෙලා දැන් මාසෙකටත් වැඩියි . කාලෙකට කලියෙන් මට පණ වුණත් දෙන්න තරම් ලෙංගතු එකෙක් වෙලා උන්නු රණවීර මුලින්ම මා එක්ක තරහ වුණේ මම උන්ගේ ගෙදර උන්නු කම්මැලි නාකි බල්ලට නරියා කියලා කොලොප්පමක් කළ දවසෙයි . එදා මම විහිළුවට කීව කතාව ගෝරියක් දක්වාම ඇදිලා ගිහින් නැවතුණේ රණවීර ...
පලමු කොටසට එදා අපේ හමුවීමෙන් පස්සේ දවස් තුනක් නිකම්ම ගෙවිලා ගියා. ඔය ගෙවිලා ගිය කාලෙදී මම හීනෙන් නම් කෝටිපතියෙක් වෙලා ආතල් ගත්ත වාර ගණන නම් අනන්තයි අප්‍රමාණයි . ඒ දැක්ක හීන ඇතුලෙම ජීවත් වෙන්න තිබුණාම කොයිතරම් හොඳද කියලා නින්දෙන් අහරින අහරින වාරයක් පාසා හිතට දැනෙනවා. රුක්මන් මහත්තයා සුබ නැකතක් බලලා යොදාගෙන තිබුණු දිනේ උදා වුණා . එදා උදේ රුක්මන් ...
කාලෙකට පස්සේ ලියන යන ලියවිල්ල මට හරිම නුහුරුයි . මාස දෙකක් විතර ලිවිල්ලෙන් ඈත් වෙලා වෙන මල ඉලවු බදාගෙන ඉඳලම මගේ මේ අත් දෙකට කී බෝඩ් එක දැනෙන්නේ බොහොම නුහුරට . ඒ විතරකම නෙවෙයි මේ ලියන්න යන කථාවත් කොතනින් පටන් අරන් කොතනින් ඉවර කරන්නද කියලා මට හිතාගන්න බෑ . මේ කතාව ලීවට පස්සේ මේක කියවන අය මේකෙ ඇත්ත නැත්ත ...
ගමේ කෝපි කඩ කීපයක්ම තිබුණත් හැනිබල් මාමගේ කඩේට එන තරම් සෙනගක් වෙන කිසිම කඩේකට ආවේ නෑ . අනෙක් කඩවල් වළට යන්තම් පොඩි එකෙක් දෙන්නෙක් සීනිබෝලයක් ගන්න ආවා ගියා විතරයි. ඒත් හැනිබල් අප්පු මාමට නම් උන්දැගෙ කඩේ ඇතුළේ පිරිලා උන්නු සෙනග හන්දා කන්ඩ බොන්ඩ වත් වෙලාවක් තිබුණේ නැති ගානයි . ගංසභා පාර දිගේ කෙලෝරටම ගියාම හැනිබල් මාමගේ කෝපි කඩේට ගොඩවැදුණහැකි ...
පලමු කොටස දෙවනි කොටස රුවන් අමාලිගේ කිට්ටුවට යනකොටම අමාලිගේ මූණ හිනාවකින් පාට වැටුණ හැටි මම දුර උන්නට හොඳටම දැක්කා . මට දැන් විශ්වාසයි මේ කෙල්ල හිඹිජ්ජි වගේ හිටියට අපේ රුවන් බතලයා ගැන මොකක් නමුත් කැක්කුමකින් ඉන්න බවට . කෙල්ලො කියන ජාතිය ඔහොම්මයි කාලා බැලුවත් කොහොමවත් තේරුම් ගන්න අමාරුයි . රුවන් විනාඩි පහකට වඩා අමාලිත් එක්ක කතා කරමින් හිටියා අමාලිගේ දෙපස ...
පළමු කොටසට මෙතනින් අනුන්ගේ කෙටි පණිවිඩ තියා මයිලක් දිහාවත් හොරෙන් බලන එක වැරදියි . ඒත් දැන් රුවන් ගැන මට වගකිමක් තියනවා . සල්ලි සාගරයක් වියදම් කරලා තිලකේ මාමා මේකට උගන්වන්න හදද්දී මූ කෙල්ලෝ පස්සේ ගිහින් ඉගනීම හාල් කරගත්තොත් තිලකෙයා ගේ පපුව පැලෙයි ඒක හන්දම මම උඩින්ම තිබුනු කෙටි පනිවිඩේ අමාරුවෙන් කියවන්න වුණා . “මේ හලෝ අපෙ අයිය දැනගත්තොත් ඔයාගේ ...
එදා හැන්දෑ වරුවේදී මම ගෙදර දිහාවට එද්දී තිලකේ මාමා අපේ ගෙදර සාලේ පුටුවක වාඩිගෙන ටීපෝ එක උඩ තිබුණ පත්තරයක් කියවමින් උන්නා . උන්දැගේ කකුල් දෙක ලඟ වැටිච්ච බිස්කට් කුඩු කන්න ඕනෑ හන්දම අපේ ගෙදර උන්නු පූස් තඩියත් ඒ ලඟම දවටෙමින් උන්නා . “මේ යකා අවේලාවේ මොකට කඩා පාත් වුණාද මන්දා” හිතෙන් හිතන දේවල් පිටට ඇහෙන්නේ නැති නිසාම හිතෙන් බනිමිනුයි ...
මීට අවුරුදු කීපයකට ඉස්සරදී අද මම මේ වසන ගං තුලානට හිටි හොඳම වඩු බාසුන්නැහේ තමයි මුතුබණ්ඩා මාමා. ගමේ උඩහ කෙළවරේ ඇල ඉස්මත්තේ කුඹුක් ගස් හෙවණක අටෝගත්ත වඩු මඩුවට වෙලා ලී බඩු හදමින්, කැටයම් කපමින් මුතුබණ්ඩා මාමා දවස ගත කළා. ඕනෙම හයිය ලීයක් කැටයම් කරලා ලස්සනට වාත්තු කරලා ගන්න මුතුබණ්ඩා මාමට තිබුණේ මහ පුදුම හැකියාවක්. උන්දැගේ අත ගැටෙන මොන ලීය ...
අකලට වහින වැස්සට තෙමෙන්න එපා කියලා අම්මා මට කොච්චරවත් කියනවා ඒත් මම මෝඩයෙක් වගේ ගිහින් ඒ වැස්සේ තෙමිලා එනවා . බස් එකේ ෆුඩ් බෝඩ් එකේ යන්න එපා කීවත් , හවස හයෙන් පස්සේ එලියට බහින්න එපා කීවත් ,රෑ දෙගොඩ හරියේ ඇවිත් දොරට තඩිබාන්න එපා කීවත්, බොන්න එපා ! කියලා හැමදාම කීවත් මම කීවේ එකම එක දෙයයි . "ආයේ එහෙම කරන්නෑ ...
එදා දවල් වරුවේ යන්තම් වැහිපොදක් වැටුනා මමත් ගෙදර තැපගෙන නොයිඳ උඩහ ගම දිහාවට පොඩ්ඩක් ගෑටුවේ වෙනදා තරම් අවු කූටකයක් එදා නොතිබ්බ නිසයි . මේ තමා වැවුගම්පත්තුවට උපරිමේටම පායන කාලේ . ඉහින් කනින් අනන්ත දඩිය බිංදු බේරිලා කාස්ටක පොලවට වැටෙනකොට ඒ දාඩිය බින්දුව වැටිච්ච තැනින් පොඩි දුම් රැල්ලකුත් උඩට නැගෙනවා . ඉතින් කාලෙකට පස්සේ වැහැපු ඒ පොඩි මල් වැස්ස කාට ...
පුංචි සන්දියේ පටන්ම අපි දන්න කියන අපේ ගමේ එකෙක් වෙච්චි වස්තු හාමිට අයියා කියන්නද? අක්කා කියන්නද? කියලා මට තවමත් හිතාගන්න අමාරුයි. ඒත් මුලදී නම් අපි කාටත් ඌ වස්තු හාමි අයියා. වස්තු හාමි අපිට වඩා වෙනස් චරිතයක් බව අපි පොඩි එවුං කාලේ ඉඳන්ම දැනං උන්නා. එකට උන්නු කොලු රැළ ගිනි මද්දහනේ පන්දු කෙළිද්දී වස්තුහාමි අයියා ගස් හෙවණකට වෙලා ඉඳගෙන උන්නා ...
මේ පහුගිය දවසක මටත් අමුතුම චෑන්ස් එකක් වැදුණා . ගෙදෙට්ට වෙලා අට්ටං වෙලා උන්නු මට දැනගන්න ලැබුණු ඒ පයිණ්ඩේ තමයි ජනාධිපති ලේකම් තුමාව බැහැදකින්න අවස්ථාවක් ලැබිලා තියනවා කියන වග . ස්ලම්ඩෝග් මිලියනයර් ෆිල්ම් එකේ පොඩි එකා අමිතාබ් බච්චන් බලන්න නොයිවසිල්ලෙන් උන්නා වාගේ හැඟීමක් මගේ හිතටත් නොදැනුනාය කීවොත් ඒක බොරුවක් . එදා දවසේ මට උගන්වන්න තිබ්බ පරිගණක පන්ති ටික සේරම ...
මේ සිදුවීම වුණේ එක නියං කාලෙකදියි. අවුරුද්දේ පොසොන් මාසේ කිට්ටු වෙද්දී අපේ පළාතට තිබහ දැනෙන්න පටන් ගන්නවා . ඉර එළිය වැවු වල ලිං වල තියන වතුර බින්දුව වෙනකම්ම උරාගත්තාට පස්සේ ගමේ එවුන්ට ඉතිරි වෙන්නේ ජල සම්පාදනෙන් එන බවුසරේ එනකම් බලා ඉන්ඩ තමයි . බාල්දිය කොරහ සහ අතට අහු වුණ පොල්කට්ට පවා අරං නගරසභා වතුර බවුසරේ පස්සේ එලෝන ගෑනු මිනිස්සු ...
මැණිකාව මම මුලින්ම අඳුනගත්තේ දෙයියංගේ ලෙඩ හැදිලා උන්නු මගේ ලොකු මාමට සාත්තු සප්පායම් කරන්න උන්දැලාගේ ගෙදර ගිය සන්දියේදීයි. ඒ අදින් වසරකට පමණ ඉස්සර. මැණිකාගේ පැල තිබුණේ අම්පාර බුද්ධංගල කැලේ මායිමේ . ඔප්පු තිරප්පු නැති ඒ ඉඩමත් බුද්ධංගල කැලේටම අයිති එකක් බවත් කාලෙකට ඉහතදී බලෙන් අල්ලාගත්ත ඉඩමක් බවත් එක බැල්මකින් කිව හැකි . මැණිකා තමයි ඔය ඉඩමේ හිමි කාරි, බුද්ධංගල ...
පලවෙනි කොටසට මම ආපහු අවදි වෙද්දී වෙලාව උදේ හතට විතර ඇති. එළියේ බැඳලා තිබ්බ ළිපකින් අඟුරු කෑල්ලක් අරං දත මැදගත්තු මම මූණ කට හෝදගෙන එද්දී ලොකු අම්මා තේ හදලා තිබුණා . මමත් කිරි කෑල්ලක් කාලා තේ බීවා . මම තේ බොන අතරේ ලොකු අම්මා කලින්දා රෑ ජාමේ තිබිච්චි කිරි දානේ ගැන සිංහාවලෝකනේ පටන්ගත්තා. "වැඩේ හොඳට තිබ්බ නේද පුතේ ?” ...
"හෙට දිහාට අපෙ ගෙදර කිරි දානේ. පුතේ උඹ එනව නේ ?” ලොකු අම්මා මගෙන් එහෙම අහද්දී මට දෙන්න තිබුණ එකම උත්තරේ තමා ඔළුව දෙපැත්තට පද්දලා "හා" කියන එක . උදේ ඉඳන්ම පන්තියේ උගන්වලා නැහිලා නැහිලා. රෑට මුනිං වැටිලා බුදියගන්නං කියලා හිතාගෙන ගෙදරට වදින මම ආයේ උදේට අවදි වෙලා වැඩට යන්නේ හාන්න දක්කාගෙන යන මිවුවෙක් වගේ. එහෙවු එකෙක් වෙච්ච මට ...
කොණ්ඩය මැදින් බෙදලා පීරා ගත්ත පරණ කමිසයක් නිතරම ඇඳගත්ත සෙරෙප්පු කටු දෙකක් දෙපයේ ලාගත්ත පෙම්වන්තයා මම වෙමි ඔබෙ සිත් ගත්ත හරි ඉගැනුමක් දැනුමක් මා සතුව නැති සල්ලිය යාන වාහන ගේ දොර නොමැති පාරේ හන්දි ගානේ ඇවිදිමින් නිති චාටර් කන මටද ඔබගේ හිත කැමතී ඉංගිරිසියෙන් එක වදනක් ලියනු බැරී දෙවරක් චක්කරේවත් මට කියනු බැරී මවු බස හැරෙන්නට වෙන කිසි දෙයක් ...
"වනිගේ අයියේ !! . . . . වනිගෙ අයියේ !” මම හතරවෙනි වතාවටත් ගිරිය කඩාගෙන කෑමොර දෙද්දී දෙයියෝ බැලුවා වාගේ ගෙදර දොර ඇරගෙන වනිගෙ අයියා පදිකිට මත්තට ආවා . වෙලාව හීල් පාන්දර එකයි ඒ දෙසැම්බර් මාසයක එක් දවසක් . අවුරුද්දේ අග කාලේ මුලු සකල සරීරෙම වෙවුළුවලා දාන හීතලෙන් මමත් මිරිකෙමින් උන්නා . නැගෙනහිර පළාතේ කාෂ්ටක පොළවේ පයගහලා ඒ වැටෙන ...
බිමෙන් නැඟ අහසට උසස් රැකියාවට උරුම කී ඔබ තමා මගේ සුදු මාමණ්ඩි විඳවලා ඇති පමණ මල් තලා රොන් රැගෙන පැසවලා රා ලෙසින විකුණලා දිවි ගෙවන ගහේ බැඳි ගැට වලට ඔහේ පය තබ තබා මල් තලන, රා පෙරන මගේ සුදු මාමණ්ඩි අතේ රැඳි මන්නයෙන් මගේ ගෙල සිඳලන්න කලින් අහපන් ඉතින් මගෙ කථාවත් සොඳින් නුඹ මදින කිතුල් මල වගෙයි මගෙ හිත් ...