"ටොප් ලිෆ්ටර් එකට යට කරලා සුපර්වයිසර් ධර්මසේනව මරන්න හදලා ලෝගුස්.." පර්යන්ත භාර ප්‍රධාන කලමණාකාර මගේ මිත්‍රයා බොහොම කලබලෙන්.."බලන්න සරත් මූ කරල තීයන වැඩේ ? මිනිහාට ඕනෙ විදිහට නටපු නැති හින්දා මැෂිම ලඟින් ධර්මසේන මෝටර් සයිකලෙන් යනකොට මූ වෙට්‍ටුවක් දාල මැෂිමෙ පස්ස පැත්තෙ හප්පන්නයි හදල තියෙන්නෙ.. වහාම වැඩ තහනම් කරන්න මං ඕඩර් කලා.. මෙහෙම වැඩක් කලාම මුංව නලවන්න මට බෑනෙ.. අර ...
"මොකද ඔයා මේ කලේ ?" මං ලොරියෙ රියදුරාගෙන් ඇහුවෙ කෙලවරක් නැතුව කඩා හැලුන වැහි වතුර නාන ගමන්.." ඒක තමයි මහත්තයෝ මාත් මහත්තයගෙන් අහන්න හැදුවෙ..""මහත්තය හන්දියට ආවා වාහනේ සොලෝ කලා නවත්තන්න. මාත් සොලෝ කලේ ඉතින් පුරුද්දට .. මහත්තයා නවත්තයි කියල හිතන් මං ඉස්සරහට ආවා.. මං ආවෙ ප්‍රධාන පාරෙනෙ.. එතකොට තමයි මහත්තය වාහනෙ ඉස්සරහට අරං ලොරියෙ හැප්පුවෙ.. මං අමාරුවෙං දකුනට කැපුවෙ නැත්තං ...
දොස්තර මහත්තය නලාව පපුවෙන් අහකට ගත්තෙ එයා ඉවරයි කියන සංඥාව මූනෙන් වටේ හිටි අයට හැඟවෙන විදිහට රවුමක් බලල හුස්මක් හෙලුවට පස්සෙයි.. සාත්තු සේවකයා සුදු රෙද්දෙන් ලෙඩාගෙ මූනත් එක්ක වහල දැම්ම.. හැබැයි ලෙඩාගෙ මූන මං දැකගන්න කලින් නෙවෙයි.. "මොනවා ? ඒ මං නේද ? "එතකොට මං මැරිලා. අදහාගන්නත් අමාරුයි..කවුද හිතුවෙ මං මැරෙයි කියලා ? "දරුවො හතරදෙනෙක් හදල මුණුබුරොත් මිණිබිරියොත් දැකල උනත් ...
අර පාරෙ යන වාහන ඔක්කොම රෝද උඩ තියං මුනිං අතට අහසෙ පාවෙන්නෙ කොහොමද තටු නැතුව ?ඇයි ඔයාල වලාකුලුවල ඔලුවෙන් හිටගෙන පොලොවෙ එල්ලිලා ඇවිදින්නෙ හූනො වගේ ?කුරුල්ලන්ට හිටං උඩ යට මාරුවෙලා.ඒ මදිවට අපේ කුක්කාත් කකුල් හතරෙන් පොලොවෙ එල්ලිලා අහසෙ පාවෙන එකනෙ ඉවසන්න බැරි..මං විතරයි පොලොවෙ පය ගහල වලාකුල්වල ඔලුවෙන් ඇවිදින්නෙ නැත්තෙ..ඇයි ඔයාලට මං වගෙ වෙන්න බැරි ? ...
කෝලිත පොඩි සාදු හිතේ තියෙන ප්‍රශ්නෙ ලොකු හාමුදුරුවන්ගෙන් අහනවද නැද්ද කියල විපිරියාසෙන් කීප වතාවක් උන්නාන්සෙ අසලින් එහාට මෙහාට ගියා..ලොකු හාමුදුරුවෝ භාවනාවක ගිලිලාවගෙ බොහොම අවධානයෙන් පන්සල් මිඳුල අතුගාගෙන අතුගාගෙන ගියා. එක පැත්තකින් ඉදලට අසුවෙලා අතුගෑවිල යන බෝකොල .. අනිත් පැත්තෙ බොහොම සීරුවට ලස්සනට පොල් අත්තෙ රටාවට අතුගාපු බෝ මලුවෙ වැලි තලාව.. පොල් අතු රටාවෙ අතරින් පතර පොඩි සාදුගෙ පුංචි අඩි සලකුණු.. ...
"ඔයාට තෙරෙන්නෙ නැද්ද ? ඔයා හරියට දුක් විඳිනව..සරත් කරන්නෙ ඔයාව හූරගෙන කන එක .. මට ඔයාගැන හරි දුකයි.."මූනෙ ලේ කලඳක් නැති චීන හොල්මන අපේ හාමිනේට ඔහොම කිවුවෙ අර කුණ්ඩහට්ටියක් වගෙ මූනෙ පුදුම දුකක් රඳවාගෙන වෙන්ඩ ඇති.. එතකොට අනෝරා වැස්ස.. පොඩි එකා අර හොල්මනගෙ පන්තියට අරන් ගිහින් ආපහු එතන ඉඳල එයාව තව කිලෝ මීටර තුනක විතර දුරකින් තිබුණ සෙන්සරි ව්‍යායාම කරන ...
"ඔහෙගෙ නම සරත් නෙවෙයි දැන්... ඇත්තටම කිවුවොත් ඔහෙට තාම නමක් නැ. මේ ඉන්නෙ අන්තර්භව අවස්තාවෙ..""මොනවද මේ පිස්සා මේ කියවන්නෙ ? මේ ඉන්නෙ මම නෙවෙයි නං වෙන කවුද ?මේ තියෙන්නෙ උදේ මං ඔෆිස් එන්න ඇඳන් ආපු කමිසෙයි කලිසමයිනෙ. ආ. මේ තාමත් ටයි පටියත් එහෙමම. මට මතකයි එලියට බහින්න හදනකොටම ලමයින්නෙ අම්ම කියනවා ....."ඔයා අද ඇඳන් ඉන්නෙ නොගැලපෙන පාටක ටයි එකක්." කියල. ...
ගැහැනියකගේ ස්වාධීනත්වය... පිරිමියෙකුගේ ස්වාධීනත්වය.. හ්ම්ම්... ස්වාදීනත්වය නිදහස ... විවාහය.. බැඳීම..අපි ඉස්කෝලෙ ඉගෙන ගන්න කාලෙ පුද්ගලික නිදහස ගැන අර්ථ කථනයක් කරපු අපේ සර් කිවුවෙ "කෙනෙකුගෙ නිදහස සීමාවෙන්නෙ එයත් එක්ක ජීවත්වෙන සමාජයෙ අනිකුත් අයගෙ නිදහසෙන්" කියලයි.. ඔය අර්ථ කථනය දිගේ ගියාම පෙනෙන්නෙ සම්පූර්ණයෙන්ම නිදහස්ය ස්වාධීනය කියල හිතන්න පුලුවන් වෙන්න නම් කෙනෙක් ජීවත්වෙන්න ඕනෙ තට්ට තනියම සතෙක් සරුපයෙක්වත් නැති පට්ටපල් කාන්තාරයක හරි දක්ෂිණධ්‍රවයෙ ...
ආණ්ඩු එනවා ආණ්ඩු යනවා ඇමතිවරු එනව ඇමතිවරු යනවා සංස්ථා සබාපතිල එනවා ඒ ගොල්ලත් යනවා. අපේ ආයතනෙට ඔය විදිහට අවුරුදු දහයක් තුල සබාපතිල නමයක් ආවා ගියා.. රජයෙ සේවකයො වෙච්ච අපි කවුරු ආවත් ගියත් අපේ රාජකාරි දේවකාරි වගේ කලා ආයතනෙ ආරක්ෂා කලා. මිනිස්සුත් ආරක්ෂා කලා.. වෙනස්වෙන වෙන සැරේට පෙස්සං ගියා.. හැබැයි හොරුන්ට තක්කඩින්ට විරුද්දව නෙවෙයි.. අවංකව වැඩකරපු අපි වගෙ අතලොස්සකට විරුද්දව. එක ...
"බාසුන්නැහේ මට කිවුවෙ නෑනෙ අර මන්නාරමේ ගිහින් වෙච්ච සංගදිය.." මං කලින් එයා නිකමට සඳහන්කල කතාවක මුල මතක් කලා."අහ්.. ඇත්ත නේන්නං..""ඔන්න මං ඒ කාලෙ මාසෙකට වතාවක් යනෝ මන්නාරං. .. වෙන මොහොකටවත් නොවෙයි..අපෙ මස්සිනත් එක්ක මං කරෝල බිසිනෙස් එකක් කලානෙ.. ඕක උනේ ඔය පනස් ගනං වල තිබ්බ මහ ගංවතුර කාලෙ,""ඔය ගංවතුර මන්නාරමටත් ගැලුවද බාසුන්නැහෙ "?"මහත්තය මේ මොනව අහනවද ? මන්නාරමට ගලාපු තරං ...
"විස්වාසෙට ගංට මහත්තයා.. මං ඇහැපියාගන්ට කොට්ටෙට ඔලුව තිබා විතරයි.. ඕං ඇහෙනවා සද්දෙ.. සර සර සර සර ගාල ගේ පිලිකන්නෙන්.. එදා ගේ හරියකටම හිටියෙ මායි අපෙ ගෑනියි විතරෝමයි.." බාස් උන්නැහේ කිවුවෙ රහසක් කියන්න වගේ. වට පිට බලල ප්ටෲස් ගාල බුලත් කෙල පාරක් මිදුලට අතෑරියාට පස්සෙ ආයිත් කතාව පටං ගත්ත.."මහත්තයට කියංට මං ඉතිං මෙලෝ යකෙකුට බය එකෙක්යැ.. ගත්ත කෙටේරිය අතට.. ම්හු.. දැන් ...
මතක නැත කල වරදක්උපත හැර මේ පින් බිමවිඳින්නට වද හිංසා යදමින් බැඳ විලංගුද ලා පවුරු මැද වැඩහිඳිනාබෝ සමිඳු අබිමුව හිඳඅනේ බුදු හාමුදුරුවනේආපහු මේ මාතෘකාව ඇදගන්න හිතුනේ මේ සතියෙ ප්‍රසිද්ද පුවත්පතක ගංගාරාමෙ අලිපැටියෙක් ගිණිමද්දහනෙ පිච්චි පිච්චි දුක් විඳින හැටි දැකල ඊටත් පස්සෙ සමකය වටේ ලියලතිබුන මේ ලිපියට දුකාගෙ සටහන කියෙවුවට පස්සෙ. වහෙන් ඔරෝ නොකියා කෙලින්ම කියමුකො.. මං කියන්නෙ බෞද්ධ විහාර පන්සල්වල ...
තාත්තේ.. !!තරුණිය සද්ද නගා කෑ ගැසුවේ උමතුවෙන් මෙනි.අපෙ ගම් පලාතට නුදුරු ඉපැරණි පින්කෙතක බවුන් වඩනා ස්වාමීන් වහන්සේ කෙනෙක් රහත් භාවයට පැමිණ ඇතැයි යන ප්‍රවෘත්තිය ලැවු ගින්නක් මෙන් පැතිර යද්දී පුවත් පත්වලට එය ඉව වැටීම අරුමයක් නොවීය. කිසිම ප්‍රසිද්ධියක් නොමැතිව කල්ප කාලයක් තිබුණු ඒ අරම ලක පුරා පරසිදු වුයේ දින කිහිපයක් ඇතුලතදීයයි කීවොත් එය අතිශයෝක්තියක් නොවේ. පත්තර වලට යන්නත් කලින් අම්මාට ...
ආණ්ඩුවේ නිවාඩු දවස් පෝය දවස් සති අන්ත කියන්නේ ගොඩක් ඉස්තීර රස්සාවල් කරන අයට නම් සතුටු දායක දවස්නෙ.. පවුල්කාරයො දරු මල්ලෝ එක්කයි පුරේම වන්තයෝ වන්තියෝ තමුංගෙ ඉතිරි බාගෙ හරි බාගවල් එක්කයි හරි සොමියෙ ඉන්න දවස්..එහෙම එකක්වත් කරගන්න බැරි කොල්ලෝ යාලුවො එක්ක කදේ ගහං විනෝදෙන් ඉන්න දවස්. ඒ උනාට වරායෙ වැඩ කරපු අපිට නම් ඔය දවස් හිස රදේ හැදෙන දවස් කියල කිවුවොත් ...
"උඹේ ආගමේ කියන විදිහටම උඹට පඩිසන් දුන්නා. හූ හූ.." ඩොමින්ගස් මං පස්සෙන් එලවිල්ල නතර කරල බඩ අල්ලං දෙකට නැමි නැමී කැකිරි පලන්න ගත්ත.. උගෙ බොක්ෂිංද නැත්නම් මගෙ කරාටෙද වැඩිය ලොකු කියල අත්හදා බලන්න වෙන එකෙං ගැලවෙන්නයි මං දිවුවෙ..මං කරපු අසමජ්ජාති වැඩේ හින්දා ඌ හිටියේ මාරාවේශ වෙලයි.. ඩොමින්ගස් කියන්නෙ කියුබාවෙන් ඇවිත් අපිත් එක්ක කැම්පස් එකේ හිටි මගෙ මිතුරා. බොක්ෂින් ක්‍රීඩාවට හොඳ ...
"මිස්ටර් සරත්.. දන්නවද වැඩක්.. දැන් ඉතින් ඔහොම ඉඳල හරියන්නේ නැහැ.. මං වගේ භාවනා කරන්න පටන් ගන්න ඕනෙ.. ජීවිතේ හැමදම එක විදිහට තියෙන්නේ නෑනෙ.. අපි සෙට්ල් ඩවුන් වෙලා හිත සැනසිල්ලේ ඉන්න කාලෙ.. .. නැද්ද හොඳයි ? මං නම් දැන් සෑහෙන දුර ගිහිල්ලයි ඉන්නේ.." මං නම් මේ ලඟදිත් බණ්ඩාරවෙල ආශ්‍රමයට ගිහින් දවස් ගනනක් භාවනා කරල ආවා." ජීපී බයිට් කෑල්ලක් කටේ දාගන්න ගමන් ...
ඔන්න මට හිතෙන හැටියට ගන්න තියෙන දේවල්.. පලවෙනි කොටස කියෙවුවෙ නැත්නම් මේක අපබ්බ්‍රංශයක් වෙයි.. ඒ හින්දා ඒකට මෙතනින් යන්නකො..1. මං කල පලවෙනි වැරැද්ද මවිසින් කලයුතු දෙය අනිකෙකුට පැවරීමයි.කවදාවත් තමුන්ට වඩාත් හොඳින් කරන්න පුලුවන් තමුන් විසින් සැලසුම් කරන ලද සහ උපක්‍රමික කරන ලද ප්‍රශ්නවලට තුඩු දෙන්න පුලුවන් තීරන ක්‍රියාතමක කිරීම වෙනත් අයට පවරන්න එපා. ඒක විනාශයට මුලක් වෙන්න පුලුවන්,, කරුමෙකටවත් අර ...
හුඟක් ආයතන පාලකයො හිතන්නේ සේවකයො කියන්නෙ තමුන්ට ඕන විදිහට දාම් ලෑල්ලක වගේ එහා මෙහා කරන්න බ්ලාස් අරින්න පුලුවන් රවුම් හතරැස් ඉත්තො කියලයි.. ඉස්සර කාලෙ නූගත් මිනිසුන්ගෙන් වහල්සේවෙ ගන්නකොට එහෙම වෙන්න ඇති.. ඒත් වහල් සේවෙ ඉවර වෙලා ශතවර්ශ ගනනාවක් ගතවෙලා තියෙන බවත් අද සේවකයා ලෙසින් හඳුන්වන පුද්ගලයා දියුනු මනසක් බුද්ධියක් ඇති තමුන්ගෙ අයිතිවාසිකම් හොඳින් දන්නා ආර්ථික සත්වයෙක් බවත් වටහාගෙන තීන්දු තීරන ...
ඒථ තුම්හේකාලාමා; මා අනුස්සවේන; මා පරම්පරාය; මාඉතිකිරාය;මා පිටකසම්පදානේන; මා තක්කහේතු;මානයහේතු;මා ආකාරපරිවිතක්ක්කේන; මා දිට්ඨිනිජ්ජානක්ඛන්තියා;මාභබ්බරූපතාය; මා සමණෝනෝ ගරූති. යදාතුම්හේ කාලාමා, අත්තනාවජානෙයියාථ ඉමේ ධම්මාඅකුසලා. අථ තුම්හේපජෙයියාථ , ඉමේ ධම්මාකුසලා. අථ තුම්හේඋපසම්පජ්ජ විහරෙයියාථ ..කාලාමයෙනි යමක් ඇසූපමණින් භාර නොගන්න.. පරම්පරාවෙන් පැවත එනනිසාවත් එය එසේයයනආරංචියෙන්වත් ආගමිකපොත් පත්වල තිබුණුපමණින්වත් තර්කානුකූල නිසාවත්එය පවත්නා න්‍යායය නිසාවත්මේ කාරණය කියාතිබෙන හැටි මැනවැයිසිතාවත් තමන් කලින්සිතූ අදහ
“අයියා දන්නවාද ? නිශාදි බැන්දනේලඟදී .”“ මොනවා.. අර චුට්ටංකෙල්ල ? මේ ඊයෙ පෙරේදා කොන්ඩකරල් දෙකක් ගොතාගෙනඉස්කොලේ ගිය පොඩිඑකී කසාද බැන්දා? ““පොඩි කොහෙද එයාටවිසි තුනක් විසිහතරක් ඇති මගේ හිතේ..” නංගී කිවුවා... “අනේ පවු.. අහිංසකකෙල්ල. කොච්චර කරදරමැද්දේද ඉගෙනගත්තේ.. ““දෙන්නම රස්සාව කරන්නෙත්එකම තැන.. හොඳකොල්ලා. දෙන්නා හොඳටගැලපෙනවා. අයියා යනවාදබලන්න ?”“කොහෙද ඉන්නේ දෙන්නාදැන් ? යන්න ඕනේබලන්න..” මං කිවුවා.ඉන් පස්සෙමගෙ ඊලඟ නැවතුමඋනේ අර දෙන්නගෙපොඩි කැදැල්ල. කොලඹනගරෙ ...