http://tharunayaking.blogspot.com අඩවියෙනි!කරදර සහ කතන්දර අතරේ ගලාගෙන යන ජීවිතය සුලුවෙන් තකන්නට බැරිය. කවදාවත් බැරිය.හැම සිදුවීමක්ම එකිනෙක බැදී තිබෙන්නාක් මෙන් සිතෙන්නේය. ඇතැම්වා විනෝදාත්මක වුවත්, දුක් බර උවත් සිදු වූ හැම සිදුවීමක්ම යම් කිසි දෙයක් ගැබ් වී තිබේය. ඒවා තේරෙන්න කල් ගතවනු ඇත. සමහර දේවල් ජීවිතය ගෙඩි පිටින් වෙනස් කරනුයේ කුණාටුවත් ඇවිත් ගියා සේමය. කොහොම වුවත් එහෙම සුලුවෙන් ගන්න නොහැකි ජීවිතයේදී විදින්න වුන ...
ගොලු වූ සිතක මොන සිතුවිලිද?ඇසෙන ගීය වල මියුරු නාදයදඅමිහිරි යැයි සිතෙන සමයකි..................තනි වූවත් නොහඩා සිටින්නටවෙර දරන හැම විටමදිරිය බිඳී යයි සැනෙන්.....................එකෙනෙහිම දෑස් තුලපිරී ඉතිරෙන කඳුළු තරළයගලා යයි මහ ගඟක් මෙන්....................ඉකි ගසන්නට නොහැකි හෙයින්කඳුලු පමණක් සලනතනිවූ ජීවිතයක්....................... ...
ලපයක් වූ කලි සාමාන්‍ය දෙයක්ය! ඒත් අපේ බොහෝ අය එයට අසාමාන්‍ය තැනක් දී ඇත්තේ අහවල් ඒවා අසාමාන්‍ය යැයි කියලා අයුරින්මය!ලප ගැන කියන්නේ නම්, ඇතැමුන් ලප දෙස බලා අනාගතේ කියා පාන්නෝය. සුළැගිලි වල උපන් ලප ඇත්තා ඉගැනුමට හපනාය යන්න මාධව එකල අසා තිබුනු ප්‍රකට අනාවැකියක් විය! මාධව නං කියන්නෙ උපං ලපේට කරන්න පුලුවන් දෙයක් නැති බවය! ඉගෙනුම තියෙන්නේ ලපේ නොව ඉගෙනගන්නාගේ ...
අද දිනය “අයියෝ සල්ලි දිනය“ හෙවත් “ආදරවන්තයින්ගේ දිනය“ ලෙස හැදින්වෙන්නේය. අද දින සියලු පෙම්වතුන්ගේ සාක්කු වලට තට්ටු වෙන දිනයක්ය. ඉතිං ඒ ආදරවන්තයින්ගේ දිනයේදී මාධව විසින් තවත් කතාන්දරයක් මේ ආකාරයට පළ කරන්නේ දිගු කාලයකට පසුවය! ඉතිං කියවන්න! කතාව මේ ලෙසින් ලියවෙනු ඇත!අපි ආදරය ලබන්නෙමු! ලෝක වාසී සියලුම මිනිසුන් සැමදාම ආදරය ලබන්නේ නැති නමුදු ජීවිතයේදී එක් වරක් හෝ ආදරය විඳ ඇත්තෙමු. අද ...
ඒ කලාව සැමටම බැරිය! මේ සරුංගල් යැවීම ගෝල්ෆේස් බීච් එකේ අපේ අලුත් පරම්පරාව යවන්නා වූ සරුංගල් යැවීමට එහා ගිය දෙයක්ය. ඒවා සිහිකිරීම සිතේ සැහැල්ලුව මෙන්ම දුකක්ද ඇති කෙරෙනුයේ නිරායාසයෙන්මය. කුමක් නිසාද යත් මේ ලියවෙනුයේ මාධවගේ ළමා කාලයේ කතාන්දරයක්ය. මේ කියන්නා වූ කාලය මීට වසර 15කටත් පෙර අතීතයේ ආවර්ජනයක්ය! දැන් ඉන්නා උංගේ විකාර ළමා(නොවන) කාලයන්ට වඩා මාධවලා සැබෑ ළමා කාලය රස ...
අමතන නොවන දවසකලංවූ අපේ අතැඟිලිඑකිනෙක පැටැලුනේ නම්විඳින්නට ඉඩ තිබුනි “ආදරය“ එහෙත් එය එසේ නොම වියකාලය ගෙවුනු තැනතව එක්තරා දිනෙකඅපි දෙදෙන නොසිතුමුත්එකම එක මොහොතකදිඑය එසේ සිදුවියඅපටම හොරෙන් අපිඅපේම සිත් කියවූ අයුරුසිතාගත නොහැකි මොහොතකඑක්වරම අපේ අතැගිලිඑකට බැඳුනු අරුමයඑයම ඇති සැනසෙන්නසදාකාලික මතකයේ ඉතිරිවූ “ආදරය“ නොකී මුත්මම නුඹට හෝ නුඹ මා හටඅපි “අපව“ හැඳිනූවා යැයිසිතුනු ඒ නිමේෂය............................ ...
මරු සිද්දියක්ය! ඇත්තෙන්ම මේ බූත කතා බහුබූත ලෙස නොසලකන මෙන් මාධවලා ඉල්ලා සිටින්නේය! මෙහි සීරියස් කතාන්දර පුවතක් ඇත්තේය! මේ කතාන්දරය පුරවාලීමට මාධව සහ තව මිතුරන් දෙදෙනෙක් සම්බන්ධ වන්නේය! ඉතිං අද මාධවගේ කතාන්දර තුලින් “භූතයින් සහ තවත් උං සොයා ගිය වීර කොල්ලෝ“ තුන්දෙනාගේ කතාන්දරය කියවන්න එකතු වන්න!මෙම ස්ථානය එතරම් ප්‍රසිද්ද නැති ඇල්ලක්ය. ඇල්ල ළගින් යන පාරේදී ඇල්ලේ සිට මීටර දෙසීයක් පමණ ...
ඔබව සතුටු කළාද.... ඔබව ඇඩෙව්වාද.... නැත මා දන්නේ එනමුදු , අවසානයි මාගේ රැගුමන්.... ඉතිං යන්නට සමුගෙන අවසර ඔබ සැමගෙන්...------------------------------------------------------------------------මාධවගේ කතා කස්ටියගේ ආරාධනයෙන් චතුරිකා ඒකනායක මිතුරිය විසින් මෙම නිසදැස නිර්මාණය කරන ලදී! මාධවගේ කතාන්දර වෙනුවෙන් මෙම කවිය නිර්මාණය කල චතූට ගොඩාක් ඉස්තූතියි! ...
මාධවගේ බයිසිකල් දිනපොතේ තියන තවත් කතා ටිකක් කියන්නයි මේ හදන්නේ! ඉතිං ආයෙත් ගොඩ කාලෙකට පස්සේ මාධවගේ බයිසිකල් දිනපොත කියවන්න එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඉතිං කතා ටික පටන් ගන්නම්.මාධවගේ බයිසිකල් දිනපොතේ තියන පරණ කතාන්දර වලට යන්න නං ඕං පහල සබැඳි ක්ලික් කරන්න!පළමු කොටස දෙවැනි කොටස තෙවැනි කොටසමේක මේ වර්තමාන(කතාව ලිවූ කාලයේදීම සිදු වුනු) සිද්ධියක්. ඇත්තටම සිද්ධියක් නෙමෙයි! විස්තරයක්. මාධවගේ බයිසිකලය ...
සුන්දර සිහිනයක් ලෙස දැනුනු ආදරයේ අසුන්දර බව මේ යැයි දැනුනු කල්හිමියුරු කන්කලු ලෙසින් ඇසුනාවූ ආදරයේඅමිහිරි හඩ කන වැකුනු කල්හිනෙත්කලු ප්‍රසන්න බව ඇතැයි පෙනුනු ආදරයේඅප්‍රසන්න බව නෙත ගැටුනු කල්හිසතුට උතුරා ඇතැයි දැනුනු ආදරයේදුකම පමණක් ඇත්තේය යන්න දැනුනු කල්හිතවදුරටත් ආදරය කරනුයේ කෙලෙසද?එහෙයින් තනිවම වෙසෙන්නෙමිහුදකලාව නම් වූ මිහිරි තනුව සමඟින්.................................. ...
මේ කියන්නට යන කරුණ දැන් සුලභ දෙයකි. ඒ ගැන කතා දෙකක් නැත. ඉස්කෝලෙ පොතේ පාඩම් දෙකක් ඇත. ඒවා තියෙන්නෙ සවුක්‍ය ( සෞඛ්‍යය) හා ශාරීරික අධයාපනය යනුවෙන් හඳුන්වද පාසල් පෙළ පොතකය. මේ විෂයය බොහෝ විට පන්තිය තුල ඇඹරීමට හේතුවන්නකි! මේ පාඩම් කොල්ලන්ට කෙසේ වෙතත් කෙල්ලන්ට නම් හරි අවුලක්ය. ලැජ්ජාවක්ය. අනේ ඒක හරි ලැජ්ජාවක්ය. උන් ඉතාම හොඳ කෙල්ලන්ය. (අනේ එහෙම කියන උංගෙ.......!) ...
.from Google picture! :)මේවා කිසිදිනක හිතා මතා මිරිකන ලද කතන්දර නොවන්නේය. අත්වැරදීම් බව දිවුරා කියන්නේය. සිතා මතා කරන ලද්දා වූ කටයුතු නම් ඒ බව ආඩම්බරයෙන් පැවැසීමට මාධව කැමැත්තේය. ඒත් එකෙන්ම මේවා සියල්ල අත්වැරැදීම්ය. ඒත් මරුය. එහෙයින් කියවා බලන්න. මිරිකූ කතන්දර වල එකතුව....මාධවට වැස්සකට විතරක් නොව පායන දවසටද ස්කෝලේ ගියේය.ඒ ගම්බද මධ්‍ය මහ විදුහලකටය. සුන්දරය. වැසි දිනටද පායන දිනටද එකසේ සුන්දර ...
ගත්තේ ගූගල් සෙවීමකින්ය!විට්ටාගේ බසයේ කතා වලට ඔඳ ප්‍රතිචාර ලැබුනේය. කමෙන්ටු නැතත් වාචික ප්‍රතිචාර එමටය. ඒ ගැන සියලු පිරිසට ස්තූති වේවාය. ඉතිරි කතාන්දර ජුන්ඩ ජුන්ට අමතක මතක ගාණටය! කතා ටික ගාණට ඇනලයිස් වූ පසු දෙක කොටසින් අනිවාර්යයෙන්ම මෙහි පළවනු ඇත..ලිවීමට බාධා එල්ල වී ඇත! මූලික පුරස්නය නෝට්ටු නැති කමය. දෙවන පුරස්නය හම්බා පූසෝය. මාධවගේ සුදු බුෂීව දූෂණය කිරීම මේ දිනවල ග්‍රාමයේ ...
කියන්නට ඇති කතා එමටය! එකක් යැයි කීමට නොහැකි තරම් කතා ඇත. මේවා සුරංගනා කතා හෝ අත්දැකීම් කතා හෝ බොළඳ ප්‍රේම කතා නොව සිතට නැගුනු සිතුවිලි පිළිබද කතාය. කියන්නට කිසිත් නැතැයි සිතනවාට වඩා කුමක් හෝ කීම අගනේය. ඉතිං අද මාධවගේ කතා තුලින් මාතෘකා නොමැති කාලීන කතා කියන්නෙමු!අවුරුදු 14ක් යනු හිරිමල් යෞවනය උදාවීමයි. එහෙත් ඒ සුන්දර යොවුන් වියේදීම සිය අධයාපනික සහ ළමා ...
මාධවට කීමට ඇති කතා බොහෝය. ගිය සතියේ ඉරිදා පංති ගොස් ආපසු ඒමේදී පැමිණියේ විට්ටාගේ බසයේ නිසා යලි පරණ මතක සටහන් කීපයක් අලුත් විය. වෙනදාට එන්නේ ක්ලැසික් ලේලන්ඩ් එකේය. මෙදින කලින් ක්ලාස් නිම වීම නිසා පැමිණියේ විට්ටා රියදුරු පදවිය උසුලන සීටීබී බස් එකේය. ඉතිං විට්ටාගේ බසය හා සබැඳුනු ඒ කතා ගැන අපි කුමක් කරමුද? එහෙයින් මෙවර මාධවගේ කතා තුලින් විට්ටාගේ බස් ...
මේක හරි අමුතුයි කියලා හිතෙයි අපේ කියවන්නන්ට! ඒත් එක සත්‍ය සිදුවීමක් තමයි මේක! වෙන කාටවත් නෙමෙයි මේක උනේ! මාධවටමයි! ඇත්තටම ජීවිතේ සිද්වෙන දේවල් දිහා බලද්දි සමහර සිදුවීම් හරිම අහම්බයෙන් සිදුවන සිදුවීම්. ඒවා විවිධාකාර වෙන්න පුලුවන්! කෙනෙක් හිතන්නෙවත් නැති මොහොතක විහාල ත්‍යාගයක් හිමිවීම වගේ සිදුවීම් වලට වඩා මේ සිදුවීම් ගොඩක් වෙනස්! මාදවට ඒක පැහැදිලි කරලා දෙන්න හරි අමාරුයි! ඒත් මාධවට හරි ...
pic from google images!ලව් සික් ගහන්නෙ නැත්තං ඌ ලෙඩෙක්. ඒක තමයි තියරිය!කොහොම හරි මේ කියන්න යන්නෙ කොල්ලො කෙල්ලො ලව් සික් ගැහැව්වම කරන දේවල් වලින් කීපයක්! ඇත්තටම පිස්සු කේස් තමයි! ඒත් ලව් සික් එක ගැහැව්වම ගොඩක් උං කරන්නෙ මොනාද කියලා උංම දන්නෙ නෑ! සමහර එවුන් පිස්සුව නිසාම මැරිලම යනවා. සමහර උං ඒවා මාර ශක්තියකින් විඳ දරා ගන්නවා. ඒක ඉතිං සිතේ ...
ටයිප් සෙටින්ග් කාරයෝ ටිකගේ පෙර සටහන - මේක නිකං කතා ටිකක් වුනත් ගන්න දෙයක් තියනවා කියලා අපේ ලොක්ක මාධවට හිතුන නිසා, එතුමම ලියලා දාපං කියලා අපට කිව්ව නිසා මේං ලියනවා!මේ සේරම සිංදු කේස්!පළවෙනි එක තමයි ඕං සුලෝචනා...ඒ කියන්නෙ කතාව මෙහෙමයි. මාධවලගෙ මිත්‍ර කොල්ලෙක් බූට් එකක් කාලා ඉන්න වෙලේ මූට ඇහුන බීට් එකක් තමයි සුලෝචනා සිංදුව! අහන්න එපා කොල්ලා කව්ද කියලා! ...
pic from google!මාධවගේ කතා කස්ටිය හිටපු ගමන් විවිධ සමීක්ෂණ(විකාර) කරනවනේ! ඉතිං අදත් සුපුරුදු පරිදි මාධවගේ කතා අධ්‍යක්ෂක මාධව මහතාගේ උපදෙස් පරිදි අලුත් දෙයක් සිදු කෙරුනා. මෙවර සිදු කෙරුනේ කොල්ලෝ සහ බල්ලෝ අතර වෙනස සෙවීම. ඒ සදහා මාධවගේ කතා විසින් පෙර දිනයක සිදු කල හනිමූන් සාකච්චාව සේම සාකච්චාවක් මෙවරද ඇති වුනා.ඉතිං මෙවර මාධවගේ කතා හි සම්පූර්ණයෙන් පලවෙන්නේ ඒ ආකාරයට අප නැගූ ...
මේ ටිකේම ගොන් ආතල් වැහි වැහැලා. උඩරට ප්‍රසිද්ධ (වෙන වෙන ඒවටත් අති ප්‍රසිද්ධයි කියලා මාධව අහලා තියනවා) බාලිකා පාසලක කකුලක් නැති හොල්මනගේ සීන් එක තමයි මෝඩම චූන් එක. ඉතිං මාධවගෙත් වෙරි ඉන්ටරෙස්ට් ෆීල්ඩ් එකක්නේ ඔය බූතයෝ ගැන හොයන එක. ඉතිං මාධට මෙහිදී කතා කීපයක්ම කියන්න තියනවා මාධවට. ඉතිං පිළිවෙලට අහනවා හොදයි ඕං!පළවෙනි කතාව තමයි ඔය දැන් ඇති වෙලා තියන ඉස්කෝලෙ ...