ලිංගික අධ්‍යාපනය තාමත් එපා ද? මේ ගැනලියන්න හිටියෙහුඟ දොහකටකලින්, ඒත්අදට වැඩියහෙට හොඳවෙයිකියල යටිහිතනිතරෝම කියනනිසා නොලිය, නොලියහිටියත් තවදුරටත් එසේඉන්න පුළුවන්කමක් නෑ. මම මේකතා කරන්නෙඅපේ දරුවොගැන. රටේදරුවො ගැන, එහෙමනැත්නම් මමකැමතියි කියන්නමගෙ සොහොයුරියන්ගැනයි මමමේ කතාවකියන්නෙ කියලා.අතීතයේ නම්අපි දන්නවප්‍රේමවතීමනම්පේරිලා ගැන, මතුගමසමන් කුමාරලාඅහන්න ලැබුණෙහාවා හදදකිනව වගේකලාතුරකින් කියල. ඒ වුණත්අද තත්ත්වෙඊට හාත්පසින්වෙනස්. අපිනිකං මූනිච්චාවටකතා කරන්නඕනි නෑ. කෙලින් කතාකළොත් ඔබත්මාත් දන්නවාවාර්තා වීම කෙසේ වෙතත්ස්ත්‍රී දූෂණවත්ළමා අපචාරවත්මේ

මම හිටියෙ බුලත්කොහුපිටිය බස් එකේ, අවිස්සාවේල්ලෙ ඉදලා පැයකින් බුලත් කොහුපිටියට යන්න පුළුවන් වුණත් බස් එකේ ගමනට නම් පැය එක හමාරක් දෙකක් නැතිවම බෑ. කොළඹ කොන්ක්‍රීට් වනාන්නතරේ වගේ නැතිව මඟ දෙපස කොළපාට ඉතිරිලා තියෙන ඒ 07 මාර්ගය ඇහැට සිහිලක් නිසා ඉබි ගමන ගැන නොහිත පරිසරය රස විඳිමින් යනඑක වඩා හොඳයි කියල මට හිතුණා. බස්එක පිරෙන්න නැතත් සාමාන්‍ය තරමක සෙනඟක් හිටියා.මේ වෙද්දි ...

මිහිරි මතක අවුරුද්දට සතියකට දෙකකකට කලින් දවසක හැන්දෑවක හතට අටට විතර මෝටර් බයිසිකලයක් ඇවිල්ලා අපේ ගේ දෙරකඩ නතර කළා. හිස් වැස්ම ගලවලා බයිසිකලේ එල්ලන ගමන් කිරි මාමා ඉන්නවද කියල අහගෙනම තරුණයෙක් ගෙට ගොඩවුණා. පාර පෙන්නන්න ආපු අනිත් පොඩ්ඩා නම් අපි දන්න අඳුනන දරුවෙක්. 'මට එකපාරට අඳුනන්න බෑ' කියල තාත්තා කියද්දිම පාර පෙන්නන්න ආපු පොඩ්ඩව අඳුනගත්ත නිසා ආව කෙනා අපි අඳුන ගත්තා.අවුරුදු දහතුනකට ...

ලිහිණි සර: ආච්චිලා සීයලා: පහුගිය දවසක මන්මිතාගෙ මොන්ටිසෝරියෙ හරි අපූරු හමුවක් සුදානම් කරලා තිබුණා. මාර්තු 08 වෙනිද ජාත්‍යන්තර කාන්තා දිනේට කලින් දවස, ඒ කියන්න... ...

ආච්චිලා සීයලා පහුගිය දවසක මන්මිතාගෙ මොන්ටිසෝරියෙ හරි අපූරු හමුවක් සුදානම් කරලා තිබුණා. මාර්තු 08 වෙනිද ජාත්‍යන්තර කාන්තා දිනේට කලින් දවස, ඒ කියන්නෙ මාර්තු 07, ආච්චි අම්මලාගෙ දවස විදියට නම් කරලා තිබුණා. ඉතින් ඊට සති දෙකකට විතර කලින් ඒ සඳහා ආච්චි අම්මලාට ඇරයුම් පතකුත්, පැලද ගෙනයන්න ලාංඡන දෙකකුත් එවලා තිබුණ. ආච්චි අම්මලා දෙන්නත් හරිම සතුටින් මිණිපිරීගෙ පාසලට ගියා.පැමිණ සිටි ආච්චි අම්මලා පිළිඅරගෙන අසුන් ...

ජීවිත කැන්වසය මොහොතින් මොහොතඅතීතයක් වන කැන්වසයක සිතුවම් කළ ජීවිතය දෙස මොහොතක් හැරී බලමි....ජීවිතය විවිධ වර්ණයෙන්නෙක පින්සල් පහරින් හැඩව ඇත, උණුසුම්,සිහිල් මෙන්මඅදූරු පැහැය ද එහි අන්තර්ගතය... තනිව සමරන අවසන් උපන්දිනය දාජීවිතයට ජීවය දුන් අම්මාත් තාත්තාත් එක්ව උදරය බෙදාගත් අයියාත්, මල්ලීත්, නංගීත්තිස් හත් වසක ජීවිතය බෙදාගත් සියලු දෙනාත් සිහපත් කරමි..ජීවිතයේ නවමු ඇරඹුම දෙස බලා හිදිමි....ඔබ එ¢මඟ පියමැන එනු පෙනේ...ඉදින්...විසල් සෙනෙහසකදිය උල්පත් මතුවන යුරැ බලා ...

මගේ ආදරේ... මොකක්ද මේ ආදරය කියන්නේ, මම හිතන්නේ ඒකට නිර්වචන දෙන්න බෑ. ඔබහැමදෙනාට ම ඒ ගැන විවිධ නිර්වචන තියෙන්න පුළුවන්. ඔව් ලෝකයපැවතෙන්නේ ආදරය නිසා. ඒත් ඒක ඇතුවත් බැරි, නැතිවත් බැරි තවත් එක දෙයක් . විතරයි. වෙලාවකට මට හිතෙනවා ආදරය කියන්නේ විඳවීමක් කියලා.මොකද ආදරය විඳිනවා වෙනුවට විඳවන අය වැඩියි. ඒක ලබා ගන්න විදියයි, බෙදාගන්න විදියයි හරිම වෙනස්. ඒ කියන්නේ අපි ආදරය කරන විදියයි ...

නිම්තක නිම්නැත මේ දුත! ගෝනගල්දෙණිය ඉඳල රුවන්වැල්ලට එන්න පැයක් ගතවුණත් ගමනෙ වෙහෙස දැනුණෙ නැත්තෙ අවට පරිසරයෙ තිබුණු තෙත පාට හින්දා, රබර් වතු, කදු පංති විතරක් නෙවෙයි කඳු පාමුල ස්වාභාවිකව ම හැදුණු කළුගල් කානු දිගේ ගලාගෙන යන මොරතොට ඔයේ පිරිසුදු වතුර පාර මීටර පනහක හැටක දුරක වුණත් ඇහැට හරි අපූරූ සිහිලසක් ගෙනාවා. ඒ පරිසරයෙන් මිදිල ආපහු කොළඹ එනව කියන එක සිහි වෙනකොට අනේ මේ වගේ ...

Untitled Post සංග මාම මාව බලන්න ආවසියල්ල අවසන මාස හතරකට පසුව නිම්තක මනුල් ජයවික්‍රම නම් ශාන්ත පීතර විද්‍යාල යේ වයස අවුරුදු 15 න් පහල ක්‍රිකට් කණ්ඩායමේ කඩුළු රකින්නා සිය කුමර දිවියට සමුදී තිබිණි. පසුගිය බ්‍රහස්පතින්දා සවස බොරැල්ල පොදු සුසාන භූමියේ දී නාම මාත්‍රය අප අතර ඉතිරි කර ගිය ඒ සිඟිති පුතුට සැනසීම පතමු. ...

නිරුවත් සිතිවිලි මිනිස්සු අමනුස්සකම් හංගගෙන ඉන්නෙ, දරාගෙන ඉන්නෙ කොච්චර අමාරුවෙන් ද කියල දැනෙන්නෙ පාරට බැස්සහම. මේක තවත් එක කාන්තාවකගේ දෘෂ්ටියක් විතරක් වෙන්නත් පුළුවන්, ඒ වුණත් අනේ මන්දා පිරිමියෙක් දැක්කහම ගැහැනුන්ගෙ හිතිවිලිත් කුපිත වෙනවද කියලා. මේ කතා මෙහෙම කියන්න ලැඡ්ඡා බය ගෑවිලාවත් නැත්ද කියල අහන අයත් ඉන්නවා. ඒ කොහොම වුණත් කියන්න තියෙන දේ නොකියා හිටින්න බැරි තරමටම අපේ සමාජයේ මනුස්සකම පිරී ඉතිරී ...

සොබාදමේ දරුවෝ ( සේයා රූ- අමල්ක අමරසිංහ )“ මගේ තුන්මැසි දියණියගේරසවත් සිහිනය දිගේසිනහ කුමරි නටන කලටදිටිමි සියලු රූ ඇගේ ”සිරිමා ලේකම්ගේ ගුරුතුමිය සිංහල පාඩම අවසන් කරමින් සිටින්නී ය. පාඩම “ ඈට වසඟ නොවනු කවුරුද? ” පද්‍ය පංතියයි. ශ්‍රී චන්ද්‍රරත්ත මානවසිංහ ශූරීන්ගේ ඒ අති රමණිය පද සංකල්පනාව සිංහල පෙළ පොත සඳහා කවුරුන් විසින් තෝරා ගන්නා ලද්දක්දැයි කිව නොහැකි නමුත් කුඩා අපි ඊට වසඟ ...

පුංචිලෑ ගෙදරට ගිහින් එන්න ඕනැකම තිබුණත් පහුණු කාලේ එක එක දිගට තිබුණු වැඩ කටයුතුත් එක්ක දවසින් දවස ඒ ගමන අතපහු වෙලා තිබුණ. පහුන ඉරිදාවක තවත් ඥාතීන් පිරිසකුත් එක්ක අලේ ගෙදර අයත් පුංචිලෑ ගෙදර යන්න දාගත්ත. අපේ ගෙදර අයට එහෙට එන්න කියල මම සරසවියේ ඉදන් කෙළින්ම පුංචිලෑ ගෙදරට ගියා. කටට රහට විවිධ කෑම හදන අතරේ ලොකු දූ බත් ටිකක් කමුද කියල ...

http://www.dinamina.lk/baddaramalla/?sid=article&dt=2013/02/01&id=2013/02/01/b13020111තුන්කාලේ නෝනාටොම්සන් මහත්තයා අහස දිහා බලා ගෙන හිටියේ ඈත ඉඳන් පියාඹා ගෙන එන කුරුල්ලෙක් දිහා ය. කුරුල්ලෙක් ද කිරිල්ලියක් ද කියලා කියන්ඩත් බෑ. මෙන්න බොලේ අහසේ ඉඳන් ආපු මොකා හරි ටොම්සන් මහත්තයා ළඟට පාත් වෙච්චි ගමන් මැවුණේ ගෑනු පරාණයක්. ඇඳ ගෙන හිටියේ තුන් කාලකුයි, ටී ෂර්ට් එකකුයි.‘මේ ටොම්සන් මහත්තයා වෙන්ඩ ඇති... මං ආවේ විශ්වවිද්‍යාලේ පැත්තේ ඉඳලා...’‘ඉතින් මොකද අප්පේ මේ කලබලේ.. ...

අවිද්‍යා දැල්වෙන විද්‍යාල මෑත දිනෙක මට හරි අපූරු සිදුවීමක් අත්විඳින්න ලැබුණා, එක්තරා සරසවි බිමක දි. වසර ගණනාවකට කලින් කරපු විභාගයක සහතිකය ගන්න දවසින් දවස අපිට අතපහු වෙලා තිබුණා. ඉතින් වෙනත් ගමනක් යන ගමන් අපි සරසවියට ගොඩවෙන්න තීරණය කළා.සහතික කොළේ අරගන්න. මගේ යෙහළියයි, ඇගේ සිඟිති දියණියයි, මමයි, වාහනේ අරන් ගියේ ඇගේ සැමියා. ඒ වේලාවේ මහ වරුසාවකුත් එක්ක. ගේට්ටුවට අපේ අවශ්‍යතාවය දීල අපි සරසවි බිමට ...

ගැඉරිතැළුනු බිම් කඩක්සෙනෙහසින් තෙත් කරනමල් කිනිති පුබුදුවනහැමදාම, හැමදාම, හැමදාම මල් පිපෙනසදාකල් වසන්තයමේ තරම් ළංවුනේ කවදාද ?පිසද එළිය බිදුවක්ය ආදරේමුදු සුවද පවනක්ය ජීවිතේගැපිණි කැටිති සීතලටතුරුළුවෙයි පත් අඟටසිනාසෙයි කිරිල්ලක්පෙම්බරාගේ හඬටසදාකල් වසන්තයමේ තරම් පමාවූයේ ඇයි ද ?පිඅවාරෙට මල් පිපෙනනමාගෙන අතු නැමෙනඅරුමයන් දකිනවිටහැමදාම පිබිදෙනාමල්යාය දකින්නටමේ තරම් පමාවූයේ ඇයි ද ?ගැසද එළිය බිදුවක්ය ආදරේමුදු සුවද පවනක්ය ජීවිතේපිදෝරේ ගලායන රන් අරුණැල්ලටවියන් බැදෙනවලූ නිල් ගුවනේගැවළා වියන වී ...

ජීවිතේ වෙලාවකට හරියට හමන සුළඟ වගේ, කොහෙන් හැමුවද? කොහේටද හමාගෙන යන්නෙ කියල කවුරුවත් දන්නෙ නැහැ. හමාගෙන එනවා, හමාගෙන යනවා. වෙලාවකට හරිම සිහිල් සුළඟ වෙලාවකට මාරාවේශ වෙනවා. මල් සුවඳ විතරක් නෙෙමි කුණු ගඳත් අරගෙන එනව. ජිවත්වෙන්න ඉහලට අදින හුස්ම පොදත් එක්ක බැඳිලා තියෙන අපේ ජීවිතේ ඒ හුළං පොද වගේ නොකියම ඇවිත් නොකියම යන්නත් යනවා. අපිත් නොකියම ඇවිත් නොකියම යන්න යනවා. ඒ ...

හෘද සාක්ෂියක් සොයමි මනුස්සකම” වර්ග කරන්න බෑ. පසුගිය සතියෙත් ලිහිණිගෙ ලියමන ලියවුණේ ඒ පිළිබඳ. අපි මුහුණ දෙන අවස්ථාවන් අනුව, දේවලට ප්‍රතිචාර දක්වන ස්වරූපය අනුව බොහෝ දේ වෙනස් වෙනවා. හැබැයි “මනුෂ්‍යයන්” හෙවත් උසස් මනසක් තියෙනවා යයි විශ්වාස කරන අපි කරන කියන දේවල් අනුව ඇත්තටම අපි මනුෂ්‍යයොද කියන ප්‍රශ්නෙ අපෙන්ම අහන්න වෙන අවස්ථා තියෙනවා.විශේෂයෙන් ම අනිත් ‍ අයත් එක්ක හැසිරෙද්දි වැඩ කරද්දි හෘදය සාක්ෂියක් ඇතිව ...

2013 සොඳුරු හිමිදිරියක් වේවා!!! අරුණ කැදවන පළමු රැස් දහරේ උණුහුම විදිමින්, නැගෙන සියොත් සරක දිවමන් මිහිර විදිමට ජීවිතය හිමිදිරියක් වන්නේ නම් කොයිතරම් අපූරුදැයි සිතේ. 2013 වසර එළඹෙන්නේ සමස්ත ලෝක වාසී සිත් තුළ ලෝක විනාශය පිළිබඳ ඇතිවූ අප්‍රමාණ සැක සංකා අතරිනි. කෙසේ වුව යනෙන මඟ වෙනදාට වඩා සිනහ මල් පිපෙනු ඇති, අචාරශීලීත්වයෙන් පිරිපුන් බොහෝ ජනී ජනයා අතරින් පිය නඟන ඔබට, යනෙන මාවත සැඟවෙන, සිනහවෙන්නට වෙරදරන ...

සංගා ඔව් , ඔබ සාඩම්බර ශ්‍රී ලාංකිකයෙක්! සංගා ඔව් , ඔබ සාඩම්බර ශ්‍රී ලාංකිකයෙක්!කාන්තාවක් වුණාම අනිවාර්යයෙන් ම අවුරුදු දාසයේ දා හතේ ගන්න තිබුණු ප්‍රතිශක්තිකරණ එන්නතක් මම අර ගත්තෙ නෑනෙ කියල මතක් වුණේ සති දෙකකට තුනකට කලින්. ඒක තවත් කල් අරින්න හොඳ දෙයක් නෙවෙයි අපි පුද්ගලික රෝහලකින් ඉක්මනට විදගමු, හෙට උදේ කොළඹට එන්න. එහෙම කීවේ මගේ මිතුරිය. ඉතින් නොවැම්බර් මාසෙ විසිතුන් වැනිදා නොරිස් නකැනල් පාරේ පුද්ගලික රෝහලකට ...

Untitled Post ්‍ ජීවිතයට ආදරය කරන ඔබ වෙනුවෙනි!‘‘රතු” පැහැයන් අතර දීප්තිමත් පැහැයක් ලෙසත් උණුසුම් පැහැයක් ලෙසත් ‘‘රතු” පැහැය සැලකේ. අනතුරු හැඟවීමේදීත්, උණුසුම් හැගීම් ප්‍රකාශ කිරීමේදීත්, බලය විදහා දැක්වීමේදීත් ආදරය හැඟවීමේදීත් ලොව පුරා ජනතාව රතු පැහැය භාවිත කරයි. ආදරයට සේ ම විනාශය හා ප්‍රචණ්ඩත්වය දැක්වෙන්නේ රතු පැහැයෙනි. ලොව පළමු ඒඩ්ස් රෝගියා හදුනාගත් එක්දහස් නවසිය අසු එකේ දෙසැම්බර් පළමු දා සිහිකර ලෝක ඒඩ්ස් දිනය ...

Previous Page