උඩඟු කඳු මුදුනටවගක් නැති බව දැන දැනනිතර ළඟ දැවටෙන වළාකුල දුටුවේද නුඹ?කඳු මුදුන අතහැරරිදෙන ගමනක් යන්නටහිත හදාගෙන, මොහොතක් හැඬූ හැටි දුටුවේද නුඹ?

ඉඳහිටක දුර ඉඳන් හඬන හඬහීන් සරකින් සවන වැකෙනවාළඟ ඉඳන් සනහන්න නොහැකි දාසිනහවක් වී කඳුළු පිසිනවාමඟ දෙපස මා නිතර යනෙන අතනුඹේ රුවම දෙනෙත් ළඟ පිපෙනවාදෝතකට නෙලන්නට නොහැකි මුත්දුර තියා නුඹේ සුවඳ දැනෙනවානිදි නොනිදි අතර මැද නතර වීහීනයක කොණක නුඹ තැවෙනවාදෑත දිගු නොකර හදවත වසාකඳුළු නොගැනම සිනහ මවනවා ...

ගිනිගත්තු දහවලේවළා සළුවක එතීසිනාසෙන මං සෙවූ අහස ඇත අඳුරු වී හවස් කල එළඹෙද්දී තවත් ඉවසනු නොහී අනෝරා වැසි එවාමහා හඬින් හඬන්නී

මට හිටිය ගමන් හිතෙනවා ඔලුව හැරුණු අතේ යන්න. එහෙම හිතෙන්නේ පිස්සු තියෙන අයට කියලා මම දන්නවා. ඒත් මට පිස්සු නැහැ. පිස්සෝ තමන්ට පිස්සු නැහැ කියලා කියන බවත් මම දන්නවා. යනවට නෙමෙයි, ඇත්තටම ඔලුව හැරුණු අතේ යන්න පුළුවන්ද? ඔන්න අපේ පාර දිගේ කෙළවරට මුලින්ම ඇවිදගෙන යන්න වෙනවා. තාම ටික ටික සීතල තියෙන නිසා කබායක් ගෙනියනවද.. නිකම්ම ඇඳගෙන ඉන්න ඇඳුම පිටින් යනවද? ...

රාත්‍රිය නොඑළඹීදිගම හැන්දෑවක්ලා අඳුරේ මඟ හොයනඑක කදෝකිමියෙක්මොහොතකට හිත පොඟායළි දුවන වැස්සක්සුසුම් මෙන් බර නැතත්පුංචි පවනැල්ලක්!

රටා නැති රටාවක් කවුළුවේ හීතලදැනෙන විට මා කොපුලටමතක් වෙයි හෙමිහිටවරුවක්ම මෙතැන උන් බවහුස්මකින් මීදුම බැඳුණු වීදුරු මතුපිටඇඟිලි තුඩගින් අඳිනෙමිරටා නැති රටාවක් හැඩ

පුංචි යකා හිටියේ කොට්ටම්බ ගහේ තුන්වෙනි දෙබලේ. අඟල් හයක්වත් නැතිවුණාට නෙරපු බඩගෙඩියයි, කොට මහත කකුල් දෙකයි නිසා ටිකක් භයංකර පෙනුමක් තිබ්බා. ගොඩක් නෙමෙයි- පොඩ්ඩක් විතර. සමහරවිට කට දෙපැත්තේ තිබුණ ඇබින්දන් දළ දෙක හින්දා වෙන්නත් ඇති. දෙබලේ තිබ්බ පොඩි බෙනේ තමයි පුංචි යකාගේ ගෙදර. එහෙම කිව්වට බෙනේට ගියේ මොරසූරන වැස්සකදී විතරයි. ගොඩක් දවස්වලට රෑට නිදාගත්තෙත් අත්තක් උඩ තරු දිහා බලාගෙනයි. මොකෝ ...

කවුළුවෙන් පෙනෙන ඉම විසල් තණබිමක් ඇතසේලයක් සේ වැස්සඇද වැටෙන දවස් ඇතදුර ඈත නෙත රැඳෙනඉසිඹුවන් බොහෝ ඇතවැහි නැතත් වැහි වැටෙනදිලිසෙනා දෙනෙත් ඇත

වැහි සුන්දරයි මේ වැස්සමල් පොකුරු පිස වැටෙනතුරු වදුල සෙවන දීඅපව ඉඳහිට තෙමනමලක් නටුවෙන් මිදීදෙපා මුළ හිස තබන අතරමං වැහි බිඳක්නුඹේ නළලත රඟන

නෙතු රිදෙන මානයේ මා නොදැක, නුඹ හිඳින ඇඟිලි තුඩු අගින් හිස යළි යළිත් අවුල්වන ඇදුම්කන නෙතු සඟල වසා මොහොතක් සිතන සුසුම් නොහෙලා හැරෙමි හෙටයි හිනැහෙන දවස

ඉස්ඉස්සෙල්ලාම මුද්දක් ගන්න යද්දී ඇස් ගිනි කන වැටිලා තිබ්බේ. කඩේදී නෙමෙයි.කඩේට යන්න කළින්ම. වෝග් එකේ වාඩිවෙලා වටපිට බලද්දී නිකම් කලන්තේ වගේ දැනුනා. ඒ තරමට මෝස්‌තර. අන්තිමට වරුවක් ගිහින් එකක් තෝරා ගත්තා. උදවු කරපු ගෑනු ළමයා මූණේ ගැලවෙන්නේ නැති හිනාවක් අලවාගෙන මයි හිටියේ. මට ඒ වෙලාවෙත් හිතුනා මොකද මෙයා මෙතරම් හිනාවෙන්නේ කියලා. ඒත් හරියටම තේරුනේ නැහැ. "මේ ඇඟිලි හරි පුංචියි නේ!" ...

නයිස්ට නම දැම්මේ කවුද දන්නේ නැහැ. ඒ නම තිබුණ වෙළඳ දැන්වීමක් නම් ඒ කාලේ තිබුණා.නයිස් නිදාගන්නෙත් පුංචි කන් දෙක උස්සගෙනමයි. "නයිස්.. නයිස්.." කිව්වහම කොහේ හිටියත් පණ කඩාගෙන දුවගෙන එනවා.සමහරවිට වෙන නමක් කිව්වත් දුවගෙන එයි. ඒත් හැමෝම කිව්වේ නයිස් කියලා. සිරිදාස අයියාට "උපකුලපති" කියලා නම දැම්මෙත් කවුද දන්නේ නැහැ. ඒත් නයිස්ගේ නම වගේ නෙමෙයි, මේ නමට නම් හේතුවක් තිබුණා. අධ්‍යයනාංශේ කා.කා.ස ...

මීදුමේ මඟ සොයාදුර ඇදෙන හැමදාමනුඹ සුවෙන් නිදි ඇතැයි හිතෙනවාදහස් ගව් දුර ඇතත්කෙහෙරැල්ල අවුල් කරමොහොතකට නුඹේ හිස සිඹිනවාඉර බහින හවස් කලඋණුහුම්ම තේ සමඟනුඹේ සිනා මතකයක් එබෙනවානුඹ සිටින දහවලේඑක පුංචි හුස්මකින්නළලතේ ඩා බිඳිති මකනවාරැයේ මැදියමට පෙරනිදි නෙතට නුඹ පැමිණසිහින මැද වෙහෙසවී පෙනෙනවාවිඩාබර දෙනෙත වෙතඑළි බිඳක් ගෙන එන්නසිනහවක් වී දෙතොල රැඳෙනවා ...

පෙනෙන නොපෙනෙන දුරින්හිතේ මුල්ලක නිදනනුඹ නොආ හැමදිනමඇඟිලි තුඩගින් අනිනමතක අහුලා ගෙනත්හිත මැදම ගොඩගසනතනිකමත් සුමිතුරෙකි මා දමා දුර නොයන

හිරු කෙඳිති එකතු කරඅවුල් කෙහෙරැල් බඳිමි දස අතම ඇවිද ගොස් මල් කැකුළු කිති කවමිතුරු මුදුන් හිනස්සාවියලි පත් බිම හලමිආ මඟක් උන් තැනක්ලකුණු හංගා මැකෙමි

ගලපගන්නටත් පෙර පැතුමක්ගිලිහුණා ආකහෙන් තරුවක්ඉස්සිලා පා ඇඟිලි තුඩු අගින්නාස් කොණ තබද්දී හාදුවක්..දිලිසුණා දඟ දෑස පතුලතේ තරුවත්.. නොපැතූම පැතුමත්!

Previous Page