කතරගම දෙය්යො කියන්නෙ ගොපයියෙක්ද? නරක කතා කුණුහරුප කියනව කියල කලබල වෙන්න ඕන නෑ. පය්යියාගලට පයියාගල කියනව වගේ ගොපයියට ගොපයිය නොකිය කරුපයිය කියන්නයැ!සාමාණ්‍යෙන් කතරගම ගිහින් මිනිස්සු කට වරද්ද ගන්නෙ නෑනෙ. ඒත් මේ කියපු කතාව මගේ මිත්‍රයෙක් කිව්වෙ කතරගම දේව්යන්ගෙ අඩවියෙ වැඩහිටි කන්දෙ, නඟින මග අතර තියෙන දේවාලෙක කපුවෙකුට. ඔය වැඩහිටි කන්දෙ උඩ දෙන දේව දානෙ පේරුවක් ගන්න එක මහ අමාරු කාරියක්. මොකද සල්ලි කාරයො ...

රොන් කොෆ්මන් නොකී පාඩම! lesson from Ron Kaufman's event කතාවක් කියනකොට කෙලින්ම කතාව නොකිය පඳුර වටේ තලල පස්සෙ කතාවට බහින එකේ රසය ( සහ පඳුර වටේ තලනවා යන වචනය ) මම දැක්කෙ ඔබාම ( ඔබ්සවර් මයා) ගෙ පෝස්ට් වල. ඉන් පස්සෙ හැලප කඩේ. ඉතින් මාත් ඒක ටිකක් ට්‍රයි කරන්න හිතුව ( ඒ උනාට ඒක්නෙ කතාව ටිකක් දික් උනා ).ලංකාවට ධනාත්මක චින්තනය, මිනිස් සිතේ හාස්කම් වගේ විෂයයන් අර අරුණි ...

මගේද, උගේද, නැතිනම් අපේද? අරූ කුඩු ගෙනාවට මොකෑ මම ගහනවයැ...? ඒ හින්ද මට ඌ එක්ක අවුලක් නෑ..!ඉතින් ඌ වෙඩි තියල මැරුවෙ මාවයැ..? මට මොකෝ...මට ඌ එක්ක අවුලක් නෑ..!අරූ කොමිස් ගන්නෙ මගෙ සල්ලියැ...?ඔන්න ඔහෙ කරගත්දෙන්.. මට ඌ එක්ක අවුලක් නෑ..! ඒ මිනිහ අල්ලගත්තෙ මගෙ ඉඩමයැ....?ඒක උන් උන් බේර ගත්දෙන්...මට ඌ එක්ක අවුලක් නෑ..!අර මිනිහ දූෂනය කලේ මගෙ දුවයැ? අනික ඌ මට මොනතරන් උදව් කලා කියලද..ඒ ...

ඇනෝ කෙනෙක් ගැන ඔත්තුවක් මේ දවස්වල නැගල යන ඇනෝ අධි වසංගතය සහ කට්ටියම ඒ ගැන ලින දේ නිසයි මේ කතාවත් කියන්න හිතුනෙ. මේක සමහරවිටක ඒ ඇන ඇනෝබ්ලොග්/කමෙන්ට් කරුව කවුදැයි හිතාගන්න උදව් නූනත් යම් උදව්වක් කරයි කියල මට හිතෙනවමේ මට උන සිද්ධිය අනෙක් සහෝදර බ්ලොග් කරුවන්ට ගහපු මඩ වගේ ඇදෙන්නෙ නැතුව හිමීට වැලලිල ගියාට මොකෝ මේ උන දේ ගැන මට නිකං අමුතු සැකයක් තියෙනව ...

මකබාස් ආර්කිටෙක්ට්ස් ආර්කිටෙක්ට්, ආකියො යන පද වලින් හඳුවනු ලැබූවන් කලකට පෙර සමාජය හඳුනා ගත්තේ ගෘහ නිර්මාණ ශිල්පීන් යන නමිනි. එහෙත් පසුව පාලිමේන්තු පනතකින් තම වපසරිය මෙන්ම නමද වෙනස් කරගත් මොවුන් අද හඳුන්වන්නේ "වාස්තු විද්‍යාඥයින්" ලෙසටය.. ඉස්සරනම් වාස්තු යන්න කේන්දර හා ගැළපුන යමක් උවද අද එය වෙනස්ම කතාවකි. කොටින්ම පාරම්පරිකව කේන්දර හා වාස්තුවිද්‍යාව කරගෙන හම්බුකරන් කෑ මුත්තලාටද දැන් "ආකි" ඇම් ඇස් සී ...

නාන්න යනවද නාගන්න යනවද? අද ජාතික ආරක්ෂක දිනයයි. මීට වසර අටකට පෙර සිදුවූ ඒ මහා ව්‍යසනයෙන් වූ හොඳ කීපයක් ඇතිනම් එයින් එකක් වනුයේ ආපදා කළමනාකරනය ගැන වැඩි අවධානයක් ඇතිවීම සහ එහි ප්‍රථිඵලයක් ලෙස ජාතික ආරක්ෂක දිනයක් ප්‍රකාශයට පත්වීමයි. එහෙත් කණගාටුවට කරුණ වන්නේ දහසකුත් එකක් දින වලින් පිරි අපේ කැලැන්ඩරයේ මේ දිනය මඳක් අවධානයට යොමුවන්නේ තවම ඉතුරුව ඇති සුනාමි මතක නිසා පමණක් වීමයි.ලෝක විනාශය ...

ලංකාවෙදි සේෆ්ටි ට්වෙන්ටි ෆස්ට්ද? සාමාන්‍යෙන් දියුණු සහ සංවිධිත ඉදිකිරීම්, නිෂ්පාදන ක්ෂේත්‍රවල වැඩ කරන අය නං දන්නව සේෆ්ටි ෆස්ට් කියන සංකල්පය. ඒ වගේම දියුණු රටවල සියළු පොදු සේවා වලදිත් මේ දේ ක්‍රියාත්මක වෙනව. අනික මිනිස් ජීවිතයක තියෙන වටිනාකම්, අනික් සියල්ල කල යුත්තේ ආරක්ෂාවට මුල් තැන දෙමින් බව වගේ කරුණු දියුණු රටවල සංකල්පයක් හැටියටම මුල් බැහැල තියෙනව. ඒත් අවාසනාවකට අපේ අටේ තත්වෙ මොකද්ද. රට දියුණු ...

බඳින්න කලින් බලන්න ඕනෙ A,B,C,D,E,F,G,H දන්නවද? මතකනෙ මීට කලින් මම ලිව්ව බඳින්න හොඳ නැතිගෑණු කව්ද කියල සහ ගෑණුන්ගෙ හතර හිනා ගැන. ඒ ලින්ක් එකටම මේකත් දාන්න ඕනෙ කියල හිතුනෙ ඩූඩ් ගෙ ඉන්දියානු විවාහ ගැන තිබ්බ පෝස්ට් එක දැක්කමයි. ඒත් මේ ගැන කියන්න කලින් මේක මට කියල දීපු අල්ලපු රටේ යාළුවො ගැන යමක් නොකිය කොහොමද?ඉන්දියානුවන් හැටියට හඳුන්වගන්න ඒ මහා භූමියෙ ඉන මිනිස්සුන්නෙ භාෂා, ආගම්, විස්වාස, සංස්කෘතීන්ගෙන් ...

රජුන් ගැයූ ගී...! මලගෙවල් වල කතා පවත්වන්න තියෙන අකමැත්ත නිසාම බුද්ධියගෙ කඩේ වැහිල්ල ගැන මොනාවත් එතන නොකියට ආවට ඇත්තටම වැඩේට හිතට අමාරුයි. මොනා උනත් ඌ නොහිටින්න මගේ කාටුන් එකක් වෙන කාට කියල ඇඳ පබ්ලිෂ් කොරගන්න කියලද. එහෙව් සයිබර් යායට කෙල උන එකට මෙන්න මගේ සාතිෂය කෝපය සහ බලවත් විරෝධය!ඇත්තටටම වැඩ නිසා ටික දවසක් නොලිය උන්නම ලියන්න හිතෙන්නෙම නැති එකනෙ අප්ප කරුමෙ. ඒත් ...

ඔබේ සෙනෙහෙන් යළි උපන්නෙමි! ගිය මැයි මාසෙ තිබ්බ අම්මගෙ උපන්දිනේට සුභ පැතුවට මොකද ඊට දින කීපෙකට පස්සෙ ආපු තාත්තගෙ උපන්දිනේ අමතකවෙන්න ඉඩ ඇරල කරපු වරද කොයි තරම් ලොකුද කියල මට හිතුනෙ අද උදෙයි. අවුරුදු හැත්ත හතරක් ඉවර වෙන තාත්ත අපෙන් Happy Birth Day Dad..! කියල කාර්ඩ් එකක් බලාපොරොත්තුවෙන්නෙ නෑ කවදාවත්ම කියන එක මම හොඳිම්ම දන්නව. ඒත් දුර රටක ඉන්න තමන්ගෙ ලොකු පුතා උදේ ...

මම අද දාපු පෝස්ට් එක ගොඩක් බ්ලොඩ් රෝල් වල අප්ඩේට් වෙලා නෑ කියල කියපු හින්ද ඔන්න ආයි පොඩි අතුරු පාරක් කැපුව. බලන්න එහෙනම් මේකෙ ගියාම ඔය ෆීනික්ස් කුරුල්ලගෙ අහවල් එක පේනවද කියල! ...

මූ ෆීනික්ස් කුරුල්ලෙක්ද ට්‍රොජන් අස්පයෙක්ද? මේ ඊයෙ පෙරේද අපේ බ්ලොග් අවකාසෙට වැඩපු නල්ලමලේ ෆීනික්ස් කුරුල්ල දැක්කද? මට නං ඒකගෙ වැඩ කිඩ දැක්කම හිතුනෙ එක අතකට අෂ්රෆ් ඔමාර් උන්නැහෙ ෆීනික්ස් වෙනුවට බ්‍රැන්ඩික්ස් නම ගත්ත එකෙත් ලොකු අරුතක් තීනව කියල. මොකද ෆීනික්ස් කුරුල්ල කියන්නෙ තමන්ගෙ ආයු කාලෙ ඉවර උනාම තමණුයි කූඩුවයි දෙකම ගිණිඅරන්, ආයි ඒ අළු වලින්ම අළුත් ජීවිතයක් අරං නැගිටින සතෙක් මිස, අනුන්ගෙ ජීවිත අළු ...

ටිකක් හිනා ගස්සන්න එන්න කියා බ්ලොග් කරුවන් අන්දන "බ්ලොග් සක්විති” - අභීත හෙවත් අබේ පාල මාමා මීට මාස දෙකකට පමණ පෙර එක් සිකුරාදා දිනෙක මට ලැබුන ඇමතුමකි."මචං ඉන්දික, මට ලොකු උදව්වක් ඕන මචං, මම හදිසි වැඩකට හිර වෙලා ඉන්නෙ. උඹට පුළුවන්ද මට සල්ලි ටිකක් දෙන්න"එක් වරම උඩ බිම හිතා ගන්නට බැරි උනේ මේ හදිසියේ මූ මොකාට එන්න හදන්නේදැයි සිතාගත නොහැකිවය."මචං මම ටැක්සි දෙකක් දානව, ඒකට පොඩි ඩිපෝසිට් එකක් තියන්න ඕන. මගේ පේමන්ට් එකක් හිර වෙලා, සඳුදට ...

අද සෑ තමයි සෑ! අවුරුදු දෙකහමාරකට පස්සෙ අලුත උපන් පැටියයි පරණ පැටියයි උංගෙ අම්මයි එක්ක අපි තුන්දෙනා හතරක් වෙලා ලංකාවට එනව නිවාඩුවකට.මං හිතන්නෙ මේ වගේ නිවාඩුවලට වෙන්නැති සිංහලෙන් "අන්වයින්ඩ්" කරගන්න එනව කියන්නෙ.මුහුදෙ නාල, කුරුම්බ බීල, කොස් සමග කරවලයි කුරිඤ්ඤං කොල මැල්ලුමුයි කාල හිතේ හැටියට නිදා ගන්න හික්කඩුවෙ මහ ගෙදර යන්න, බබා හම්බ වෙන්න කලින් හාමිනේට ඉටු කොරගන්න බැරි උන කිරිය කෑමේ දොළ සංසිඳුවගන්න ...

අවශ්‍යතාවය සහ ප්‍රෝඩාව අතර වෙනස! ලියන්න වෙලාව නොතිබ්බට මොකද නොලිය ඉන්න හිත දෙන්නෙම නෑ.ඒත් මේක දැක්කම යමක් නොකිය කොහොමද කියල හිතුන.අද සමහරුන්ට පරිසරය රකින එක විලාසිතාවක් වෙලානෙ. මේකත් එහෙම දෙයක්.මේ අපි දැනට කරගෙන යන ප්‍රොජෙක්ට් එකකට අවශ්‍ය ලී වලට ලැබුනු ඔෆර් එකක්. බැලූ බැල්මට මේකෙ වරදක් නොපෙනුනාට, මෙතන තියෙන ලොකුම විහිළුව මේකයි.(පින්තූරෙ උඩ දෙපාරක් කොටල සූම් කරල බලන්න.)මේ මිලගනන් දීල තියෙන ලී ප්‍රමාණය ගන්න සාමාන්‍යෙන් ...

සෙල්ලංද කොල්ලෝ ( කෙල්ලො ) මීට අවුරුදු දෙකකට ඉස්සෙල්ල කම්මැලි කම නැතිකරගැනීමෙ උපායක් විදියට, එහෙමත් නැත්තං ඇමරිකානු ආර්ථිකයට හැදුන උන නිසා නිව්මෝනියාවෙන් පෙලිච්ච අරාබියෙ වැඩක් නැතිව නිකං උඩ බලං ඉන්නොකට බෙල්ල රිදෙන එක නවත්තගන්න, ඒ වගේම මටත් ලියන්න බැරිද, මුං කරපුවද අපි කොරල තියෙන්නෙ, එව්ව ඇහුවොත් මුං කොර, වගේ පොර මමත්වයත් හින්ද ලියන්න ගත්ත මේ මඟුලට දන්නෙම නැතුව අවුරුදු දෙකකුත් වෙලා. වැඩ අඩු කාලෙ සතියට ...

මොනා ලියන්නද,  මොනව කියන්නද! මොනා ලියන්නද,මොනව කියන්නද!කිවයුතු සියල්ල කියල,ලිවිය යුතු ටික හංගගෙනඔහොම හොරාටකලබලේම නික්මගිය කොට!කවදාවත් දැකල නැති,කටහඬවත් අහල නැතිඋඹ වෙනුවෙන් මෙහෙම දුකක්!ඔබා අය්යෙ, අපි හැමෝගෙම පින් ගන්න තරන් පින්කරල තිබ්බ උඹට නිවන දුර වෙන්නෙ නැහැ. ...

විරූපිනියගේ වෙසක් පැතුම. බොල්ලැ වූ දත් දෙපළමුක්කංමේ නහය යටකළු වලින් පිරි මුහුණඅඳුරු ඇස් ගෙඩි පිරුනලෑලි මගෙ පිටිපස්සපැතලි උන පපු අස්සකෝටු කටු වූ වටොරමොකෙක් නම් පිළිගද්දඑහෙව් මගෙ සුවඳ මල්භාවනා සිල් දහම්පුදෙන් ලද පින් බලෙන්පතමි යනු දෙව් ලොවටනොවේ මට සැප පිණිසනොලද මේ හිමි භවේකඩමි බඹුගේ බොටුවදුන් කමට රති හැඟුම් ...

Previous Page