:: සාරුවා (වගේ දේවල්) - 02 :: අනේ දෙවියනේ මට වුණ වියෝයාඅම්මා නැති දුවත් මරු අ‍රගෙන ගියෝයාරුහුණු දනට ඈ අබිසරු ලියෝයාකරවූ එවුන් දෙවිවරු රජ කුලේයාඅඳුරෙයි උන්නෙ මානාගෙන තුවක්කුවමුන්මයි දුන්නෙ රණවිරු යැයි සබුක්කුවගිනි බිඳිනට කියා රැකුමට මිනිස් බවගිනි ලූයේය මගෙ පැල මුන් රැලමරටේ රජිදාය මුන් හා පැණි කායජනී ජනයාය මුන්ගෙන් කටු කායඅතෙකින් තුවක්කුව අතෙකින් ඡන්දයයනොමැරී මැරෙමි නිවහල් දේශයක....!ප.ලි.: ශෝකයෙන්, තරහෙන් හා පිලිකුලෙන් ලියන ලදී. http://www.gossip9.com/2013/02/blog-post_1747.html ...

:: දෝ(මි)ණි :: දනිමි දැන්....ප්‍රේමයක් ඇති බවසඳ එළිය සේම පිවිතුරුසෙනෙහසක් ඇති බවඑතරම්ම මහරුදකිමි මම්දෙවඟනක් මිහිපිට...පෙර මතක හකුලාපරසක්වලෙහි ලනනේක මුදු තෙපුලුන්විසුළුබස් කරවනඑදා රූ සොඳුරන්වැඳිරි වෙස් ගන්වනවිඳිමි මම්ප්‍රේමයක් දෙව්මය....කටහඬට දිලෙනානෙත් දෙකක් අබියසපපුතුරේ සැඟවෙනාහිමිකමක් උරුමවසුසුමටත් සැලෙනාහදවතක වහලකුව ...

:: රතු සහ කළු :: ලක්මිණි. කාක නිල්පැහැ නෙත් යොමා ඉදිරිපස කාමරය දෙස බැලුවාය. අන් අයට නොදැනෙනසේ. දොර. වසා තිබිණි. දොරට ඉදිරියෙන්. සෝපාවක් විණි. ආනයනය කරන ලද. සෝපාව මත. කිසිවක් නොතිබුණේය. කිසිවෙක් නොසිටියේය. ලක්මිණි. සිය මේස ලාච්චුවෙහි වූ තුවාය ගත්තාය. සුදු පැහැ. අඩි එකහමාරක් දිග. අඟල් දහඅටක් පලල. නැගිට්ටාය. ලැසිගමනින් ඇවිද ගියාය. සේදුම් කාමරය වෙත. බිත්ති කොනක වූ කැමරාවට පිටුපා. ලක්මිණි. සේදුම් කාමරය මැද ...

::කෝච්චි හා ස්වයංවරය:: සිල්පර. සම්පූර්ණයෙන්ම කොන්ක්‍රීට් නොවුණද, දැවමය වූයේ ඉතා අඩු ප්‍රමාණයකිනි. කාලයක් තිස්සේම දිරා ගියා වුවද මසටම කාවැදී තිබුණු ඇණද ලී සිල්පර අත නොහැර එල්ලීගෙනම සිටියෝය. කෝච්චියක් යන වාරයක් පාසා ඇදෙමින්, තැලෙමින් යලි නිසොල්මන් වෙමින්. කෝච්චිය. ඒ වන විටත් විනාඩි තුන හමාරක් ප්‍රමාදව තිබිණි. මම. දුරකථනය අතට ගෙන ඇගේ අංකවලින් එකකට ඇමතීමි. “ කොහෙද ඉන්නේ...?“ “තාම මඟ....!“ “මොකක්ද අනේ ...! දැන් මඟුල් ...

කවි වුවද ප්‍රාග්ධනයෙන් මිදී නැතප්‍රත්‍යක්ෂයෙන් නොදැනේ නම් වෙළඳපොල අගයක් නැතසේකර....ඔබ යලිත් නිවැරදියමිහිරි වෙණ වැයුම් නොවපපර බයිලාම ඇවැසියගේය කව් පද නොවවෙළඳ වැකි රසැතිය කවියන් අගුලු ලා ඇතලියන්නන් විරු කොටකවිපිටු වැසී ඇතකොමුපිලි සටනකට ...

:: මතක අමතක :: පරණ මතකඉඳහිටක අළුත්වනහොරෙන්ම හිනැහෙන අනෙකකු හා බෙදෙනකෙබරයක් තෙපරබා හිනැහෙනඉඳහිටක ඇත්තම කියවෙන රූ රටා පෙම් සුවඳ වියැකුණදෙපසෙහිම ඇලවෙන නොදන්නා සේ හිඳිනඅනුන් රවටා අපද රැවටෙනදකින්නත් ඇතැයි සිතමිනපෙම් කථාහරබරව වියමිනඑතරම්ම පෙමිනවෙනකකු හා බැඳෙමිනපැරණි ප්‍රේමය ඔපයට එල්ලනඋඩඟු බැල්මෙන් එ‘වග දොඩවන ...

:: ලේ සහ කඳුළු :: කඳුළු....!මිණි කැටව බිම වැටිය යුතුමයස්නේහ පැතුමෙන් විලිබරව මිසගාසාහි මෙන් මර බියෙන් නොවඇස්....!විවර වී මඟ බැලිය යුතුමයමාපියන් මඟ එත්ද වග මිස අහස බිඳ එන ගිනි පුලිඟු නොවකඳුළු...!නෙතඟ දිලිසී තිබිය යුතුමය ප්‍රේම පහසින් ඔකඳවී මිසතල් ගසක් යට වෙව්ලමින් නොවදෙපා....!ජවය යොදමින් දිවිය යුතුමයවසත් සමයෙක කෙළිදෙලෙන් මිසක්‍රෑර අවියක ගිනි බියෙන් නොවකඳුළු...!කොපුල් රූරා ගැලිය යුතුමයපිය සම්පයෝ තුටින් මිස මැරුණු මවුපිය නැති සොවින් නොවලේ.....!නහර සූරා ගැලිය ...

:: තාර මිනිසුන් :: පාරවල් වන් මිනිසුන්ද ඇත...!බොරළු ගල් සඟවානමටසිළුටු තාරයෙන් හිනැහෙන.ටයර පා රිදෙතැයි තව තවත් ගෙවී මුදුවෙන. පාරවල් වන් මිනිසුන්ද ඇත...!තුනී තනි වැස්මකින්පැරණි වලවල් වසාලන.කැඩී සුන්වී ගියද මඟ දමා දුර නොයන.පාරවල් වන් මිනිසුන්ද ඇත...!තැලී පොඩිවී වුවද ඉමක දුර රැගෙන යන.මඳහසක් වෙනුවටදුම් රැසින් තුති ලබන. ...

පියවරයන්.ඒ තැබූ අඩිවලට පියවර යැයි කිව නොහැක. ඒවා බර අඩිය.ඇතැම් අඩි නිරුවත් පාවලින් තැබිණි. උන් පුරුද්දට පාවහන් නොපැලඳි හෙයින් නොවේ. පාවහන් ගැන වගක් නොවූ හෙයිනි. ඇතැම් අඩි සෙරෙප්පු වලින් තැබිණි. බොරළුපාරේ ඇවිදීමෙන්. කාස්ටක නියර දිගේ යෑමෙන්. ගඟේ ගල්වලට මැඳීමෙන් මහපටැඟිල්ලත් විළුඹත් ලඟින් හිල්ව ගිය සෙරෙප්පු වලින් තැනී. ඇතැම් අඩි ඒ මේ අත ඇදී ගොස් තිබිණි. හිමියාට වාරු නැතිවූ හෙයින්. තවෙකකුට ...

:: පටාචාරා කථාව:: ඇය. වැහැරී ගොස් සිටියාය. ගඩා ගෙඩිම කෑ හෙයින්. දෙවසකට ලංවූ කාලයක් හිස. පසෙකට බරව තිබිණි. වාරුවූ උරහිස හිමියා නැතිව ගිය හෙයින්. සර්ප දළකට බිලිව.උදරය. තදින් ඇඳුණු මඩ පැල්ලම් දෙකකින් ගැවසිනි. වසරක් වයසැති විලුඹකින් කෙරුණු. සැඩ ගං දියක ගිලී යන්නට පෙර.දෙතන. වැහැරී ගියද කිරෙන් පිරී තිබිණි. උකුසකු ඩැහැගත් ලදරුවකුට උරුමවුණ. පෙර රැයේදී මව් කුසින් බිහිවූ. පටාචාරා. සැවැත් නුවරට පැමිණ සිටියාය. ...

:: සත් මරණ :: මම. ඇගේ නලලට හාද්දක් දීමි. දහබිඳු පිසීමට යත්න නොදරාම.ඇය. නැගිටගත්තාය. සිනාසුනාය. පාරට මුහුණලා වූ ජනේලය විවරකලාය. මා වලකන්නට පෙර.ආපසු ආවාය. මට නැඟිටින්නැයි සන් කලාය. මම. නැඟිටගත්තෙමි. ඇය සේම. නිරුවතින්. ඇය. දෙදණ ඔබා වැන්දාය. නිරුවත් මට. නිරුවතින්ම. අනතුරුව. දිවගොස් ජනේලයෙන් පැන්නාය. මිය ගියාය. ***********************************************************************************ඊටපෙර.ඇය. දෝත විහිදා මා වැලඳ ගත්තාය. අත නොහැරම එල්ලී සිටියාය.මම. ඇය එලෙසම සිටිද්දී දොර වසා දැමුවෙමි. ඉඟෙන් අල්ලා ...

::  පරනිම්මිත :: පුත බ්‍රහ්මදත්තයමේ මහා අග්නි විවරයනුඹ දෙපල දෙපසකට වනපුත බ්‍රහ්මදත්තයමේ මහා භද්‍ර කල්පයපෙර ලෙසම යලි නොවනපුත බ්‍රහ්මදත්තයමේ මහා කාල වනපෙතහැරී ආ මං පෙත් වසාලනපුත බ්‍රහ්මදත්තයමේ මහා කෙලෙස් හීසරමතක විසගෙන හදෙහි අමුණනපුත බ්‍රහ්මදත්තයමේ මහා කර්ම සංස්කාරයනිර්මාණරතියක සිරව සැඟවෙනපුත බ්‍රහ්මදත්තයබලව සැනහෙවඒ නිර්මාණරතියෙන් තැනෙනපරනිම්මිත වසවර්තිය ......! ...

:: හෙමින් යන බස් :: චන්ද්‍රසේන. බසය පිරෙන්නට සෙනඟ සිටියද, වේලා සටහන්කරු කිහිප විටක් නලාව පිම්බද, බසය ඉදිරියට නොගත්තේය. පණගැන්වූ රියෙහි සුක්කානම මත දෑත තබාගෙනම සිටියේය. ඉදිරිය බලාගෙන. දහදිය. බසය පිටත්වී නොතිබුණද ඇතුලෙහි සිටියවුන් දහදියෙන් පෙඟෙමින් තිබිණි. අව්රශ්මියෙන්ද, ශරීරතාපයෙන්ද උපන් උණුසුම දරාගත නොහී. ඊලඟ බස්රිය. චන්ද්‍රසේනගේ බස්රියෙහි ගෑවී නොගෑවී නතර කෙරිණි. සය වරක් නලාව හැඬවිණි. මහ හඬින්. රියදුරු කියූ අසැබි වදන් යටපත් කරමින්. චන්ද්‍රසේන. බසය ...

::  පුනරාරම්භය :: රළ. වෙරළ මත වැදෙමින් තිබිණි. සෝදමින්. සේදූ වැලි යලි දමමින්. මැරුණු බෙල්ලන් මතු කරමින්. ඔහු. වෙරළෙහි වැතිර සිටියේය. උඩුකුරුව. ලිහිණියෙකු දෙස නෙතු යොමාගෙන. ඇය. දිය බේරෙමින් ආවාය. යටිකුරුව වැතිරුණාය. ඔහු අසලින්. ඉඟ හා දණහිස් මදක් එහෙමෙහෙ කලාය. උස්ව ආ සිය නිතඹ දෙස බැලුවාය. අනතුරුව ඔහු වෙත හැරුණාය.උස්වූ නිතඹ එලෙසම තබාගෙන. “ මං තාමත් ඒ වගේමද? “ලිහිණියා. ඔහුගේ ඇසින් මිදුණේය.“හ්ම්..! ටිකක් ...

::  Chest Vs Breast :: ඇය. අඳුරු පැහැ තරප්පුවෙන් බැස ආවාය. අළු පැහැති බ්ලව්සයක් වීදුරු පැහැ පටි දෙකකින් රඳවාගෙන. සෙනෙහසින් සිනාසුනාය. මගේ දකුණින් හිඳ ගත්තාය. සිය වමතෙහි ඇඟිලි මගේ දකුණතෙහි සැඟවූවාය. වීදුරු නෙත් දෙකින් මාදෙස බැලුවාය. මම. සිත තදකොට සිරකලෙමි.“ඔයාට කියන්න දෙයක් තියෙනව“ඇය. හිස ඇලකොට මාදෙස බැලුවාය. වීදුරු දෙනෙතින්. කියන්නැයි සන්කලාය.ගලක්. උගුරෙහි සිරවෙනු දැනුනි. “මට ඔයාව බඳින්න බැහැ....!“මම. උගුරෙහි වූ ගල පුපුරා ලූයෙමි. එහි හඬින් ...

:: අයිස්ක්‍රීම් :: දුර. ඇය කිලෝ මීටර් දෙකක් පයින්ද, විසි අටක් බසයෙන්ද පැමිණ දකුණු පස බස් නැවතුමට වී සිටියාය. ඔහු කිලෝ මීටර් එක හමාරක් යතුරුපැදියෙන් විත් ඇය ඉදිරිපස නැවතුණේය.ඔවුහු කිලෝමීටර් දහයක් එක්ව ගමන් කලෝය. යතුරු පැදියෙන්. ඔහු ඉදිරිපස. ඇය පසුපසින්. ඔහුගේ උරයට වාරුවී. බංකුව. පසු පසින් රූස්ස ගසකින්ද, වම් පසින් මල් වැටකින්ද, දකුණින් කුණු බක්කියකින්ද ආවරණයව තිබිණි. ඉදිරියෙන්. ගඟක් ගලා බැස්සේය. මීටර් දෙසීයක් ...

:: සාරුවා ( වගේ දේවල් - The 'things' like) Saaruwaa  :: වගක් නැතිසේ ඉන්නෙ කොහොමද...?බලන් ජනගඟ රුකුල් දෙන මට.දන්නවද ඔබතුමා මං ගැන...?සියක් නැලවූ පුතයෙක්මි මම.දුවෙක් සිටිනා වයස විසිදෙකපෙමට ආ වුන් පස් දෙනෙක් විය.බැලුම් හෙලුයේ මගේ දුවණිටකඩා ලූයෙමි අත් කකුල් මම.ඔය කියන කෙල්ලන්පමණට වඩා වැඩුණෙන්ඉරුණු රෙදි ඇන්දෙන්තමයි සිදුවුණෙ මේ පරිද්දෙන්.මට මෙහෙම වූවොත්දුවට නෑ සරණක්.නිදොස් වෙන්නම බැරිනම්පිලිගනිමි දැඩි දඬුවමක්.මින් මනත අයි ඩී බලන්නම්වැඩී එනතුරු බලා ගන්නම්.ඇවැසි නම් මේ අහ එවන්නම්හතර පෝයට සිලුත් ගන්නම්.තුවක්කුව ...

කහ. අවුරුදු කුමරිය තරඟයදා ඇය හැඳ සිටියේ කහපැහැති තනපටකි.අයෝමය පුරුෂයා තරඟයට ඔහු ආවේ කහ පැහැති යට ඇඳුමකින් සැරසීය. ගෝවා. ඔහු දිනපතා බිව් සුප් කෝප්පයට ගෝවා දැමීම අකැප විය.ඇයගේ උදා ආහාරයට ගෝවා සලාදයක් අනිවාර්යය විය. දිග. එතරම් නොමේරූ.ඇය. ගෝවා වලට අමතරව කොල පැහැති එලවළුත් කහ පැහැති පලතුරුත් කෑවාය. මඳ පමණ. ශරීර හැඩය නොනසා.ඔහු. මස් ද මාළුද කෑවේය. තෙල්කෑම අඩුකලේය. ශක්ති ජනක ...

මහ සද්දෙන් වැහි බේරුණුඅකුණු පැළුණු හැන්දෑවකඋතුරන කුණු ඇලක් ලඟමනුඹ හිටියා හිනැහීගෙනළඟට ඇවිත් හීන්සැරෙන් අතේ ඇඟිලි පැටලෙනකොට“ජබෝස්“ ලෙසින් සුබ පැතුවා මඩ වතුරක් හරි අගේටඑදා ඉඳන් මේ වෙනකල්වැහිකුණාටු බෝ ආවත්නොලිහී ගිය ඇඟිලි නමටමේ ඩිංගත් ඔහොම ඉඳිමුකැත්තයි පොල්ලයි විලසට ...

සායනික මනෝ චිකිත්සාව. දොස්තර අචින්ත අනුරාධ ගේ විශේෂඥ විෂය පථය එය විය. මනෝ වෛද්‍ය සායනය. ඝනක හා ඝනකාභ හැඩැති අවකාශයන්ගෙන් යුත් රෝහලෙහි දකුණුපස පිහිටා තිබිණි. මඳක් බටහිරට බරව.රොහාන් සතරසිංහ. සායනයෙහි නැගෙනහිරට වන්නට වූ කාමරයෙහි පුටුවක හිඳගෙන සිටියේය. දොස්තර අනුරාධට මුහුණලා. දොරට පිටුපා. මඳක් මුරණ්ඩුව.රොහාන්ගේ නෑසියන්. සමීපතමයන් දෙදෙනෙකු හා දුර නෑකමක් ඇත්තෙකු කාමරයට පිටින් නතරව සිටියෝය. දෙකන් කාමරය දෙසටම යොමාගෙන. *******************************************************************************විනාඩි ...

Previous Page