ඔබට සුබ ගමන් මගේ මිත්‍රයා... | Good Bye Comrade... මම ඔබව කවදාවත් දැකලා නැහැ... කතාවක් අහලත් නැහැ...අඩුම ගානේ, ඔබේ කතාවක් කියවලාවත් නැහැ...ඒත්,ඔබ මම ගරු කරන පුද්ගලයෙක් විදියට හැමදාම හිටියා...ලෝකෙම ලොක්කගේ අල්ලපු ගෙදර ඉඳගෙන,ලොක්කාගේ පදේට නටන්නේ නැතුව,ඔබේ පදේට ඔබ නටද්දි,මගේ ලෝකයේ ඔබ වීරයෙක් උනා...ඔබ විශ්වාස කරපු දේශපාලන දර්ශනය,මම එකහෙළා විශ්වාස නොකරත්,ඔබේ දේශපාලනය,මගේ දේශපාලනය එක්ක සමපාත නොවුනත්,හැමදාම මම ඔබේ කඳවුරේ හිටියා...ඒ ඔබ ඔබම නිසා...අද ඔබ නැති උනාම,ඒ සන්තෝසෙට,කිරිබත් කන අය, රතිඤ්ඤා ...

අපිට පිස්සු ඕයි !!! එක්කෝ හරි යන රෙද්දක් කරන්න ඕනේ ඕයි.මේ ඡන්ද රෙද්දවල් අතාරින්න ඕනේ ඕයි...සිරාවට ඕයි...අද මෙහේ මළගෙයක් ඕයි... උංව මං දන්නෙත් නෑ ඕයි....ඒත් යනවා ඕයි...මූන පෙන්නලා එන්න ඕයි...මම ගියා කියලා ඌ නැගිටිනවාද ඕයි???නෑනේ ඕයි...එහෙනං මොන රෙද්දටද යන්නේ ඕයි???ඡන්ද ඕයි ඡන්ද.... තමුසෙට් තේරෙන්නේ නෑ ඕයි...මළගෙවල් කියන්නේ ඡන්ද උල්පත් ඕයි...වෙලාවකට මෙහෙම හිතෙනවා ඕයි...ඡන්දයක් ළං උනාම මං විතරක් ඉතුරුවෙලා,ආසනේ අනිත් උං ඔක්කෝම මැරිලා ගියානං,වටේම මළගෙවල් ...

ඊයේ අපේ ගෙදරට පොලීසියෙන් ආවා. කට උත්තරයක් ගන්න. මම හොරකමකට මංකොල්ලෙකට ස්ත්‍රී දූෂණයකට සැකකාරයා වෙලා එහෙම නෙමෙයි. පාරිසරික ප්‍රශ්ණ...කතන්දරේ මෙහෙමයි...අපේ ගෙදර තියෙන්නේ ගමේ පිට්ටනිය ළඟ. පිට්ටනිය ළඟ කියන්නේ පිට්ටනියට අල්ලපු වැට අපේ ගෙදර. නිවාස සංකීර්ණයක් නිසා ඒක ටිකක් ලොකු පිට්ටනියක්. මේ පිට්ටනියේ අවුරුද්දට සැරයක් දෙකක් කානිවල් පවත්වනවා... එක එක ආයතන, සංගම්, පදනම්වලින්. ඒ අයගේ අරමුදල් තර කරගන්න, සුභසාධන වැඩවලට වගේ ...

ලිනක්ස් මතදී ඔබ වින්ඩෝස් සඳහා නිර්මාණය කරපු මෘදුකාංග පාවිච්චි කරලා තියෙනවද? කාලයක් තිස්සේ ලිනක්ස් පරිශීලනය නෙකෙක් නම්, බොහෝ විට උත්තරේ "ඔව්". මම ඇහුවොත් ඒ කොහොමද කියලා, ඔබ දෙන උත්තරේ තමා WINE...Wine Is Not an Emulator (WINE) කිව්වට, ගොඩක් වෙලාවට අපි ලිනක්ස් පාවිච්චි කරද්දී WINE පාවිච්චි කරන්නේ Emulator එකක් විදියටම තමයි. හැබැයි ප්‍රශ්ණයක් තියෙනවා. අපිට ඕනේ විදියටම WINE වැඩ කරන්නේ නැති ...

ලිනක්ස් - ඔබේ ජීවිතේ වඩාත් පහසු කරන හැටි | How Linux makes your Life Lot More Easier ලෝකේ ජනප්‍රියම ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධතියක් වෙන Ubuntu Linux (උබුන්ටු ලිනක්ස්) වල අලුත්ම දීර්ඝ කාලීන සංස්කරණෙත් (LTS - Long Term Support) පහුගිය දවසක එළිදැක්වූවා. ඒ Ubuntu 12.04 Precise Pangolin. එළිදක්වලා මේ වෙනකොට මාස 6කට ආසන්න උනත් තාම ඒක හෙන අළුත්... දැං අලුතෙන් එන උබුන්ටු සංස්කරණවල මුහුණත තිරය (Desktop Environment) එක විදියට එන්නේ Unity Desktop Envirenment එක. ආව මුල් කාලේ (2010 ...

Dual Boot අයිං කරමු... ජනෙල්ම තියමු!!!  |  How To Remove Linux!!! ලිනක්ස් එක්ක ජනෙල් එහෙමත් නැත්තං Windows මෙහෙයුම් පද්ධති දෙකම එකට ස්ථාපනය කරලා, ඒ කියන්නේ Dual Boot කරලා තියෙන කොම්පියුටර් අද සාමාන්‍ය ප්‍රමාණයක් දකින්න පුළුවනි.රස්සාව හරි එහෙමත් නැත්තං ඉගෙනීමේ කරුණු නිසා හරි Windows අතාරින්න බැරි, ඒවගේම ලිනක්ස් පාවිච්චි කරන්න බොහොම කැමැත්තක් ඇති උදවියට තියෙන හොදම විසදුම තමා Dual Boot කිරීම. Dual Boot කරලා තියෙද්දි තමන්ට Windows ඕනේ වෙලාවට Windows සහ ලිනක්ස් ...

රස්සාවට කම්පියුටර් ප්‍රෝග්‍රෑමිං කරන බුවෙක් දවසක් වෙරළේ ඇවිදගෙන යනවළු.බුවා ඔහොම යනකොට ටිකක් සයිස් ගෙම්ඹියෙක් වෙරලේ ඉන්නවා දැක්කළු.බුවාව දැක්ක ගෙම්ඹි පොරට මෙහෙම කිව්වළු."ඔයා මාව කිස් කළොත් මම ඔයාගේ Girl Friend වෙලා ඔයාව කසාද බදිනවා..."ප්‍රෝග්‍රෑමිං බුවා පට්ට කොරළු ගෙම්ඹිගේ මේ ටෝක් එකට.පොර ගෙම්ඹිව සාක්කුවේ දාගෙන වෙරළ දිගේ ඇවිදගෙන යනවළු.ගෙම්ඹි ආයෙත් වතාවක් පොරට කියනවළු "ඔයා මාව කිස් කළොත් මම ඔයාගේ Girl Friend වෙලා ...

ඉවසපං !!!!! | STICK OUT !!!!! තරුණ සංගීත කණ්ඩායමක් වන Draw Links විසින් ගායනා කරණු ලබන "ඉවසපං..." ගීතය පසුගිය දිනක යළිත් ලේඛකයා විසින් අසනු ලද්දේය. එම ගීතය නිකුත් කළ 2010 වසරේ සිට මේ දක්වාම එම ගීතය ලේඛකයා සාමාන්‍යයෙන් අසන ගීත ගොන්නේ තිබේ. එම ගීතයේ සංගීත සංයෝජනය හේතුවෙන් එසේ වෙන්නට ඉඩ ඇති බව ලේඛකයාගේ මතයයි. කෙසේ වෙතත් මේ සැරසුම එම ගීතය ඇසුරෙන් වර්ථමාන ශ්‍රී ලංකාවේ තාරුණ්‍යයේ ශෝකාන්තය ...

Ubuntu 10.04  මතදී Firefox 10 ප්‍රතිස්ථාපනය කරමු | How to Reinstall Firefox 10 on Ubuntu 10.04 හෙඩිම දැක්ක ගමන් හැමෝම වගේ දන්නවා මොකක්ද කරන්න යන වැඩේ කියලා.Ubuntu සහ Firefox...නිකං ජාඩියට මූඩිය, ඉදිකටුවට නූල, ශ්‍රී ලංකාවට ක්‍රිකට් වගේ එකම පීල්ලේ එකම පැත්තට යන විවෘත සහ නිදහස් මෘදුකාංග දෙකක්. නිකමට වගේ දෙන්නා ගැන පොඩ්ඩක් හොයලා බලමු...මොකක්ද මේ Firefox...සුප්‍රකට Mozilla සමාගමේ සාඩම්බර නිශ්පාදනයක්. විවෘත සහ නිදහස් මෘදුකාංග ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම ඉන්න කට්ටිය. 2009 ජනවාරි ඉදලා අද මේ වෙනකම්ම ලෝකේ ජනප්‍රියතම ...

අරක්කු - සිගරට් බොනවානම් මේකත් කියවන්න | For Drinkers and Smokers !!! අරක්කු සහ සිගරට් යනු වර්ථමාන ශ්‍රී ලංකාවේ මේ ලිපිය ලියන මොහොතේත් ඉතාම වැඩි වේගෙන් අළෙවි වන පාරිභෝගික භාණ්ඩ දෙකකි. මිල කොච්චර ඉහළ දැම්මත් මේ භාණ්ඩවල ඉල්ලුම අඩු වෙච්ච බවක්නම් සමාජය තුළදී දක්නට නැත. ඊට සාපේක්ෂව මිළ කොපමණ ඉහළ ගියත් පරිභෝජනය වැඩි බවනම් පැහැදිලිව දකින්නට පුළුවන. රජය වුවද කිසිම පැකිලීමකින් තොරව ඕනෑම අවස්ථාවකදී බදු අයකරමින් මිල වැඩි කරන්නේ මේ හේතුව ...

ආරාධිත අමුත්තෝ..... ලොව කොතැනක හෝ උත්සව අවස්ථාවක්, ප්‍රිය සම්භාශනයක්, ත්‍යාග ප්‍රධානෝත්සවයක්, වාර්ෂික සාදයක් හෝ මොනයම් හෝ ඒ හා සමාන අවස්ථාවකදී එම උත්සවයට සම්බන්ධවීමට එම උත්සවය සංවිධානය කරනා පාර්ශවයන් විසින් සමාජයේ උසස් යැයි සම්මත තලයන්හි සිටිනා පුද්ගලයින්ට ආරාධනා කිරීම සිරිතකි. එසේ ආරාධනා ලැබූ පුද්ගලයෝ ආරාධිත අමුත්තන් යන නමින් හැදින්වේ. තමන්ගේ උත්සව අවස්ථාවන් සදහා බාහිර පුද්ගලයින් සම්බන්ධ කරගැනීම කව්රුන් විසින් කුමන කාලයකදී ආරම්භ ...

කෙළවිච්ච ඒවා ගොඩදැමීම හෙවත් GRUB RESCUE!!! රනාට පට්ට FOSS අමාරුවක් තියෙන වග රනා ගැන දන්න ගොඩක් දෙනෙක් දන්නවා.මහා ලොකු කොම්පියුටර් ගීක් කෙනෙක් නොවුනත් ඒ FOSS අමාරුවට පිං සිද්ධවෙන්න රනා මේ වෙනකොට හාරපන්සීයකට විතර FOSS සහ ලිනක්ස් උගන්නලා තියෙනවා. ඒ වගේම ඒ ඉගෙනගත්ත අයගෙන් 30ක් විතර සම්පූර්ණයෙන්ම ලිනක්ස්කාරයන් වෙච්ච එකත් රනාට ලොකු සතුටක්. දැං මේ ලියන්න යන්නේ රනාගේ FOSS අමාරුව නිසා කරදරේ වැටිච්චි එකෙක්ව ගොඩදාන්න දීපු නවතම ...

ආයෙමත් බ්ලොග් සටහනක් ලියන්න හිතුණා....මේ 2012 අවුරුද්දේ ලියන පළවෙනි ලිපිය.අද ලියැවෙන මේ බ්ලොග් සටහන ලියැවෙන්නේ මාස 8ක විතර කාලයකින්.මාස 8ක් කියන්නේ පොඩි කාලයක් නෙමේ.ඉස්සරත් රනා වැඩිය මොකුත් ලිව්වේ නෑ. ඔහේ හිතුණාම ඇවිත් මොන මොනා හරි කුරුටු ගාලා යනවා. වැඩකට ඇති දේවලුත් නෙමේ. වැඩි හරියක් වෙලාවට මනස්ගාත.ඒත් නොලියා ඉන්න එක අපරාදේ.බ්ලොග් නොලියවෙන්න ප්‍රධානම හේතුව කාර්යබහුලකම හෝ ලියන්න දෙයක් නැතිවීම හෝ රටේ ...

අපේ රටේ ඕනෙම තැනක රැස්වීමක් හරි හමුවක් වගේ දෙයක් පටං ගන්න යද්දි න්‍යාය පත්‍රානුකූලව මුලින්ම කරන දේ තමා "තම තමන්ගේ ආගම සිහිකර ගැනීම". ඒත්, මේ කියන ආගම සිහිකරගැනීම අපි කොච්චර දුරකට හරියට කරනවද කියලා හිතලා බලද්දි තමා මේ ලිපිය ලියන්න හිතුනේ.මම මේ කියන කරුණ මේ ලිපිය කියවන බොහෝ දෙනෙක්ට පොදු දෙයක් වෙන්න තියෙන ඉඩ වැඩියි. මොකද කියනවානං අපි හැමෝම නොයෙක් ...

මීට දින කීපයකට පෙර නැරඹූ සහ අන් අය සමගින් බෙදාගත් වීඩියෝවක් පිළිබදව තබනා පසු සටහනකි මේ... Master Sir Coverd by Nadeeka n Indrachapa ©A9™ Collections.flv යන හෙඩිමෙන් යුත් වීඩියෝව Youtube ඔස්සේ නැරබීමෙන් පසුව එම වීඩියෝවට යන පාර ෆේස්බුක් වෝල් එක මතද ඇලවූයේ එම වීඩියෝවෙන් අමුතුම ආකාරයක වින්දනයක් ලද නිසාවෙනි. ගායක ගායිකාවන් කිපදෙනෙක්ම කීප ආකාරයකිං ගායනා කර ඇති ...

උස් කුලයක උපන්නෙම් ලැබ නෙක වු පැසසුම්උස් බවතෙකු සොයමින් ගෙදර නෙක සැලසුම්උස් බවතුන් ඇතත් උන්සතු කෝ ගුණවත් කම්උස්කම සමග තනිවෙම් තවම නැත හාදකම්එකම දෝණිය වූ නිසා‍වෙන් පරපුරටම සිටිනාපැතූ කුමරෙකුට නැත ඉඩක් මිස ‍මව්පිය පතනාදෙමව්පිය පතනා අය කිම මට කැමති නොවනාකාරණය නොම දැන මා සිතින් නිති තැවෙනාකන්ද උඩින් හැම හිමිදිරියේ හිරු දෙවියෝ වඩනාවැන්ද දෙවිවරු අහෝ කිම මා දුක් ගීය නොඅසනාසින්ද තෙල් ...

ඝනසාරප්පදිත්තේන - දීපේන තමධංසිනා තිලෝක දීපං සම්බුද්ධං - පූජයාමි තමෝනුදංතෙල් කපුරු වලින් ඇවිළුනා වු අන්ධකාරය දුරු කරන්නා වු මේ පහනින් ක්ලේශ නැමති ඝන අඳුර නැසුවා වු තිලොවට පහනක් වු සම්මා සම්බුදු රජුන්ට පූජා කරමි.රනාගේ ගමේ පංසලේ පහන් වැටේ දසුන්....ඉහත පළ කරන ලද ගාථාවේ යම්කිසි දෝෂයක් වෙතොත් එය නිවැරදි කර දෙන මෙන් ගෞරවපූර්වකව ඉල්ලා සිටිමි.පෙර ගාථාවේ දෝෂ නිවැරදි කිරීම ...

රාගම දුම්රිය පොළේදී ගත්ත ෆොටෝ කීපයක් මේ.හවස පහමාරට විතර ඉර බැහැගෙන යද්දි හතරවෙනි වේදිකාවට එහා පැත්තෙන් තියෙන මේ කොළ නැති ගහේ කපුටෝ වහලා ඉන්න 1 හරිම සුන්දර දර්ශනයක්.රාගම දුම්රිය පොළ හරහා ගමන් කරන අය මේක දැකලා ඇතුවාට සැකයක් නෑ.දැකපු නැති කෙනෙක් ඉන්නවානම් ඊළග දවසේ ඒ හරියෙන් යද්දි බලන්න.ජය වේවා... ...

ගොරකා දැන් ගොඩක් වේලිලා. මදේ ඇතුළේ තියෙන වතුර වේලිලා යනකොට ලස්සනට තිබ්බ රතුපාට නැතිවෙලා දැන් හෙමීට කළුපාට වේගෙන එන්නේ. ජීවිතෙත් එහෙමද මන්දා... ලුණු වතුරෙන් හෝදලා ගොරකා වේලෙන්න දැම්මම තමයිළු ඒවා මෙලෙක් වෙලා එන්නේ. රනාගේ ගෙදර තියෙන ඒවානම් හරි තදයි. මගෙ හිතේ ලුණු වතුර සත්කාරය ඒවාට දීලා නෑ. ඊළගට තියෙන වැඩේ තමා දුම් ගහන 1.රනාලාගේ ගෙදර තියෙන්නේ ගෑස් ...

Previous Page