මේ ඔබේ වීදුරු හදවත මාළුවෙකුටත් වතුර පොවන ගිලෙයිදැයි බයෙන් ළතැවෙන මේ මහා සාගරේ මොනවා කනවා ඇති දැයි සිතන මේ ඔබේ වීදුරු හදවත බිම වැටී කිහිප වර සීරීම් බහුලව ඒත් තවමත් මලක් මෙන් මෘදුව සිනාසෙන මේ ඔබේ වීදුරු හදවත මං බොහොම ප්‍රවේසම් කරන ...

පරිධියක සිහිනෙකි මගේ ලෝකය තහනමින් වැසී ඇත ආදරය කළ හැකි පෙන්වීම යුතු නැති කවි ලිවිය හැකි ප්‍රසිද්ධ කළ නොහැකි මගේ ලෝකය ගෝලාකාර නැති හිතූ විට ඕනෑම කෙනෙකුට කඩා බිඳ දැමිය හැකි සමතලා පෘෂ්ඨයකි පරිධියක සිහිනෙකි ...

╰▶ ගහක් මට හිතෙන්නෙ මම ගහක් කියලා. හැබැයි ඒ තරම් විසාල එකක් නෙවෙයි. යන්තම් හෙවනට ඉන්න පුළුවන් තරමේ ගහක්. මෙහෙමයි දවස පටන් ගන්නේ. හරිම සරලයි වගෙයි පේන්නේ. ඒත් මට නම් හරිම ව්‍යාකූලයි. පැටලුම් සහගතයි. එලාම් එකක් කණ අයිනෙන් වදින්න පටන් ගන්නවා. ඒක අලුත් ලුමියා ෆෝන් එකකින් තියපු එලාම් එකක්. නිකං වතුර ගලනවා වගේ සද්දයක් තමයි මූලිකවම ඇහෙන්නේ. ඊට පස්සෙ කුරුල්ලො කීප ...

මුහුලස මුදමින් වෙනකෙකු සහ අනිකෙකු අතර දෝලනය වෙමින් කඩා වැටෙමින් මුහුලස මුදමින් මම තවකෙකු සහ කිසිවෙකු සමඟින් කන්දක් නඟිමින් ගිමන් හරිමින් බෑවුම මඟ හරිමින් ඔබ

වෙන්න ඇති නොදන්වා ගෙදරකට ආව වගේ පුදුමයෙන් හැමදාම ගිලෙන්න දෙන්නෙත් නැතිව අතක් දිගු කරගෙන හැමදාම එහෙම නොකර බැරි වෙන්න ඇති මං ඔබේ හිතේ ලා‍ටුවක් වගේ ඇලවෙනවත් ඇති සමහරවිට නැතුවත් ඇති මේ මගේ හිතලු වෙන්නැති ආදර කණ්ණාඩිම දාන මට ආදරේම පේනවත් ඇති එහෙ මෙහේ යන අතරතුර අහම්බෙන් ඇගේ හැප්පුණා වෙන්නැති සමාවෙන්න කියන්න හැරෙන්නැති එහෙම කියන්නත් ඇති මට එහෙම නෑසෙන්න ඇති සමහර විට ...

උරහිස | කෙසඟ මුත් මගේ හිස දරන ඉතාම ළඟින් දැවටෙන විට මගේ සුසුම් විඳින මහත් ජනාකීර්ණ තැනකත් ඇඟිලි තුඩු සරන ඒ ඔබේ උරහිස නුහුරු මදහසකින් මවිසින්ම මඟහැරිය මේ සිදුවිය හැකිම දෙය අතීතය උතුර උතුරා නවතින තැන එතැන මම නවතින ...

මෙහෙම ඉමු මෙහෙම ඉමු දිගටම වැටෙන්නට මොහොතකට පෙර අතින් අල්ලගෙන අත් බැම්ම තර වෙන්න පෙර ලිහිල් කරගෙන පතුළෙ විවරයක් හදාගෙන වතුර පුරෝගෙන මෙහෙම ඉමු දිගින් දිගටම

පුංචිම පුංචි දෙයක් වයර් දිගේ පොඩි දොරක් ඇරන් ඔයා එනකන් මං හිටියේ ඒක හරි පුංචි දෙයක් කණාමැදිරි එළියක් වගේ ලුමිනස් පාටට අඳුරු වෙලාවට පේන තේරුමක් ඇතුවත්-නැතුවත් මං ඔහේ දිගටම ලතැවෙන කෙටි සුසුම් එහෙමත් හෙළන මට ඕන ඔයා ඔහේ නිකං ඉන්න මට පේන්න වයර් දිගේ දැවටි දැවටි නියෝන් එළියක් වගේ දිස්නෙ දෙන්න ඒක හරි පුංචි දෙයක් පුංචි දොරක් ඇරන් ඇතුළටම එන ඔයා මට ...

චූල පවු කිහිපයක් පිහිනුම්කාර මත්ස්‍යයෙකු මෙන් දියඹටම පීනන කිමිදුම්කාර බූවල්ලෙකු මෙන් ගැඹරම ‍රැදෙන මේ මගේ හිතුවක්කාර හැසිරීම චූල පවු කිහිපයකින් පසුව වරපට මදින් මද ලිහිල් වන ...

ගිඟුම් දෙනු වෙනුවට ගිඟුම් දෙනු වෙනුවට අළු පාටට හැරුණු අහස මත විළියෙනි සැන්දෑව විදුලියකටත් පරදිනු බැරිවම රහසක් අසන්නට මදෙසට නැඹුරුව ඒ ඉතා පුසුඹය ඔබ ළඟ කියූ රහසක් නැතිවම හදිසියේ අපිළිවෙළකට සමුගත් විට මා නිතර ඉල්ලන නියමිත වෙන්වීම ඒ දැන් ඔබ ළඟය ගිඟුම් දෙනු බැරිවූ අහසක් වාගේම බටහිර අහස දැනුත් තරමක් කලබලය උද්‍යානයේ කෙට්‍ටු ගස අස බංකුව මෙන ඔබේ මදහස මුද්‍රාවක්ව මා තුළ ...

එක නුවර නොදන්වා පොඩි දුකක්වත් නොහඟවා කිසි සිනහවක් මළ සිහිනයක් මිට මොලවගෙන යන්නෙ එන්නේ එක නුවර අපි

ලාකඩ මුද්‍රාවකින් වැසුණු යළි නො ඇරෙතැයි සිතුණු සියක්වර පෑරුණු අහඹු ලෙස මිය ගියෙනි මේ තැවුල් සිත but then again my heart is not dead yet for you the seal is soften more often හිමාලි එන්.ලියනගේ සමඟ

උදුරාගත් හද මසම වළදන මිතුරනි පියාඹන්නට අත්ත‍ටු කොහිද තොපට උනුන් අත්ත‍ටු ඉර ඉරා ඇවිදින විට ඒ ඔබේ ප්‍රමෝදය අනෙකා කීතු කර මළ මිනී ගණන් කිරීම අත දමා පපුවටම හෘදය වස්තුවම එළියට ගැනීම මිතුරනි අකුරුවලට වෙනත් තේරුම් ඇති විට කුමට සු‍රැකිම්ද තෙත හදවතින් සෙමින් සිපගත් වචන මේ කුරිරු පැන්ඩෝරාවේය අපි හැම උදුරාගත් හද මසම වළදන මිතුරනි පිහි ඇනුම් සැම තැනම එකිනෙකා වැළඳගෙන අන්තිම හුස්ම ...

ඒ ගස සොඳුර ඒ ගස සෑම විට මට සුබ උදෑසනක් පැතුව හිස නමා හෙමිහිට මගේ උරහිසට වියළි කොළ හෙලුව ශුෂ්ක කාලයක පවා ජල බිඳක් නොපැතුව ඉර බහින තෙක් මට සෙවන සැදුව සොඳුර ඒ ගස සෑම විට මට ආදරය පිරිනැමුව පොරෝ පහරින් බද කැපෙන විට ඔබට පවා මුවින් නොබැණම මහ හඬින් පොළොවට කඩා වැ‍ටුණ සොඳුර ඒ ගස මං ඉතා ප්‍රියතම අතින් අල්ලා ...

එවිටමත් ප්‍රවේසම ඔබ පතන ප්‍රවේසම් වෙමි කැඩෙන බි‍ඳෙන වීදුරුවක් අතැතිව මෙන් ඔබ මොබ ඇවිදිමි අතුරේ ඇවිදින රා මදින්නෙක් මෙන් කලබල නෙවෙමි බෝම්බ නිෂ්ක්‍රීය කරන්නෙකු මෙන් මත් වී සිටිමි පියෙවි සිහියට එළැඹෙනු නොහැකිව අප අත මිදුණු ලේ කැටි ඇති විට නැවතෙන්න ළඟ හදවතක් ඇති විට තව තවත් ප්‍රවේසම ඔබ ඉල්ලන විස වායුවක් ළඟ ළඟම පැතිරෙන බව දැන මා එහිම නිරාවරණය වන එවිටමත් ප්‍රවේසම ඔබ ...

නොදන්නා රළ පහර නොදන්නා රළ පහර ඉගටියෙන් ඇද මොහොතකට නොගැඹුරු තැනක ගිල්වූ දින හුස්ම හිරවෙන ලුණු රස මතකයකි දැන නොදැන යළි යළිත් ගිලි ගිලී නැළවුණ දුඹුරු පාටයි ලෝකය වෙරළටම අපි පාවෙන්න හිතන කොට හිස බමන මධු රසැති මතකය රාත්‍රිය වෙනදාට වැඩියෙන් පොඩ්ඩක් දිගට දැනෙන වාරකන් කාලයක තනිව දියඹට ගිය ඔරුවක්ව මුනින් අත පෙ‍රැලී හදිසියෙම වෙනත් ලුණු රසයකිය ඔබ දියබත් කළ වර්ණ කිහිපයකින් ...

Previous Page