අධ්‍යාපනයට 6%ක් ඉල්ලා සරසවි ආචාර්යවරු වර්ජනය කර පා ගමන්, උද්ඝෝෂණ කරද්දීත් අපේ සකල සිරින් පිරි සිරි ලංකාව ආසියාවේ ආශ්චර්ය බවට දිනෙන් දින පත් වෙද්දී, මහා බ්‍රිතාන්‍යයට යුරෝපයේ ආශ්චර්ය විය නොහැක්කේ මන්දැයි ඔබ මොහොතකට සිතුවාද?? මෙන්න ඒ රහස දැන් එළි වූ වගයි! බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරුන්ගේ අධ්‍යාපනයඑඩ්වඩ් හීත්- ඔක්ස්ෆර්ඩ් සරසවිය -දර්ශනය,දේශපාලනය සහ ආර්ථික විද්‍යාව- ප්‍රථම උපාධිය හැරල්ඩ් විල්සන්- ඔක්ස්ෆර්ඩ් සරසවිය- දර්ශනය,දේශපාලනය සහ ...
සමාජීය, සංස්කෘතික, දේශපාලනික, ක්‍රීඩා ඇතුළු ක්ෂේත්‍ර දහයක තරුණ පරපුර කරන ලද සේවාව අගයමින් ජේ සී අයි ආයතනය විසින් වාර්ෂිකව ප්‍රදානය කරන සම්මාන අතරින් ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂටද සම්මානයක් හිමිවිය. සම්මානය පිරිනැමුවේ ඔහුගේ බාප්පා වන බැසිල් රාජපක්ෂ මහතාය. යෝෂිත රාජපක්ෂට සම්මානය හිමි වී ඇත්තේ පුද්ගල නිපුණත්වය සඳහාය. සිරි ලංකා නාවික හමුදාවට පැරසූට් ක්‍රමයට අනුයුක්තවී ඉතා කෙටි කලකින්ම (යුද්ධය පැවැති සමයේ කිසිදු ...
අග්‍රාමාත්‍ය නිල නිවසින් පිටව යද්දී තම පා පැදිය පැද ප්‍රධාන ගේට්ටුවෙන් පිටව යාමට ඉඩ නොදුන්නේ යයි කෝපයට පත් ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක " තොපි හු** මොට්ටයෝ" (You're F***ing plebs) යයි ආයුධ සන්නද්ධ කාන්තා පොලිස් භටයන් දෙදෙනෙකුට බැණ වැදී තිබේ. පොලිස් භටයන් ඔහුට ප්‍රධාන ගේට්ටුවෙන් පිටවිය නොහැකි බවත් සාමාන්‍ය පදිකයන් වෙනුවෙන් වු කුඩා අතුරු ගේට්ටුවකට යොමුකළ විට කෝපයෙන් පුපුරා ගිය සංවිධායකවරයා"උඹල කව්ද ...
පොසිටිව් තින්කින් හෙවත් ධනාත්මක චින්තනය අද ඊයේ නොව කලක් තිස්සේ ලෝකය පුරා විසිරී සිටින බයිලා චක්‍රවර්තිලාගේ අතමිට සරුකළ කල්ල-මරේ ව්‍යාපාරයකි. බොහෝ දෙනා මැජික් වලට , සුරංගනා කතා වලට කැමතිය. තමන්ගේ ජීවිත වල හිටි අඩියේ මහා වෙනස්කම් කරන්නට මෝහනයෙන්, ඇෆමේශන් වලින්, ෆෙන්ග්ශුයි වලින් පුළුවන් නම් අපිත් කැමතිය. මාධ්‍ය වලින් පුම්බා පෙන්වන ෆැන්ටසි ලෝකයත් සමඟ ජීවිතය යනු සුරංගනා කතාවක් නොවන බව ...
යුධ අපරාධ චෝදනා විමර්ශනය ගැන කතාකරන විට මුහුණ සඟවාගන්නා සමහරුන් මෙන් තමන් ඒවාට මුහුණ දීමට බිය නැති බවත්, ඇමරිකාව මෑතකදී ජිනීවා හී සම්මත කල යෝජනා වලින් මානව හිමිකම් උල්ලංඝනය කිරීම සහ ජාතීන් අතර සංහිදියාවක් ඇතිකිරීම යන කාරණා සම්බන්දයෙන් තමා එකඟවන බවත් සරත් ෆොන්සේකා බී.බී.සී යට පවසයි. ...
අනේ ඔන්න මහින්ද ජනාදිපතිතුමා පොන්සේකාට නිදහස දෙන්ඩලු යන්නෙ. ඒක නේන්නම්, කොයිතරම් නං දෙයක්ද. ලොකූම ලොකු පිනක් කරගත්තා කියලා සංතෝසවුනෑකි ජනාදිපතිතුමාට නේ.කැබිනට් එකයි, ගොටා මහත්තයයි, ජනාදිපතිතුමයි කොයිතරං නං කාලයක් දතකෑවද මේ වටින මනුස්සය නිදහස් කොරගන්ඩ..ආන්න ඒකයි මේ මටත් කියවෙන්ඩ ආවේ..කොහෙද ඉතින් පුදුම කුමන්ත්‍රනයක් නේ ඔය හිරේ දැමිල්ල පිටිපස්සේ තිබ්බේ..මහින්ද මහත්තයල, ගෝටා මහත්තයල නොහිටින්ඩ පොන්සේකා මැරෙනකං හිරේ! හුහ්!කවුද හැබෑට ඕක පිටිපස්සේ ...
මහත්වරුනි, මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි! විඩියෝ උපුටාගැනීම් Lankaviews සහ ABC News වෙතින්. සියලු හිමිකම් මුල් විකාශන ආයතන සතුය.
කුමාර ගුණරත්නම් සහ දිමුතු ආටිගල පැහැර ගැනීම ගැන මෙරට පොල් බූරුවන්ට පමණක් නොව සිංහල කතාකරන, ලියන විදෙස් පොල් බූරුවන්ටත් ඇති තරම් පුන්නකු පොවා ඇති බව පෙනේ. උන් පිළිගන්නා විග්‍රහය බූරුවෙක්, ගොනෙක්, මී හරකෙක් වත් පිලි නොගන්නා ජාතියේ අමන, මරිමෝඩ තකතීරු එකක් බව පොල් බූරුවෙක් නොවන කාටත් පැහැදිලිය. ගුණරත්නම් සහ ආටිගල නටා ඇත්තේ නාටකයකි, යකා කියන තරම් කලු නැතැයි කියන ...
ඇනොනොමස් ප්‍රතිචාර ගැන ලිපි කිහිපයක්ම පසුගිය වකවානුවේ ලියැවිණි. ඉන් අතිමහත් ප්‍රශංසාවට ලක්වු ලිපි අතර මුල් තැනක් හිමි වුයේ බුවාගේ සිතිවිලි අඩවියේ පළවු ලිපියයි. ටිකක් හිනාවෙන්න ලියන අභීත ගේ ලිපියටද සෑහෙන පාඨක ප්‍රතිචාරයක් ලැබුණ බව පෙනේ. බුවාගේ සිතිවිලිත්, අභීතගේ ලිපියත් අධිතක්සේරු වී ඇති බව අපගේ වැටහීමය. ඒ මේ ලිපි සියල්ලම හිරු දුටු පිනි මෙන් වාෂ්ප කරන ගණයේ ඉහළ විශ්ලේෂණාත්මක ගුණයකින් ...
විශ්වවිද්‍යාල සිසුවෙකුගේ පියාණන් අභාවප්‍රාප්ත වී ඇති බැවින් කොළඹ විද්‍යා පීඨයෙන් කටුගස්තොට නගරයට සේන්දු වු සිසුන් පිරිසකි. කොඩි වැල් - පෝස්ටර් ආදියේ කෙලපැමිණියවුන් නිසා හැම මලගෙදරකදීම මෙන් මහත් වෙහෙසවී ඒ වැඩ කටයුතු නිමවවුහ. රෑට දුම් වැටියකින් සප්පායම් වී කැරම් අතක් , බූරුවා කුට්ටමක් සමග කොළඹ පරිසරයෙන්, මිදීමෙන් ඇතිවූ වූ මහත් ආහ්ලාදයෙන් යුතුව කටුගස්තොට ප්‍රදේශවාසීන් සමඟද සුහදව හැසිරෙත්. එහෙත් මළගෙදරට එන ...
නලියා ඇතුළු ගෝලබාලයන්ද ලංකා චී නිව්ස් වැනි නොමිලේ විහිළු සපයන හාංචිපයිස් වෙබ් අඩවිද, දේශීය පොල්බූරුවන්ද සිංහල බෞද්ධ විද්‍යාවක් බිහිකරගැනීමට කරන තැටමිල්ලට මේ වන විට දශක දෙක තුනක් ගත වී තිබේ. ඒ තැටමීමේ ප්‍රතිඵලයක් ලෙස අවම වශයෙන් හීනි පඩයක තරම්වත් ප්‍රතිඵලයක් නොලැබීම ජාතියේ වාසනාවකි. හූනු බිජ්ජක් තරම්වත් මොලයක් තිබේ නම් සිංහල බෞද්ධ විද්‍යාවක් යන්න සැබෑ කරගත නොහැකි සිහිනයක් බව මේ ...
නලින් ද සිල්වා ශ්‍රීමතාණන් නිතර පට්ට ගසන කියමනක් මා අසා තිබේ. ඒ නිව්ටන් ගේ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය පිළිබඳව දෙසා වධාරද්දීය. ඇපල් ගෙඩියක් ඔළුවට වැටී ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය ගොඩ නැගූ නිව්ටන් සම්බන්ධයෙන් කියන මේ කියමන ඉතාම රසවත්, මා වැනි බජාර් එකේ නෝන්ඩි පොරකගේ වුවද අනුමස්තිෂ්කයේ නිම් වළලු පුළුල් කරන එකකි. කළය නමින් වන වෙබ් අඩවියක් අටවා ඇති බැවින් මේ කියමන අවශ්‍ය අයෙකුට ...
,ලැජ්ජා නැතිකම ජනාධිපති කමටත් වඩා... මාරයා සෑර් අලුතින් පටන් ගත්ත වැඩේට මගෙනුත් තල්ලුවක් විදියටයි මේ පෝස්ට් එක. මාරයා සෑර් දූෂණ වංචා වෙනෝ කියා අනෙක් අය දැනුවත් කර විවෙචනයට එහා යමක් කරන්නට ගත් පියවරේ පළමු පෝස්ට් එක නම් මාරම මාරය. කියවූ බොහෝ දෙනෙක් Naomi Campbell ගේ "කැට්වෝක්" එක දැක කොරවී ගිය දෙහිවල සූ එකේ කොටියා මෙන් අංජබජල්-මනිකුංජල් වී ගිය බව රහසක් ...
මේ කියන මාධ්‍යවෙදියා අද නම් ලංකාවේ ප්‍රධාන මාධ්‍යජාලයක ඉහල නිලයක් උසුලයි.ඊට පෙර මේ මාධ්‍යවේදියා ලංකාවේ එකම විද්‍යා සඟරාවේ වැඩ කල බවත් අසා ඇත්තෙමු. එහි ඉතා ජනප්‍රිය කොලමක් රසවත් ආකාරයෙන් ඉදිරිපත් කල බවත් ඉදිනෙදා විද්‍යා දැනුම නව ආකරයකින් ඉදිරිපත් කරන අතරතුර හීන් දේශපාලන ටොකුද ඇන්න බවත් මෙහි සඳහන් කල යුතුය. ගෝඨා-බය රාජපස්ස විශිෂ්ටතම රාජ්‍ය නිලධාරියා යැයි කියන ජෝකර්ලාද සිටින සමයක ...
පරිගණක අපරාධකරුවන් විමර්ෂණයට පිහිටුවා ඇති " ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකය" Sri Lanka Emergency Response Team (SLERT) නැමති රාජ්‍ය ආයතනය පරිගණක අපරාධ වලට හවුල් වෙමින් ආණ්ඩුවට විරුද්ධ පුද්ගලයන්ගේ විද්‍යුත් ලිපින හැක් කරන බව ලංකා ඊ නිව්ස් වාර්තා කරයි. මේ ඒකකය පිහිටා ඇත්තේ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේය. ජාත්‍යන්තර නීතිය යටතේත්, ශ්‍රී ලංකා නීතිය යටතේත් මෙය බරපතල අපරාධ ගණයට ගැනේ. මේ ...
ලංකා ඊ නිව්ස් අඩවියට ද තිත තබා තිබේ. ඉදිරියේදී තව තව බොහෝ දේට තිත තබනු ඇත්තේය. "උන්ගේ" නොවන මතයට, "උන්ගේ" නොවන පත්තරයට , වෙබ් අඩවියට පමණක් නොව "උන්" සමඟ නොවන සිනාවට ද තිත තැබෙමින් ඇත්තේය. ආඩම්බරකාර තාත්තා ප්‍රමුක නෑසියන්ට, ගෝල බාලයන්ට ගෝචර නොවන සියල්ලට තිත තබන්නට උන් සැදී පැහැදී සිටිති. උන්ට තිත තබන්නට සෙට් වෙන්නේ කවදාද?? Video ...
අන්තර්ජාල-වාරණය පිලිබඳ චෝදනා හේතුවෙන් ලෝක සෙවුම් යන්ත්‍ර යෝධයෙක් වන ගූගල් සමඟ යුද්ධයක පැටලුන චීන විශේෂඥයින්ගේ අනුග්‍රහය, ශ්‍රී ලංකාවට "අහිතකර" අඩවි අවහිර කිරීම සඳහා ලැබෙන බව පසුගිය පෙබරවාරියේදී පලමු වරට ප්‍රවෘත්ති අඩවි කිහිපයක් වාර්තා කරනු ලැබීය. චීන හමුදා-බුද්ධි අංශයට අනුයුක්ත තොරතුරු සන්නිවේදනයේ විශේෂඥයින් මේ කාර්ය්‍යය සඳහා අවශ්‍ය සම්පත් සහ උපක්‍රමික ක්‍රමවේද අධ්‍යනයට පැමිනෙන බවද කියැවුනේය.ශ්‍රී ලංකා විදුලි සංදේශ ...
මන්ත්‍රී හාංදුරු ධුරන්දර අති පූජ්‍ය අපරැක්කේ කුඩා සාමනේර හිමිවරුන් රාසියකගේ හිරි ඔතප් බිඳ ලිංගික අපහරණය කල බව කියැවෙන පුවතක් අසන්නට ලැබේ. ධර්ම රාජ්‍යයකට රට ගෙන යන්නට කැපවී ක්‍රියා කල හෙල උරුමයේ හිටපු මන්ත්‍රී ධුරන්දර අපරැක්කේ යම් අවැඩක් කල බවක් අපි නම් විශ්වාස නොකරමු. මේ ත්‍රිපිටකය, බුද්ධ වචනය අතැඹුලක් සේ දන්නා සද්ධර්මයෙන් මත්වූ හිමිපානන් සෘද්ධි ප්‍රාතිහාර්ය වැනි ...
උපුටා ගැනීමකි. සියල්ලන් වෙත දැනුම් දීමයි. ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් අඩවිය සේම ඒ සඳහා භාවිතා කරන ඊ-මේල් ගිණුමද ඊයේ රාත්‍රියේ හැකර් ප්‍රහාරයකට ගොදුරුව ඇති බව සැක කරමු. දැන් මේ දෙකටම ප්‍රවේශ වීමේ හැකියාව අපට අහිමිය. ඒ හැරුණු විට ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් අඩවියේ සියළු සටහන් කමෙන්ටුද සමඟ මකා දමා ඇත. මේ තුච්ඡ, නින්දිත, පාහර ක්‍රියාව පසුපස හිඳිනා සංවිධානාත්මක කල්ලිය හඳුනා ගැනීමේ අපහසුවක් බුද්ධිමත් බ්ලොග් රචකයින්ට ...
Taboosubjects.wordpress.com is no longer available. The authors have deleted this blog.
සූස්ති ගුනේ | Soosthi GuneTaboosubjects.wordpress.com is no longer available. The authors have deleted this blog.