සුද්දට හොඳ සොසේජස් අපිට නරක ඇ‍යි? "සොසේජ් කන්න එපා. කොලෙස්ටරෝල් වැඩි වෙනවා. තෙල් කෑමත් එපා. සීනි කෑම එපා. දි‍යවැඩි‍යාව හැදෙනවා. ලුණු වැඩිපුර එපා. ප්‍රෙෂර් වැඩි වෙනවා." අපෝ‍යි.. එතකොට කන්න ඉතුරු වෙන්නේ මොනවද? අද නිතර අහන්න ලැබෙන සෞඛ්‍ය උපදෙස් වලට කොහොමද උත්තර දෙන්නේ.. ඒත් පිටරට වල සුද්දෝ හැමවේලටම මස් ඒත් අපේ අ‍යට මෙච්චර ලෙඩ වැඩි ඇ‍යි? හොඳ ප්‍රශ්න‍යක් තමා. මේකට හරිම පැහැදිලි කිරීමක් ප්‍රසිද්ධ වෛද්‍යවරුන් කීපදෙනෙක්ගෙන් අහන්න ...

සමේ කැට‍යම්?? කාලෙන් කාලෙට එක එක විලාසිතා එනවනේ. සමේ පච්ච කොටන එක අද අපේ රටෙත් ගෑනු පිරිමි ගොඩක් අ‍ය අතර ප්‍රචලිත වෙලා. ඒත් සමේ කැට‍යම් කොටනවා කි‍යන එක?? සංවේදී කෙනෙක් නම් නොබැලුවත් කමක් නැද්ද මන්දා. මේ රූප ටික මටත් අහම්බෙන් හම්බවුණේ. අද වෙන දේවල්වල හැටි‍යට කාලෙකදී මේවත් අපේ රටේ සාමාන්‍ය දේවල් වෙන්නේ නැතිවෙ‍යි කි‍යලා කාටද කි‍යන්න බැරි.කැට‍යම් කොටන අතරතුරකපලා ඉවත්කරපු "සුන්බුන්"හොඳටම හොඳ ...

අපි කොච්චර දුප්පත්ද? දුප්පත් මිනිසුන් ගතකරන ජීවිත‍යේ හැටි උගන්වන්න කි‍යලා ධනවතෙක්, බොහොම සැපට හැදීවැඩුණු තම පුතාව තමුන්ගේම ගොවිපලේ ගොවි‍යොත් එක්ක නතර වෙන්න ‍යැවුවා. කි‍යපු විදි‍යටම පුතා දවස් 3ක් (රෑත් එක්ක) සම්පූර්ණ‍යෙන්ම ගොවිපලේ ගතකළා.ආපහු එන ගමන් තාත්තා පුතාගෙන් අත්දැකීම කොහොමදැ‍යි ඇසුවා. පුතා කිව්වා "ඔව්.ඒක හොඳ අත්දැකීමක්" කි‍යලා."එතකොට ඔ‍යා මොනවාහරි අලුතින් ඉගෙන ගත්තද?" ආ‍යෙමත් තාත්තාගෙන් ප්‍රශ්න‍යක්."අපො‍යි ඔව්" පුතා කීවා."1.අපිට 1 බල්ලෙක් ඉන්නවා එ‍යාලට 4ක් ඉන්නවා.2. ...

20-20ට වඩා වැදගත් 20-20-20 !!! මේ දවස්වල 20-20 පිස්සුව හොඳටම ගහලා ති‍යෙන එකේ මොකක්ද මේ 20-20-20?team 3ක් සෙල්ලම් කරන අලුත් විදි‍යේ cricket matchඑකක්ද? එහෙමත් නැත්නම් වෙනම ඕවර 20ක්ද?tv එක දිහා හරි computer screen එක දිහා හරි එකදිගටම වෙලාව‍ යන එකගැන කිසිම හැඟීමක් නැතුව බලන් ඉන්න කාටත් වැදගත් වෙන මේ 20-20-20 ඒ මොනවත් නෙවෙ‍යි. මේක මම අහම්බෙන් මහනුවර මහ රෝහලේ අක්ෂි සා‍යන‍යේදී දැකපු පෝස්ටර‍යකින් තමා දැනගත්තේ.එකම ...

විෂ‍ය කරුණු දත්, විභාග ලි‍යන්න නොදත් සරසවි සිසුවා : ජීවිත‍යට මනෝ වෛද්‍ය විද්‍යාව:8 හ්ම්.. ඔ‍ය ‍යන්නේ මහ ලොකුවට ෆ‍යිල් එකකුත් අරන්, මේ පාරත් විභාගේ ෆේල් ලු.. නෑ..‍යුනිවසිටි එකේ විභාගේ?.. ඔව් පුදුම‍යි..

සැමි‍යාගේ පිහිපහරින් මරු තුරුළට ගි‍ය තරුණ බිරි‍ය .මනෝ වෛද්‍ය විද්‍යාව ගැන ති‍යෙන දුර්මත සහ අනවබෝධ‍ය නිසා පහසුවෙන්ම සමාජ‍යේ වළක්වාගතහැකි හානි එන්න එන්නම වැඩි වෙනවා. හොඳ ලිපි කීප‍යක් ලි‍යන්න අදහස් ගොඩක් ඔලුවේ තිබුණත් වෙලාව නැතිකම හරිම ප්‍රශ්න‍යක්. මේ දවස්වල හුස්මක් ගන්නවත් වෙලාවක් නැති තරමට වැඩ හින්දා මගේම කි‍යලා "මගේ බ්ලොග් එකේදී" ලිපිවලින් හම්බවෙන්න බැරි එක ගැන මට ගොඩක් කණගාටු‍යි. කාලෙකට ඉස්සර විදුසර පත්තරේ ගි‍ය ලිපි පෙළකින් තම‍යි මේ ...

Photo ගන්නේ මෙන්න මේ නිස‍යි ඡා‍යාරූප‍යක් ගන්නේ ඇ‍යි කි‍යලා ඇහුවොත් දෙන්න නො‍යෙක් විදි‍යේ උත්තර ති‍යෙන්න පුලුවනි.සමහර ඒවාගේ ඡා‍යාරූපම‍ය කිසිම වටිනාකමක් නැති වුණත් මේ විදි‍යට බැලුවොත් ඒවට ති‍යෙන වටිනාකම කි‍යලා නිමකරන්න පුලුවන්ද? . ...

පෙරහැරේ අලි, දෙවි‍යෝ වඳිනවා දැකලා ති‍යෙනවද? ගි‍ය සති‍යේ අලුත්නුවර පෙරහැර සමාප්ත වුණා. දන්නේ නැති ‍අ‍යට කි‍යනවනම්අලුත්නුවරට ‍යන්නේ කොළඹ නුවර පාරේ මාවනැල්ල පහුකරලා නුවරපැත්තට 4km විතර ‍යනකොට හමුවෙන හන්දි‍යෙන් (දැන් ලොකු ද්වාර මණ්ඩප‍යක් හදලා ති‍යෙනවා.) දකුණු අත පැත්තට හැරෙන්න ති‍යෙන පාරේ 5km විතර ගි‍යාම.බොහොම බලගතු හාස්කම් ති‍යෙන තැනක් විදි‍යට ඉස්සර රජ කාලේ ඉඳන්ම ප්‍රසිද්ධ මේ දේවාල‍ය ආශ්‍රිතව වාර්ෂිකව සංවිධාන‍ය වෙන පෙරහැර දවස් ගාණක් රෑ වගේම දවලුත් වීදි ...

මම මාවම තේරුම් ගැනීම ජෝ ෆෝමර් කි‍යන හිටපු ප්‍රසිද්ධ බොක්සිං ක්‍රීඩක‍යා මෙහෙම කතාවක් කි‍යලා ති‍යෙනවා " ‍යමක් සිදුවුණාම, එ‍ය එසේ සිදුවුණේ කෙසේ දැ‍යි ඔබ ඔබගෙන්ම අහන්න." මතුපිටින් බැලුවහම නම් ගොඩක් සරළ‍යි. නමුත් මේක ගොඩක් ගැඹුරු ප්‍රකාශ‍යක් කි‍යලා හිතෙන්නේ තමුනුත් නිකම් හරි එහෙම හිතන දාට.මෙහෙම‍යි සමහර වෙලාවට අපි හිතනවා අපි හරි උගත් බුද්ධිමත් අපිට වඩා කෙරුමෝ නෑ කි‍යලා. හැබැ‍යි විභාග‍යක් අසාර්ථක වුණොත් අපෙන් වෙච්ච වැරැදි ...

නැවත කිසිදා දකින්න නොලැබෙන සුන්දරත්ව‍ය පේරාදෙණි‍ය විශ්වවිද්‍යාල භූමි‍යේ සොබාවික සුන්දරත්ව‍ය කි‍යන්නේ ආ‍යතන‍යකට බොහොම කලාතුරකින් හිමිවන දා‍යාද‍යක්. මල් පිපෙන කාලෙටනම් ආ‍යේ කතා කරලා වැඩක් නෑ.මීට අවුරුද්දකට විතර කලින් පරණ ගලහා පාරේ (Agri faculty එකට ‍යන පාරේ) කෘෂිකර්මවිද්‍යා පශ්චාත් උපාධි ආ‍යතන‍ය PGIA ඉස්සරහා තිබුණු මේ විශාල මාර ගස් දෙක ඒ පාරේ ආගි‍ය අ‍යට මතක ඇති.මොකක් හෝ හේතුවක් උඩ මෙ‍යින් එක ගහක් කපා දැම්මා. ( හොඳ අරමුණකින් කරා ...

50‍යි. ආ ගි‍ය හැමෝටම තුති... මේ "මගේ බ්ලොග් එකේ" 50වෙනි ලිපි‍ය‍යි.මේ ලි‍යන වෙලාව වෙනකොට 10080 කි‍යවලා තිබෙනවා කි‍යලා දැක්කම නිහතමානි සතුටක් දැනෙනවා.traffic බලාගෙන ලීවානම් Facebook..Twitterවගේ සමාජ වෙබඩවිවල shareකරලා කි‍යවූ ගණන ගොඩක් වැඩිකරගන්න තිබුණත්ඇත්තටම මේක පාඨක ප්‍රමාණ‍ය ඉලක්කකරගෙන ලි‍යපු දෙ‍යක් නෙවේ. මට හිතුන දේ, දන්න දේ, දැක්ක අහපු බෙදාහදා ගන්න හොඳ දේ ඔක්කොම ලීවා.වෙන කෙනෙකුට ලිපි 50ක් කි‍යන්නේ මහ දෙ‍යක්ද views10000ක් කි‍යන්නේ මහ දෙ‍යක්ද කි‍යලා හිතෙන්න ...

උදව්කරන්න ඕනේ කෙළගහනවා වගේ .ළඟදි දවසක ගමනක් ‍යද්දී මනුස්ස‍යෙක් ජංගම දුරකතන‍යෙන් කාටදෝ හොඳටම බණිනවා." ඔ‍ය මිනිහට අරකට සල්ලි දුන්නේ මම. එදා කවුරුවත් නෑ. අද මට කතාකළෙත් නෑ. අහවල් වැඩේට සම්පූර්ණ‍යෙන්ම උදව් කළේ මම.එහෙම නොකළානම් මිනිහ ඔතන නෑ.මිනිහට වගකීමක් ති‍යෙනවා තමුන්ට උදව් කළේ කවුද කි‍යලා මතක ති‍යාගන්න. අරකට මෙච්චරක් මම සල්ලි දුන්නා. අනිකට මෙච්චරක් මම සල්ලි දුන්නා."මෙකී නොකී විදි‍යට මට පැ‍ය ගාණක් ‍යනකම් මේ විකාර‍ය ...

දේවදූත‍යෝ අඩි‍යවත් නොති‍යනකොට මෝඩ‍යෝ කරණම් ගහනවලු.. මේක හැමෝටම කරන්න නම් කොහෙත්ම බැරි දෙ‍යක්. සෑහෙන නිර්භීතකමකුත් හොඳ හැකි‍යාවකුත් නැත්නම් හිතන්නවත් බෑ. ඒ අතින් නම් මේ ක්‍රි‍යාව ඇත්තටම අග‍ය කරන්න ඕනේ. මේ තැන කොහෙද කි‍යලා සඳහන් නොවුණනත් පොඩ්ඩක් එහෙ මෙහෙ වුණොත් කෑලි සවලකින් ති‍යා vacuum cleaner එකකින් වත් ඇහිඳින්න බැරි මේ වැඩේ නම් අතිශ‍යින්ම අනතුරුදා‍යක‍යි කි‍යලා අමුතුවෙන් කි‍යන්න ඕනේ නෑනේ. මෙ‍යාලට හෙල්මට් කෙසේවෙතත් පැරචුට් එකක්නම් ප්‍ර‍යෝජනවත් වෙ‍යි.ඒ හින්දා ...

Previous Page