නොදැනුනා නොවේ උඹෙ සැලසුමඅහුකරගන්න මා උගුලටපොත්මේසෙ අද්දරින්එහෙ මෙහේ යනකොටතරහකට නොවේ මග හැරියෙ මම එතකොටනොදැනිලා නොවේ උඹෙ තනිකමසිකුරාදාය අදබිඳෙන ඒ මුනිවතදොඩමලුව අද හවසඅසා ඉමිනුඹ වින්ද දුකසතියක් පුරාවට ...
හිතවත් ජයවර්ධන මහතාණෙනි,මා පලමුවෙන්ම ඔබගෙන් ඉල්ලා සිටින්නේ මෙම ලිපිය කියවීමෙන් පසු මා ඇමතීමට උත්සාහ නොගන්නා ලෙසය. ඔබටද අන් මිතුරන්ටද මුහුණ දීමට නොහැකි තරම් ලජ්ජාවකින් සහ චිත්ත පීඩාවකින් මම පසුවන්නෙමි. කිහිප දිනකට නිදහසේ තනිව ගතකිරීමට නිවසින් බැහැරව යාමට අදහස් කරගෙන සිටිමි. මතු දිනක මම නැවත ඔබව අමතන තෙක් ඔබට ආයුබොවන් කියමි.මා ඔබට ඉතාම කණගාටුවෙන් දන්වා සිටින්නේ ඔබ ඉල්ලා සිටි පරිදි අද ...
බාගෙට නිමවුන හීනයක්...හීන බාගයක්...ඊෂ ආලින්දයේ කෙටි බැම්මට හේත්තුවී අහස දෙස බලාගෙන ඉඳිද්දී මම හොරෙන්ම පසුපසින් ඇවිත් ඈට කිට්ටු කලා.“මොනවද හොයන්නෙ? මහ වලහවද?” මම ඇහුව රහසින්“මේ තරු දිහා බලන් ඉද්දි නොදැනීම මගේ ඇස් වලට කඳුලු එනවා…………තරු අයිති අතීතෙට”ඈ කීවෙ මගේ මූණවත් නොබලාමට සුසුමක් හෙලුන.හීනෙන්..******************මම උදේ ඇහැ ඇරියෙ හිත පුරාම පැතිරිච්ච මුස්පේන්තු ගතියකුත් ගත පුරා දුවන වේදනාවකුත් සමග.මම ඇඳෙන් බහිද්දි පිටේ ඇලිල ...
තද කරගෙන සිටිමිසිර කරගෙන සිටිමිඇඹරෙමි..ඉදහිටකහිස් වාතයට මුමුණාමොහොතකට සැනසෙමිආයෙමත් ඒ අමාරුවබඩ යන්න ආවත්ඔලුවටරෙන්න නොහිතේයකොළයකට
හැඩි වෙච්ච මිදුලකගෙවී ගිය ඉදලක්..
"බලන්නකො මල්ලි"මම හැන්දෑවෙ බෝඩිමට ගොඩවෙලා ඉස්තෝපුවෙ පුටුවකට බරඋනා විතරයි බෝඩිමේ අක්කා සාලෙ දිහාවෙන් මතුඋනා. ඇගේ අතේ කඩදාසි තීරු ගොඩක් එකට එතිල වෙළිල සර්පයො ගොන්නක් වගෙයි මට පෙණුනෙ."අපේ චූටිපුතාගෙ වැඩ........... අද දවල් ආපු ලියුම....මම එහා මෙහා උනා විතරයි කඩල...තීරු තීරු කපල.මම දුන්න පස්ස රත්වෙන්න...අනේ සමාවෙන්න මල්ලි."ඇය කඩදාසි තීරුටික දෝතින්ම මගෙ අතට දුන්නා. හර
ගේ ඇවිලෙද්දි මම මිදුලෙ පත මාර ගහට මුවා වෙලා බලාගෙන හිටිය.ඇවිලෙන ගේ දිහා නෙමෙයි. වටේ ගෙවල් දිහා.උන් නිදිද?උන් ඇවිත් ගින්න නිවා දාවිද?මගෙ පපුව ඩිග් ඩිග් ගානව.හූස් හූස් සද්දෙ අස්සෙන් ජරබරස් ගාල සද්දයක් ගේ දිහාවෙන්.ෂුවර් එකට පරාලයක් කඩන් වැටෙන්න ඇති.අජිය ඇහැරෙයිද සද්දෙට?මම උගෙ ගේ දිහාවට ඇස් යොමු කෙරුව.උගෙ ගේ තාම කට්ට කරුවලේ..හැරී, කාන්ති, බට්ට?මම අංශක දෙසිය ...
ඡායාරූප ශිල්පය මට විනෝදාංශයකට වඩා එහා ගිය එකක්. ඒක හරියට පවතින මොහොතෙන්, කාලයෙන් සහ ලෝකයේ අස්ථිර පැවැත්මෙන් අංශුවක් මා තුළට උරා ගැනීමක්. මහ විසාල ගඟක් මොහොතකින් මවල පෙන්නල ආයෙත් හංඟගන්න හදන කුඩාම කුඩා දිය රැල්ලක් හොරාගැනීමක්. මගේ අස්ථිර පැවැත්ම සමඟ සොරාගත් දියරැල්ල අතිනත් අල්ලාගෙන ශුන්‍යත්වය කරා ගන ගමනක්.සේයාරුවක් කියන්නෙ පවතින ලෝකය මගේ ලෝකයේ රේඛා වලින් සහ වර්ණ වලින් යළි පින්තාරු ...
නිල් අහසටත් කතිර ගසාගෙන පාට කොඩිවැල් වලින් ලයිට් කණුත් ගසුත් යාවෙන්න පටන්ගෙන තිබ්බ උදයක උදේ පත්තරයත් පාන් රාත්තල් දෙකත් මල්ලක ඔබාගෙන උඩ බලාගෙන ආපු විමලා නෝනගෙ ඇස් දෙක හිටිගමන නතර උනේ වත්තෙ මායිමේ තියන කොස්ගහෙන් පාරට බර වෙලා තිබුණ අත්තක් දිහාවෙ.කොඩි වැලකුත් අතේ තියාගෙන රතු රංජියා අත්ත දිගේ බඩගානව.“ඒයි කොලුවො” විමල නෝනගෙ කටහඬින් අත්ත උඩ හිටපු රතු රංජිය විතරක් නෙමේ ...
ටෙලිවිෂන් රාමුවෙන්එබෙයි කුසලානයඅද හෙටම එන වගක් කියාගෙනදශකෙකුත් බාගයක්ගෙවී ගිය පසුවදඅපි තවම 9669කරගෙන
රූල් නැති සුදුම සුදු හිස් පිටුව දිහා මම බලාගෙන ලියන්නට කොයිතරම් දේ හොයාගත හැකිද සිතමින්ම යතුරුපුවරුවේ ඇගිලි දිවෙවුවා මිසක කිසිදාක කොළ කැබැල්ලක හෝ පොතක කුරුටු ගා නොමැති මට තවම එය රහසක්ය. ඉරී යන සේ පිටුවෙ සුදු පපුව සිතට එන දේ ...
ප්‍රේක්ෂකාගාරය අතුරු සිදුරු නැතිව පිරී ගොසිනි. වේදිකාවෙ අඳුරු මුල්ලක වැතිර සිටින කවියා හෙමිහිට දෑස් ඇර හිස ඔසවයි. “මට මැරෙන්න බෑ” ඔහු රහසිගත ස්වරයෙන් කොඳුරයි. වේදිකාවේ මැද ආලෝකවත් තැනක මේසයක් පසුපස වාඩිවී සිටින හොරා බරපතල රාජකාරියක නියැලෙන සෙයකි. “මේ ඕයි...ඇහුණද?.....මට මැරෙන්න බෑ” කවියා මෙවර ...
අනන්තවූද අන්ධකාරය රජයන්නා වූද හිස් අවකාශයක් තුළ සදාකාලයක් දක්වා ඇසී යන්නා සේ හැඟුණු දුරකථනයේ ඒකාකාරී නින්නාදයට තිත තැබිණි. "හෙලෝ..." ඈ එහා අන්තයෙන් සම්බන්ධ වී ඇත. අද අපේ ප්‍රේම සම්බන්ධය බිඳී හරියටම අවුරුද්දක් ගතවූ දවසය. එමෙන්ම දෙවැනි වරටත් ඇගේ හදවත හිමිකරගැනීමට මා වාසනාව ලද දවසය. හදවතක් හිමිකරගැනීම ...
“ඇස් පියවෙන්න දෙන්න එපා...” “හයියෙන් තදකරල අල්ලගන්න. ලේ ගලන්න දෙන්න එපා..” “අපිව ඇහෙනවද?......කතා කරන්න.....කවුද ඔයාව හප්පගෙන ගියෙ?” මගේ දෑස් පියවීගෙන එයි. වේදනාව මා තුළක සිට සිය අසිපත් වන් මුවහත් අඬු පඬු දිග හරිනු මට දැනේ. මුලින්ම පපුව ඉන්පසුව අතපය...එතැනින් හිස පුරා...උහුලන්න බැරි වේදනාව පැතිර යයි. වාහනයේ සිටින මිනිසුන්ගේ හඬද, නලා ශබ්දයද, ...
ඒ වෙනකොට මිනිහ වරද පිළිගෙනයි හිටියෙ... අවුරුදු විසි හතක් කිසිම අඬදබරයක් නැතිව පවුල් කාපු තමන්ගෙ ගෑණිගෙ බෙල්ල වෙන්වෙන්නම කඩුවෙන් කොටල මරල දාපු වරද... මිනිහ හිටියෙ ඒ කල වරදට එල්ලුම් ගස් යන්න ඕනෙ කමකින්. මට ඕනෙ කරල තිබ්බෙ කතාවක්. සඟරා පිටු බාගයක් පුරා විහිදෙන අපරාධ කතාවක්. එක අතකට දැන් කාලෙ මිනිහෙක් ගෑණියෙක්ව ...
යකඩ යකා පැයට කිලෝමීටර එකසිය ගානක වේගෙන් පිඹගෙන එනව. මට තිබ්බෙ ඇහැරෙන්න විතරයි. මම හිටියෙ හීන රේල් පීල්ලක, එහෙමත් නැත්නම් හීනෙක රේල් පීල්ලක ගැලවෙන්න බැරි විදිහටම හිරවෙලා. මාව ගලවගන්න අහල පහල කට්ටිය කවුරුත් හිටියෙත් නැහැ. මම හිටියෙ කකුල ගලවගන්න දඟලල දඟලල, උදවු ඉල්ලල කෑ ගහල හොදටම හෙම්බත් වෙලා.ඒ මදිවට දවාලෙ මහ අවුවට කරවෙවී දාඩිය ...
ගිනි පුපුර ඇස ඇරීඑළි කලේ සිහිනෙකීනැත ඒ අනන්තෙකීසිහිනයෙන් සිහිනෙට එතීපෙම් කඳුළැලී සිව්නෙත පිරීඅප ආ සැටීඅතැඟිලි බැඳීපියවර නැඟීකඳු හෙල් මතින්අප ආ සැටීහිරු රැස් නැඟීදහවල දිලීතරු මල් පිපීසඳවත පිරීමන් මත් වෙවීදින සති ගෙවීඅප ආ සැටීඅභිසෙස් ලැබීදිවි සුසර වීගී තනු නැඟීහද පිරි තිරීඅප ආ සැටීමතකෙට නැඟීනෙත් තෙත් වෙවීමුව මත සරයිපෙම් හසරැලී ...
"ළමයි..චිත්‍රපොත් අතට ගන්න".උදුලා ටීචර් පන්තියට අණ කරයි. නිමල් උදුලා ටීචර්ට කැමතිය. ඇය එකේ පන්තියේ කොඩිකාර ටීචර් මෙන් සැරපරුෂ තැනැත්තියක් නොවීම ඊට හේතුවයි. උදුලා ටීචර් කිසි දවසක කිසිවෙකුට වේවැලෙන් නොතලයි. චණ්ඩිකම් වලට ප්‍රසිද්ධ සනාට වුව ඇය කිසිදාක වේවැල් පහර නොදුන්නාය."අද අපි අඳින්න යන්නෙ ගමරාල කෙනෙක්ව. පුතාල ගමරාලලව දැකල තියනවද? කෝ අත් උස්සන්න බලන්න.."තාත්තා නත්තලට ගෙනැත් දුන් දෙවුලොව ගිය ගමරාල පොතේ ගමරාලගේ ...
මොකද මේ හැටිකඩින් කඩ වැහි?කලක් වේලාවකුත් නොකියාහිතුමතේ ඔහෙඇවිත් යන හැටිතුරුලු කරගෙන මගක් යනකොටඅතැර ගොස් අතරමං කෙරුවාඅවුකූටයේ දැවි දැවී යනකොටඇද වැටී තෙතබරිත කෙරුවාඅනාවැකි බොහොමෙකට කන්දුන්නමුත් බියසැක හිතේ ඇතුවාවට මුලදි විඳි නැවුම් පුසුඹදඑන්න එන්නම මතක නැතුවාමොකද මේ වැහිඑක ලෙසට නැති? ...
දිවා රෑ පුරා සිහිනයෙන් ඇවිද්දවන ප්‍රේමය කවදාක කෙළෙසක හිතේ උපත ලැබුවාද?... දෑස් ඇරගෙනම දකින සිහින අයදින්නේ හදවත වෙලෙන අග්නිජාලාවට උප්පත්තිකාරක වූ ගිනිපුපුරද?සයියා...එහෙමත් නැතිනම් පෙම්වතිය... අතිශයින් සුන්දර ප්‍රේමගීතයක්. ප්‍රේමවන්තයෙක්ගේ හදින් නැගෙන හද කම්පනයට පත් කරන ආයාචනාවක්...මේ ගීතය ගයන්නේ කයිලාෂ් ඛෙර් නම් වූ ගායන ශිල්පියායි. ඉන්දියානු ගැමි සංගීතයේද අභාෂය ලැබූ ඔහුගේ ගීත තුළින් මම හැමදාම විඳින්නේ අපූර්ව රසයක්...සයියා කියන්නේ කයිලාෂ් ඛෙර් ...