ඉස්තාලයේ සටන් ඇවිළෙන කුමරිය ඇවිලෙන ගින්නට පිදුරු දමන චාටු බස් දොඩන හාදු ඉල්ලන කැඩපත නැති බව කියන කුමරිය ඇවිලෙන ගින්නට පිදුරු දමන
බැඳුණේ වෙම් අනිසි ලණු පොටකින් බැඳිය යුතු විට මුදුවකින්
පිටු නැවූ තැන් කටපාඩමින් මතක උන්මාදයට වෙනත් නම් ඇත සබඳකම් ආදරයට වර නැඟෙන
කුඹ ගසකි නොගැඹුරු මුහුඳ අස දියබත් වෙන්න පෙර වෙරළට එන්න පිටත් වුණ
මුහුද සීමිතව කපටිකමට රැළි නඟන තාරකා ඉබ්බන් රළ පාගන්නට වෙරළට එන
ඔබ ඔබා සර්ෆ් එක්සල තුළ බුබුළු යවා අපේ සියුම් නාල විනිවිද සේදුවා මදිද වරු ගාණක්ම අපව මද ගින්නේ පුළුස්සාගෙන වැනි වැනී සුළඟත් එක්ක එල්ලී උන්නා මදිද කැතම කැත තන්ගුස් වැලක මුළු දවසකින් හතරෙන් එකක්ම ඇදක් උඩ නොසලකා හැර දමා තියෙන්නට හරින එක මනුස්සකමද ටී ෂර්ට් එක පෙළට කොට කලිසම් තව පේළියක ඔෆීසි ඇඳුම් තව තට්‍ටුවක නව නවා තබන්නට බැරි ...
ගස්ලබු කොළයක් යට තරුණ කුරුලු මෙනෙවියක මල් කළඹ අතින් ගෙන පොද වැස්ස අතරතුර හොටින් පණුවෙකු ගෙන කුරුලු මහතෙකු පැමිණෙන 'කෝ රෙජිස්තාර' හොටින් ඇන කොබෙයියෙකුට මයිනෙක් අසන 'කෝ අනේ මල්මාලෙ' කටකාර පොල්කිච්චන් අසන අසුරු සැනෙකින් පණු පැටව් කවා ගන්න හොටින් හොට පිරිමැද දිවි හිමියෙන් එකට පියාඹන්නට සපථ වෙන මේ කුරුලු මඟුල තප්පර හයකින් නිම වුණ ...
සීත කාලය මැකෙන්නට පෙර උණුසුම් පොරෝනාව උදුරා ගත් විට මියෙම්ද රැකෙම්ද
මීවිත මෙන් අන් අය පුරවන මීවිත මෙන් අන් අය සිහිසුන් කරවන මේ ඔබේ නොහික්මුණු හැසිරීම රපෝර්තු කළ යුතුය දැන් රතු ඉර පැන ඇත ඒත් මා සිහිසුන්ව තවම
හද බැඳ තබන යකඩ මාංචුව ඔබ නිසා මම මගේම හිරගෙයක ජීවිතාන්තයෙන් එපිටට සිර දඩුවමක් ලබන
අහා ! මේ කදිම මොබයිලය ඇන්ඩ්‍රොයිඩයෙන් ධාවනය වන මට කාරයක් වනු නියතය තබා වරලක් යර්ස් බොත්තම මත පුංචි කොරලියෙක් සිතන ගල් මාළුවෙක් වෙට්‍ටු දමමින් පීනා එන හෑෂ් සළකුණට ආසා හිතී ඒ මත හාදුවක් තබන මේ නම් සීත කබායකියි සිතන සංතුෂ්ටියේ ඉණිමගේ නඟින කකුළුවෙකු අංශක අනූවට පීනා එන තමාගේ කට්ටටත් වඩා බරපතල මොබයිලයේ පිට කටුව දැක ස්වල්ප ක්ලාන්තයක් සෑදෙන බූවල්ලන් ...
මම සුළුජනයා අතර මහජනයාට හරි බයෙන් ස්වල්ප පවකින් දෙකකින් සැනසීගෙන බොරුවක් දෙකක් කියාගෙන අන්සතු සිනහවක් හොරාගෙන බුදු පිළිම ගැන තැකීමක් නොකරම යන එන ගමන් ජෑස් අහමින මොකක්දෝ අමුතු ලෝකයක සිට සුළුජනයාගෙන් එකෙක්ව මහජනයාට ඉතා බයව ! ...
අමතකම වූ දෙයක් ඇති දෙන්න බැරි වූ සුසුම් ඇති සිඹිනු බැරි වූ කොපුල් ඇති මේ රැයත් ඇති එන්න දුර ඇති
මතු මහලෙන් වැටෙන්නත් බිමට නොවැටී තියෙන්නත් වඩා ගණකම කඳුළක් මවා ගමි මම මොහොතක්
මමියක් කරනු මා සේපාල සහ සැප් මහතා සමඟ කුඩා සිමෙන්ති වලක් ඇත ටැන්ජරීන් හෝටලය ළඟ *සේපාල-නරක බළලෙකි *සැප්-හොඳ බල්ලෙකි
කතුරු ඔන්චිල්ලාවක් මෙන් අධි වේගයෙන් ඔබ වෙතට කඩා හැළෙන්නට නැඟිය යුතුය මහත් උසකට විදුලි පහන් කණු මඟ හැර ස්වල්ප එළියටත් ආසා නොවීම තරණයයි සුදුසුම සේයාරුව - හිමාලි.එන්.ලියනගේ ...
වරදවා හැසිරෙන්නට ඉඩක් නැත ඉඩ නැති තාප්පය උඩ රතිඥඥා පත්තු වන අයිස් කැට සමඟ ජලය පතිත වන හිතාදර පූස් පෙම්වත ඒ නුවරත් එහෙමද අසල්වැසියන් හැසිරෙන්නේ මෙහෙමද අපි නිකං පූසන්ම නොවෙද ...
සොඳුරිය ඔබ මලක් මෙන් පිපෙන විට පිනි මෙන් එමත දැවටෙන්නට බඹරෙකුට පුළුවන්ද සොඳුර මල් රේණු ගෙන ආ හැකිද පර වෙන්නට පෙර පෙති මත තවර ගන්නට ඔබේ බඹරබව කම් නැත මහා වැස්සෙන්ම පර වෙන්නට පෙර මිය යා යුතුය මම ...
සඳ කෙතරම් පැරැණිද වහලුන් සේ අත් දිගු කර ඉල්ලන්නට බැගෑබරව සුළු අයිතියක් පතන්නට මට ඕනෑ අලුත් දෙයක් ඉඩම් හිමියෙකු මෙන් උදුරා ගන්නට
මේ මොහොත විපරීත ස්වප්නයකි ඇලී ගැලී නින්දටම මා පමුණුවන ඔබට මා අවදියෙන් තබනු හැකිද සිහිනයම මා මෙතරම් නළවන විට