බොදු බල සේනා සංවිධානයට එරෙහි ව "ධර්මය" නඟා සිටුවන බවට ශපථ කරමින් කැඳවුම් කෙරුනු විරෝධතාවක් ඊයේ පොලිසියේ මැදිහත් වීමෙන් අඩපන කොට විසුරුවා හරිනු ලැබුවා. Buddhists Questioning Bodu Bala Sena නමින් හැඳින්වුනු Facebook පිටුවක් වටා ගොනු වුනු මේ විරෝධතාකරුවන්ගේ ප්‍රකාශිත අරමුන "බොදු බල සේනා සංවිධානය ධර්මයට එකඟ ව ක්‍රියා කරන්නේ ද?" යනාදී ප්‍රශ්න ගනනාවක් මතු කොට "ධර්මය" සහ බොදු බල සේනාව ...

බල මාලු කෑමෙන් ජපනා බුද්ධිමතෙකු වූ සැටි අනාවරනය කරන්න ඇමැති විමල් වීරවංශ මහතා සමත් වීම ජාතියේ භාග්‍යයක්. මුල්ලේරියාව ප්‍රදේශයේ කිසියම් ස්ථානයක දී මේ පිලිබඳ අදහස් දක්වා ඇති අමාත්‍යවරයා ජපනාගේ දියුනුවේ රහස අධ්‍යාපනය සහ කෑම බීම රටාවේ වෙනස බව පෙන්වා දී තිබෙනවා. ලෝක යුද්ධයෙන් කුඩුපට්ටම් වී ගිය ජපානය දියුනුවෙන් දියුනුවට ගියේ එහෙමයි.මේ වන විට අධ්‍යාපනය "වෙනස් කිරීමේ කටයුත්ත" සැලකිය යුතු දුරකට ...

කමල හසන් අධ්‍යක්ශනය කල විශ්වරූපම් සිනමාපටය මුලින් තාවකාලික ව තහනම් කල ශ්‍රී ලංකා ආන්ඩුව පසු ව තහනම ඉවත් කර තිබෙන බවට ආන්ඩු ගැති, උද්දාමිත සිරස්තල ලියූ උදවිය පුවත ඇතුලේ මුල්ලක හංගා දැමූ, ඇතැම් විට නිසි සේත් නොලියූ කරුනක් තියෙනවා. ඒ තමයි දැන් චිත්‍රපටය නිල වසයෙන් ම මෙරට තුල වාරනයට ලක් ව තිබෙන බව. මා මෙහි දී අදහස් කරන්නේ චිත්‍රපටිය නිසා ...

ඒරොන් ශ්වාර්ට්ස් ඒරොන් ශ්වාර්ට්ස්ගේ මරනය පසුගිය මාසය පුරා අන්තර්ජාල වාසීන් අතර ආන්දෝලනයට මෙන් ම බලවත් සන්තාපයට ද තුඩු දුන් සිදුවීමක් වුනා. අද හැක්ටිවිස්ට් යනුවෙන් හැඳින්වෙන, අන්තර්ජාලය පාදක කරගත් ක්‍රියාධරයන් අතර ඔහු ප්‍රමුඛයෙක්. ගෙල වැල ලාගෙන සියදිවි හානි කරගන්නා විට ශ්වාර්ට්ස් ඉතා දුශ්කර නඩු විභාග ක්‍රියාදාමයක් තුලින් ගමන් කරමින් සිටියා. ඇමෙරිකා එක්සත් ජනපදයේ MIT ආයතනය තුල සිට JSTOR වෙබ් අඩෙවියෙන් ශාස්ත්‍රීය හා පර්යේශන ...

වවුල් කර්ම වවුලෝ එන්න පටන්ගත්තේ රාත්‍රී අහස දැක්වෙන දර්ශනයක් මැද දී නිසා ඒක ඇත්තට ම චිත්‍රපටියේ කොටසක් ද නැද්ද යන්න මුලින් ම හිතාගන්න අමාරු වුනා. "අන්න වවුලො!" මට පසුපස පේලියේ ඒ වන විටත් උස් හඬින් කතාබස් කරමින් උන් කල්ලියෙන් එකෙක් කිව්වා. ටික වෙලාවක් යනතුරු දෙගිඩියා සහගත මුනුමුනුව පැවතුනත් අන්තිමේ දී උන් අපේ හිස්ගෙඩිවලට උඩින් ඔබමොබ යන්න ගත්ත නිසා වවුලන් චිත්‍රපටියේ නො ව ...

I just received a phone call from the number 011 454 3301. It was a pre-recorded election campaign message from a UNP parliamentarian. The message was very short and abrupt. He wanted me to vote for a candidate who's contesting the upcoming provincial council election. And he stopped without even saying goodbye. (It's not that I will be happy to ...

පියසීලී විජේගුනසිංහ "නිවැරදි කර ලඟට ගැනීම" ප්‍රවීන මාක්ස්වාදී කලා විචාරිකා පියසීලී විජේගුනසිංහ අභාවප්‍රාප්ත වී දැන් වසර දෙකක් වෙනවා. විචාරිකාවක වසයෙන් ඇගේ භූමිකාව අගයන්නත් ලිපි ලියන්නත් සැලකිය යුතු සෙනගක් පෝලිමේ පැමිනි අතර ඈ පිලිබඳ අනුස්මරන ලිපි සංග්‍රහයක් ද පසුගිය වසරේ පල වුනා: මනෝ ප්‍රනාන්දු සංස්කරනය කල පියසීලී විජේගුනසිංහ සමාචාර. අද (2012 සැප්තැම්බර් 3) තවත් පොතක් දොරට වඩිනවා. එය ඇගේ සාහිත්‍ය විචාර ලිපි එකතුවක්; සංස්කරනය කොලඹ විශ්ව විද්‍යාලයේ ...

මේ බ්ලොග් අඩෙවියේ පැරනි ලිපිවල තියෙන ඇතැම් සබැඳි (links) කල් ඉකුත් වී බිඳී ගිහින් බව පේනවා. එයින් ඇතැම් ඒවා දැනටත් ඉතා ම ප්‍රයෝජනවත්. සබැඳුම් පල කර කලක් ගත වූ විට ඒ ඒ වෙබ් පිටු එක්කෝ වෙනත් ලිපින කරා ගෙන යාම නිසාත් නැත්නම් සම්පූර්නයෙන් අන්තර්ජාලයෙන් චුත වීම නිසාත් මේ තත්වය හටගන්නවා. සමහර පුවත්පත් පවා සිය ලිපිලේඛනවල ලිපින නිශ්චිත ව තබාගැනීම ගැන ...

මීට පෙර ලිපියේ සාකච්ඡා වුන සංගීතය සහ ඡායාරූප කලාව "බල්ලාට යාම" පිලිබඳ ප්‍රශ්නය හා සම්බන්ධ යි.දුරාතීතයේ පටන් කලා නිර්මාන විතරක් නෙමෙයි සමස්තයක් වසයෙන් පතපොත ලිවීම සම්බන්ධ කටයුතු සියල්ල ම සිදු වුනේ "කොපිරයිට්ස්" හෙවත් "ප්‍රතිරූපන අයිතිය" සහ "බුද්ධිමය දේපොල" පිලිබඳ සම්මුතීන්ගෙන් හා නීතිවලින් සමන්විත ලෝකයක නෙමේ. එවැනි සංකල්ප වර්ධනය වී නීතිගත වී තහවුරු වුනේ ඉතා මෑතක. අදහස්, නිර්මාන නැවත නැවත එහාමෙහා ...

වචන හත්සිය පනහේ ලිවිල්ල: 750 words දිනපතා ලිවීම, පරිවර්තනය හා සංස්කරන කටයුතුවල යෙදෙන්න වීම ඇතැම් විට බොහෝ ම වෙහෙසකර කාර්යයක්; විශේශයෙන් මුද්‍රනය සහ වෙනත් මාධ්‍ය සඳහා ලියවිලි සකස් කිරීම. ඒ වගේ තත්වයක් තුල තමුන්ගේ ලිවීමේ පදම තියාගැනීම වගේ ම ලිවීමේ සතුට තියාගන්න එකත් අභියෝගයක්.Writing Challenge by Gene Wilburn (cc by-nd-sa)අනිත් අතට අදහස් සංවිධානය කරගන්න, වැඩ ගැන ශබ්ද නඟා හිතන්න අවශ්‍ය වෙනවා. මේ වගේ වැඩවලට හැම අතින්ම ...

මම: හලෝ! ඉතිං ඉතිං? කොහොමද? ඔයාගෙ අලුත් කවිය මම දැක්ක. ඒක හරිම බලවත්. අර අර ... ... .... කොටසට මම හරි ආසයි. මම නිතර ම ඒව කියවනව.කවියා: ආහ්, කියෙව්වද ඒක? තෑන්ක් යූ! (සතුටින් ඉල්පෙයි) කොච්චර දෙයක්ද ඒව කියවන කෙනෙක් හම්බු වෙන එක. සමහරු කියෙව්වත් මොකුත් කියන්නෙවත් නෑනෙ. අනික් ඒව දෙකතුනක් ම රාවයෙත් ගියා.මම: ඔයාගෙ ෆොටෝග්‍රැෆි මෙච්චර දියුනුයි කියල මම දැනගෙන ...

මා ප්‍රිය කරන පැරනි බ්ලොග්කරුවෝ සහ බ්ලොග්කාරියෝ නිහඬ ව ම හුඹස්වලින් එලියට ඇදෙනවා. ගරු මන්ත්‍රීතුමන්ලා අපට සිහිගන්වන්නේත් බ්ලොග් අඩෙවිවල කියැවූ කතා තමයි. එවැන් උතුමන් කෙලිදෙලෙන් පසු වුනත් පූසෝ තව ම නිදි. ඉර පායයි. සඳ බබලයි. කුරුල්ලෝ කැදලි කරා පියාඹති. සම්මතයෙන් ඔබ්බට ගිය ඇතැම් විටෙක දේවල් වඩාත් රසවත්. "Paradoxically though it may seem, it is none the less true that life ...

25 වැනි දා පේරාදෙනිය විශ්ව විද්‍යාලයීය එලිමහන් රංග පීඨයේ දී ට්‍රෝජන් කාන්තාවෝ නරඹන්න ලැබුනා. වැහිබර කාලගුනය ද නොතකා එදා ම විශේශයෙන් දුවගෙන ගියේ 1999 පටන් අඛන්ඩ ව වේදිකාගත කෙරුනු මේ නිශ්පාදනයේ අවසන් දර්ශනය එය බවට ආරංචියක් ද තිබුනු නිසයි. අතුරු සිදුරු නැති ව පිරී ඉතිරී සිටි ප්‍රෙක්ශකයින් අබියස ධර්මසිරි බන්ඩාරනායකයන්ට විශේශ තිලිනයක් ද ප්‍රදානය කෙරුනා. කෙටියෙන් සභාව ඇමතූ ඔහු දශක ...

වැරදි හොයන්න මම බොහොම දක්ශයි; විශේශයෙන් අනුන්ගේ වැරදි. මේ බ්ලොග් අඩෙවියේ වැඩියෙන් ම තියෙන්නෙත් නානාප්‍රකාර වැරදි ගැන විවේචන කියලයි මට මේ මොහොතේ කල්පනා වෙන්නේ. රන්ධ්‍ර ගවේශීභාවය ඒ තරම් ප්‍රසන්න දෙයක් නම් නෙමෙයි. ඒත් මේ මට අලුතින් මතක් වුනු එවැනි වැරදි වර්ගයක්. කිසියම් පොතකින් විස්තර කරන්න අදහස් කරන පරිසරයට, රටතොටට හා සංස්කෘතියට එතරම් සමීපත්වයක් නැති වුනාම ලේඛකයින් අතින් ඇතැම් විට මේ ...

පසුගිය මාස දෙක පුරා මම සති තුන බැගින් පමන දික් වූ ඊමේල් විරාම දෙකක් ගත්තා. පරිගනකයෙනුත් අන්තර්ජාලයෙනුත් හැකි උපරිමයෙන් ඈත් ව ඉන්න සිදු වුනා. මේ සියල්ල මගේ අත්වල මැනික්කටු හා වැලමිටට බලපාන අන්දමින් හටගෙන තිබූ ආර්එස්අයි රෝග තත්වය නිසයි. පරිගනකය මතත් ඊමේල් මතත් මොන තරම් තදින් රඳා පවතින්න පුරුදු වී තියෙනවා ද යන්න වැටහුනේ මේ කාලය තුල යි. පරිගනකය සම්බන්ධ ...

උසස් අධ්‍යාපන ඇමති එස්. බී. දිසානායක මහතා සෞන්දර්ය විශ්ව විද්‍යාලයට සිසුන් ඇතුලත් කරගැනීමේ ප්‍රායෝගික පරීක්ශනය අහෝසි කිරීම ගැන බොහොම දැඩි අදිටනක ඉන්න බව 15 වැනිදා පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී පෙන්නුම් කලා. මේ ගැන ඔහු දක්වමින් ඉන්න හේතුව අරුම පුදුම එකක්. ඔහු කියන්නේ මේ ප්‍රායෝගික පරීක්ශනයේ බොහෝ ම අක්‍රමිකතා සිදු වන බවට සිසුන්ගෙන් තමන්ට පැමිනිලි ලැබී ඇති බව යි. ඉතින් ඒ ...

පසුගිය වසර අග ශ්‍රේශ්ඨාධිකරනය දුන් නියෝගයකට අනුව යන බව කියමින් "වෙබ් අඩවි ලියාපදිංචි කිරීම" අරඹා දැන් සෑහෙන කලක් වෙනවා. මාර්තු අග ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශය නිකුත් කල නිවේදනයකට අනුව - මාර්තු 29 දින අවසර ලද අඩෙවි 13ක් ද ඇතුලු ව - ඒ දක්වා ලියාපදිංචි කොට සහතික ලබා දී තිබෙන වෙබ් අඩෙවි සංඛ්‍යාව 40ක්. නමුත් ඊට පෙර ජනවාරි 13 වැනි දා ...

ගිය සතියේ පල වුනු කටුගෙයි කෙරුවාව ගැන ලිපියේ මම මෙහෙම කතාවක් ලිව්වා: "මේ චිත්‍ර සම්බන්ධයෙන් ප්‍රශ්න දෙකක් තියෙනවා. ඒවා පිටපත් කරපු කලාකරුවා සම්බන්ධයෙන් තිබුනු ඓතිහාසික වැදගත්කම එකක්. ඔහු මියපරලොව ගිහින් නිසා නැවත ඔහු ලවා චිත්‍ර අන්දන්න අමාරුයි(මේක නාථ දෙවියන් වැනි විකල්ප මාධ්‍ය මගින් පුලුවන් ද බැරිද නොදන්න නිසයි කෙලින් ම බෑ කියල නොලිව්වේ)."අද කාලේ සිද්ද වෙන දේවල් ගැන කල්පනා කරද්දී ...

පොත් හමුවීම, කියැවීම, බෙදාගැනීම සහ DRM ආදිය ගැන... පසුගිය වසරේ සම්මුඛ සාකච්ඡාවකට එක් වූ ප්‍රවීන ගත්කරු නීල් ගේමන් ඉතා සිත්ගන්නාසුලු දෙයක් ප්‍රකාශ කලා. ඔහු කිව්වේ තමන් ලියූ පොත් අන්තර්ජාලය හරහා හොරෙන් බාගැනීම අන්තිම හොඳ වැඩක් කියල යි. මේක වැඩිදුරටත් පැහැදිලි කල ගේමන් එසේ බාගැනීම කෙනෙකුගෙන් පොතක් කියවීම සඳහා ඉල්ලාගැනීමට (borrowing) සමාන කලා. ඔහු මෙවැනි "පයිරසි" වැඩ ගැන කනිපින්දම් කියූ අයගෙන් ප්‍රශ්නයක් ඇහුවා. "ඔබ ඔබේ ප්‍රියතම ලේඛකයා හොයාගත්තේ කෙලින් ...

Previous Page