එකෙකුට මදිවූ...තවකෙකුට අහරක් වූ...නුඹට මදිවූ...මට ලැදිවූ.. කාලය අාපු විදිහටම අායෙත් පලයං...෴
සෑහෙන කාලයකට පසු නැවතත් සටහන් තබන්නට සිතුනෙමි. කිසිදු යාවත්කාලීන කිරීමක් නැතුවත් එකා දෙන්නා වත් පොත් පාඨක පිටුවට ගොඩ වැදී යනු දැකීම සිත් සනහන්නක් විය.රැකියාවත් ව්‍යාපාරත් සමාජ සේවයත් අතර මා දැන් ජීවිතය ගෙවන්නෙමි. එය එසේ වූවද මේ සටහන් තබන්නේ කාර්‍යාලයේ මගේ මිතුරෙකු අප සමග කී කතාවකි.එදිනද අප සුපුරුදු ලෙස දවල් ආහාරයට ගොස් සිටින අතර මගේ මිතුරෙක් ,මචං ඒ දවස් වල මගේ ...
නිවුටන් කියන්නේ අපේ කැන්ටින් එකේ ටෙන්ඩර් එකෙන් හැමදාම ආයිමත් කැන්ටින් එක බාර ගන්න මහත්මයා තමයි. ඒකට අපි නිවුටන් ටෙන්ඩර් කියමු. එසේම ටවුන් එකෙන් හෝ සයිවර් කඩේකින් ගන්නා ආහාර වල ගල් හෝ වෙනත් යමක් (පොල්කටු කෑල්ලක් වගේ) දෙයක් තීබු විට අපි “නිවුටන් ද දන්නෑ කුක්” කියා කියමු, බත් අමු නම් “නිවටන් හාල් “යයි කියමු. ඒවා වැඩක් නැත.... සීන් එක ...
ආයෙත් ගෑනු පරාණයක්.. වෙන්න බෑ නුඹ ඒවට තිත තිබ්බ නෙව.. ඔව් .. එත් මට මේ කෙල්ල… හැම වෙලාවෙම.. ඔව්! හැමවෙලාවෙම.. බැහැ.. කීයයි කිව්වත් බෑ.. ඕකට ඉඩ දෙන්න. ඒත් ඇයි.. මට මේ මනුස්සයවම මතක් වෙන්නේ.෴ ...
සරසවිය විටෙක මට හුදී ජන සමාජයේ නියැදියක් ලෙස දැනුණු වාර ගණන අනන්තය. කෙසේ හෝ එය ඉතා නිවැරදි සාම්පලයක් බව විටෙක මට හැඟී යයි. සරසවියක් වනාහි Slide ටිකක් පාඩම් කර සමාසිකයේ විභාගයට මුහුණ දීමෙන් ඔබ්බටත් තව යමක් ඔබට ඉගෙන ගත හැකි ලංකාවේ එකම තැන රාජ්‍ය විශ්ව විද්‍යාලය. පෞද්ගලික සරසවි හා රාජ්‍ය විශ්ව විද්‍යාල වල ඇති කැපී පෙනනම වෙනස එයය !!! ...
හදවතට තට්ටු කරන තවත් ප්‍රබන්ධයක්… මේ කතාව පටන් ගන්නේ මම ඉතා කුඩා කාලෙදි. මම බොහොම දුප්පත් පවුලක ඉපදුනේ. ගොඩාක් වෙලාවට අපිට හරි කෑම වේලක් කන්න පුළුවන් කමක් තිබුනෙ නැහැ. අපට මොනවා හරි කෑමක් ලැබුනහම අම්මා හැම වෙලේම අම්මාගේ පංගුව මට දුන්නා. අම්මා කෑම ටික මගේ පිඟානට දාන ගමන් කිව්වේ "ඔයා කන්න පුතා. මට බඩගිනි නැහැ" අම්මා මට කිව්ව ...
අලුත් අවුරුද්දේ සටහන් තබන පලමු ලිපිය වන්නේ මෙයය. “සුදු කළු සහ අළු “ මා මුලින්ම වෙන්කර ගත්තේ සිනමා විචාර ලිවීමට වූවත් එය මා එකල අත්දුටු කරුණු අනුව වෙනස් විය. “සුදු කළු සහ අළු “ යන්නෙහි තේරුම විවිධාකරයෙන් ගත හැකි වූවත් මගේ මිතුරෙක් මෙහි අන්තර්ගතයද විමසා දුන් අර්ථ දැක්වීම වඩාත්ම සුදුසු වන්නේ යැයි මා සිතන්නෙමි. මචං උඹ ලියන්නේ …… “ ...
මා මගේ පළමු ගීත විචාරය මෙහි සටහන් තැබූවේ මීට මාස 10කට පෙරය. ඒ වන විට එය ගායනා කළ ගායිකාවගේ ඡායරූපයක් වත් මට සොයාගැනීමට නොහැකි විය.නමුත් අද වන විට ඇය මුළු ලංකාවම හදුනන,අගය කරන චරිතයක් වී ඇත.එපමණක් නොව තම කුළුදුල් ගීතයට සලරූ පෙළක්ද මේ වන විට සෑදී ඇත. ගීතය මෙන්ම සලරූ පෙළද අගය කළ යුත්තේය. එහි ආරම්භයේ වදන් පෙළ මේසේය......They are ...
මීට පෙර බත්තලංගුණ්ඩුවේ පැමිණි හැටිත්, අතරමග කතාවත් මා පැවසීමි. දූපත සැලකිය යුතු මට්ටමක දිගින් යුතු විය. එය පළලින් අඩුවූ දිගින් වැඩි දූපතකි. “අඩේ මං හිතුවේ නිකං මේක ගස් වලින් පිරිල කොලපාටට තියෙන එකක් කියලනේ!!“ “හරියට රොබින්සන් අන්දරේ වගේ“ කැවුමා පැවසීය. බෝට්ටුවෙන් බසින විට අප මධ්‍යහන 12 පසුවී හමාරය. දැඩි රස්නයක් දූපතේ ඇත. බැලූ බැලූ හැම තැනම ...
කෙමෙන් කෙමෙන් ගොඩබිම කුඩා වන්නට විය. ඒ වනවිටත් අප සිටි බෝට්ටුව වෙත විශාල ප්‍රමාණයේ භාණ්ඩ තොගයක් පටවා හමාරය.ඒ අතර පිටි මුට්ට,හාල් මුට්ට,බීම බෝතල් එළවලු වර්ග, සිගරට් ආදිය තිබිණ. අප සිතුවේ එහි සිටින සල්ලිකාර මිනිසුන් වෙත ඒවා රැගෙන යන භාණ්ඩ ලෙසය. අප කලපුවෙන් නික්මෙන විට ම වාගේ නාවික හමුදා යාත්‍රාවක් ගොඩබිම දෙසට යාත්‍රා කලාය. අප මුලදී සිතුවේ බෝට්ටුවේ යාමට ඇත්තේ විනාඩි ...
සාමාන්‍යෙයන් සරසවියේ නඩය සෑම අධ්‍යයන සමාසිකයටම වරක් ලංකාවේ කොහේ හෝ රවුමක් ගැසීම සම්ප්‍රදායය.(නුමුත් මේ සම්ප්‍රදායට අනුගත නොවීම මගේ මෙතුවක් සම්ප්‍රදාය විය). නුමුත් මෙදා සැරේ එය වෙනස් විය. කතාව ඇරඹෙන්නේ මෙතැනින්ය. “ලොකයාගේ “ (මේ අපේ නඩයේ එකෙකි) බත්තලංගුඩු සංචාරය අප මීට මාස කිහිපයකට පෙර අසා දැන ගතිමු. ඔහුගේ නෑදෑ කෙනෙකු එහි සිටින බවත් මොහු එහි සතියකට ආසන්න කාලයක් සිට ලබා ...
සැලකිය යුතු කාලයකට පසු මා නැවත ලිපියක් ලියන්නෙමි. මේ කාරනයට හේතුවන්නාට මා “ගැටයා “ යැයි කියන්නෙමි. ග
දැනගනිල්ලා.... උඹ මොකද බලන්නේ, අපි දන්නවා උඹ මේක දන්නව කියල. මේ කියන්නේ උඹට නෙවෙයි. ඔව් මේ කියන්නේ අනිත් එවුන්ට.. අනිත් එවුන්ට ඉරිසියා කරල මේ ලෝකේ හදන්නත් බෑ... තමන්ට හැදෙන්නත් බෑ... උඹලා එහෙම හිතාගෙන හිටියට... ...
තවත් උසස් පෙළ විභාගයක සෙවනැල්ල සුපුරුදු ලෙසම හමා එයි.උසස් පෙළ විභාගය මගේ ජීවිතයේ විශාලතම හැරවුම් ලක්ෂයේ පදනම බැව් මා තරයේම විශ්වාස කරන්නෙමි. මා උසස් පෙළ විභාගයට වාඩිවෙන්නේ ගණිත අංශයෙනි.මා උසස් පෙළට ගණිත අංශයෙන් පෙනී සිටින බවට මවිසින් පිඹුරු පත් සකස් කලේ මා අට වසරේ අගභාගයේ සිටිය දී බව මට රූපමය මතකයකින් තහවුරු කර ගත හැකි ...
සෑහෙන කාලයකට පසුව නැවතත් මා බ්ලොග්කරණයෙහි යෙදෙන්නෙමි.පසුගිය කාලයේ සැලකිය යුතු මට්ටමක කාර්‍ය බහුලත්වය ඒ සදහා හේතුවන්නට ඇත. සාමාන්‍ය යෙන් මෙලොව සිටින සෑම මිනිසෙක්ම පාහේ පසුතැවිල්ලකට මුහුණ දෙන බව මාගේ හැගීමය.එය ස්වභාවික වූත් අවිඥානීක වූත් සංසිද්ධියක් බව මා සිතන්නෙමි.පසුගිය කාලයේ මා සැලකිය යුතු මට්ටමේ ව්‍යාපෘති කිහිපයක තනිවම හා කණ්ඩායම් වශයෙන් කටයුතු කලෙමි. සරසවි කණ්ඩායම් ව්‍යාපෘති වලදී බොහෝ ...
තවත් දිනක් උදාවී ඇත.. ටවුම පුරා අලුත් වාහන පිරී ඇත.. හැසිරේ සමහරෙක්.. අලුත් රටකට පැමිණි ලෙස.. 1000 ට 2000 ට තිබූ… කාමර අද 4000 කි සැවොම පෙරුම් පුරා.. පයිනස් කොල වැටුණු… ලිස්සන බිමේ… වාඩි වීමට යත්න ...
මංගල්ලේ………. මේ මා ඉහත තේමාවට අනුව සටහන් තබන දෙවැනි ලිපියයි.(පලමු වැන්නට).සාමාන්‍යෙයන් අයෙක් විවාහ වන්නේ වයස අවු 18 න් ඉහලදීය.නුමුත් අසාමාන්‍යෙයන් වුව ද මා වෙසෙන පෙදෙසේ එය පරයා යමින් විවාහ වූ පිරිස අපමණය. සාමාන්‍යෙයන් විවාහයකට සූදානම් වීමට නූතන ලෝකයේ සැලකිය යුතු කාලයක් අවැසි වෙයි.සියල්ලට ම ඉහලින් මතුවන්නේ පොටෝ ඇල්බමයයි.අවසානයේ සමස්ත විවාහයම සිදුවන්නේ ඡායාරූප ශීල්පියාට අවැසි ලෙසය….. ...
(Ideas are Bulletproof!!!) මිනිසුන් ලොව බිහිවෙති.. විනෝද වෙති.. දුක් වෙති.. වෛරයෙන් පීඩිත වෙති.. එලෙසින්ම ඔවුන් මිය යති.. නමුත්.. සාම්ප්‍රදායට බැහැර වූ.. “මිනිසුන්“ ද සිටිති. සොබාදහමේ තුලිත ...
ඌ.. නමට ‘කිටියා ‘ උනාට සුරතලේට ‘මොරියාටි‘ ය.. කන්නේ බත්ය.. රතු හාලේ බත්ය.. බොන්නේ වතුර ය. මඩ වතුරය… කොතරම් එලෙව්ව ද, මද වේලාවකින් නැවත දෙපා වල දැවටෙන මූ… දිනක් වත්ත පහල ඇති කොස්ගහේ.. ලේන් කූඩුවට ...
මේ මා කොටස් වශයෙන් සටහන් තබන දෙවන සටහන් මාලාවය.(පලමු සටහන් මාලාව) මෙයට ප්‍රස්තූත ගත කාරනාව ‘බටර් විස්කෝතුව‘ නොවූවත් මෙහි දී බටර් විස්කෝතුවට හිමිවන්නේ සුවිශේෂි වූ තැනකි. ඒනයින්ම එය මෙහි තේමාව වන්නේය….මෙයට මුල් වන්නේ මා වෙසෙන ගම් පෙදෙසය, එය පාරම්පරික ව පැවතෙන ගමක් නොවන බව මා අසා ගත්තේ මගේ මවගෙනි.උපරිම වශයෙන් එයටත් එහි සිටින වියපත්ම මිනිසාටත් ඇත්තේ වසර 90 කට නොවැඩි ...