මගේ උපන් දිනයහීන් හිරිපොද වැස්සේ චුරු චුරුව කසාඳ බැන්ද ගැහැණියකගේ චුරු චුරුවෙන් වෙනසක් නැතිවා මෙනි. නවතින හැඩක් හෝ වැඩි වන හැඩක් නැත.ඒ කිසිත් ගනන් නොගත් පුංචි නැටුම් කුරුල්ලෙකුගේ මිහිරි ගීයක් ඈතින් ඇසෙයි.එය එකම ස්වරයේ විවිධ පරාසන් විය හැකි බැව් අඩනින්දෙන්ම මට සිතුනි. ඇලයට හැරී නින්ද ගොස් සිටි නිසා යන්තමින් හිරි වැටී තිබුනු දකුණත ඔසවා වමතින් පිරිමැද , නැවතත් අනිත් ඇලයට ...
සාස්තරේ................යන්න උනා අද පන්සල්තියන්න පූජාපත්තු කරන්නට පහනක්අබ තෙල් දාලාඅම්ම ගිහින් අද උදයේසාස්තරේ අහලාතක්කෙට තරිකිට හරියටමා ගැන ඔහු කියලාභූමියක් ද කෙනෙක් ගැනදඅහන්නාවේ ඔහෙලාදූ ගැන ලොකු දූ ගැනඅම්මා කට ඉස්සර කරලාමහතත් නැති කෙට්ටුත් නැතිකෙනෙක් නේද අහලාඔවු ඔවු ඒ දූම තමයිඇය හූමිටි තියලාකම්මුල් පිරිලා මහතයිනලල ටිකක් ඉදිරියටයිහරියට හරි දෝණි තමයිසතුට මුවේ පිරිලාතනිකඩයා නේද තාමසාස්තරේ අහලාඔවු ඔවු ඇය තව තනිකඩඅම්මත් හූමිටි තියලාබය වෙන්නට එපා ...
සිහිනයෙන් ඔබ්බටආදරයට ඇය දුන් සිය දහසක් අර්ථ කතන එකින් එක ඉතා වේගයෙන් ගිලිහී යමින් තිබුනි. දර්පණයෙන් පෙනෙන මුහුණේ දැකිය හැකි හිස් සුන් ගතිය එයට සාක්ෂි සපයයි. පිරුණු පපුව මතින් රූටා වැටෙමින් තිබූ සාරි පොටක් අල්ලා කටු ගැසිය යුතු වුව ද ඒ සඳහා ගත කරන කාලය අපතේ යන විනාඩි ගණනට ගැනෙන බැවින් රූටා හැලෙන්නට එයට ඉඩ දිය යුතු යැයි සිතුනි.“ ළමයෝ ...
මා දමා - ඔබ ගියා ඒ අත බැලුවත්මේ අත බැලුවත්කළුවර ඇයි විජිතයම මගේනෙත් ඇර බැලුවත්වහගෙන බැලුවත්මතකොට එයිනුඹෙ රූපෙ අගේ( හිතුව ද ඒ ඔයා කියලා )මේ වාරේ නම්ගෙදරිනුත් විරුද්ධයිවෙනසක් නැහැඇය ගත් මතයේතර්ජනෙ කරලාගහලා බැනලාකියන්නෙ එකමෙක දෙයයි අනේ.................“ වහපිය ලයිට් - හිටපිය කළුවරේ “ඉතින්කළුවරේ ඉන්නමම෴ සොඳුරු ෴ ...
කළුවර / Darknessනිදියා ගන්න බයයි මටසීතල කළුවර ඇවිදින් වැළඳ ගන්නවා මාවඇස් අරින්න බයයි මටකළුවරේ මුල්ලක මා දිහා බලන් ඉන්නවා කවුදකකුල් දිගු කරන්න බෑ මටසීතලම සීතල දෑතක ස්පර්ශය දැනෙනවා මටමූණ පෙන්වන්න බෑ මටනොපෙනුනත් දැනෙනවා කවුදෝ ඉඹිනව මාවඋණුසුම් සුසුම් වැදෙනව කම්මුලටපොරෝනය විසි කරන්න බෑ මටබළල් පැටියෙක් වගේ උණුහුමට ගුලිවෙනව කවුදේ මගෙ පපුවටපොරෝනය පෙරවන්නත් බෑ මටපොරෝනය ඇතුලෙ පුංචි රණ්ඩුවක් දැනෙනවා මට“ ඇයි මෙහෙම ...
මූණු - පොතේ කුමාරයා“ කුමලී. . . කුමලී. . . . මෙහෙ වරෙන් කෙල්ලේ . . .ඉක්මනට දුවල වරෙන් “මගේ කාමර සඟයා “ සජිනි “ මා අමතා උස් හඬින් සහ කලබලයෙන් කෙරුනු ඇමතීම ඇසී , රෙදි වැලට දැමීමට අතට ගත් තෙත සාරිය නැවත බේසමටම දමා මම ඇය සිටිනා දෙසට දිව ගියෙමි.ඇනෙක්සියේ ඉදිරිපස කුඩා මිදුල වැසෙන්නට වැවී ඇති අඹ ගස සෙවනේ ...
මැක්කයි මායි“ මං බව්වෙක්..........සොඳුරුලගෙ වත්තේ පිටිපස්සට මාව කණෙන් අරන් ගෙනත් දාද්දි ,මයෙ අම්මත් කෙදිරි ගගා මයෙ පස්සෙන්ම ආවා මට මතකයි.එදා ඉදල අම්මයි මායි ජීවත් වුනේ සොඳුරුලයෙ වත්ත පිටිපස්සේ තේ පඳුරු අස්සේ. කවුරු හරි ඈතින් එනකොටම අම්මා මට සංඥාවක් දෙනව.මම තේ පඳුරු අස්සට දුවල හැඟෙනවා.ඒත් ඊයේ අම්මා මට කීවා...දැන් මං ලොකුලු. හැංඟිලා හිටිය ඇති ලු.මම බල්ලෙක්ලු.මිනිස්සු නපුරුයි ලු.සැරට ඉන්නලු........ ඒ උනාට ...
අවුරුදු දා ඇගේ බිත්තිය වසා ඇත බිත්තියේ කුමක් දෝ අලවා ඇත ඔහුට දැනුනේ දැඩි පාළුවකි ඔහු අවුරුද්දට ද බෝඩිමේය කාමරයේ තනිවමය සිටින්නේ දුර ඈතය නිවසින් ,ගමෙන් , රටෙන් දුර ඈතය ඇය ඔහු ළඟ තනිවට සිටි ඔන්ලයින් මිතුරියයි අද ඇය කොළ පාටින් දිලෙන්නේ නැත බිත්තිය වසා කොළයක් අලවා ගොසිනි... “ අවුරුද්දට ගමේ යමි “ පුදුගලික තැපැල් පෙට්ටියේ රතු පාටින් එක ...
වේලාසන කොහා ඇවිත් ?“ ටක බක ටක බක ටක බක................““ අයින් වෙන්න කො ළමයෝ......... “ අම්මා ගේ වම් කකුළට අසුවූ මගේ දකුණු පාදයේ සුට්ටන් ඇඟිල්ල මිරිකී යද්දි , අය මට පැවසුවේ සැබෑ සෙනෙහසිනි.එහෙත් ඇය මෙය මසා නිම වනතුරු මෙතැනින් සෙලවීමක් නම් නොමැත්තේමය.අම්මා මැෂිමේ සුපුරුදු අන්තයේ වාඩි වී මසද්දි.මා ඇයට හාත්පසින්ම විරුද්ධ අන්තයේ සිට පැඩලය පාගමින් ඇයට දිරි දෙමි.“ කෝ....මෙහෙට එන්න ...
යාළුවෙක් ගෙන් තෑග්ගක් පාසල් පළමු වාරය අවසන් වීමට ආසන්න බැවින් ඉවරයක් නැති පාසල් රාජකාරි වලින් හෙම්බත් වී නිවසට පැමිණෙන දිනයන් ගෙන් එක් දිනකි , ඒ මලානික තෙහෙට්ටුව මතට වැටි කුතුහලයක් දිලිසෙන්නට වූයේ නිවසේ සාලයේ මේසය උඩ මා නමින් තිබූ , තවමත් විවෘත නොකළ තැපැල් පාර්සලය නිසාය.මා දැන් වැඩිහිටියෙකු නිසාත් ,මා නමින් පැමිණෙන යමක් වේ නම් එය පළමුව දැක ගැනීමේ ප්‍රීතිය ...
උම්මාඇය තරුණ විය අවසාන ගැට්ටේ සිටින ප්‍රීතිමත් වැන්දඹුවකි. වටකුරු පිරුණු සිරුර වසා ගත් බාච්චු ඇඳුමෙන් වුව ද ඇගේ කාන්තා රේඛාවන් මනාව විඳිය හැකි වේ. ඇය නමින් උම්මා ය. මා කලින් වැඩ කළ කාර්යාලයට ඇය එන විට පිරිමින් කැළඹේ , “ අන්න උම්මා එනවා “ කටින් කට පැතිරේ. “උම්මා එනවා , උම්මා එනව නෙමෙයි බොල උම්ම දෙනවා “ ඇය ගැන නොදත් ...
පාට කූරු“ මූණෙ ගාණ ලස්සනම පාට ඉවරෙලා ““ ඔයා ආසම පාට ““ මම ගෑවම ලස්සනම පාට ““ අනේ . . . . . . ““ කිසිම කඩේක ගන්නත් නෑ . . . ““ ඔයා ළඟම විතරයි ඒ පාට තියෙන්නේ ““ අනේ . . . . . .““ ඒ පාටත් අරන් , ඉක්මනින්ම මාව බලන්න එනවැයි ““ ඒ පාට නැතිව මගෙ ...
පාළුයිමෙච්චර ලොකු තැනකකොච්චර කට්ටිය හිටියත්අච්චර පුංචි හිතේ පාළුවමකන්න බැහැ රත්තරනේ.................ඔච්චර දුර ඉදගෙනත්මෙච්චර දුක් දෙන්නේකොච්චර ආදරේ ද කියලාපෙන්වන්න ද රත්තරනේ........................මහ බොළඳයි නෙහ්.................කවිය වගේම පින්තූරයත් මගේපාළුවෙන් ලීවමමසොසී ...
රතු හැට්ටකාරිගේ හදවතරතු හැට්ටකාරිට හරි ඉක්මනට අතීතය අමතක වෙනවා. ගෙදර මොනා හරි කෑමක් හැදුවොත් , ඇයට පරණ කතා ඔක්කෝම අමතකයි.ඉතින් එයා කෑම නිවෙන්න කලින් ම බෑග් එකේ දාගෙන , අර රතු පාට ලස්සන හැට්ටෙත් ඇඳ ගෙන ( දැන් ඒ හැට්ටය ඇයට හරි හිරයි ) අර ඝන කෑලැවක් මැද්දෙ ඉන්න පිස්සු ආච්චිව හොයන යනවා.මඟ දිගට සින්දු කෑලි බිම හැලෙනවා. හැට්ටෙත් හිරයි. ...
ඔහේ ලියැවුනු කවිතනි මට රැහැයි හඬ තනිකම ................. රකින්නයිතනි මට දිලෙන තරු තනි තරු ...........නොවෙන්නයිතනි මට මගේ හිත වදයක් ................නොවෙන්නයිතනි කම මගේ ළඟ තනියට.................... සිටින්නයිතනි නැහැ සඳ වටේ දිලිසෙන තරු ..................රෑනතනි නැහැ කුමුදු මල සුවඳයි මුළු......................රෑමතනි නැහැ නුඹත් නුඹ ළඟ ඇත සඳ ................පානතනි මට මොකට සඳ රැය, සඳ දුර................... ඈතතනියෙන් කවි ලියනතනිමමසොඳුරු ...
හදිසි මරණයඅද මහ මූසල දවසක්..... ( දින පොතේ අන්තිම සටහන ආරම්භ වෙලා තිබ්බෙ එහෙම )ඔළුව රිදෙන්න ගත්තා.ඉවසන්න බැරි තරමට. පුංචි කුරුමිණීයෝ ගොඩාක් ......ඔළුට රිංගලා. ඔළුව අවුස්ස අවුස්ස මොනා දෝ හොයනවා. මොළේ ස්නායු තන්තු ගොනුවක් උස්සපු එකෙක් “ එතැනත් නෑ “ කියල කියනව මට ඇහුනා.තදින් වේදනාව දැනුනත් මම ඉවසුවා. ඔයාව හංඟපු තැන උන් හොයා ගන්නවට මං කැමැති නැහැ.“නැහැ නැහැ මෙහේ නැහැ....“ ...
වැලන්ටයින් හමුවිය.............ඉරිච්ච කමිසයක් ඇඳන්කැඩුනු රබර් දෙකක් දාන්ගාට ගාට ආපු කෙනෙක්මඟදි හම්බුනාඅනේ නෝනෙ මගෙන් මලක්ගන්න එකක් ශත පනහයිපරණ ගෝනි මල්ලක කටඇරල පෙන්නවුවාසුවඳ හමන නමුත් පරණවියළී ගිය රෝස කුසුම්ගෝණි මල්ල පුරවාලාතිබුනා පරවෙලාපර මල් මොකටද අන්කල්පර වෙන්නෑ දැන් ඇති මල්කඩෙන් ගන්න එකක් දෙසීයයිපර වෙන්නෑ ආදරෙ වගෙමයිගෝණි මල්ල කරේ තියන්කඳුළු පිරුණු නෙතු හරවන්ආපසු යන්නට වාගේ උන්දැ සැරසුනා“ උන්නැහේ නම මොකක් ද “මමත් විමසුවාආ මග ...
හීරළුවා“ මේ මොකද දරුවනේ , යන්න යන්න පන්ති වලට යන්න. . . . වෙන වැඩ නැද්ද මෙතන “දැල් වල එල්ලෙමින් ද , එකිනෙකා පරයා සුපුරුදු පරිදි පොරකමින් ද පාසල් දරුවන් කන්දේ ඉහල සිට කන්ද පාමුල ඇති පාසල් කාර්යාලය තුලට එඹීමට පොර කයි. ගුරුතුමියගේ වචන පයිසෙකට මායිම් නොකල කුඩාවුන් අතින් කටවල් වසා ගන්නට ගන්නා අසාර්ථක උත්සාහය පරයා ඔවුන්ගේ ටිකිරි සිනා හඬ ...
ගෙම්බියෙක්ට තටු ඇවිදින් “ ළිඳක ඉන්නා පුංචි ගෙම්බියෙක්ට , ලෝකෙ වටේ කරක් ගහපු මෝරපු කුරුල්ලෙක්ව හමුවෙලා. දැන් ගෙම්බිගෙ කල්පනාව ඌත් එක්ක ලෝකෙ වටේම යන්න... “ගෙම්බි ළිං කටෙන් ගොඩ එද්දිම වගේ මේ කුරුල්ලත් එතනටම පාත් වෙලා හිටියා. දවස් ගානක් උඩ පැනල, තණ කොළ ගස් අගිසි වල එල්ලිලා යන්තම් ළිං කටෙන් ගොඩ එද්දිම කුරුල්ලෙක් ගෙ හොටේ පහස විඳින්න වෙයි කියල ළිං ගැට්ටටම ...
කඳුළු බින්දු ගමනක් ගිහින්සිනා මලක් සුළඟ දිගේ පාර හොයා ගෙනඇවිත් නතර වෙලා මෙහේ මිදුල කොනේ සිටඅනේ එන්න නතර වෙන්න මගෙ ළඟ ටිහකටකඳුළු බින්දු දුර ගමනක් ගොස් ටික දිනකට ...