අද පළවෙනිපාරට පොතක් ගැන කියන්න හිතුනා. අද කියන්න හිතුනා කියලා කිව්වට මේ පෝස්ටුව සැලසුම් කරලා ටිකක් කල්. ඔන්න අද තමයි හිතුනේ ඉවරයක් කරලා දාන්න. සාමාන්‍යයෙන් බ්ලොග් එකක පොතක් ගැන කියලා ඒක හොයාගෙන කියවන්ඩ කියලනෙ කියන්නෙ. ඔන්න අද එහෙම නැතුව ඔයගොල්ලන්ට මුළු පොතම කියවන්ඩ ලැබෙනවා.මයිකල් රුදිගු පියතුමා, සම්ප්‍රදායික කතෝලික පියතුමෙකුගේ භූමිකාවෙන් මිදිලා විප්ලවීය විදිහට ජනතාවට සේවය කරන්ඩ උත්සාහ දරපු පියතුමෙක්. සාම්ප්‍රදායික ...
මතකද 'පොරොන්දු වූ දේශය කරා' කතා ටික? මතකයි නේද? අර දිගට දිගට දිගට දිගට දිගට දිගට ඇදිලා ඇදිලා ඇදිලා ඇදිලා ඇදිලා ඇදිලා අන්තිමේදි ඉවරවුනේ. එකේදි මම කිව්වෙ ජුදෙව්වන් ඇතිවුන විදිහත් ඔවුන්ට ඔවුන්ගේම කියලා රටක් හෙවත් පොරොන්දු වූ දේශය ලැබිච්ච හැටිත්නෙ. ඉතින් අද කතාව මම පටන්ගන්න හදන්නෙ පොරොන්දු වූ දේශයට ආපු ඊශ්‍රායෙල්වරුන් අතර සිද්ධ වෙච්ච සුළු සිද්ධියකින්. ඊළඟට ආයුධයක් හඳුන්වලා දීලා ...
මේ විදිහට 1. ජේසුස් වහන්සේ (ජීවිත කතාව සරලව කෙටියෙන්)2. ජේසුස් වහන්සේ (ජීවිත කතාව සරලව කෙටියෙන්) අද කියන්න3. ජේසුස් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතයේ දෙවෙනි කොටස4. ජේසුස් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතය....... අවසාන කොටස 5. ජේසුස් වහන්සේගේ දුක් විඳීම හා මරණයජේසුස්වහන්සේගේ ජීවිත කතාව දිගටම කියවගෙන ආපු අපි දැන් අවසානයට ළඟාවෙලා.කලින් කතාවෙදි ජේසුස් වහන්සේ තමුන්ගේ සමීපතම ගෝළයන් වෙච්ච පේදුරුත් ජාකොබුත් ජුවාමුත් කැටුව ගෙත්සෙමෙනි උයනට යන හැටිනෙ ...
දිනය මාර්තු මාසෙ විසිනමවෙනිදා. වේලාව මධ්‍යහන දොළහට විතර ඇති. ගිනි ගහන මද්දහනෙ ඉහෙන් කෙනෙන් දාඩිය පෙරි පෙරි මම හිටියෙ මීගමුව බස් නැවතුම්පොළේ. ගමනට නියමිත බසයට නැග හිටියත් එහි ආසන ගණනටවත් සෙනඟ පිරී තිබුනේ නෑ. බස් රථ හිඟ මේ මාර්ගයේ වෙනදා නම් ඇඟිල්ලක් ගහන්ඩවත් ඉඩ නැතිවෙන තරමට සෙනඟ. ඒත් එදා සිටි ප්‍රමාණය ආසන පුරවන්නවත් ප්‍රමාණවත් උනේ නෑ. බස් රථයේ කොන්දොස්තර විටින් ...
මම කියාගෙන යන ජේසුස් වහන්සේගේ ජීවිත කතාව කට්ටියට මතකයි නේද? ජේසුස් වහන්සේගේ උපතේ විස්තරත් උන් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතය ගැනත් කලින් ලිපිවල කතා කළානෙ. අද ජේසුස් වහන්සේගේ දුක් විඳීම හා මරණය ගැන කතා කරමු. කලින් ලිපි මඟහැරුණු අය වෙනුවෙන් තමයි මේ ලින්කු ටික පළ කරන්නෙ.1. ජේසුස් වහන්සේ (ජීවිත කතාව සරලව කෙටියෙන්)2. ජේසුස් වහන්සේ (ජීවිත කතාව සරලව කෙටියෙන්) අද කියන්න3. ජේසුස් වහන්සේගේ ...
අපිට පාප්තුමෙකු ලැබී තිබේ... (Habemus Papam!) + ඒ වෙනුවෙන් විශේෂ ත්‍යාගයක් (බ්ලොග් කියවන්නන්ට පමණක් බව කරුණාවෙන් සළකන්න.)
හරීගේ හීනලන්තය
අති උතුම් දහසය වෙනි බෙනඩික් පාප්තුමා විශ්‍රාම යෑමෙන් පස්සේ හිස්වූ පාප්ධූරයට පළමුවෙනි ෆ්‍රැන්සිස් පාප්තුමා පත්වෙච්ච බව දැනටමත් හැමෝම වගේ දන්නවා ඇති. ඉතින් මේ දවස්වල පත්තර වල, ගුවන් විදුලියේ, රූපවාහිනියේ පට්ට ගහන ප්‍රවෘත්තියක් හින්දා මම නම් ඒ ගැන මොකුත් ලියන්ඩ බලාපොරොත්තුවක් නෑ. පාප්තුමා වශයෙන් පත්වුනේ කවුද? කොහොමද? කින්ද? මන්ද? ඔක්කොම ඕගොල්ලො දන්නවා ඇතිනෙ. පින්තූරයක් විතරක් දැම්මා. 1 වැනි ෆ්‍රැන්සිස් පාප්තුමාජේසු නිකායික ...
කට්ටියට මතකද මන්දා මම මීට ටික කාලෙකට කලින් දාපු පෝස්ටුව. හොඳම අකීකරු පුත්‍රයන්ගෙන් එකෙක් වීමඒ කතාව බලන්ඩ යන්ඩ ඕනෙ නෑ. ඔන්න කුට්ටි පිටින් කපලා අරන් මෙතන දැම්මා. ඒ කතාව බලපු අය ඒ ටික මඟ හැරලා පහල කොටහ බලන්ඩ.උපුටාගැනීම : අද කියන්න යන්නෙ චූටි කතාවක්. මම එච්චර කතන්දර කියන්න ආසා නැතිවුනත් අද මට හිතුනා පොඩි කතන්දරයක් දාන්න.මේක මම හත වසර හෝ ...
මොනවද මේ ඔරු දෙකක් රැගෙන යන ආසියාත්‍රා කියන්නෙ? වෙන මොකුත් නෙමෙයි අර සිංහලෙන් සී ප්ලේන් (sea plane) කියන්නෙ අන්න ඒවා. ඉතින් මම දැන් ටිකකට කලින් ලංකාවෙ පළවෙනි ජලතර ගුවන්යානා නැවතුම්පොළ බලන්ඩ ගියානෙ. ඔන්න අද කියන්ඩ යන්නෙ ඒ විස්තර. විස්තරවලට වඩා තියෙන්නෙ පින්තූර ඉතින්.මුල්ම පින්තූරෙ (පැනෝරාමාව පේන්නෙ නැත්නම් කොටා බලන්ට.. )මම යනකොට ඉතින් එක ආසියාත්‍රාවක් වත් නෑ නැවතුම පාළුවට ගිහින්. හැබැයි ...
නිල ධජයමධ්‍යතන යුගයේ අවසාන භාගය (ක්‍රි.ව. 1300 -1500) වන විටත් ස්විට්සර්ලන්තය (Switzerland) දිළිඳුකමේ ගිලී පැවති රටක් විය. විරැකියාවද ඉතා ඉහළ මට්ටමක තිබුණි. කර දඬු උස්මහත්වී තමන් විසින් තමන් යැපිය යුතු වයසට පැමිණි ස්විස් තරුණයෝ රැකියා විරහිතව උකටලීව උන්හ. නමුත් ඔවුන්ට තෝරාගැනීමට එකම මඟක් ඉතිරිව තිබුණි. ඒ ස්විස් කුලී හමුදාවට බැඳී තමුන් නොදන්නා රටක් වෙනුවෙන් යුද්ධයට යාමයි. අඟ හිඟකම් ඉහවහා ගිය ...
16ව්නි බෙනඩික් පාප්තුමා ධූරයට පත්වූ මොහොතවත්මන් පාප්තුමා වන දාසය වන බෙනඩික් පාප්තුමාගේ ඉල්ලා අස්වීමත් සමඟම පාප්තුමාගේ විශ්‍රාම යෑම පිළිබඳ ලිපියක් පල කරන ලෙස ඉල්ලා දසතින්ම ඉල්ලීම් ගලා එන්නට උනා. ඉල්ලීම වගේම මරණ තර්ජනත් ආවා. ඒක නිසා ගෙදර ඇවිත් අධික වෙහෙස මහන්සිය මැද්දෙ නිදිකිරා වැටෙමින් තමයි මේ ලිපිය ලියන්නෙ. ඒක නිසා වැරදීම් වලට සමාව භාජනය කරන ලෙස ඉල්ලා සිටිනවා. පුංචි බෙනඩික්, ...
අපි තාමත් ජේසුස් වහන්සේගේ ජීවිත කතාව කියවලා ඉවර නැති බව කට්ටියට මතකද මන්දා? මතකනෙ මම මුලින්ම ජේසුස් වහන්සේගේ උත්පත්තිය ගැන කිව්වා. මෙතනින් ගියොත් ඒ ලිපිය කියවන්න පුළුවන් වේවි. ඊළඟට ජේසුස් වහන්සේ ප්‍රසිද්ධ ජීවිතය ආරම්භ කරපු හැටි කිව්වා. ඒ කතාවෙදිනෙ අර මසුන් වැඩි කිරීමේ ප්‍රාතිහාර්‍යය ගැනත් පියතුමෙක් පේදුරුතුමාගේ මාළු කන්න ගිහින් වෙල් බට්ටො කාපු හැටි ගැනත් කිව්වෙ. ඒ කතාව බලන්න පුළුවන් ...
ශිෂ්‍යභටයෙක් කියන්නේ කවුද කියලා අමුතුවෙන් කියන්න අවශ්‍යතාවයක් නෑනෙ. හැමෝම දන්න කාරණාවක්නෙ. ඉස්කෝලෙ පිට්ටනියෙ උදේ ඉඳන් මහා දවාල් ගිනි අව්වෙත් 'ලෙෆ්ට් රයිට් ලෙෆ්ට් රයිට්' කිය කිය එහාටත් මෙහාටත් ගිය ශිෂ්‍යභටයින්ව නොදන්නේ කවුද? ඒ වගේම ජීවිතේ යම් කාලයකදී ශිෂ්‍යභටයෙක්ව හිටපු අයත් මේ ලිපිය කියවන්නෙ නැතෑ. ඒ අයත් තම තමුන්ගෙ කතන්දර දිග අරිවී යැයි හිතනවා. ඒ වගේම මම මෙතන කියන්නේ මම ශිෂ්‍යභටයෙක් වෙලා ...
අපි මේ ලිපි පෙළ පටන් ගත්තෙ ලන්දේසීන් ලංකාවට ගොඩ බැහැලා රෝමානු කතෝලිකයන්ට එලව එලවා පහරදෙන්න ගත්ත තැනින්. ඔවුන් කරපු දේවල් පළවෙනි ලිපි දෙක කියවපු අය දන්නවා ඇති. ඒ විදිහේ තාඩන පීඩන වලට ලක්වෙලා තමුන්ගෙ ආගම අදහාගන්න බැරුව හිටපු රෝමානු කතෝලිකයන් හොයාගෙන තමයි ජුසේවාස් පියතුමා ආවෙ. පියතුමාගෙ ජීවිත කතාවෙ මුල් කොටසත් එතුමා ලංකාවට ආපු හැටිත් ලන්දේසීන්ගෙන් නූලෙන් ගැලවුනු හැටිත් ඒවගේම මහනුවරදි ...
දවසක් උදේ පාන්දර පාප්තුමා මුහුදු වෙරළක ඇවිදිමින් හිටියා. ටිකකින් පාප්තුමා දැක්කෙ ඇස් අදහාගන්න බැරි දර්ශනයක්. එංගලන්ත රගර් ජර්සියක් ඇඳගෙන හිටපු මනුස්සයෙක්ව කන්න යනවා ලොකු මෝරෙක්. දත් විලිස්සාගත්තු මෝරා මිනිහාව හපනවා. ඒ මිනිහා පුළුවන් තරම් දඟලනවා බේරෙන්න. එහෙට දඟලනවා. මෙහෙට දඟලනවා. මූදෙ වතුරත් ලේ පාට වෙලා. පාප්තුමාට කරන්ඩ දෙයක් නැතුව දුකෙන් බලාගෙන හිටියා.මෙන්න එකපාරටම බෝට්ටුවක් කඩාගන බිඳගෙන යනවා මෝරා ඉන්න තැනට. ...
ටොක්..ටොක්.. ටොක්..ටොක්.. ටොක්..ටොක්.. ටොක්..ටොක්.. ටොක්..ටොක්.. ටොක්..ටොක්.මේ ඇහෙන්නෙ අපේ ඇන්ටෝනියෝ අයියා දෙවෙනි විමලධර්මසූරිය රජතුමාගෙන් අවසර ගන්න හිතාන තමුන්ගෙ යාළුවෙක් හම්බුවෙන්න වෑඋඩ ඉඳලා කන්ද උඩරටට යන සද්දෙ. මොනවා? ඇන්ටෝනියෝ අයියාව දන්නෙ නෑ. වෙන්ඩ බෑනෙ. හා හා කමක් නෑ එහෙනම් පහළ තියෙන ලිපි දෙක කියවලා එන්න. හැබැයි පරක්කු වෙන්ඩ එපා. ඇන්ටෝනියෝ අයියා රජ වාසලට යන්ඩ කලින් එන්ඩ.ඉන්දියාවෙන් පැමිණි ලංකාවේ අපෝස්තුළුතුමා 1 කොටස ඉන්දියාවෙන් ...
කලින් කොටස අපි නැවත්තුවෙ කොහෙන්ද? ආ.. ජුසේ වාස් පියතුමාත් එතුමාගේ සහයක ජෝනුත් ලංකාවට එන්ඩ පිටත්වෙච්ච තැනින්නෙ. එහෙනම් අද එතන ඉඳන් කතාව කියවමු. ඊට කලින් නොකියවපු අය කලින් ලිපිය කියවලා එනවානම් තමයි හොඳ. ජුසේවාස් පියතුමා කියන්නෙ කවුද? ජෝන් කියන්නෙ කවුද? ඒගොල්ලො ලංකාවට ආවෙ ඇයි? කියන ප්‍රශ්නවලට උත්තර හොයාගන්න නම් කලින් ලිපිය කියවන්නම වෙනවා. මෙන්න එහෙනම් ඒ ලිපියට යන පාර.ඉන්දියාවෙන් පැමිණි ලංකාවේ ...
ස්ථානය : කළුතර, කලමුල්ලේ මුදලාලි කෙනෙකුගේ නිවසක්.දිනය/වේලාව : 17 වෙනි ශතවර්ෂයේ අගභාගයේ අවුරුද්දක දෙසැම්බර් මස 24 වෙනිදා / දහවල්වැරහැලි ඇදගත් යාචකයෙක් මුදලාලිගේ නිවස අසලට පැමිණෙයි. "මුදලාලි මහත්තයෝ කෑමට යමක් දෙන්න පුළුවන්ද?"මුදලාලි මහ හඬින් සිනාසෙයි. "මොකද බැරි. උඹ හරිම වාසනාවන්තයි. අද මෙහෙන් විතරක් නෙමෙයි. මේ පළාතෙ ඕනෑම ගෙදරකින් කෑම හොයාගත්තැකි. අද රෑ නත්තල්නෙ මනුස්සයො. අපේ ජේසු ස්වාමිදරුවො ඉපදිච්ච දවස. අද අපේ ...
ශු. බයිබලය කියන්නේ කිතුනුවන්ගේ ආගමික ග්‍රන්ථය බව නොදන්නා කෙනෙක් ඉන්නවානම් මෙතනින් එහාට මේ ලිපිය නොකියවන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටින්න කැමතියි. විහිළුවට වගේ එහෙම කිව්වෙ බයිබලය කියන්නෙ කිතුනුවන්ගේ ආගමික ග්‍රන්ථය බව නොදන්නා කෙනෙක් නැති හන්දා. ඉතින් කාටවත් මේ ලිපිය කියවීමට අවශ්‍ය මූලික සුදුසුකම නැතැයි කියා මා හිතන්නේ නෑ. එහෙනම් වැලවටාරම් කියවන්නේ නැතුව ලිපිය කියවමු.ජුදෙව්වරුන් හා කිතුනුවන් පොදුවේ තමන්ගේ ආගමික ග්‍රන්ථය විදිහට ...
ජේසුස් වහන්සේගේ ජීවිත කතාව බොහෝම සරලව කෙටියෙන් කියාගෙන යන අතරෙ, මේ වෙනකොට කොටස් දෙකක්ම කියලා ඉවරයි. මම මුලින්ම මේ කතාව කොටස් හතරකට බෙදුවා.1. ජේසුස් වහන්සේගේ උපත (මෙතනින් කියවන්න.)2. ජේසුස් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතය3. ජේසුස් වහන්සේගේ දුක් විඳීම හා මරණය4. ජේසුස් වහන්සේගේ මරණින් පසු ජීවිතය හා දෙවන පැමිණීම පිළිබඳ විශ්වාසයන්ලිපි හතරකින්ම දාන්න පොරොන්දු උනාට දෙවෙනියට ලියවුනු ලිපිය බොහොම දිග වෙච්ච නිසා ...
එක දවසක් උදේ තරුණ වයසේ හිටපු ළමයි පිරිසක් එක්තරා දේශන ශාලාවකට වෙලා බලන් හිටියෙ දේශකතුමා එනකන්. දේශනය සඳහා දේශකතුමාගේ මේසය සූදානම්ව තිබුණා. චාම් මේස ඇතිරිල්ලක් මේසය වසාගෙන සිටිද්දී රෝස මල් පිරුණු පෝච්චිය මේසයට අලංකාරයක් ගෙනදුන්නා. එහෙත් එතන සිටි ළමුන්ගේ සිතගියේ මේස ඇතිරිල්ලට වත් මලින් පිරීගිය බඳුනටවත් නොවේ. වෙනදා මේසය මත නොදකින අමුතුම දේවල් කීපයක් එහි තිබුනා. තරමක් කට ලොකු භාජනයක් ...