දුරක සිටී නම්..කවදා හෝ යලි..එක්වෙන සැනසුම...සිතට දැනේවී..ලඟ හිඳි මුත් නුඹ..සිතේ දුරස්බව..බිඳිනු කෙලෙසකකියන්න මට අපි..නුඹ දිහා බලන්..සිතින් අඬන මට..කඳුලම පමණක්..උරුම වේවිද..නුඹට ආදරෙන්..පෙරුම් පුරන මට..ආදරේ ටිකක්..නැතිව යාවිද..ගන්නට මගෙ අත..ඉඩ හැර අයෙකුට..සිත හොරකම් කර..ඔබ දුර යාවිද..මතකය පමණක්..සිතේ ගුලි කර..විඳවන්නට මට..ඉඩ හරීවිද..පසුතැවෙනවා සිත..අහිමි වෙන ඔබ දැක..පසුබසිනවා හද..ඔහුගෙ වෙන්නට..කකියන නෙතු අග..නොනවතින කඳුලු කැට..දොස් නගනවා මට..නොසිතුවේ ඇයිද දුර.. ...
මහා මෙරක්..ආදරේ හිරකරන්..හීන මවන හැටි...දන්නේ මම මයි..ආදරෙ කීවට...නුඹ ලැබේවිද..සිත ලත වෙන හැටි..දන්නේ මම මයි..නුඹට නොකීවට..ආදරේ තරම..හිතේ පිරුනු..ආදරේ නුඹ මයි..ආදරේ වෙන්නැති ..ඊයේ අයෙකුට..ආදරේ කරයි නුඹ..හෙට වෙන අයෙකුට..ඒ කිසිවක් ගැන..නොසිතමි මම අද..ඔබේ ආදරේ..අද මට දෙන කල... ...
ආදරේට මම හුරතල් උනාට..ඇයි කියන්නෙ ඔබ බොලඳ නොවන්නට..දකින හීන මම ඔබට කිව්වට..ඇයි කියන්නෙ ඔබ හීන නොබලන්න..ඔබෙයි මගෙයි ලොව හිතින් හැදුවට..ඇයි කියන්නෙ ඔබ හැබෑ නොවන බව..ඔය බොලඳකම් වයසට කීවට..නැතුවද ඔබ පහු කරලා මේ දින..ඔය දකින්නේ හීන කීවට..නැතුවද ඔබ දැකලා ඒ හීනම..මගේ තැන එදා ඇයට තිබුනට..නැතුවද ඔබ තනලා ඒ ලෝකය...ඇය ගිහින් නම් ඔබේ ලෝකෙන්..ඇයි සසඳන්නේ මා ඇගේ වරදට..පෙර රිදුනු සිත හදන්න ආයෙත්..ඇයි ...
අද වන් දිනයක,නොසිතු මොහොතක..හමුවුනේ අපි නොහඳුනන ලෙස..නමුදු සිත රැඳුනේ ඔය ඇස් අබිමුව...අදටත් එහෙමයි නොම යයි වෙනතක...නෙතින් කියු දේ වැටහුනාවද...නෙතේ පැටලී නොයා වෙනතක..ලඟින් දැවටී සිටියෙ ඒ දින..මතකයි ඉඟි කෙරූ ඔබෙ නෙත් යුග...දහසක් නෙත් රවටා, හුන් අප මැද..අතේ දැවටුව පුංචි තුන්ඩුව..එදා වගෙමයි පරිස්සමට අද...තාමත් මා ලඟ ඔබේ සුවඳ දෙන..හමුවුනු සොඳුරු මතක..නැතිමුත් ඒ හැටි...නැහැ කිසි අඩුවක් ආදරෙයි මම..නැහැ කිසි වෙනසක් ආදරෙයි ඔබ...දවස් පැය ...
ආදරේ ඇත්තටමද...මායාවක් විතරක්මද..මේ ඇස් දෙක රැවටිලාද..නැහැ කිසිම තේරුමක්..මගේ හිත රැවටුනාද..හිස් වචන පමණක්මද..දුටුවේ හීන විතරක්මද..නැතිද හෙට දිනක්??අයිතියක් මගෙ ඕනේ නැද්ද..ලඟින් ඉන්න ආසා නැතිද..ආදරේ මගෙ දැනුනේ නැද්ද..හිතට නිකමටවත්??ආදරයක් ඇත්තෙ නැද්ද..කවදාවත් තිබුනේ නැද්ද..හැර යන්නට හිතෙනවාද...නැද්ද කිසි දුකක්?? ...
දස මස කුස හිඳ කිරිකැටි පුතු නුඹ..දෝතට ගෙන මව් සෙනෙහසින් පුතේ..නොපියූ නෙත් වල හීන කෝටියක..රජ කෙරුවේ නුඹ තමයි පුතේ...සිනිඳු මොලොක් පා අඩියෙන් අඩියට...දෙපා වීරියෙන් නැගිට පුතේ..පිය නගනා හැටි අතින් මා ගෙන..සිහින මැව්වා මගේ පුතේ...සිඟිති සිනා රැලි වචන ගැට ගසන..කාලය දැන් එලඹිලා පුතේ..එහෙත් ඇයි නුඹ නිහඬ මේ ලෙස..වාවන්නෑ සිත පුංචි පුතේ..දුව පැන ඇවිදින පුංචි ලමයි දෙස..බලා නිසොල්මන් ඇයිද පුතේ..දෙපයින් හිටින්න වාරු ...
අහඹු මොහොතක හමු වුනේ ඔබ ..මතකද දවසක නෙතු දහසක් මැද...නුහුරුම හැඟුමක් දැවටුන සිත ලඟ..එකලු කලා නව පැතුම් පොදි බැඳ...දඟකාර නුඹේ වදන් අද්දර..නැවතුනා සිත මටත් නොදැනිම.ආදරයක්දෝ මුලු සිතින් කල..ගනිච්චියක් නෑ මේ හැඟුම් ගැන..ආදරේද මට ඇහුවේ නෑ මම..ආදරෙයි මම කිව්වේ නෑ මම..තනිව ආදරේ කලා රහසෙම..නිච්චියක් නෑ යනතුරු වෙනතක...මිතුරියක නමක් පමණක් දී මට..රුවැත්තියක් අත පටලා වෙනතක..ඉතින් යනවද?? යන්නම යනවද ..ආයෙම දිනයක හමු නොවෙන්නම.. ...
ට්‍රීං ට්‍රිං ..."අනේ මධූ හොඳ ලමයා වගේ බලන්න කවුද කියලා.." හිඳගෙන උන් වැඩය අහක දමා තකහනියක් නැගිටීමට නොහැකි නිසා මා මඩමේ උදව්වට සිටි ගැහැණු ලමයෙකුට කීවෙමි... ඈ හනික දිව ගියේ දුරකතන ඇමතුම කාගෙන්දැයි බැලීමටය...පව් අසරණ ගෑණු ලමයි.. ගෙවල් වල අඟ හිඟ කම් වැඩි නිසාම මඩමේ ජීවිතයට ඇලුම් කරන හැටි.. මගේ තනි සිතට ඔවුන් ගැන ඇති වන්නේ අනුකම්පාවකි..අඟ හිඟ කම් නොතිබුන ...
දෑස් පියාගෙන සිතින් ඔබ ලඟ..හිඳින්නට ආසයි..දුරින් හිඳ වුව කියන වදනකට..සිනාසෙනු ආසයි..ආදරෙයි කියා කියන හැමවිට..අහන්නට ආසයි...ඔබ ලබන්නට, ඔබෙම වෙන්නට...සදා මං ආසයි..වෙනව යන කතා කියනු එපා මට..අහන්න මට ලෝබයි..සිහින ලෝකය බිඳිනු එපා හෙට..සිතන්නටත් ලෝබයි..අපෙම ලෝකයක් තනමු අපි හෙට ..පතන්නට ආසයි..ඔබෙන් නික්මී දුරක වෙනතක..යන්න මට ලෝබයි... ...
සිනහා දෙතොලඟ..දෑඟිලි පැටලුන..එකට පා තැබුව..දින එයි මතකෙට..නිදහස් සිත් ලඟ..වදන් ගැළපුව..ජීවිතය වින්ද..හැටි එයි මතකෙට..දෙනෙත් කොන් අග..රහස් තෙපළුව..දඟකාරම දින..යලි එයි මතකෙට...දැන් ගෙවී දින..හමු නොවී අප..දෑඟිලි තනිවම..ලෙල දෙයි සුලඟට..දහසක් දේ ඇත..සිත තුල සිරවුන..ඔබට කියන්නට...ලඟ නෑ තනියට...දෑස් මායිමේ නැත..මිතුරියේ අද...ඔබ නැති හිස්තැන..දැනෙනවා මට.. ...
කොලේ දිග ඇරලා බලනවද නැද්ද... ආයෙත් දෙපාරක් නොහිතා ඩෙස්කේ උඩට වැටිලා තිබුන කොල කෑල්ල හිමීට ඇඟිලි තුඩු වලින් මගේ පැත්තට ලංකරගත්තේ මොනා හරි ලියලා තියෙනවද බලන්න... "ඔයා ලංකාවෙද?? " පැහැදිලි සිංහල අකුරු වලින් කොලේ ලියලා.. මට එක පාරටම පිටිපස්ස බැලුනේ නොදැනුවත්වමයි.. අර දෙන්නා තාමත් හිනාවේගනම බලන් ඉන්නවා.. දෙන්නගෙන් එක්කෙනෙක් ඇහිබැම උඩ ඇරලා ඔලුවෙන් ඇහුවේ ලියලා තියෙන ඒක තේරුනාද කියලා බලන්න ...
ඉරිදා උදෙන්ම නැගිටලා අපි කට්ටියම පල්ලියට ගිහින් ඔරසන් කියලා ආවා.. පල්ලිය උනත් ලංකාවේ පල්ලි වලට වඩා ගොඩාක් වෙනස්.. බිත්ති පුරා ඇඳලා තිබුන පින්තූර අතින්ම නිම කරපුවා කියලා තමයි තාත්තා කිව්වේ.. බලන්න ලස්සනයි.. මේවගේ නිර්මාණ කරන්න හැකියාව තියන අයත් ඉන්නවා කියද්දි පුදුමයි.. අල්තාරය සරසලා තිබුනේ අමු මල් වලින්.. අඳුර කපාගෙන පත්තු වෙන ඉටිපන්දම් පල්ලියට එක්කෙරුවේ අමුතුම ලස්සනක්.. ඔන්න පලවෙනි වතාවට මෙහෙදි ...
ඇඳට වැටෙනවා විතරයි දන්නේ.. මට ආයෙම හොඳටම නින්ද ගිහින්.. පිටි ගෝනියක් වගේ දෙයක් මගෙ ඇඟට පාත් වෙනවා වගේ දැනෙනවත් එක්කම මාව උඩ ගිහින් ඇහැරුනේ අන්දුන් කුන්දුන් වෙලා... ආයෙ මොනා බලන්නද ඉතින් ඔය වගේ වැඩක් කරොත් ඉතින් අපේ පොඩි අඟ තමයි..."අපෝ මොකද අක්කෙ ඔය?? ආව වෙලේ ඉදන් මූණ දෙබර කූඩයක් වගේ පුම්බගෙන හූල්ල හූල්ල ඉන්නේ.. එක්කෝ මූණ කචල් නැත්නම් නිදි... අපෝ... ...
නින්දත් නොනින්දත් අතර ඇඳේ කොන්කට ගුලි වෙලා ඉන්නකොට එකපාරට ඇහැරුනේ සීතල වැඩිකමට වෙන්න ඇති.. අන්ධකාරේ අතපත ගාලා ෆෝන් එක ඔබලා බලද්දි වෙලාව පාන්දර 2.36.. වටපිටාව තවමත් ඇස් දෙකට හරිම නුහුරුයි.. දෙයියනේ මම කොච්චර දුර ඇවිත්ද.. නොදැනුවත්වම ඇස් කොනෙන් ගලා ගෙන ආපු කඳුලු බිංදුවක් කම්මුල දිගේ ගලාගෙන යනකොට මම මූණ කොට්ටෙට තද කරලා ඔබා ගත්තේ දුක වැඩිකමට.. ඒ විදියට මම කොච්චර ...
අල්තාරෙටත් පිටුපාලා පූජාවට ඇවිත් උන්න සෙනඟ සේරමත් බලන් උන්නේ මනමාලි පල්ලියට ඇතුල් වෙන්නේ කොයි වෙලේද කියලා.. හීනියට ඇහුන කසුකුසුවකුත් එක්කම ඔක්කොමලා නැගිටලා හිටගනිද්දි කන්තාරු කණ්ඩායමේ ලමයි ටිකත් ලස්සනට පොට්ටු පොට්ටු ගීතිකාව පටන් ගන්නකොට මමත් පැතුම්ට බර දීලා ඇඟිලි තුඩු වලින් හිටගෙන පිටිපස්ස බැලුවේ මනමාලිගේ මූණ හොද හැටි බලා ගන්න... මෙච්චර කාලෙකට බලා හදා ගත්තු අම්මයි තාත්තයි මැද්දට වෙලා හිමින් සීරුවේ ...
දෑස් පියාගෙන සිතින් ඔබ ලඟ...පහස විඳිනට කලා මා රිසි..දුරින් හිඳ වුව කියන වදනකට..මුවඟ සිනහා මතු වුනා නිති...ඔබ නොලැබෙන බව සිතට දැනුනත්..කඳුළු ඉනුවා දෙනෙත් අග පිණි..ඔබ ලබන්නට ඔබෙම වෙන්නට ...පෙරුම් පිරුවා සදා මා හිමි...නිරන්තරයට අත්වැල් පටලා...එකට පියමන් කළේ නෑ අපි...දිනෙන් දිනටම ඔබ මා, මා ඔබ..දෙනෙත් අබියස දුටුවෙ නෑ අපි...එහෙත් ඒ ලෙස ඔබ ලඟ ඉන්නට, ඔබ දකින්නට..පැතුම් නොපැතුවා නොවේ මා නිති..නමුදු දිනයක ...
හැමදාමත් කිව්වා ඔයා..ඒත්.. මට ඒ කිසි දෙයක් තෙරුනේ නෑ..සමහරවිට තේරුම් ගන්න උත්සහ කරන්න නැතිව ඇති...ඇත්තමයි.. මම ඒ ගැන හිතුවෙවත් නෑ..ඔව්.. ඔයා තමයි වැරදිකාරයා...ඔයා මට හිතන්න ඉඩක් දුන්නේ නෑ...මං හිතුවේ ඔයා ගැන.. ඔයා ගැන විතරමයි...දැනුනෙවත් නැතුව මං අතරමං වෙලා..නුපුරුදු වටපිටාවක මම තනියම...ලෝකෙට මගේ නෙත් විවර වෙද්දි..ගොඩාක් පරක්කුයි.. ගොඩාක්..ඔයා කියනකොට මම කනටවත් ගත්තේ නැති..ඒ පිටස්තර ලෝකේ.. අද මම විතරක්.. ඒත්..තාමත් මම හොයන්නෙ ...
සුලක් මුලක් නැති පෙම් කවක්...ලියයි ලියයි සිත නොදැනුවත්...හැබෑ නොවන බව දැන දැනත්...හඹයි හඹයි නුඹෙ පෙම පතන්...අතරමං කර එක හිතක්..හිඳියි හිඳියි නුඹ නෙතු අයන්..ඉවක් බවක් නැති ගල් හිතක්..තලයි තලයි සිත නැති ඉමක්..මංමුලා වුණු සිතට සැපක්..සොයයි සොයයි සිත පිළිතුරක්..ගැටලු ගැටලු පිට පැන ගොඩක්...දවයි දවයි සිත මහමෙරක්... ...
නොසිතූ මොහොතක ඔබ මා හැර ගිය..පාලු අතීතෙක තනිකර සදහට...සිතුවේ නෑ යලි එවැනිම මොහොතක..හමු වේ යැයි අපි යන එන මග තොට...එදා මග බැලුව එනතුරු ඔබ වෙත...ඒ නෙත් ඇයි අද සඟවනු මා දැක..අසනට තිබුනත් දස දහසක් පැන..ඔබ දැක ඇයි සිත නැවතී මේ ලෙස...පෙර සිතුවම් දැවටෙයි නෙතු අද්දර..කඳුලු බිඳු පිරෙයි නොදැනිම නෙතු අග..නොදුටු විලසින් සිතම සිරකර..නඟමි පියවැල් පාලු මග දිග...දනිමි හොඳ හැටි අලුත් ...
විඩාබර දෙනෙත් අඩවන් කරනෙමි..ලෝකයෙන් මිදී සැනසුම ලබනට..දෙනෙත් අභියස අඳුරු ලෝකයක්..හිරු එලිය එන්නැති,මල් සුවඳ නොදැනෙන...හදෙහි කෙලවරක...තනි වුන සිතුවමකට..ජීවය ගෙන දෙයි..නවමු ලෝකයක්...බිය මෙන් සතුටද..දුක මෙන් පැතුමද...සිතේ උපදවයි...අරුම ලෝකයක්...විටෙක මතකෙට..ඉගිලී යන්නට..හිතට තටු දෙයි...වෙනස් ලෝකයක්...සියැසින් දුටුවද..සිතින් විසුවද..හැබැහින් නොදුටුව..සිහින ලෝකයක්... ...