Image courtesy: openclipart.org කලින් බ්ලොග් සටහනේ අන්තිමට අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රමයට කිව්වා වගේම ලෝක විනාශය සිද්ධ නොවුණු නිසා මට තව චිරාත් කාලයක් බයික් එකේ යන්න එන්න පුළුවන්. ඒ නිසා ඔළුවට ආපු තවත් බයික් හෑල්ලක් 2012 අවුරුද්ද ඉවර වෙන්න කලින් ලියල දානවා. මේ බ්ලොග් සටහන වෙන් වෙන්නෙ මෝටර්සයිකල් ධාවනයෙදි ගොඩක් අය නොදන්නා ඒත් වැදගත්ම යමක් ගැන සිංහලෙන් පොඩි සටහනක් තියන්න. මෙච්චර කාලයක් ...
ශාකුන්තලගෙ සටහන් පොතේ බ්ලොග් සටහනක් මේ ලියැවෙන්නෙ 2011 අවුරුද්දෙ මාර්තු තුන් වෙනිද testdisk ගැන ලිව්ව සටහනෙන් පසුවයි. එදා ඉඳලා අවුරුද්දකුත් මාස අටකටත් පස්සෙ තමා මේ සටහන ලියවෙන්නෙ. ඒ කාලය ඇතුළත බොහොමයක් දේවල් වෙනස් වෙලා වගේ... බ්ලොග් ලියවනෙ මාතෘකා වෙනස්, සිංහලෙන් බ්ලොග් ලියන්නත් අළුතෙන් ගොඩක් අය එකතු වෙලා, ඒ විතරක් නෙමෙයි Google Blogger සේවාවත් සෑහෙන දියුණු වෙලා. මාත් එක්ක ඒ දවස් ...
මම නිහඬව හිටපු කාලේ කරදර වුණා කියල මම කිව්වනෙ මගෙ ඕවර්හීට් වෙච්ච බ්ලොග් පෝස්ට් එකෙන්... මේ ඒ කරදර වලින් එකක් තමා. අවදානම් ඇක්ස්පැරිමන්ට් කරන්න ගිහිං මගේ ලැප්ටොප් එකේ හාඩ් ඩිස්ක් එකට තවත් වරක් කෙළැ වී ගියා. කොහොම කොහොම හරි මේකට විසඳුම මතක් වුණා ටිකක් වෙලා ගිහින්. ඒ තමා Testdisk කියන අපූරු මෘදුකාංගය. --- මගේ හාඩ් ඩිස්ක් එකේ /home partition එක පත සයිස් එකක්. ...
ආයුබෝවන්,... ශාකුන්තලගෙ සටහන් පොතේ පිටුවක් මේ අළුතින් ලියැවෙන්නෙ මාස ගණනාවකට පස්සෙයි. පහුගිය කාලේ මට ටිකක් විතර කරදර කාලයක් වුණු නිසා ටිකක් නිශ්ශබ්දව ඉන්න තීරණය කළා. ඒත් ඉතිං ජම්මෙට වඩා පුරුද්ද ලොකුයිනෙ. ඒ නිසා ආපහු ලියනවා Blog! නිතර නිතර මගේ අඩන්තේට්ටම් වලට ලක්වෙන ලැප්ටොප් එක ගැන වචනයක් කියන්නම් අද සටහනට පූර්විකාවක් විධියට. මම මේක ගත්තේ 2007 අවුරුද්දෙ දෙසැම්බර් මාසෙ දෙවෙනි සතියෙ දවසක. Acer Aspire 4315 වර්ගයෙ ලැප්ටොප් ...
ආ........යිබෝ.........ං........! අර.... ශාකුන්තල කියල එකෙක් හිටියෙ... අන්න ඒකා නින්දෙන් නැගිටලා ඇවිත් තමා මේක ලියන්නෙ... බ්ලොග් සීන් එකෙන් පොඩ්ඩක් විතර ඈත් වෙලා ඉඳලා කස්ටියට මාව අමතක වෙන්න ගිහිනුත් ඇති... තවත් නිශ්ශබ්දව හිටියොත් සින්ඩියෙන් නිළ වශයෙන්ම මාව පන්නන්න ඉතිරි වෙලා තියෙන්නෙ තවත් දවස් හතරක් නිසා මොකක් හරි තේරුමක් ඇති දෙයක් සටහන් කරල යන්න තමා මේ පැත්තෙ ආපහු ආවේ. :D මේ බ්ලොග් එක ...
විකිපීඩියා කියන්නෙ මොකක්ද කියල අමුතුවෙන් හඳුන්වල දෙන්න අවශ්‍ය නැහැනේ... අද මම කල්පනා කළා මේ ඕනෑම කෙනෙකුට වැඩිදියුණු කළ හැකි, ලොව වැඩි දෙනෙක් විශ්වාසය තබන, ලොව විශාලතම නිදහස් විශ්වකෝෂය ගැන පොඩි විස්තරයක් සරලව ලියන්න. ඇත්තෙන්ම කියනව නම්... මේ දවස් වල විකිපීඩියාවට ශාකුන්තලගෙ බැල්ම වැටිලයි තියෙන්නේ... :P මට විකිපීඩියාව සෙට් වුණෙත් හරි අපූරු විධියකට. විකිපීඩියාවෙන් අපමණ දේවල් මෙතෙක් ගත්තට අබමල් රේණුවක දෙයක් ඒ ...
2010 අප්‍රේල් 15 අපේ පවුලේ අයටත්, මින්නේරියේ ඥාතීන්ටත් විශේෂ දවසක්. 15, 16 දින දෙක ඇතුළත මාතර – තිස්ස - කතරගම ආශ්‍රිතව පොඩි විනෝද චාරිකාවක යෙදෙන්න අපට හැකි වුණා. ඒ අතරේ ආගමික සිද්ධස්ථාන කීපයක් වන්දනාමාන කරගන්නත් අපේ අය අතපසු කළේ නෑ. ඉතින් ගමනෙදි සිද්ධ වුණු රසවත් ආතල් සිද්ධි කීපයක් ගැන මතක් කරන්නයි මේ සටහන. කිසිම ආගමකට ගැරහීම මගේ අරමුණ නොවෙයි. නමුත් අන්ධ ...
ආයුබෝ...! ආයෙමත්, ටික දවසකට පස්සේ ඔන්න ආවා බ්ලොග් එක පැත්තේ. මේ ලියමන තාක්ෂණය සම්බන්ධ එකක් වුණාට මේක කියවන්න ගීක්ලා වෙන්නම ඕනෙ නෑ. :-) මේ ලිපියේ කොටස් දෙකයි... පූර්වභාගය මගේ අත්දැකීම්... අපර භාගය සමාජයට පොඩි පණිවුඩයක්. මම සම්පූර්ණයෙන්ම ලිනක්ස් වලට මාරු වෙලා දැන් මාස දහයකටත් කිට්ටුයි. මේ කාලය ඇතුළත මම අළුතෙන් බොහොමයක් දේවල් ඉගෙනගත්තා. “වෙනස් වීම” – බැරැක් ඔබාමා දිනවූ වචනය – ...
මට මෑතකදි පොඩි පහේ චාන්ස් එකක් සෙට් වුණා අපහු වතාවක් GTA Vice City සෙල්ලම් කරන්න. ඒ අතරෙදි මාර සිරා දෙයක් දකින්න ලැබුණා. ඉතිං ඒකත් ඔන්න ඔහෙ දානව බ්ලොග් එකේ................ මේ කියන නගරේ තියෙනවා Malibu Club කියලා මාර සිරා නයිට් ක්ලබ් එකක් නොහොත් රාත්තිරි සමාජ ශාලාවක්. හැබැයි මේකේ නං මහ ගිනි දවාලෙත් තැටිජොකී පාටි තියෙනවා... :D ඉතිං පොඩි පහේ වැඩකට සෙට් වෙලා ඉන්න ...
මගේ අහවල් කාව්‍යකරණය ගැන ලිව්වට පස්සෙ ගොඩක් දවසකින් මේ පැත්තෙ එන්න බැරි වුණා. මාර්තු අවසාන වෙන්න කලියෙන්වත් මොනව හරි නොලිව්වොත් සිංහල බ්ලොග් කියවනයෙන් මාත් විසික් වෙයි එළියට. කොත්තුවෙන් නම් තාම දොට්ට දාලා නෑ.. :) (මාස තුනක් ඇතුළත නොලිව්වොත් සිංහල බ්ලොග් කියවනයෙන් එළියට... :| මාස දෙකක් ඇතුළත නොලිව්වොත් කොත්තුවෙන් එළියට.... :| ) මට මතකයි 2009 අවුරුද්දෙත් බ්ලොග් ලිවිල්ල පටන් ගත්තෙ ටික දවසක නිහැඬියාවකට ...
කාව්‍යකරණයක් ගැන නොවැ මං කියල තියෙන්නේ... කලා රසයෙන් යුත් කවි දෙපදක් රස විඳින්න හිතාගෙන මේ පැත්තෙ ආපු අයගෙන් මුලින්ම මං සමාව අයදිනවා... නෝනාවරුනි, මහත්වරුනි.... ඔබේ බලාපොරොත්තු කඩවෙනවා. :-) පරිගණක ක්‍රමලේඛණයට අධික ඇල්මක් දක්වන නිසා ඒක මට දැනෙන්නෙ කාව්‍ය රචනයක් වගේ.... මම දන්නෙ නෑ අනිත් අයටත් එහෙමද කියල. එදිනෙදා ඇති වෙන ලොකු - පොඩි ගැටළුවකදි ශිල්ප දාලා program කෑල්ලක් අටවගන්න එක පරිගණකත් ...
කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් සංවිධානය කරන ලද "අසෙනිය කුසුම" සාහිත්‍ය උත්සවයේ එක් ඉසව්වක් වූ, ප්‍රථම වරට පවත්වන ලද සිංහල බ්ලොග්කරණ තරඟාවලියේදී ශාකුන්තලගේ සටහන් පොත හොඳම බ්ලොග් අඩවිය ලෙස සම්මානයට පාත්‍ර වූ බව හිතවත් පාඨක ඔබ වෙත දැනුම් දෙන්නේ හද පිරි නිහතමානී සොම්නසිනි. අසෙනිය කුසුම සාහිත්‍ය කලා උළෙල කොළඹ රාජකීය විද්‍යාලයේ නව රඟහලේ දී පසු ගිය ...
වෙබ් අඩවියක් පරිපාලනය කරනවා (website administration) කියන්නෙත් හරියට නැවක කපිතන් තනතුරේ ඉන්නව වගේ වැඩක්. හැම දෙයක් ගැන ම හැම ආකාරයකින් ම විමසිල්ලෙන් ඉන්න ඕනේ. ඇතුළතින් - පිටතින් දෙපැත්තෙන්ම එන සතුරු ප්‍රහාර වලට මුහුණදෙන්න ඕනේ... අන්තර්ගතය ගැන බලන්න ඕනේ... සෙවුම් යන්ත්‍රත් එක්ක තියෙන පළහිළව් විසඳන්නත් ඕනේ.... වෙබ් අඩවියෙ ප්‍රතිපත්තිත් (policies) එක්ක මේ වැඩ රාජකාරි ප්‍රමාණය අඩු වැඩි වෙන්නත් පුළුවන්. හරි.... එමුකො මාතෘකාවට. මගේ ...
අද කියන්න යන්නේ තාක්ෂණය හා සංගීතය සම්බන්ධ කාරණයක්. මගේ දෛනික අත්දැකීම් අතරට එකතු වෙන තවත් එක අත්දැකීමක්. බළලුන් ලවා කොස් ඇට බෑවීම ට ආදේශකයක් හොයන අය මේ ලිපිය කියවන්නෙ නැතුව මගේ Flickr සේයා දහර පැත්තේ ගිහින් බලන්න. :D තාක්ෂණික දේවල් කියවන්න අකමැති නම් සටහනේ අන්තිමේ ඇති දෙසවනට හා දෙනුවනට රසවිඳින්න යමක්. තාක්ෂණික මාතෘකා අප්පිරියා වගේ නම් මඟැහරල ඔහොමම යන්න පහළට. පොප්, රෙගේ ...
ඉඳලා ඉඳලා ආපහු අහම්බෙන් පොඩි චාන්ස් එකක් ආවා බ්ලොග් සටහනක් ලියන්න. අද කියන්න යන්නෙ අනවශ්‍ය ඇඟිලි ගැසීම් වලින් තමන්ගෙ පරිගණකයෙ මෙහෙයුම් පද්ධතියත්, GRUB එකත් ආරක්ෂා කරගන්නෙ කොහොමද කියන එක. ගොඩක් අය දන්නවනේ පරිගණකයෙ CD/ DVD/ USB වලින් බූට් කරන්න පුළුවන් විධියට BIOS සැකසුම් සකසලා තිබුණොත් වැඩේ විනාසයි කියලා... ලිනක්ස් Live CD එකකින් බූට් කරලා gksu nautilus ධාවනය කළාම මුළු හාඩ් ඩිස්ක් ...
අදත් ඉතින් සිරිත් පරිදිම ලිනක්ස් තමා. මේ ලියමන ලිවිල්ලෙන් මට කිසිදු ලාභ ප්‍රයෝජනයක් නෑ... හුදී සිංහල ජන සමාජයේ යහපත සහ පහසුව තකා සටහන් කරනවා. ශාකුන්තලගේ සටහන් පොත කියවන අයටයි වාසිය. :) ලිනක්ස් වලට නවක අය වෙනුවෙන් අද කියලා දෙන්නේ මූල කේත (source code) ආකාරයෙන් බෙදා හැරෙන මෘදුකාංග ස්ථාපනය කරන ආකාරය ගැන. මේ සටහන ලියන්න මෑතකදි මගේ එක බ්ලොග් සටහනකට ලැබුණු ...
අද මගේ බ්ලොග් එක කියවන අයට පොඩි script එකක් ලැබෙනවා... MP3 වල bitrate අඩු කරගන්න පුළුවන්. ඒක පිටපත් කරගෙන තියාගන්න. ප්‍රයෝජනවත් වෙයි. සටහන කියවන්න කම්මැලී වගේ නම් මෙන්න බාගන්න ඒක. :) මාතෘකාවෙම තියෙනව ටිකක් නේද මහ අමුතු බර වචනයක් -- ප්‍රති-කේතාංකනය. බය වෙන්න එපා.. මේ යෙදුම මෙතනට ගැළපෙනවද කියල මමවත් දන්නෙ නෑ :D . Re-encoding කියන ඉංග්‍රීසි යෙදුමට සුදුසු සිංහල වචනයක් ...
අද ලියවෙන්නෙ පොඩි හාඩ්වෙයාර් කතන්දරයක්. IDE හාඩ් ඩිස්ක් ලෙඩ ගැන. මෑතකදි ලබපු එකම විධියෙ අත්දැකීම් දෙකක් නිසා මේක ලියන්න හිතුණෙ මේ ගැටළුව තවත් අයට ඇති වෙලා තියෙන්න ඇති කියල හිතුණු නිසා. හැබැයි ඉදිරියෙදි ඇති වීමේ සම්භාවිතාව අඩුයි... මොකද දැන් IDE කියන දේ භාවිතයෙන් ඉවත් වෙලා SATA ඇවිත්නේ.. :P මම මුලින්ම පාවිච්චි කළ මැසිමේ කොටස් වලින් නොවෙනස්ව තාමත් තියෙන්නෙ නිවෙස්නයයි තඩි CRT ...
මගේ බ්ලොග් එකේ ලියවෙන ගොඩක් සටහන් වලට දාන්නෙම හරිම අමුතු මාතෘකා. කලකට කලින් රෙද්ද උස්සල බලපු හැටි මතකනේ.. :P මේකත් එහෙම එකක්... සුපුරුදු පරිදි ටෙක් නෝට් එකක්. තවත් අළුත් අත්දැකීමක් ලබපු හැටි තමයි විස්තර කරන්නේ... මුලින්ම ගළපගමුකෝ මේ අමුතු කතන්දරේ... පාලම තේරෙන බාසාවෙන් කිව්වොත් bridge එක... නිකම් bridge නෙමෙයි network bridge. එතකොට ආවේශ වෙනව කිව්වෙ? ආවේශ වෙනව කිව්වෙ remote desktop ...
ලිනක්ස් වැඩ කිඩ ලිවිල්ල නං එපා වෙන්නෙම නෑ. මේකත් එහෙම එකක්. මේ සති අන්තෙ ගෙදර එද්දි අපේ බාල මලයා මට වැඩ වැඩි කරලා. :P ඒ ගැන පස්සෙ කියන්නම්. කෝකටත් කලින් වැදගත්ම දේ මාතෘකාව. අද කියන්න යන්නේ මම කරපු පොඩි අත්හදා බැලීමක් ගැන. ඒ මගේ 4 GB flash drive එකට කියාරම්භක (bootable) හැකියාව ලබා දුන්න එක. දැන් කස්ටිය කියයි 'ආපෝයි.. ඕකත් වැඩක්ද ...