:: ප්‍රේමාකෘති :: එම්බා ප්‍රේමය ..!මෙහි එව.නැත..!නොමරිසිය නුඹ දැහැන් අදමම මේ මෙතැන හොඳ සිහියෙන්මිඅද නම් කෙසේවත් මත් නොවෙමිඉඳින් ..!දැන් කියව ඒ රහසහතරැස් තුන් හුලස් වටකුරුද මතු නොවනාරි විලසක සැඟව ආවදකිසිදු වෙනසක් නැතිවමමුලින් මධු වී පසුව විස වෙන ...

බෝ කලකට පෙරනළලත සිඹනෙතින් දොවාගනසීරුවෙන් ගෙනදෙදෙනාම එක්වසඳට මඳක් එහායින්පරෙස්සමින් එල්ලුවකඳුළු තරු කැටය විස පතොක් කට්ට කණුඋල් තියුණු කටු කම්බිඉරී ගිය පටසේලබෙදා තරු වපසරියහරි මැදින් එක දිගටඔබේ අඩ මගේ අඩඅඩුත් නැත වැඩිත් නැත ...

:: තිත :: කම් නැතමගේ නම නොවුණාටදුක නැතකවරය තැලුණාටඅනැවැසියමල් ගෙත්තම් බැමිහැකිනම් එවන්නඑකම එක ඇරයුමක්නමද තැනද සටහන්කරවේලාව කළුයෙන් වසා දරන්නට නොහැකියි තවත්බලාපොරොත්තුවේ මේ මහාබර ...

ගම ! අනුරාධපුරේ මොනරාගලත් වෙන්න පුළුවන් ඇවිත් ! අවුරුද්දයි නැහැ ගියමාසෙ තාම අළුත් ඇයි ! රවට්ටලා ඒක නෙවෙයි මිනිහ බෙබේ බීල මලා. පව් ! ඔව් එහෙමයි පව් තමයි මොකට අහනවද ආ වැඩේ නොකර මහත්තයො! ඉඹින්නෙපා බෙල්ල විකුණන්නෑ ඒ හරිය. ...

සුදු මල්. පාර දෙපස සිටුවා තිබූ වතුසුදු ගස්හි පිරී තිබිණි.නිල් මල්. වැසී ගිය කාණු අස්සෙන් මතුව ආ කටරොල් වැල් මත එල්ලී තිබිණි. සුදු කාරය. අතුරු පාරෙන් විත් ඉදිරියට හැරවීමට යත්න දරද්දීම නතරවිය. නිල් කාරයෙහි මඟ අවුරමින්. තිරිංගයන්හි ඵලයක් ලෙස. තදින් පෑගුණු පැඩලයකට යාවුණු.නිල් කාරය. ප්‍රධාන පාර මැද්දෙන් නතර විණි. එවැනිම යාන්ත්‍රණයකින් තදවුණ තිරිංගයන් හේතුවෙන්. සුදු කාරය පිටුපසට යනතුරු ඉදිරියට යා ...

:: සුනාමි මතක :: සිඳු පතුල සැඟව ගියවැලි අතර පැතිර ගියරළ මතින් නැඟී එන අඳෝනා මැකී නැත කටු කම්බි ඇණී ගියමුල් වැදී ඉරී ගියදුවද්දී තැලී ගිය සිත් තවම ඔද්දල්යඑකුන් දස වස වුවද අද මෙන්ම මතක ඇතගිය උන්ද හිඳි උන්ද තලා ලූ මහ දියඹ පහන් පූජා නැතිය සෙත් කවිත් අද නැතියකාලයේ සුනාමියවසා ඇත ඒ මතකමුල් කඩා වීසි කොටපැතුම් මත රෝපිත ටකරමින් සෙවණ ලද පාවෙනා ජීවිත ...

මට සිලිටු මහවැලියවරදකාරී විරහවක් ගෙනනෙත් කෙවෙනි තදකරන මහ විසල් හන්තානආඩම්බර සැහැල්ලුවෙන්කෙස් අගිස් අවුස්සනනාය ගිය පැණිදෙනියවැටුණු ගල් කුලෙක හිඳතෙලොව දිනනට අසන මහා ලොකු මහනුවර තෙතැති බර හුස්මකින්හදෙහි පිටු කළු මදින ...

:: දළඹු :: ගෑවුණත් හිත කසනපලු දමා හද තවනසිතිවිලිම කා වැඩෙන දළඹුවන් වැනිමයදිස්න දෙන මතකයන්කෝෂයක මන රකිනසමනලෙකු වේ යැයිමිරිගුවෙක සුව සදනදළඹුවන් වැනිමයදිස්න දෙන මතකයන් ...

මැරුණයැයි හිතුවටහිත ගල් ගැහුණම එහෙමටත් මැරෙන්නෑලොකු හිතක් ඇති අයඉස්පිරිත්තු වලින් නොවඑකම එක බැල්මකටදියවෙලා වැගිරේවිආයෙමත් ඔය හිත

දුවෙක් ගැන වුවත්ඉරිසියා හිතෙන්නැද්දඇඳ විට්ටමක එල්ලී මේ කොනෙන් ඒ කොනටදුවන්නට හැකි කොටමහා සෙනගක් මැදඊටත් වඩා හයියෙන්කෑගාන්නට හැකි කොටකුරුල්ලන් මතුනොවහරකුන් සමඟින්දදොඩන්නට හැකි කොටහිතෙන හැමවිටකමආයාසයක් නැතිවමසැම හිනස්සනු හැකි කොටමට නොහැකි මා කැමතිසියල් දේ විසල් ලෙදරිසි විලස විඳින විට ...

:: අහඹු :: හිරි පිපෙන සිහිලසක්කිති කවන උණුහුමක්සමනල් පැහැ මියැසියක්වෙන කවුරු මවන්නද ..?දත් කැවෙන කෝලයක් මිට මෙලෙන ආශයක්නෙතු පුරන හීනයක්වෙන කොතැන තියෙන්නද ..?බිලිඳු නෙතු යුගකුත්බිය වැදුණු පෙමකුත් සෙනෙහෙබර පොතකුත්එකම තැන පිපුණු කල....! ...

ඔවුහු....! නොහඬව ශෝක නොකරව ස්ත්‍රී වර්ගයා එසේමය සැනෙන් තුටුවෙති දමා පැනයති යලිත් දිව එති අඩුම තරමින් හාද්දක වගක්වත් කියා දිව යති ශේෂ දුකකුත් මහා මෙරක් කොට දොඩා ලියවති ...

ඔබේ කවුරුත් නොවුණු පවට....! හාංදුනේ අපි..!කර මතින්ම ඉහලාගෙනඋදේ රැයින් ගහපු කතිරලක්ස ගණන් දීපු වගටකෙලෙහිගුණේ ඇති කියලයිදවස් ගණන් මාස ගණන්මේ ගිනි දිය බිබී උන්නෙහාවක් හූවක් නැතිවමසමාවෙන්න ගැත්තන් හටදෙවියන් වග සිහි නොවුණටකාසි මිසක වෙන පඬුරක් නැතිව දැකුම් ඉල්ලුවාටදේව අණින් තැනුන දෙයමනසනැයි යුක්තිය පැතුවටහාංදුනේ අපි..!සිහි කෙරුවේ ඔබ මහිමයඇඟ දාගෙන ගලන වතුරඅසාධාරණැයි සිතමින යුක්තියටම කැපවුණ ඔබකැමරාගෙන පෑනුත් ගෙනඅපේ පසින් හිඳ ගනිතැයිසමාවෙන්න ගැත්තන් හටවරුගාණක් පැයගානක් එයාටයිම් වෙන්කෙරුමටපිටු ගාණක් මුල් ...

Untitled Post නන්ද කුමාර වස්තුව ...! (1)නන්දය...!නුඹ පෙම..තෘෂ්ණාව මුල්කොට ගත්තේයපෙරලා යමක් පතනේයසුළු දෙයෙහි බඳනේයඑහිම සෝ වඩනේයකාලයෙහි ගිලනේයනන්දය..!ඒ පෙම..කුතුහලයෙන් උපනේයආශයෙහි වැඩුණේයඅරමුණෙක් නැතියේයපර උයන් තෙරක වුවලද අවසර නැගුනේයනන්දය ....!නුඹ පෙම..දකින්නට පාසුයවඩන්නට පාසුයබිඳින්නට පාසුයයලි තනන්නදඑතරම්ම පාසුයනන්දය ...!ඒ පෙම..මසැස පිනවායවිටෙක හඬවායමනස රවටායවලෙක ලූ කලක මෙන්මංමුලා කොට යායනන්දය ..!නුඹ පෙම..අරමුණම අරමුණු කොටනසා සුන් කටයුතුය ඉඳින්.....!බලව අර දෙව්දුවවැඳිරියක අත දරන ...

:: සාරුවා (වගේ දේවල්) - 02 :: අනේ දෙවියනේ මට වුණ වියෝයාඅම්මා නැති දුවත් මරු අ‍රගෙන ගියෝයාරුහුණු දනට ඈ අබිසරු ලියෝයාකරවූ එවුන් දෙවිවරු රජ කුලේයාඅඳුරෙයි උන්නෙ මානාගෙන තුවක්කුවමුන්මයි දුන්නෙ රණවිරු යැයි සබුක්කුවගිනි බිඳිනට කියා රැකුමට මිනිස් බවගිනි ලූයේය මගෙ පැල මුන් රැලමරටේ රජිදාය මුන් හා පැණි කායජනී ජනයාය මුන්ගෙන් කටු කායඅතෙකින් තුවක්කුව අතෙකින් ඡන්දයයනොමැරී මැරෙමි නිවහල් දේශයක....!ප.ලි.: ශෝකයෙන්, තරහෙන් හා පිලිකුලෙන් ලියන ලදී. http://www.gossip9.com/2013/02/blog-post_1747.html ...

:: දෝ(මි)ණි :: දනිමි දැන්....ප්‍රේමයක් ඇති බවසඳ එළිය සේම පිවිතුරුසෙනෙහසක් ඇති බවඑතරම්ම මහරුදකිමි මම්දෙවඟනක් මිහිපිට...පෙර මතක හකුලාපරසක්වලෙහි ලනනේක මුදු තෙපුලුන්විසුළුබස් කරවනඑදා රූ සොඳුරන්වැඳිරි වෙස් ගන්වනවිඳිමි මම්ප්‍රේමයක් දෙව්මය....කටහඬට දිලෙනානෙත් දෙකක් අබියසපපුතුරේ සැඟවෙනාහිමිකමක් උරුමවසුසුමටත් සැලෙනාහදවතක වහලකුව ...

:: රතු සහ කළු :: ලක්මිණි. කාක නිල්පැහැ නෙත් යොමා ඉදිරිපස කාමරය දෙස බැලුවාය. අන් අයට නොදැනෙනසේ. දොර. වසා තිබිණි. දොරට ඉදිරියෙන්. සෝපාවක් විණි. ආනයනය කරන ලද. සෝපාව මත. කිසිවක් නොතිබුණේය. කිසිවෙක් නොසිටියේය. ලක්මිණි. සිය මේස ලාච්චුවෙහි වූ තුවාය ගත්තාය. සුදු පැහැ. අඩි එකහමාරක් දිග. අඟල් දහඅටක් පලල. නැගිට්ටාය. ලැසිගමනින් ඇවිද ගියාය. සේදුම් කාමරය වෙත. බිත්ති කොනක වූ කැමරාවට පිටුපා. ලක්මිණි. සේදුම් කාමරය මැද ...

::කෝච්චි හා ස්වයංවරය:: සිල්පර. සම්පූර්ණයෙන්ම කොන්ක්‍රීට් නොවුණද, දැවමය වූයේ ඉතා අඩු ප්‍රමාණයකිනි. කාලයක් තිස්සේම දිරා ගියා වුවද මසටම කාවැදී තිබුණු ඇණද ලී සිල්පර අත නොහැර එල්ලීගෙනම සිටියෝය. කෝච්චියක් යන වාරයක් පාසා ඇදෙමින්, තැලෙමින් යලි නිසොල්මන් වෙමින්. කෝච්චිය. ඒ වන විටත් විනාඩි තුන හමාරක් ප්‍රමාදව තිබිණි. මම. දුරකථනය අතට ගෙන ඇගේ අංකවලින් එකකට ඇමතීමි. “ කොහෙද ඉන්නේ...?“ “තාම මඟ....!“ “මොකක්ද අනේ ...! දැන් මඟුල් ...

Previous Page