හිම පියලි වැහි වැටෙනඋණුසුමක් නොම දැනෙනසීතලම හිම රටකතනිවෙන්න වෙලා මටඋදෑසන කුරුලු හඬනැගෙන හිරු හස රැල්ලඇත්තෙ ඇති නැති තරමනමුදු නැත අලසබවපා තබමි මාවතේදෑස් දිව යයි ඔහේපුලුන් කැටි වැටේමැයිඅතු බියෙන් නොසැලෙතේදෙපා මගෙ නතර වේතනිව හිනැහෙමි ඔහේමේ හිමේ, මඳ නලේතුහින මුව සිප ගතේපහන් කණු මත රැඳීපලිඟු බිඳෙතෙයි වැටීමා රැවටුනා සකීමිදුනු දිය, දිය වෙතීනැවුම් සුළඟින් පෙරීහුස්ම ළය පුරවතීහද පිරූ ඔබ නැතීඅඩුව ඇත, නැත පිරී ...
පීඩන අවපාත හෝ මොන යම් හේතු නිසාපෝය නිවාඩුව තව තව අයිස් උනාබොහෝම කාලෙකට පසු නැවතිල්ලේ හිතුවාඔබේ මුහුණු බලලා යන්නට ආවායකාගෙ කම්මල වගෙ වැඩ කරන හිසයිදාහක් ප්‍රශ්න එක පාරට වැටෙන හැටියිහිතුවම විටෙකදී ගිහි ගෙය හරිනු හිතෙයිකාලය විදුලියේ වේගෙට වඩා දුවයිසිහින ජීවිතය ගොඩ නැඟු තරමටමසිහින දකිමි තවමත් මම පෙර විලසඉපැරණි සිහිනෙකී මම ඔබ හමු වීමසතුටකි විටෙක ඔබ හමුවන්නට ඒමසතුටින් ඔබේ කාලය ගත ...
පාළුව, තනිකම, වේදනාව, ප්‍රේමය, පීඩනය මිනිස්සුන්ගෙ කවීත්වය පුබුදු කරනවා.රුසියන් සාහිත්‍යයේ ස්වර්ණමය සටහන් කරුවකු වූ මැක්සිම් ගෝර්කි, බොහෝ දුක් ගැහැට මැද ජීවිතය ගොඩ නැඟූවෙක්.දුකක් දැනිච්ච වෙලාවට පෑනක් අතට ගන්න එක, හිතට ඔසුවක්.තනිකමට, හිතේ හිර වෙච්ච අවනඩුව පුපුරවා එලියට දාන්න අපි කවුරුත් කඩුවක් වගේ අතට ගන්නෙ පෑන.අද මේ පැත්තෙ ආවෙ නඩුවක් කියාගෙනද කියල අහන්න. උත්තරේ ඔව්.අපිව මතක් වෙන්නෙ පාළුවට, තනිකමට තමයි කියල ...
වෙච්ච අලකලංචි ටිකෙන් පස්සෙ හොම්බ බිම ඇනිල හිටිය මම ආයිත් පරණ පුරුදු විදිහට ටික ටික වැඩ කරන්න පටන් ගත්තා. ඒකෙ ප්‍රථිපලයක් විදිහට, මම දැන් ආයිත් මගේ පශ්චාත් උපාධියේ වැඩ කටයුතු කරන්නත් ගත්තයි කියමුකෝ.කොහොම කොහොම හරි මගේ මහත්තැන්, පංති ඉවර වෙලා මාව එක්කන් යන්න එනකං මම ඉතින් කොරන්නේ වඳුරු පැටිය වගේ ඔහේ වට පිටාවේ වෙන එකෝක දේවල් බලන් ඉන්න එක තමයි.ගිය ...
2012 ට පළමු පාඩම :)711.) සැණකෙළිය712.) සංකේතය713.) ළතැවිල්ල714.) දෘශ්‍යමාන715.) දෘෂ්ටිකෝණය716.) ගිනි පෙණෙල්ල717.) ජයග්‍රහණය718.) තණකොළ719.) පැකිළෙනවා720.) පැළකරනවා721.) කෙළවර/කෙරවල722.) කුසල/කුශල723.) කැළි කසල724.) සර්වඥ725.) කඩපිල/කඩපිළ726.) උණ ( රෝගය/ ගස් )727.) චතුරස්‍ර728.) ඝට්ටනය729.) ඤාණ / ඥානය730.) පරිහානියපළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි ...
අහසක් උනා නම් ඔබ මහ පොළොවක් වීකරනා කියන දේ නිතරම ඇස ගැටෙතීඇහැ පිය ගැසෙන සැණයෙන් ම'වෙතින් ඉගිලීසැඟවෙන ලොවේ රස කිමදැයි නොදන්නෙමී
දුකේදී පිහිටට වඩින්නේදෙවිවරුය මිනිසුන් වෙතේඅපේ කඳුලට තැවෙන දෙවිවරුමව්පියොයි, වෙනකෙකු නොවේකොහේ කොතනක බෙල සිඳුන දාදෙමාපිය පාමුල වැටීදෑත් දුන් විට යළි නැගෙන්නටමව් ගුණය ලොව බැබළවීහිතේ සවි දී, අප පෙරට ලීඔබේ ගත සවි යයි බිඳීපුතුන් හට ඇති පෙම දිරිය වීපියවරුන් සවි තිර වෙතීඅපේ ලෝකය එකළු කෙරුමටඔබේ වීරිය දන්නෙමූඔබට නොපෙනී, ඔබට නොදැනීදිවා රෑ ඔබ නමඳිමූ ...
වේලි වේලි ඉඳලා ලැබුණු වතුර පොදතොලේ ලාන්නට නෑනේ මගේ පිනරටටම නොකිව්වත් ජයටම කෑ මඟුලකොර ගත් දා ඉඳන් හරි හරි ලෙඩ අපලහරියට පැහැය තිබුණත් මගෙ සම සොබනදැන් නං කහය හෙපටයිටිස් කියති වෙදඇඳ මස්තකේ ගෙවනා කම්මැලි දිවියනිම වෙන දිනය එනකං ඉමි ඇඟිලි ගැනහිමි එයි රෝහලට ගෙදරට එනව වගේපිළිගමි, සිඹින්නට බැරි පිය මුව ඔහුගේසිනහවෙන් ගෙවමු මේ දුක් බර කාලේඉස්පිරිතාලෙ දැන් අපෙ පැණි හඳ ...
මෙතුවක් කලක් දොඩමළු වන්නට ඔබ හාඉඩ පාඩුවක් නොවුනේ මගෙ පෙම හන්දාසංසාරේ පැතු ආලේ හිමි හන්දාහිත පිරි හැඟුම් කොළයට ගන්නට බැරුවාපෙරුම් පුරා අතැ'ඟිලි බැඳ අපි දෙන්නාසංතෝසයෙන් දිවි ගෙවෙමුය සැප කැන්දාමගේ හිතේ සැප දුක දත් හිමි හින්දාමීරිය දිවිය මී පැණි වන් රස වන්නාකොහොම නමුත් අවුරුද්දක් ගෙවෙන වෙලේඔබ හමුවන්ට එන්නට සිතුවෙමි නොලසේ ඉක්මනින්ම යළි එන බව සැක බැවිනේපතනෙමි ඔබට සුබ නව වසරක් තුටිනේ ...
පරණ කන් දෙකටඑකම එක වතාවක්වත් නොකියපු"මං ආදරෙයි!!!"අලුත් අඟට කී වතාවක් නං කියන්න ඇද්ද?අලුත් අඟේ පැටලෙන්න කලින්එකම එක වතාවක්වත්පරණ කන් දෙකට "මං ආදරෙයි!!!"කියන්න හිතුණා...මං ආ..................................දරෙයිඅම්මේ ! තාත්තේ ! ...
නිවී සැනසිල්ලේගීයක මිහිර විඳිමිනේමගෙ මනෝ ලෝකයේවෙමි රැජිණ මම ඔබේඅරුම පුදුම හමුවකි උනේදැනුදු අදහා ගත නොහේකවුරු වුව අසනා සැණේවිමතියට පත් වෙන අගේවිභාගය ඇත අත ලඟේපොත ඇතේ නෙත් මානයේකුමන පාඩම් දැයි අනේඉතින් පිළිසරණයි ඔබේ !!! ...
ඔබ නැතිව මම් තනිවහුදකලාවක ගෙවනතත්පරය කල්පයක්වගේ මට දැනෙනකොටමගේ ලඟ ඔබෙ සුසුම්වැදෙන බව දැනෙනකොටමට ඔබේ වී ඉන්නඉල්ලන්න හිතෙනකොටතාම ඔබ දුර ඈතකියා දුක හිතෙනකොටමොකට මේ ආදරේබැඳුණිදැයි හිතෙයි මට ...
කලකට පසුව පැමිණීනමුත් රැඳෙන්න නොහැකීබලා යන්නට ආමීහැම සතුටෙන්ය, සිතමීඅඟුරු සහ වතුර ගනිමීහැමවිට හැම'ත දුවමීනින්දද විටෙක අහිමීවිඩාවට නිම් නැතිවීදිනුම් කණුව යැයි සිතමීඒ කරා මම දුවමීඉඩක් ලද මොහොතකදීයළිත් එන්නට බලමී ...
කාට හරි මතකද ඇයි අපි "බොරළු" වැරදි ක්‍රමය විදිහටත්, "බොරලු" නිවැරදි වචනය විදිහටත් පිලිගත්තේ කියලා? ණ යනු ළ යනු භාවිතය නිශ්චය කර ගන්න විදිහත් දවස් කිහිපයක් කතා කළා. ... මතකද දන්නෑ :) 691.) ශීලාචාර 692.) ප්‍රථමාධාර 693.) දණහිස 694.) මැතිවරණය 695.) අනුස්මරණය 696.) ව්‍යංජනය 697.) සාධාරණ 698.) වැන්දඹුව 699.) භාණ්ඩාගාරික 700.) සහභාගී වීම 701.) සංස්ථාව 702.) ශිෂ්‍යත්ව 703.) දුරස්ථපාලකය 704.) අභය භූමිය 705.) අභීත 706.) නිශ්චිත 707.) රුධිරය 708.) වලි කුකුළා 709.) බොරලු 710.) මෙළෙක් පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.
අම්මා මිය ගියාය. ඈ මිය ගියේ, මොළයේ ස්නායු දුර්වල වීම් නිසා හටගත් මතක ශක්තිය හීන වීම සහ අංශභාග තත්ව කලක් පැවතීමෙන් අනතුරුව, ශරීරයේ ඉබේම සිදුවූ දිරා යෑමෙන් බව වෛද්‍යවරුන්ගේ මතය විය. මෙය අනිවාර්යයෙන්ම අනෙක් සියල්ලන්ගේම මතයද වූ අතර, කාර්ය බහුල ජීවිත සහිත ඔවුන්ට ඒ පිළිබඳව ඊට වඩා විශ්ලේෂණයක් කිරීමට තරම්, ඉඩක් හෝ වුවමනාවක්ද නොවීය. කෙසේ වතුදු, ඈ මිය යන්නට ...
ජීවිතේ දුර ගමනකීඔබ සදා මා ළඟ උනීපිපෙන්නට පෙති වෙර දරද්දීහිරු කිරණ ලෙස ඔබ උනීමතක කවුළුව විවර වීනෙත'ඟ කඳුළක් සිර වුණීදහක් කවි ලිව් මගේ පෑනින්නුඹට කව් නොලිවුණු හැටී හෙටක් වෙන්නට කල් නොදීඅදම මම පැදි අමුණමීදුවක වී ඔබ ලඟ වැඩෙන්නටබොහෝ පින් මම් කර ඇතීඔබේ පා මුල වැඳ වැටීදුරස් වන දින ලඟ එතීකපටි හොර ගෙඩි ඔබේ දෝණීතාත්තා හැර යන හැටී ... ...
"Entreprise Web Architecture" කියන්නෙ අපේ මේ පශ්චාත් උපාධියේ තවත් එක් විෂයයක්.මුල්ම පාඩමේදීම මම තවත් ලස්සන අදහසක් ඉගෙන ගත්තා. අපේ පරිසරයේ විවිධ ජාල පද්ධති ( නෙට්වර්ක්ස් ) තියනවා. අන්තර්ජාලය විශාල ජාල පද්ධතියක්.ඒ වගේම තමයි අපේ ස්නායු පද්ධතිය. ඒකත් අති විශාල නෙට්වර්ක් එකක්. මේ හැම එකකටම වඩා අපිට ගොඩක් හුරු පුරුදු ජාල පද්ධතියක් තියනවා. ඒ තමයි මානව ජාල පද්ධතිය ( social network ...
අපි දෙන්නා දෙපක්ෂයේපාට දෙකේ , ජාති දෙකේකොහොම උනත් එදා වගේඅදත් හෙටත් නොවෙනස්වේහැමදාමත් ඔයා මගේහිතේ ඇල්ම පුරා ගියේදිනුවත් පැරදුනත් රටේතාප්ප වල ඇලුණු කොලේඅපි දෙන්නා දුන් ඡන්දේනෑ කිසි දා පැරදෙන්නේ ...
මේ වචන කිහිපය හොඳට බලන්න. සමහරවිට ඔබ මෙයින් සමහරක් ලියන විදිහ වැරදි වෙන්න පුළුවන්.671.) ඡන්දය672.) ඝෝෂාව673.) සමචතුරස්‍රය674.) ග්‍රාමය675.) කෛරාටික676.) තෛලය677.) ක්‍රෑර678.) දිව්‍ය ලෝකය679.) මාතෘ භූමිය680.) වක්ත්‍රය681.) ස්වර්ණමය682.) උපස්ථාන683.) අර්ථය684.) ග්‍රන්ථය685.) මුඛය686.) මෘදු687.) ලක්ෂ්‍යය688.) චංචල689.) නිශ්චල690.) ව්‍යාජපළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි ...
කාලයකට පස්සෙ ආයිත් මුණ ගැහෙමු :)බලන්න මේ වචන මෙහෙමද ඕගොල්ලො ලියන්නෙ කියල.641.) විකාශනය642.) පුස්තකාලය643.) රැකියා ඇබෑර්තු644.) අනාරක්ෂිත645.) පාවිච්චිය646.) ඝන්ටාර නාදය647.) ප්‍රමුඛ648.) සම්බන්ධය649.) සාමූහික650.) අඛණ්ඩ651.) රිද්මයානුකූල652.) මාංශ භක්ෂක653.) හාස්‍යජනක654.) සරණාගත655.) කඳවුර656.) සුරක්ෂිත657.) ජාතිකාභිමානය658.) සුවිශේෂ659.) දේශගුණය670.) ගෘහයපළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි ...