මීට අවුරුදු 2600කට පෙර ලොව පහලවූ මහා උත්තමයෙක් සියළු ප්‍රශ්නවලට උත්තරයක් හොයාගත්තා. අනාතෙන් අනාතයට පත්වූ ලෝක සත්වයාට  එකම නාථ මාර්ගය පෙන්වලා දුන්නා. පිලිවෙතක් කියලා දුන්නා. ඒ මහා උත්තමයා කියා දුන් ආකාරයට අපි අද පිළිවෙතින් පෙළ ගැසෙන්නේ කෙසේදැයි පහත දී ඇති ලින්ක් එක මගින් යොමුකරන අති දුර්ලභවු ධර්ම දේශනාවෙන් දැනගමු. 2600 සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළගැසෙමු – [...] ...

(ප්‍රක්ඥා ඉන්ද්‍රිය අනෙකුත් ඉන්ද්‍රියන් වලට වඩා බලවත් පුද්ගලයන්ට) ලෝක සත්වයාට යම් පැවැත්මක් වටිනවා කියලා නිගමනය කිරීමට එය ඇසුරු කරගෙන යම් අස්වාදයක් ගොඩ නැගිය යුතුයි. රූප ආස්වාද, ශබ්ද ආස්වාද, ගන්ධ ආස්වාද, රසාස්වාද, ස්පර්ෂ ආස්වාද, ධර්ම ආස්වාද යන හය ආකාරයක් මුල් කර ගනිමින් ලෝක සත්වයා ආස්වාද භුක්තිය විඳියි. මෙබඳු ආස්වාදයන් ප්‍රිය මධුර ලෙස නිගමනය කිරීමට නම් ලෝක [...] ...

“අප ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් සාරසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පෙරුම්පුරා අවබෝධ කරගත් අප්‍රමාණ වූ ධර්මස්කන්ධයෙන්, සියලු ලෝවාසීන්ගේ හිත සුව පිණිස දේශනා කොට වදාළා වූ සුඅසු දහසක් ධර්මස්කන්ධය අතරේ මේවන විට අර්ථ විපරීතව සැඟව ගිය දහම් කොටස් බොහෝ වන අතර, මෛත්‍රී භාවනාවද ඒ අතර වූ ඉතා සුවිශේෂී වැදගත්කමක් ඇති දහම් කොටසකි. බුදුන් වහන්සේ විසින් දේශනා කොට වදාළ [...] ...

පහන් එලියත් එලියක්, බල්බ් එලියත් එලියක්, හඳ එලියත් එලියක් අවසානයේ ඉර එලියත් එලියක්. නමුත් මේ කිසිම එලියකට හිරු එලියට සමකරන්න බැහැ. ඒ වගේම තමයි බුදුපියාණන්වහන්සේගේ සිව්පිළිසිඹියා ඥාණය. දහම් වල අර්ථය.. ධර්මය මොකද්ද අධර්මය මොකද්ද යන්න .. ඒ ඒ පද වල වෙන් වෙන් වශයෙන් කියු අර්ථ සහ ඒවා ධර්මානූකූලව තේරුම් ගැනීමේ හැකියාව යනුවෙන් අර්ථ, ධම්ම, නිරුක්ති [...] ...

“යො පටිච්චසමුප්පාදං පස්සති සො ධම්මං පස්සති යො ධම්මං පස්සති සො පටිච්චසමුප්පාදං පස්සති” යමෙක් පටිච්චසමුප්පාදය දකීද ඔහු ධර්මය දකී එසේම යමෙක් ධර්මය දකීද ඔහු පටිච්චසමුප්පාදය දකි. යන බුදුවදනට අනුව දහම් අවබෝධය ලැබු පුද්ගලයකු පටිච්චසමුප්පාදය දැකිය යුතුය. නමුත් බොහෝ දෙනා සිතා සිටින පරිදි එම ධර්මාවබෝධය ලැබු තැනත්තා, අවිද්‍යා පච්චයා සංඛාරා ආදි පදපෙල දැනගෙන සිටිය යුතුද ? පද [...] ...

“මනන්ච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥාණං” මන ධර්මයන් හා ගැටීමේදි මනෝවිඥාණ උපදි යන සිද්ධානතයට අනුව මනෝ විඥාණ වලට රූපස්කන්ධයක් සම්බන්ධ වන්නේ කොහොමද ? ඒ වගේම බුද්ධ දේශනාවේ තියෙනවා “රූපයෙන් තොරව, වේදනාවෙන් තොරව, සංඥාවෙන් තොරව, සංඛාරයෙන් තොරව, විඥාණයක් ‍තිබිය නොහැක”. ඒ අනුව රූපයක් මුල්විය යුතුමයි. එසේ නම් ඉහත ප්‍රශ්නය මේ ගැඹුරු දේශනාවෙන් විසඳා ගනිමු. ...

අසම සමවූ බුදුරජාණන් වහන්සේගේ චරියා රටාව පිළිබදව සියලු ආකාරයෙන් තේරුම් ගන්න පුළුවන් සමතෙක් තුන් ලෝකෙවත් නැහැ. ඒ හැකියාව ඇත්තේ තවත් ලොව්තුරා බුදු කෙනෙකුටම පමණයි. සියළු ආකාරයෙන් පූර්ණ වුනු කිසිම තැනක වරදක් අඩුපාඩුවක් නැති චරිතයක් බුදු රජාණන් වහන්සේට තිබුනේය යන්න බුද්ධ දේශනා වලින්ම දැක ගන්න පුළුවන්. “මහණෙනි, නුඹලාට බයක්, තැති ගැනීමක්, ලොමු දැහැ ගැන්මක් ඇති වුණහොත් [...] ...

සාමන්‍යයෙන් බෞද්ධ දරුවකු පූජා ස්ථානයකට එක්කගෙන ගිය දෙමව්පියො පිළිම වහන්සේ පෙන්නලා “මේන්න පුතේ බුදුහාමුදුරුවෝ,  සාදු! කියන්න” කියළා කියනවා අපි ඕන තරම් අහලා ඇති. ඒ වගේම සාදු කාර තුනක් දෙනවත් අහලා ඇති. තවත් අහල ඇති සාදු කාර තුනකට පස්සේ හතරවෙනි දිගට එක ඇදලා කියන සාදු කාරයකුත්. නිකමට හරි කවුරු හරි ඇහුවොත් ඇයි උඹලා සාදු කාර දෙන්නෙ කියලා, [...] ...

‘පින’ හෙවත් ‘පුණ්‍ය’ යනු සිත කය වචනය තුළින් කැරෙන යහපත් ක්‍රියාය. එම හොඳ කටයුතු කරන විට ඒ පුද්ගලයා සම්පත් ලබන්නෙක් වෙනවා. විස්තර සහිතව පවසන විට දාන, සීල භාවනා පින්දීම පින් අනුමෝදනාව, බණ ඇසීම, බණ දෙසිම, පිදිය යුත්තන් පිදීම, වතාවත් කිරීම, දෘෂ්ටිය සෘජුකරන කටයුතු ලෙස දහයකට බෙදේ. මේවා දස පුණ්‍ය ක්‍රියාය. මීළඟට අපි දැනගත යුත්තේ කුසල [...] ...

අනිමිස ලෝචන පුජාව කියන්නෙ මොකක්ද අහපුවාම සතියක් ඇහිපිය නොහෙලා බෝධීන් වහන්සේ දිහා බලාගෙන හිටියා කියපු කතාව තමයි අපට උගන්නලා තියෙන්නේ. ඇයි එහෙම කලේ කියලා ඇහුවොත්‍ පිට දෙන්න හේතු වෙච්ච නිසා කළගුණ සැලකීමක් හැටියට එය කළා කියල කියනවා. එ‍ත‍කො‍ට‍ ඉ‍දගෙන හිටිය ආසනයට කොච්චර කල ගුණ සලකන්න ඕනෙද‍ කි‍ය‍ල‍ත්‍ ස‍ල‍ක‍ලා‍ බ‍ල‍න්‍න‍ ව‍ටි‍න‍වා‍. ඇත්තටම උන්වහන්සේ සතියක් නිකන් බෝධිය [...] ...

Previous Page