මෙවර පාරිසරික දේශපාලන සටහනට තරමක් දුරට හෝ පරිසරවේදී අදහස් කීපයක් රැගෙන එන්නට සිතුවෙමි. ඒ අවශ්‍යතා කීපයක් නිසා ය. ප්‍රධාන හේතුව වන්නේ සොබාදහමේ කෘෂිකර්මය, පරිසර සංරක්ෂණය, ප්‍රතිචක්‍රීකරණය ආදී පරිසරවාදී ප්රවේශයන් බොහෝ අවස්ථාවන් වලදී පාරිසරික ගැටළු වලට පිළිතුරු ලෙස අතීතය කරා නැවත යාමක් හා කළමණාකරණවාදී පිළිතුරු ගොණු කිරීමක් සිදු කරන බැවින් එවායින් පාරිසරික දේශපාලනික ප්රවේශයන් වෙන් කොට හඳුනා ගැනීමේ අවශ්‍යතාවයයි. පස, පාංශූ ...
සුපර් ස්ටාර් ආසනික් සහ නාථ දෙවියෝ ..... ආසනික්, සුපර් සටාර්, මෙගා ස්ටාර් තරමට ජනප්‍රිය මාතෘකාවක් වී ඇත. ජනමාධ්‍යයේත් ඉන් අනතුරුව ජන සමාජයේත් ඇවිළී යන්නට මූල බීජය වූ ගිණි පුළිඟුව මුලින්ම මාධ්‍යයට මුදාහැරියේ මහාචාර්ය නලින් ද සිල්වා විසිනි. නලින් ද සිල්වා මේ වන විට කැළණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨ පීඨාධිපතිවරයා ය. ඔහු මෙරට ජතික චින්තනය පිළිබඳ කතිකාව ඇති කිරීමේදී පුරෝගාමී කාර්යභාරයක් ...
එකතැන කරකැවෙන සිතුවිලි.... දියසුළි. එතැනම ගැඹුරට රැගෙන යන දියරැළි.... නොමනිමිතම තමන් තුළම වූ පටලැලි....කෙහෙරැළිසරකරනවා ඇතුලේම අඳුරැති....පතුල නැති ගැලවෙන්නට දඟලතිතව තවත් පැටලෙතිසුළි කරකැවෙතිඋඩ යති යට යතිනොපෙනීම යතියළි යළිත් මතුවෙති.... කරකැවෙන සුළියඕජස් ගලන සිතුවිලි සූපයදවන හද මඬල....නිවුනු සිත් තුළදල්වයිපහන් සංවේගය.... ගැලවීමට දැඟලීමමය ඇලවීමඅත්හල හැකිද "ගැලවීමට දැඟලීම"එකෙණෙහිම සන්සුන් නිසසලයි හද මල්ගැඹුරු දිය මතුපිටින්හමා යයි සීතල පවන්.නිවන්....... ප්‍රදීප් ජයරත්න ...
පරිවර්තනය - ලක්ප්‍රිය නානායක්කාර. අපි හැමෝම පරාජිතයෝය. නමුත් හැබෑ පරාජිතයෝ ඉන්නෙ ‘වෝල් ස්ටී්රට්’වල. අපේ සල්ලි බිලියන ගණනක් ඇප දුන්නම එගොල්ලන්ගේ පණ බේරුනා සමාජවාදීන් කියලා අපව නම් කරනව. නමුත් මෙහේ හැමවිටම තියෙන්නෙ පොහොසතුන්ගේ සමාජවාදයමයි. ඒ අය කියනවා අපි පෞද්ගලික දේපල වලට ගරු කරන්නේ නැතිලූ ඒත් මෙතන ඉන්න අපි හැමෝම එකතුවෙලා ?දවල් නැතිව සති ගණන් උත්සාහ කළත් විනාශ කරගන්න බැරි තරම් ...
ප්‍රංශ දාර්ශනික ඇලේන් බදියුගේ "The Meaning of Sarkozy" කෘතියේ සිංහල පරිවර්තනය "සාකෝසි යනු කුමක්ද?" නමින් එළිදැක්වීම නිමිතිකොට ගෙන කොමියුනිස්ට්වාදය හා සමකාලීන දේශපාලනය පිළිබඳ සම්මන්ත්‍රණයක් හා සංවාදයක් ඔක්තෝම්බර් මස 12 වන දින සවස 03.00 ට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ (නිදහස් මාවත) දී පැවැත්වේ. මෙහිදී මූලික අදහස් දැක්වීම් සිදුකරනු ලබන්නේ නිර්මාල් රංජිත් දේවසිරි සුමනසිරි ලියනගේ ප්‍රදීප් ජයරත්න විසිනි ...
ප්‍රංශ දාර්ශනික ඇලේන් බදියුගේ "The Meaning of Sarkozy" කෘතියේ සිංහල පරිවර්තනය "සාකෝසි යනු කුමක්ද?" නමින් එළිදැක්වීම නිමිතිකොට ගෙන කොමියුනිස්ට්වාදය හා සමකාලීන දේශපාලනය පිළිබඳ සම්මන්ත්‍රණයක් හා සංවාදයක් ඔක්තෝම්බර් මස 12 වන දින සවස 03.00 ට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ (නිදහස් මාවත) දී පැවැත්වේ. මෙහිදී මූලික අදහස් දැක්වීම් සිදුකරනු ලබන්නේ නිර්මාල් රංජිත් දේවසිරි සුමනසිරි ලියනගේ ප්‍රදීප් ජයරත්න සංහිඳ ...
(නිමිත්ත, මල්ලීගේ බිරිඳ වස බී ඇත.) කුඩු හැලෙන්නට කීරි ගැහෙනවා හදවත පුපුරන්නට විදුලි කොටනවා හිස මත දෙවියන් ට නෑසුනත් මෙ’පුවත දෙවියන් ව නැගෙනවා සිහියට චප්ප කොට දැමියැකි කේන්තිය කා එක්කදැයි නොදන්නා තරමට... හැම තැනම විහිදිලා ප්‍රමාදය කිසිත් සිදුනොවන තරමට... තියුණු උල් ඇති වැහි බිඳු මඳනල රැගෙන එන ගිණි දළු බළල් නිය මෙන් නැගෙන සිතුවිලි අපූරුයි; එකිනෙක පටලැවී ගත පහුරුගානයුරු ...
ප්‍රබල ස්ත්‍රීවාදී ක්‍රියාකාරිණියක් වුනු පද්මිනී පල්ලියගුරු වරක් ප්‍රකාශ කළා, ''කාන්තාව" කියන වචනය භාවිතා නොකළ යුතුයි කියලා. "කාන්තාව'' කියන වචනයේ තියෙනවා පංතිමය ඇඟවීමක්. ඒක ඉහල මධ්‍යම පාංතික වචනයක්. මේක අපිට එදිනෙදා ජීවිතයේ අවස්ථාවක් විදිහට දුම්රියක් තුළ නිරීක්ෂණය කරන්න පුළුවන්. පළමුවන පංතියේ දුම්රිය මැදිරිවල තිබෙන වැසිකිළි දොරටුවෙ ලියලා තියෙන්නෙ "කාන්තාවන්ට පමණයි" කියලා. නමුත් තුන්වන පංතියෙ මැදිරිවල වැසිකිළි දොරටුවෙ ලියලා තියෙන්නෙ "ස්ත්රීන්ට පමණයි" ...
කිවුවද නහී - නොකිවුවද නහී යනු 'චිත්‍රපටයක' නමකි. එය චිත්‍රපටයක් ලෙස හඳුන්වන්නේ; චලන රූප ගොඩක්, සෙලෝලයිට් පටිවල සටහන් කරගෙන ඇති නිසාත්, අඳුරු සිනමා ශාලාවක තිරයක් මත තිරගත කළ හැකි නිසාත් ය. එම නමේ ඇති "නහී" යන්නට අර්ථ දෙකක් ඇත. එකක් හින්දි භාෂාව ඇසුරින් එන 'නැත' යන්නයි. ඒ අනුව මෙතැන කිව්වත් නොකිව්වත් යමක් නැත. නැත්තේ චිත්‍රපටයකි. එසේනම් ඇත්තේ කුමක්ද?
අභිසරුලියක් ’නොවේ ඇය, හිරුට මුහුණලා වීදියට පිටුපා හිසනමා ගොඩ වදින පියැස්ස. ගවුරවේ හිරිකඩට හසුව ඈ මුව කමළ තෙත බරිතවෙයි සියල්ල. දිය ගලා ගත පුරා උතුරා හැලෙයි හිරිකඩ ගල් මුල් පෙරලමින් චන්ඩ රළ නංවමින් දිය ගලයි සංසුන්ව වීදී මත. පිටාරට හසුව ගසාගෙන යන කඩතොළු රහිත වත ගැටුමක් නැතිවම හදිසියේ තනිවම බිඳුමක් මතුව ඇත. එකමෙක කඳුලක් ...
ජන සමාජයට ආසනික් භීතිකාව කාන්දු කරවීමට අවශ්‍ය මුල්ම ගිණි පුළිඟුව මුදා හැරියේ කැළණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨ පීඨාධිපති මහාචාර්ය නලින් ද සිල්වා විසිනි. ඔහු ප්‍රකාශ කරන අන්දමට මෙම ආසනික් උවදුර පිළිබඳව ඔවුන්ට පවසා ඇත්තේ නාථ දෙවියන්ය. නාථ දෙවියන් යනු මතු බුදුවන මෛත්‍රී බෝධිසත්වයන් බවද ඔහු විසින් ප්‍රකාශ කළේය. මෙම දැනුම දෙවියන් විසින් ඔවුන්ට ලබා දෙන්නේ එක් කොන්දේසියක්
කියවන්නේ වෙනසයි. වෙනස නොමැති තැන කියවීම නැත. කියවීමට අකුරු, ඇස හා මොළයේ සම්බන්ධයක් තිබිය හැකිය. එසේම අකුරු ගලක් මත කොටා තිබීම හෝ පත් ඉරුවක් මත ලියා තිබීම හේතු කොට ගෙන ඒවායේද කියවීමට සම්බන්ධයක් ඇත. එපමණක් නොව, ඒ ඕනෑම පෘෂ්ඨයක් මතට ආලෝකය පතනය වී, ඉන් අනතුරුව පරාවර්තනයෙන් ඇස වෙත පැමිණෙන ආලෝක කිරණ නිසා දෘෂ්ඨිය සාධනය වන ...
මේ ගමන කොළඹට හොඳට මතක හිටින්න, කණ පැලෙන්නම ඉල් වැස්සක් ඇද හැළුනට පස්සෙ අපිට හිතුනා කොළඹ පිරිලා තිබුණු කුණු ගොඩවල් ඔක්කොම හෝදගෙන වතුර පාරට ගසාගෙන යාවි කියලා. ඒත් සිද්ධ උනේ ඒක නෙවෙයි. මිනිස්සු ඒ වන විටත් තීරණය කරලා තිබුනා එකම එක කුණු ගොඩක්වත් ගසාගෙන යන්න ඉඩ නොදෙන්න. ඒ වෙනුවට කුණු ගොඩවල් වතුර වලක් ඇතුලෙ තවත් පල් ...
නොඇසූ කන් වල ට.අපිළිවෙලට කියවීම - 03 කොටස (මෙය ‘මී පුප් ලදිමි’ කවිය සමග මගේ අතීතය එකට එකතු කිරීමකි.) මට, මගේ ආච්චි අම්මා කොබෙයි පවුලේ කථාන්දරය කියා දෙන විට මගේ වයස අවුරුදු හතක් හෝ අටක් වන්න ට ඇත. නමුත් කථාව පැවසුවේ සවස හතට පමණ ගොම්මන් අඳුර පැතිරෙමින් තිබුණු මොහොතක බව මට නිච්චියටම මතකය. ...
”මට කරන්න පුළුවන් මම මිනිස්සු අතර විඳපු දේවල්, මම ජීවත් වුණු සහ අත්දැකපු දේවල්විතරයි. ඇත්ත පොප් කියන්නෙ ඒකට. පොප් කියන්නෙ ජනතාව අතරට යන එක. ඒක හරිම පුද්ගලිකයි. ඒ වගේම ඇත්ත. අවංකයි. හෘදයාංගමයි.” -ජෝන් සෙකාඩා දෙරණ මියුසික් වීඩියෝ සම්මාන උළෙලට ය
18 ට පක්ෂ වීම හෝ විපක්ෂ වීමට ඔබ්බෙන් ක්‍රමය ඔබ එනතෙක් බලා සිටී. 18 වන ව්‍යවස්ථා සංශෝධනය හා මගතොටේ හමුවන මනුෂ්‍යයා අතර සම්බන්ධයක් නැත. ඇය ව්‍යවස්ථා සංශෝධනයේ කුමක් තිබෙනවාදැයි දන්නේද නැත. එහි කුමක් තිබුණත් නැතත් ඇයට ඉන් පලක් ඇත්තේද නැත. ඒ ඇයට වෙන වැඩ ඇති නිසාය. ‘වෙන වැඩ’ කිරීමට ඇයව බලහත්කාරයෙන් යොමු කරවා නැත. ඒවා ඇයගේ ...
කොට බිත්තියෙන් එපිටට රැගෙන යමු රධී................ (මේ කියැවීම "උරෙයිප්පු සාප්පාඩ" කෘතියේ 'හිඳිනා රධී' සටහන පිළිබඳවයි) "හිදිනා රධී......." අවසන ඇති සටහනට අනුව එය ලියා ඇත්තේ 2009 මැයි 22 වනදාය. ඒ ලේඩි රිජ්වේ ළමා රෝහලේ දරුවන් සමඟ සිටි හුදෙකලා මව්වරුන් වෙනුවෙනි. සමහරවිට මෙතැනදී දරුවන් සමඟ සිටීම යනුවෙන් සන් කරනු ලබන්නේ සැමියන් හෝ අන් කිසිවෙක් නොමැති වීම ...
(මෙම සටහන බඹර වළල්ල චිත්‍රපටය නැඹීමෙන් පසුව කියවන්නේ නම් මැනවි.) සිනමාව සහ යථාර්තය අතර සම්බන්ධයක් පවතීද, නොපවතීද යන්න, මේ වන විට යල් පැන ගිය ගැටළුවකි. ඒ එය විසඳාගත් නිසාම නොවේ. වෙනත් ගැටළු කරළියේ ප්‍රමුඛත්වය ලබාගත් නිසාම පමණි. කෙසේ වුවත් යථාර්ථය පුතිනිර්මාණය කිරීම යන්නත්, සිනමාව යනු ප්‍රබන්ධයක් යන්නත් එතරම් වෙනසක් නැත. මේ නිසා ප්‍රබන්ධයේ රස ...
මැදමුලන, කැඳවීම සහ ජ.වි.පෙ. නැවත කැඳවීම ගොඩබිම් බලය, ගුවන් බලය සහ නාවික බලය සහිත, එහෙත් ජාත්‍යන්තර පිළිගැනීම නමැති ඌණතාවයෙන් පමණක් පෙළුණු, ලෙයින්, කඳුළින්, යකඩින් සහ දහඩියෙන් ගොඩනගා තිබූ මිනිස් අධිෂ්ඨානයේ පුරවරයක් සුනු විසුණු කොට බිමටම සමතලා කිරීමට මුළු මහත් ජාතියක්ම එකාවන්ව කැපවීමෙන් අනතුරුව, 18 වන සංශෝධනය නමැති හූණු බිජුවක් පුජාතන්ත්‍රවාදයේ මළගම ලෙස ඔසවා තබන්නට යත්න දරන්නේ ඇයි? ...
දහ අට සන්නිය නටා පේවීමට මත්තෙන් පියසීලි මෙලොවින් සමුගෙන තිබිණි. වාසුට එලෝ මෙලෝ නැති ස්ථාවරයක් ගැනීමට ධෛර්යය ලැබුනේ ඒ නිසාදෝයි මට නොයෙක් වර සිතුනි. ලාංකීය දේශපාලනයේ හෘදය සාක්ෂිය ලෙස, වරක් නිර්මාල් විසින් වාසුව හඳුන්වා දෙන විට එම අදහස සමඟ යහමින් එකඟ වීමට එවකට මට හේතු ගණනාවක්ම තිබුණේය. දේශපාලන වේදිකාව අත් නොහැර, සතුරු-මිතුරු කඳවුරු අතර බෙදීම දිය කරමින්, ...