සිහින සාප්පුවේ මෙනුව මම සිහින සාප්පුවට වැදඑකත්පස්ව හිඳ ගනිමිකේඩෑරිබැරෑරුම් පෙනුමැති සිහින විශේෂඥයාගෙන් (සර්පයාගෙන් නොවේ)සිහිනයක් ඇණවුම් කරමිඋණුසුම්සරාගීහැපි එන්ඩ් එකකින් යුතුසිහිනයක්!කාල් මාර්ක්ස්ගේ අතිරික්ත වටිනාකමලැකාන්ගේ අතිරික්ත ප්‍රමෝදයඑකට කැටි කළසිහින සාප්පුවේ මෙනුවමම දෑසින් ස්පර්ශ කරමිතේරෙන්නටඉඩහරිමිවචන ටැක්සි|wachana taXi wachanataxi@gmail.com ...

ඒ සැඳෑ... අප දෙදෙනකුට පමණක්මහුදෙකලාවේ නිවැසිය හැකිකුඩා රෙස්ටොරන්ටුවක්තිබින ඒ සැඳෑවලඅත් වැසුම් පැළැඳි අත්නෙක භෝජනාදිය පිරිනැමෙනදියර ගැල්වූ මිහිරිඩෝනට්ටු දීසි මතු වෙනඅරුම පුදුම වේවැල් මේසයදෙපස අප; මැද මල් පොකුරුඅහසේ සැඳෑව ලකුණු කර හිරුබලා සිටියේ අප නැගිට යන තුරුඅප නැගිට ගිය පසු හිරු ද බැස ගිය අයුරු පුදුමය...වචන ටැක්සි|wachana taXi wachanataxi@gmail.com ...

සිංහලෙන් කියැවීම සහ ඉංගිරිසියෙන් සිතීම ඔන්ටික් (Ontic) සහ එපිස්ටමික් (Epistemic) යන (ක්වොන්ටම්) යථාර්ථයේ ස්වරූප (State of Reality) දෙක වටහා ගන්නට ක්වොන්ටම් භෞතිකයෙන් යම් උපකාරයක් බලාපොරොත්තු වන අයෙකුට වැදගත් ලිපියක් අද පළ වෙලා තියෙනවා Physics World (පිසික්ස් වර්ල්ඩ්) වෙබ්සයිට් එකේ. ඒ ලිපියේ හෙඩිම යොදා ඇත්තේ ජනප්‍රිය නවකතාවක් වන ලයිෆ් ඔෆ් පයි (Life of Pi) අනුව යමින් ලයිෆ් ඔෆ් ප්සයි (Life of Psi) යනුවෙනි. මේ ප්සයි යනු ...

බලන විදිය සහ පේන විදිය ඉන්දික* මට දුන් විඩියෝ වාර්තා වැඩසටහන් අතර "නිල් ග්‍රහයා" (Blue Planet) නමින් වූ අපගේ පෘථිවිය පිළිබඳ වාර්තා වැඩසටහනේ නිතරම අපගේ ග්‍රහලෝකය අභ්‍යවකාශයේ සිට ගන්නා ලද දුරස්ථ චලන රූපවලින් පෙන්වූ බැවින් එය බලා සිටීමට අතිශය ප්‍රිය උපදවන වාර්තා වැඩසටහනක් විය. අප ජීවත් වන මේ ග්‍රහ ලෝකය ගෝලාකාර යැයි කිසිවෙකුත් පවසද්දී එය එසේමදැයි තත්ත්වාකාරයෙන් දැන ගැනීමේ හැකියාවක් සාමාන්‍ය මිනිසුන් වන අපට නැත. ...

අන්තිමට විතර "ගේස්" එක භෞතිකය ඇතුලටත් ඇවිත්!අප අංශු දිහා බලද්දීඅංශු තම හැසිරීම වෙනස් කරගන්න එකකුරිරු යථාර්ථයකිඒ කාලේ!ක්වොන්ටම් භෞතිකය තිත්තයි කර්ණ කටුකයි-පසිඳුරන්ට ගෝචර නොවේයථාර්ථයෙන් පරිබාහිරයියථා ලෝකයට කිසිදු අදාලත්වයක් නොමැතිජංජාලයකි! පටලැවිල්ලකි!! හුටපටයකි!!!ෆෝන් එකෙන් ඇස් ඉවත් වෙද්දිවිඩියෝ නවතින්න ගත්තමගේස් එක භෞතිකයටත් ඇවිත්ගේ දොරකඩටත් ඇවිත්අත උඩටත් ඇවිත්!පුංචි ක්වොන්ටම් පද්ධතියක්විශ්වයේ රහස් අත්ලටම ගෙනැවිත්සුළු මිලකට විශ්වයම-ගැලැක්සියමසාක්කුවට බහාලන්න!ඇස් වහ-හෝ වහ-කට වහප්‍රේත-භූත-යක්ෂ දිශ්ටිකලුකුමාර

අනේ ඇල්බට් නොදුටි මොක් පුර! අද ඇල්බට් අයින්ස්ටයින්ගේ උපන් දිනය යි. අයින්ස්ටයින් ගැන ඔහුගේ සාපේක්ෂතාවාදය ගැන අද වන විට ලංකාවේ භෞතික විද්‍යාව දන්නා අය අතර ඇති ඔවුන්ගේ දන්නා ප්‍රමාණය පිළිබඳ සමීක්ෂණයක් කළොත් එහි ප්‍රතිඵලය කුමක් විය හැකි ද? ලංකාවේ සාපේක්ෂතාවාදය අඩුම තරමින් කතා කරන්න අවශ්‍ය මට්ටමටවත් දන්නා අය වෙත් ද? ඒ අය කොහෙද ඉන්නේ? මට නම් මේ ගැන කිසිදු අදහසක් නැත. මා දන්නා තරමින් ආලෝකයේ ...

"වසර 50යි. නිහාල් ඇවිත්." නිහාල් නෙල්සන්ගේ තරුණ ජවයෙන් පිරුණු හඩින් යුත් ගීත මා ප්‍රථම වතාවට ශ්‍රවණය කරන ලද්දේ වර්ෂ 1977 දී පමණ බැව් මට මතකය. එකල මාගේ පියා කැසට් වාදන යන්ත්‍රයක් ගෙනාවේ මුල් වරට මිල දී ගත් කැසට් පට තුනකුත් සමග බැව් මට මතකය. එම කැසට් පට තුන තවමත් මගේ සිතේ ඇඳේ. එකක් ප්‍රියා සූරියසේන ගේය. අනෙකක් රුක්මණී දේවී ගේය. ඉතිරි එක නිහාල් නෙල්සන් ...

මා ලද SMS පණිවිඩයක්!පිණක් කරගන්න... අම්පාර වරාපිටිය ඉස්කෝලෙ පුංචි දුප්පත් පාසැලක්. අපි ඒ පාසැලේ පුස්තකාලයට පොත් ටිකක් දෙන්නයි යන්නයි හදන්නේ. ඉතිං අපට ඔබේ උදව් ගොඩක් වටිනවා. දරුවන්ගේ දෙනෙත් පාදන්න පොතකින් හෝ ඊට වැඩි ඕනම විදියකින් මේ පිංකමට දායක වෙන්න. කතා කරන්න ගාමිණි බස්නායක 0716015434 ලහිරු කිතලගම 0715468431 අපි ඔබ කතා කරනකම් බලං ඉන්නවා. කෙටි පණිවිඩය එව්වේ 0715303534වචන ටැක්සි|wachana taXi wachanataxi@gmail.com ...

කින්ඩලීකරනය මා බොහෝ ඉංගිරිසි පොත් කියවන්නේ පරිගනකයෙනි. ඊට හේතුව ඒවා වියදමකින් තොරව අන්තර්ජාලයෙන් එකතු කර ගත් ඒවා වීමත් එම මුල් කෘතිවලම මුද්‍රිත කෘති ලංකාවේ දී මිළට ගැනීමට නැති වීමත්ය. කියවීමට වේලාව වෙන්කර ගැනීමේ අතිශය දුෂ්කරතාවන්ට මුහුණ දෙන මට ලැප්ටොප් යන්ත්‍රයේ පවා කියවීම දුෂ්කර වන අවස්ථාවන්ට නිතරම මුහුණ දෙන්නට සිදු වීමෙන් කාලය නිකරුනේ ගෙවන්නට වන අවස්ථා ද බොහෝ විය. මුහුද ආශ්‍රිත මගේ ...

රොමියෝ ජුලියට්ලා-ලබන මාර්තු 30 මේ දැක්වෙන්නේ ලබන වසරේ 2013 මාර්තු 30 තිරගත වීමට නියමිත "රොමියෝ ජුලියට්ලා" නම් වූ සිංහල වේදිකා නාට්‍යය, දෙදෙනකු ට නැරඹීම උදෙසා මුද්‍රණය කල ප්‍රවේශ පත්‍රයකි. මේවා ඊයේ දවස තුළ බම්බලපිටියේ මැජෙස්ටික් සිටි සුපිරි වෙළඳ සංකීර්ණය අසල එලිමහනේ විකුණමින් සිටියේ තරුණ කණ්ඩායමකි. මා වෙත මෙම සුවිශේෂී ප්‍රවේශ පත්‍රය දිගු කරමින් කතාවට වැටුණු තරුණයා පැවසූවේ කිසිවෙකුත් මෙම නාට්‍ය උදෙසා මූල්‍යමය අනුග්‍රාහකත්වයක් ...

ලිෂාන් & පහන් ලිෂාන් මල්ලිව හමු වෙන්න කාලයක් දැරූ උත්සාහය සාර්ථක වුණේ ඊයේ සැන්දෑ යාමයේ දීය. ලිෂාන් මල්ලි පහන් මල්ලී ද සමගින් අප හමුවන්නට ආවේ නුගේගොඩ මැක්ඩොනල් එක අසළටය. ලිෂාන් මගේ සයිබර් වැඩකටයුතු වලට දුරින් හිඳ බොහෝ උදව් කරනා සහෘදයෙකි. ඔහුගේ ශ්‍රමය නොවන්නට මේ බ්ලොගයේ හැඩරුව මෙන්ම හකාවතියේ හැඩරුව ද කවර කලෙක වත් ඇසට ප්‍රියජනක ස්වරූපයක් නොගන්නවා නියතය.මා පැමිණියේ රාජකාරි කටයුත්තකට වුව ද ...

ළඟදී ඊමේලයක් එවලා තිබ්බා සහෘදයෙක් (සුභද්‍රා) "අකුරු නැත්තේ ඇයි?" කියලා මගෙන් අහලා. මට පුදුම හිතුනත් එක්කල. "වචන ටැක්සි" කියවන අය ගණනින් අතේ ඇඟිලි ගාණටත් අඩු නිසයි ඒ පුදුමය. ලියන්න කිසිම වෙලාවක් නෑ මේ දවස් ටිකේ; එහෙම ලියා යැවුවත් ඇත්තටම ලියන්න තරම් දේවලුත් නෑ මට මේ මොහොතේ හෙවත් හිස් බවටත් වඩා හිස්බව අත් විඳින නිසා.හෂිත අබේවර්ධන ගණිතයෙන් කොටසකුයි සාහිත්‍යයෙන් කොටසකුයි මනෝ ...

සඳ දුටු සඳ නිර්මාන සංග්‍රහය ගැන සටහනක් නැවුම් ආකෘති ඔස්සේ නිර්මාන සංග්‍රහ එළිදැක්වීම වර්තමානයේ සුලබය. මෙසේ ආකෘතිය යැයි මා අදහස් කළේ නිර්මාන පමණක් නොව ඒවා පෙළ ගස්වා ඇති අයුරු හෝ ඒවා කෘතිය තුළ සංවිධානය වී ඇති ආකාරය ද ඇතුළත් අදහසකි. ඉරංගා සචින්තිකා යද්දෙහිගේ නම් වූ කිවිඳිය විසින් රචිත නිර්මාන සංග්‍රහයේ ආකෘතිය වී ඇත්තේ චන්ද්‍ර චාරය හෙවත් සඳ ගමන යි. සඳ දුටු සඳ ලෙස නම් කර ඇති මෙම ...

බලන් සකි අහස දෙසනැද්ද තවමත් අර කීව හෙණ බෝලය?ලෝකය විනාශ කර දමන්නට එනබලන් සකි අර මහ සයුරනැද්ද තවමත් රළ නැගී ගුවනට?සෝදා දමන්නට ගොඩ බිමසමතලා කර ලෝකයේ උස් මිටි තැනබලන් සකි ඉර හඳ දෙසනැද්ද තවමත් ඒවා කඩන් බිඳන් වැටෙන ගති ගුණ?ලෝකය සූන්නද්ධූලි කරනටඇයි මේ සියල්ල මෙතරම් පරක්කුනැද්ද වේලාවට වැඩ උන්ගෙ?අපි නම් ආණ්ඩුවෙ වෙලාවට වැඩමැරෙන වෙලාව එනතුරු අතිකාල ගන්නවදඋනුත් අපි වාගේවැඩ වව ...

දුක් පත් පොත් පත්... පොත් ප්‍රදර්ශනයට හදිසියේ ගොඩ වදින්නට ලද අවස්ථාවෙන් මාහට බොහෝ කලක සිට සොයමින් සිටි පොත් කීපයක් සොයා ගැනීමට හැකි විය. පුදුමය නම් ඒවා සිංහල පොත් නොවීමත් මා ඒවා සොයමින් සිටි වග මා එම පොත් දකින තුරු නොදැන සිටීමත්ය! සිංහලෙන් ලියැවුනු පොත් කියැවීමෙන් හෙම්බත්ව සිටින මා හට සිංහල සාහිත්‍යත් දැන් දැන් එපා වී ඇතැයි මට සිතේ. කවර කංචුක ලස්සන දිලිසෙන-පරිගනක ආශ්‍රිත ග්‍රැෆික ...

තෙවසරකට පෙරදෑසේ නිධන්සදහට දෑස් විවර තුළ සිර කරගෙනමෑණියන්නිසොල්මනේ සැතපෙද්දීමසිත් අර්ධයක් ගරා වැටීඇද වැටී ඇවිදින මළ කඳක් මෙන් සිටිද්දීරත්න ශ්‍රී, ඔබ ආවාසීනයක් පරිද්දෙන්ඒ මළ ගෙදරටනොසිතු මොහොතකමගේ සිත මොහොතකට සැහැල්ලුව දිරි වැඩෙන්නටඒ රුව දැකුම ඇසුමමා ඔසොවා තැබුවා...මා හටත් එලෙසමඅද එන්නට හැකි නම් ඔබ වෙතමගේ දෑත් ඔබේ දෑත් මත තබාහිස්ව ගිය ජීවිතේ අර්ධයටඅංශු මාත්‍රයක ප්‍රාණයක් පිඹින්නට?මේ කුඩා මිනිසාටඒ සා දිගු දෑතක් නැත...අඳුරට තිබූ ...

නිර්මානයක රස විඳීමත් ඒ තුළින් ලද රස විඳුම් අත්දැකීම සහෘදයන් හරහා බෙදා හදා ගැනීමත් එක්තරා සතුටකි. එමෙන්ම දුලබ රූපකයන් හරහා එම අත්දැකීම් සමපාත කිරීමත් ඒ අනුසාරයෙන් නව සිතුවිලි ගොඩනැගීමත් ඊටත් වඩා චමත්කාරජනක දෙයකි. එබඳු විරල විඳුම් සටහනක් රසවතියේ ලියැවී ඇත. ලෝකය අප දන්නේ භෞතික වශයෙනි. පසිඳුරන්ට සංඥා වන දේ තුළින් ලෝකය වටහා ගැනුම බොහෝ විට අප අවිඥානිකව කරනා දෙයයි. අපගේ ...

Previous Page