මේ ශාකය දුටුවා ද?මේත් ආක්‍රමණශීලී විභවයක් තියන එකක්.ලංකාවට ආවේ විසිතුරු ශාකයක් ලෙස සුපුරුදු විදිහටම,මුල් මගින් පැල ඇති වෙනවා,මේකත් හැමෝම ගෙවල් වල හදාගන්න උත්සහ කරනවා.(අපෙ ගෙදරත් ඇතුළුව, ඒත් දැන් අපි මේක අයින් කරල තියන්නෙ)මේක දැනටමත් පිට රටවල් වල ආක්රමණික ශාකයක් කියල නම් කරල තියන්නෙ,තවම අපේ කැලෑ වල සුළබ නෑ,ඒත් කැලෑවකට ගියොත් ලොකු හානියක්,ඒ නිසා ඔබ මේ ගහක් දැක්කොත් දැනුවත් කරන්න එහි ...
නම :යුලෙක්ස් Ulex europaeus Family : Fabaceae නිජබිම : යුරෝපයවිස්තර : සුද්දන් නිසා අපගේ රටට පැමිණි තවත් එක් ශාපයකි.රනිල කුල්යට අයත් වේ.නුවර එළිය ප්‍රදේශයේ පැතිරී ඇත.හෝටන් තැන්නට දැඩි ලෙස තර්ජනයක් වී ඇති ශාකයකි.මල් කහ පැහැතිය.ශාකය පුරා කටු සහිතය.මේ නිසා ගෝණුන් වැනි සතුන්ටවත් මෙය කෑම අපහසුය.මර්දනය : අතින් උගුල්ලා ඉවත් කිරීම සහ පුළුස්සා දැමීම. ...
නම : කටකලු බොවිටියාClidemia hirta (Melastomataceae - බෝවිටියා කුලය)නිජබිම : දකුණු ඇමරිකාව ( නිවර්තන ඇමරිකානු ප්‍රදේශ)ලංකාවේ පැතිර ඇති ප්‍රදේශ:තෙත් කලාපය සහ අතරමැදි කලාපයේ, තවද මධ්‍යයම කඳුකරය පුරාම පැතිරී ඇත.විස්තර : නිවර්තන ඇමෙරිකානු රටවල දක්නට ලබෙන නැමැති බෝවිටියා කුලයට අයත් මෙම ශාකයේ බීජ 1894 දී පේරාදෙණිය උද්භීද උද්යයානයට ගෙනැවිත් ඇති අතර,මෙම ශාකය කුඩා පඳුරු වශ
නම:ලැන්ටානා/ගඳපාන/බාලොලියා/හිඟුරු, Lantana camara (Verbenaceae)නිජබිම:නිවර්තන ඇමරිකාවලංකාවේ පැතිර ඇති ප්‍රදේශ:ඕනෑම කලාපයක හොඳින් වර්ධනය වේ, ඒ නිසා ලංකාව පුරාම ව්‍යාප්තව ඇත.විස්තර:කුඩා කටු සහිත අතු සහිත කටුක පරිසරයට හැඩගැසුන පදුරක් ආකාරයට වැඩෙන ශාකයකි.පත්‍ර කුඩාය, පත්‍ර දාරය දැති සහිතය, සියුම් බූවක් ඇත, මල් විවිධ වර්ණ වලින් ඇත.මල් පොකුරක් ලෙස සෑදේ.මෙයද විසිතුරු ශාක
නම: ගල් ගොරකා / ගල් ඉද්ද Clusia rosea - Family - Clusiaceae (ගොරක කුලය)නිජබිම : දකුණු ඇමරිකාව ලංකාවේ පැතිර ඇති ප්‍රදේශ: මධ්‍යම සහ සබරගමු පළාත් වලශාකය පිළිබඳ විස්තර:විසිතුරු ශාකයක් ලෙස ලෝකයේ ප්‍රසිද්ධ හෙයින් විසිතුරු ශාකයක් ලෙස ලංකාවට හඳුන්වා දෙන්නට ඇතැයි සිතිය හැක.මෙය පඳුරු ආකාර වර්ධනයක් පෙන්වයි.තද පත්‍ර විශාල ප්‍රමාණයක් ඇත.මෙම පත්‍ර වල සටහන් තැබිය හැකි ...
ආක්රමණික ශාක මර්දනය ලේසි පාසු දෙයක් නෙවේ.මේක ගොඩක් කාලයක් ගතවෙන දෙයක්,ඉතා සීරුවෙන් කළ යුතු දෙයක්.ඒ වගේම මේකට මුදල්, ශ්‍රමය ගොඩක් වැය වෙනවා.අපි හිතමු අපි ගිහින් එක පාරටම ලොකු ප්‍රදේශයක තියන ඔක්කෝම ආක්රමණික ශාක ඉවත් කරා කියලා,ඒත් ඒකෙන් විසඳුමක් ලැබෙන්නෙ නෑ ප්‍රශ්නෙට.සොබාවික වනාන්තර සමහරක තියන ඒව ඉවත් කරන්න අසීරු තරමටම පැතිරිලා ඉවරයි.ඒව එකපාරටම ඉවත් කරත් නැවත ...
මේ වගේ ආක්රමණික ශාක පැතිරුනාම වෙන්නේ ලොකූ ප්රදේශයක්ම මේ ශාක වලින් වැහිලා යන එක.එහෙම වුනාම වෙන්නේ ඒ පලාතෙම ඉන්න අනික් සත්තු ශාක හැම එකකටම ලොකු ප්‍රශ්න උද්ගත වීම.එතකොට ලංකාවේ තිබුන දේශීය ශාක ඔක්කොගෙම ප්‍රමාණය අඩු වෙනවා.එතකොට ඒ ශාක මත යැපෙන්න පුරුදු වෙලා හිටපු සතුන්ගෙත් ප්‍රමාණය අඩු වෙනවා.අපි හිතමු එක දේශීය ශාක ජාතියක් තිබුනා ඒක වැවෙන්නෙ බොහෝම කුඩා ප්‍රදේශයක විතරයි.ඉතින් ඒ ...
1.ආගන්තුක ආක්රමණික ජීවියෙක් (Alien Invasive species) කියන්නේ මොකක්ද?"යම් රටක කලින් සිටම හිටපු ජීවීන්ට ඒ කියන්නේ දේශීයව හිටපු ජීවීන්ට,ඔවුන්ගේ වාසස්ථාන සහ අනෙකුත් අවශ්‍යතා අහිමි කරමින්ඔවුන්ගේ වැඩීමට, බෝවීමට බාධා එල්ල කරමින්,එම රටේ පරිසර පද්ධති වලට හානිකරන පිට රටකින් පැමිණි ශාක හෝ සතුන් ආක්රමණික ශාක/සතුන් වේ."2.මේ අය අපේ රටට ආවේ කොහොමද? ගොඩක් අය ආවේ විසිතුරු ශාක හෝ සතුන් විදියට ඊට පස්සේ සොබාවික පරිසරේට ...
මම තරුණ පරිසරවේදියෙක්මි.මගේ වයස අවුරුදු 21 වන අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍යය විද්‍යාව හැදෑරීමට බලාපොරොත්තුවෙන් සිටිමි.මම ශ්‍රී ලංකා යොවුන් ගවේෂණ සංගමයේ (Youth Exploration Society Of Sri Lanka-YES) සාමාජිකයෙක් වන අතර ඒ සමඟ එක්ව 2003 වසරේ පටන් පාරිසරික ක්‍රියාකාරකම් වලට සහභාගී වූයෙමි.මා සහභාගී වූ අවසාන පාරිසරික වැඩසටහන වූ Eco-V සංවිධානය විසින් සංවිධානය කළ"කැළණි නදී යාත්‍රා "වැඩසටහනේදි මුහුණ පෑ සංවේගජනක සිදුවීමක් නිසා මෙම ...