නෙතින් හෙළනා නුරා බැළුමන් බිඳුනු පැතුමන් අවදි කරවයි සුසුම් සුවඳින් අකීකරු හිත මතක මංපෙත් අතර දිව යයි නටඹුන්ව ගිය  සොඳුරු පෙම් ලොව සුවඳ කුසුමක් යළිදු පොපියයි නමුත් දැන් මා ඔහුගෙ පමණයි අහිංසක සිත රිදනු නොහැකියි.... මේකෙ පිරිමි වර්ශන් එකත් ලිව්වා.. ඇඳ යටට වැ‍ටුනා වෙන්න ඕන.. උදේ වෙද්දි නෑ... :( Image http://www.123rf.com/photo_6192742_woman-s-shoe-and-man-s-boot-in-love-with-two-red-roses.html ...

අතීතයේ මුළු ලොවම සිය අණසකට යටත් කරගෙන සිටි රාවණා  රජුගේ රහස් මුළු ලොවටම හෙළි කළ වර්ගපූර්ණිකාව බ්ලොග් අඩවිය ඇමරිකාවෙන් වසා දමා ඇත.  එමෙන්ම වර්ගපූර්ණිකාවේ කතෲ තුමා අතඩංගුවට ගෙන ඇත. එම නිල නිවේදනය පහතින්..  සමහරවිට මේ ලිපිය කියවන විට එතුමා මේ ලිපියේ අග ඇති රාවණා රජුගේ මන්ත්‍රයකින් CIA එකේ අම්මා මුත්තා දක්වා දූරිභූත කර නැවත අඩවිය ලබාගත්තා වීමට ඉඩ ඇති හෙයින් ...

මම කාලයක් පාට් ටයිම් වැඩ කරපු තැනක හිටියා කොරියන් කාරයෙක්. අපි මිනිහට කියමු ජුං කියලා. අර මාරයාගේ ජුංඅලයා නෙවයි, මූ  ජී-ජුන්ග්. ඔන්න එක දවසක් පොර මට කියපි මුගේ යාළුවෙක් ඇවිල්ලා ඉන්නවා කොරියාවේ ඉඳලා මෙහේ පදිංචියට,  ඌ බලන්න යමු කියලා. මටත් ඉතිං සති අන්තය වැඩි වැඩක් තිබුණෙ නැති නිසාත් එතැන ඩියුටි ‍ෆ්‍රී අයිටම් තිබීමේ සෑහෙන්න ලොකු සම්භාවිතාවත් තිබුණ නිසාත් මමත් කකුල් ...

මාතෘකාව දු‍ටුවනම සිහියට නැඟුනේ හැටේ දශකයේ සිට අනූව දශකය දක්වා සිංහල චිත්‍රපට ගීත කලාව හා ජෝතිපාලයන් නම්, ඔබ වැරදියි. මේ කුඩා සටහන් පෙළ ලියැවෙන්නේ ඉංගිරිසියෙන් හා වෙනත් බස් වලින් මුල් ගැයුම් ඇති, ඉන්දීය සංගීතවේදීන් විසින් අනුකරණය කොට නැවත ගැයුනු ගීත පිළිබඳවයි.  හැටේ හා හැත්තෑවේ සිංහල චිත්‍රපට ගී තරම් අනුකාරක ගී  ප්‍රමාණයක් නොවුණත් සැලකිය යුතු තරමක් වෙනත් අනුකාරක ගීත බොලිවුඩ් ගී ...

සුබ නව වසරක් වේවා.. පහුගිය අවුරුද්දෙ පටන්ගත්තු වැඩක් තියෙනවා නේ ඉවර කරන්න. මතක ඇති ටෙලි නාට්ටි ගී කියල පොඩි සෙග්මන්ට් එකක් ඇදගෙන ආවා. මේන්න මේකෙං ඒ නඩලම ඉවර කරන්නයි හදන්නෙ. මතකත් නෑ නෙ මොනවද දුන්නෙ කියල.. මේං මේවයිං පුලුවනි බලාගන්න. ටෙලි නාට්‍ය ගී මුල් කොටස ටෙලි නාට්‍ය ගී දෙවැනි කොටස ටෙලි නාට්‍ය ගී තෙවැනි කොටස ටෙලි නාට්‍ය  ගී සිව්වැනි කොටස ...

අද තමයි ලෝක පයි දිනය. කල්පනා කරල බැලුවොත් ඇයි අද පයි දියන කියල හිතාගන්න අමාරු වෙන එකක් නෑ. අද පයි දිනයෙ පයි වෙලාව තමා එකයි පනස් නවයයි තත්පර  විසි හය!  මේ සටහන පයි ගැන අමුතු අමුතු කාරණා සොයන්නන්නට. පයි ගැන ඔබ තුමන් ලා දන්නා වැඩි විස්තරත් කොමෙන්‍ටුවකින් දාලා යන්ට. 1. පයි කියන්නේ දැනට ලෝකයේ වැඩියෙන්ම භාවිතා වන දෙයක්. පයි කියන්නේ ...

පළමු කොටස දෙවැනි කොටස මේ තුන්වැනි කොටස..හා මම හිතන්නේ මම කැමතිම සින්දු ටිකක් තියන කොටස.. සුසීමා ටෙලිය දැනට ලංකාවෙ වැඩිම සින්දු ගණනක් තිබුණු එක වගෙයි මට හිතෙන්නේ. සින්දු පහක් හෝ හයක් තිබුණා. මේ දැනට මගේ ළඟ තියෙන, සොයා ගැනීමට ලැබුණු ඒවා..සියළුම ගීත වල නිර්මාණකරුවා ක්ලැරන්ස් මහත්තය තමා. දේවතාවන් සිතන දේවල් - ක්ලැරන්ස් - සුසීමා තේමා ගීතය දෑස පියාගත් කල මට ...

 පළමු කොටස ගංගා හා නිශ්ශංක ටෙලි නාට්‍යයේ සිනා පිපෙනා මේ වසන්තය ගීතය අදටත් ඉතා ජනප්‍රිය වග නොකිව මනාය. ලක්ශ්මන් විජේසේකර හා සමිතා මුදුන්කො‍ටුව ගායනයෙන් දායකවූ මෙහි මුල්පිටපත පහතින් ඇසිය හැකියි. සිනා පිපෙනා මේ වසන්තය - මුල් පිටපත පැරණි ටෙලි අතර සැරිසරද්දී නිල්මිණි තෙන්නකෝන්, රවින්ද්‍ර රන්දෙනිය, අජිත් ජිනදාස, අසෝකා වනමලී ඇතුළු නළු නිළි පිරිසක් රඟපෑ කුමාරයාණෙනි ටෙලිනාට්‍යය මතකයට නැගේ. ...

මේ වීඩියෝවෙ තියෙන එකම විශේෂත්වය නදීක ගුරුගේ හා ඉන්ද්‍රචාපගේ විශිෂ්ඨ හඬ පාලනය හා වාදනය විතරක් නෙවයි. අනිත් ඉන්න සැට් එක ඒක රස විඳින ආකාරයත් මේකෙන් නියමෙට පේනවා. රසවින්දනය පුද්ගලානුබද්ධයි. සෑහෙන්න හොඳ උදාහරණයක් මේක. නදීක ගුරුගේ කියන්නෙ මට හිතෙන විදියට අමුවෙං ගහනවා, එහෙම නැත්නං බොක්කෙං ගහනවා, කියන ලෙවල් එකේ සංගීතවේදියෙක්.  වැඩිය ජනප්‍රිය නැතිවුණත් සැබෑ දක්ශයෙක්. බලල බලන්න. අහල බලල විතරක් මදි ...

මට මතක විදියට අන්තිමට ලංකාවේ ටෙලි නාට්‍යයක්   හරියට බැලුවේ  මීට අවුරුදු අටකට විතර කළින් වෙන්න ඕන. අනූව දශකයේ අගින් පස්සෙ සෑහෙන්න හොඳ රස වින්දනයක් වගේම සමාජයට වැදගත් පණිවුඩත් ‍රැගෙන ආපු ලාංකීය ටෙලි නාට්‍ය කලාව වාණිජකරණය වී ගොන් පාට් බවට පත්වූයේ අපිටත් නොදැනීමයි. අනේක විද අකුරු පහේ, හතරේ, තුනේ, දෙකේ ගැහැණු නම් වලින් පිරුණු  ලංකාවේ ටෙලි ගැන දැන් මට ඇත්තේ කළකිරීමක් ...

සිරිල් ටියුඩර් ප්‍රනාන්දු, නොහොත් සී.ටී. ප්‍රනාන්දු ශ්‍රී ලාංකික පොප් සංස්කෘතියේ නිර්මාතෲ යැයි මට සිතුනේ වරක් දෙවරක් නොවේ. ග්‍රැමෆෝන් යුගයේ අවසාන කාලසීමාවේදි ශ්‍රී ලාංකික ශ්‍රාවකයන්ට "අමුතු" යමක් කිරීමට සී.ටී. ප්‍රනාන්දු සමත්වූ වග මාගේ හැඟීමයි. ඔහුගේ තනු වලට හා හඬ හැසිරවීමට ඉංගිරිසි තනු/ගීත වල ආභාශය නොඅඩුව ලැබී තිබුණද පද රචනා ව තුලින් ඔහු සිංහල රසිකයාගේ සිත දිනාගැනුමට සමත්විණ.  පල්ලියේ ගායක ...

මේ තරම් වූ මා පෙලූ මෙදා මීවිතක් වී ආදරේ එදා මා දුටූ ඒ රුවේ රූ සිනා සිහිවේ කෝ ඈ නෑ මෙදා මා දිහා ආදරෙන් බලා ගේ කොනේ හී හැංගිලා හැංගිලා ආලෙන් බලා ආයෙත් ගියා තාමත් නෙත් ඒ ගේ දිහා ඒ සිනා ඒ ආදරේ සිනා මා සිතේහී හැංගිලා හැංගිලා මේ වාරයේ ඈ ආ දිනේ මේ ගී වේ ආරාධනා.. සඳයි තරුයි අහසෙ ...

පෙර රජ දවස වැවු දාගැබ් ගණන් කොට ගල් කණු අතර හප කරමින් බුලත් විට ඇවිදින විටත් නිදියන දූ පුතුන් ලද මේ මගෙ නිජබිමයි ලෝකෙන් උතුම් රට කහට කෝප්පේ පොගවා ගිලින්නට පාන් කෑල්ලක් යදිනා දනන් හට ඇස් නැත සිදුව ඇති දේ ගැන දකින්නට එනමුත් මගෙ රටයි ලෝකෙන් උතුම් රට රැවටී සුවහසක් බොරුකාරයින් හට පාඩම් ලබා නැත යුග යුග ගනන් සිට දෑසේ ...

ඇසුණත් නෑසෙන දු‍ටුවත් නොදකින නුඹෙ තුන් සිත වැසෙනා අපේ නටඹුන් ප්‍රේම නගරේ වන්දනාකරු මා.. වන්දනාකරු මා.. පහුගිය දවසක පලාමල්ල ලියන පිස්සා කොමෙන්ට් එකක් දාල ගුණදාස කපුගේ මහත්තයගෙ නෑසෙන ගී ලිපියට මෙන්න මෙහෙම..! "වැම්ප උබ ගාව තියෙද ?? ප්‍රේම ... මට මතක නෑ බන්... ප්‍රේම මන්දිරේද මන්ද.. කපුගේ ගේ" මොකේද දං වළඳන්නේ කිව්වලු.. මෙහෙම කිව්වට මතක් වෙනවැයි... මේං ඊට පස්සෙ.. මතක් ...

 (ඊමේලයකින් ලැබුණකි, කතෘ නොදනිමි) ඔන්න ඉතින් ඇම්ඩන් ස්කොලේ ගිහින් ඉවර නිසා පොඩි ජොබ් කට්ටක් හොය හොය ඉන්න කොට, ජොබ් එකක් සෙට් උනා පේදුරුතුඩුව දෙවුන්දර තුඩුව බස් එකක කොන්දොස්තර කෙනෙක් විදියට, ඉතින් මිනිහා හරිම උනන්දුවෙන් තමයි මේ ජොබ් එක කරන්නේ, මිනිහා ඉතින් මාර අසයි බයිලා අහන්න, බස් එකේ යන එන හැම වේලාවෙම මිනිහා බයිලා කැසට් අහනවා, දවසක් ඇම්ඩා බස් එකේ ඇන්ටන් ...

කිකිණි වැල් ගිගිරි දැල් රසය ගල ගලා හඬද  ඒ එන්නෙ මේ සුළගෙ මුසුවෙලා පිපෙන කුසුම් පිපීයන් නොපිපුණු මල් පිපීයන් සඳ කැල්මෙන් නැහැවිලා  වන දෙව්ලිය හිනැහියන් ආදරේ ආදරේ ගඟුල බිහිවෙලා වසන්තයේ සුළං ‍රැල් දිගන්තයේ හමාවී ආදරයේ ගීතිකා සතර දිගින් ඇසේවී ආදරේ ආදරේ ගඟුල බිහිවෙලා සශී පෙරේරා, ශෙල්ටන් පෙරේරා මක් කිව්ව.. ශෙල්ටන් පෙරේරා අඳුරන්නෙ නෑ? එහෙනං පට්ස් ගාල මෙතනින් බලාගෙන එන්න.. පටිගත  ...

පළමු කොටස පෙබරවාරි දහසයවැනිදාට යෙදෙන ව්ජය ගුණානුස්මරණය නිසාවෙනි.අසූවේ මුල්බාගයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරී දේශපාලන ගමනට සමුදෙන විජය ශ්‍රී ලංකා මහජන පක්ෂය ලෙස නව පක්ෂයක් පිහි‍ටුවාගනී. එකළ ශ්‍රී ලාංකික සිනමාව තුළ පැවති අර්බුධකාරී වාතාවරණය සමථයකට පත් කරනු වස් විජය දැරූ තැත මොනවට පැසසුම් කටයුතුය. එල්ටීටීයේ අත්අඩංගුවට පත්වූ පාබල හමුදා සොල්දාදුවන් මුදාගනුවස් විජය ගත් උත්සාහයත්, යාපනයේ ...

සුනිල් එදිරිසිංහ කියපු ගමන් මතක් වෙන සිංදු ගොඩක් තියෙනවා නේද? පාරු පාළමෙන්, සඳකඩ පහනක, ශිල්ප සොඳින්, සොර දෙ‍ටුවෙක් වගේ ඒවා.. සාමාන්‍යයෙන් මම නෑසෙන ගී රස ලේබලය යටතේ යොමු කරන්නේ එතරම් ජනප්‍රිය නොවුන එහෙත් දෙවරක් අහන්නට සිතෙන ගීත. පහතින් ගීත 4ක් තියනවා, අහල බලන්න. . එම්පීත්‍රී සබැඳුම් www.mp3srilanka.com දරමිටි බැඳගෙන නියඟය අවුලා සූරිය දෙවියෝ වැඩ ඉන්නේ වැවට දිරාගිය කඳ උඩ ඉඳගෙන ...

කපුගේ ගේ නෑසෙන ගී කිහිපයක් ............... අහන්න බලන්න මේ සඳේම සෙවනැල්ලේ අප හමුවූයේ මේ සඳේම කඳුලැල්ලේ අප වෙන්වූයේ සීත හිමවතේ හමන මාරුතේ සීත හිමවතේ හමන මාරුතේ මේ වගේම සිහිලැල්ලේ අප තනිවූයේ දෑස බොඳ වෙලා දෙසිත ගොළුවෙලා දෑස බොඳ වෙලා දෙසිත ගොළුවෙලා මේ වගේම ‍රැයක එදා අප වෙන්වූයේ කුලරත්න ආරියවංශ, රෝහණ වීරසිංහ පියාඹන්න අවසරයි පියාපතද සැහැල්ලුයි ඉතින් නිල් අහස මගෙයි මගේ ...

Previous Page