බුදුන් දෙසූ බුද්ධාගම සිං හලයා හට පම                             ණදසිවුරු ඇඳන් ගිනි තිබ්බම සසර ගමන කෙටි වෙන               වදරට වෙනුවෙන් මිනි මැරීම නිවන් දකින පිනක්                 නේදබුදු හිමියනි ඔබවත් මට මේවා පහදා දෙන                           වදඉතිරියත් කියවන්න.....>>> ...

පින් කෙරුවෝ හා රණවිරුවෝ - Dissable Soldiars පෙර සටහන -මම මේක ලිව්වේ, මගේ "පින්තූර" බ්ලොග් එකට. ඒත් කීප දෙනෙක් දොස් කිව්වා, ඇයි මේක "මාතලන්" එකේ නොදාන්නේ කියලා. මම හිතුවේ නෑ මේක, ඒ තරම් දැනෙයි කියලා. මේ විජයග්‍රහණ රැළිය ගැන මගේ කිසිම අමනාපයක් නෑ. එහෙම නොකලොත් අපේ උන්ට යුද්ධයක් තිබුනද කියලවත් මතක නැති වෙනවා. ඒත් මේ අබාධිත සොල්දාදුවන් ප්‍රදර්ශණය කිරීමට මම නම් එක හෙලා විරුද්ධයි. ඔවුන් පෙරහරේ ගෙනියන ...

විෂ දළ ගලවන රිලවා - Monkey, The Sanke Tamer එකෝමත් එක රටක, එකෝමත් එක කාළයක, යක්ෂයෝ සහ නාගයෝ කියා දෙගොල්ලක් උන්නෝය. ඉන්දියාවේ ඉඳන් ආපු විජේට හම්බ උනේ යකෙක්ය. මොකෙක්වත් නැති එකේ, යකෙක් උනත් මොකෑ කියපු විජේ යකා සහේට ගත්තේය. ඒ උනාට විජේට බොලිවුඩ් කෑලි මතක් වෙන කොට දුක හිතෙන්න ඇතිය. ඒ නිසා එයා බොලිවුඩ් වලින් කෑල්ලක් ගෙන්නගෙන, යකා එලවලා දැම්මෝය. විජේ ඇවිත් සිංහයෙක් එක්ක මොකක්ද හුට පටයක් කරගත්ත කෙනෙක්ගේ ...

යමං බන්ඩෝ උගන්ඩා යන්න... - Yaman Bando Uganda Yanda With Gaddafi වෙසක් අත ලඟය, ලොක්කා පිට රටය,පාරේ පිකටින්ය, යුද්දේ අමතකය,ලයිට් බිල හරි වැඩිය,ඒත් උද්ධමනය අඩුය. (මහ බැකුවේ අධිපති.)ගල් කාලයි, මාළු පාන් ගෙඩියයි, එකදාස් පන්සීයයි..(අපෝ... පන්සීයට නම් බෑ බොස්. ලයිට් බිලටත් කෙලලා.)අපේ වෙදා අපිට හොඳා......තවත් වැඩි කරන්න සුදා.....එන්න.... එක්වන්න....ලයිට් බිල වැඩිකිරීමට,ඔබේ සහය පල කරන්න...... ඉතිරියත් කියවන්න.....>>> ...

උණු පාන්, මල් හා වැඩි සීනී ප්ලේන්ටී - Bread, Marijuana & Plain Tea සිරිමගේ කාළේ පාන් කාපු හැටියි, ඉස්කෝලේ කාළේ, "අල පාන්" කාපු හැටියි, කලින් ඒවල ලිව්වනේ. "පාන් කතා", පොතක් ලියන්න පුළුවන් උනත්, අද ලියන පාන් කතාවෙන් මේක නවත්තලා දානවා. මොකෝ සමහර උන්ට මල පැනලා තියෙන්නේ මේ වැඩේට. ඕන එකෙක්ගේ හොඳම කාළේ තමයි ඉළංදාරි කාළේ. ඒක මොන වයසෙ ඉඳලා මොන වයසටද කියන්න මම නම් දන්නෙ නෑ. හැබයි වයසට ගියත් ඉළංදාරියෙක් වගේ ජීවත් වෙන ...

අල පාන්, පරිප්පු පාන්  - Bread with Curries ගිය සැරේ, පාන් භාගයයි නේ දුන්නේ, අද ලියන්නේ ඉතුරු භාගේ. රජ්ජුරුවන්ගේ ඉස්කෝලෙට ගිහින්, පාන් නැතුව පරිප්පු කන්න වෙයි කියන තැනින් නේ නැවත්තුවේ. මුලම දවසේ ගෙදරින් පාන් අරගෙන ගියේ. ඒ කාලේ තිබුනා පාන් ගෙනියන්නම ප්ලාස්ටික් පෙට්ටි වගයක්. පොත් ගෙනිච්චෙ නම් සූට් කෙස් එකක. ඒක හැබයි අද තියෙන බැග් පැක් ඒකට වඩා වාසියි. මොකෝ ඒකේ උඩ ඉඳගෙන ඉන්න පුළුවන්, ක්‍රිකට් ගහන කොට, ...

නිකං පාන්, මාළු පාන්, රෝස් පාන්... - Sri Lankan Bread අනෙක් හැම තැනකම වගේ, බ්ලොග් ළෝකෙත් එක එක කාළේට එක එක ට්‍රෙන්ඩ් තියෙනවාය. ඉස්සර... "කතා", "ටැබූ" හෝ "මාරයා" කුමක් හෝ ලියුවොත්, අනෙක් උන්ද කාලයක් යනකන් ලියන්නේ, ඒවාට සම්බන්ද දේවල්ය. ඒකත් නැගලාම ගියේය, කතාගේ "චූ කතා", "කක්කා කතා" වගේම, මාරයාගේ "කුකින් පාඩම්ද" නැගලාම ගියේය. දැන් ට්‍රෙන්ඩ් එක "පඳුරු තැලිල්ල"ය. ඒ කියන්නේ වටේ යන එකය.මේක මුලින්ම හඳුන්වා දුන්නේ "ඔබා මාමා"ය. "ඔබා මාමා" ...

අධ්‍යාපනය අනුභව කරණා වෘෂභයෝ - Privatization (SB Theory) 94 ඉඳන් බලේ ඉන්න මැටි මෝල් හරක් ටික, දේශපාලන වාද බයිලාවලට ආවාම කියන්නේ හැම දේටම වැරදි අලි පාටිය හා ඒකේ ඉන්නා අලින්යැයි කියාගන්නා හරක් සෙට් එක කියාය. ඒ හරක් ගෙදර යවලා, මේ හරක් පත් කර ගත්තේ, උන් එපා උන නිසාය. එක බලවේගයක් නොව බලවේග කට්ටල පහකින් අදින කෝච්චියක් නිසා කස්ටිය ඒකට ගොඩ උනේය. සෝබෝන් උපාධියක් ගත්ත, සමාජවාදී මත දරන, රැඩිකල් ...

මල් වඩම් අනවශ්‍යයි (18+) - No flowers required (18+) ඉස්සර කෙනෙක් මැරුණම, රේඩියෝ එකේ දාන එක තමයි ළොකුම දේ. මේ මරණ දැන්වීම් කියවන්න විශේෂඥ නිවේදකයෝ ඒ කාළේ ගුවන් විදුලියේ හිටියා. සංනිවේදනය බොහෝම දුර්වල ඒ කාළේ, මේකට සවන් දෙන්න හැමෝම වගේ පුරුදු වෙලා උන්නා. "ඇන් ඇම්ට පුළුවන්ද 77 ජයගන්න" ටියුන් එක ගහලා, නිව්ස් කියෙව්වයින් පස්සෙ, මරණ දැන්වීමක් දෙකක් යනවමයි. මොකෝ අද වගේ ජංගම දුරකථන තියා ලෑන්ඩ් ෆෝන් එකක් තිබුනෙත් කළාතුරකින් ...

ගල් රෝල (18-) - Road Roller (18-) අද වගේ නෙමෙයි, අපි පොඩි කාළේ, මේ ළෝකේ ගැන, මේ ළෝකේ දෙයක් දන්නෙ නෑ, අමුතු දෙයක් දැක්කොත් මැජික් වගේ තමයි, ගෙවල්වල තිබුන ළොකුම මැෂිම තමයි රේඩියෝ එක, ඒකෙත් බැස්ටියෙන් වැඩ කොරන ඒවයි, කරන්ට් එකෙන් වැඩ කොරන ඒවයි දෙකක් තිබුනා. අපේ ආච්ච්ට බන අහන්න තමයි, ට්‍රාන්සිස්ටර් රේඩියෝ එක ගෙනත් තිබුනේ. බන දේශනාව යන කොට උන්දෑ ඒකට වැඳගත්ත ගමන්මයි. බන පටන් ගන්න ...

දුමී ආයෙත් ඉස්පිරිතාලේ...!!! - Dumi, hospitalized again...!!! අති විශේෂ :-.මම තව බොගක් දානව "පද්‍ය කවී ඒ වගේ එව්වා..."(<<<< මෙතනින් බලන්න) කියලා.. මට හිතුනා ඒක ආයෙත් යාවත් කාලින කොරන්න ඕන කියලා.. මීට පස්සෙ මේ වගේ ඒවා එතන තමයි දාන්නේ... කීප දෙනෙක් ඉල්ලපු නිසා අදට ඕන් මෙතනත් දානවා....පින්වත් අපේ දුමින්ද සිල්වා මැතිදා,ආයෙත් වරක් නවළොවකට ගෙනිහිල්ලා...ඇස් වහ, කට වහ, හෝ වහ වැදුනාදෝ...?ෆේස් බුක් එකේ මළ මූසලයන්ගේ....ඉතිරියත් කියවන්න.....>>> ...

බුදුන් පුදනට මල් විකුණා අත් අඩංගුවේ - Story of Kalutara Mala උපුටාගැන්ම ඩේලි මිරර් වෙබ් අඩවියප්‍රස්තුතය - කළුතර පාළමේ, පෝ දින මල් විකුණු 9 ක් අත් අඩංගුවේ. 7 දෙනෙක්ම කාන්තාවන්.රන් මාල කඩපු උන්,මල් මාල දා පුදන,සැලුට් දා කොඳු නමන,බැනර් දා පිළිගන්න,පොලෝසියෙ මහත්තුරු....ඉතිරියත් කියවන්න.....>>> ...

පු.ක. ටුවර්ස් ඇන්ඩ් ට්‍රැවල්ස් (18+) - PUKA Tours & Travels (18+) මුලින්ම කියන්න ඕන මේකේ පිදුම හෙන්රි බ්ලොග්වෝකර්ට.. උන්නැහේ මේ කතාව දන්නෙ නෑ කියලා තිබුන නිසයි. මේ වගේ කතා නොදන්න අළුත් පරපුරටයි තමයි මේ ලියන්නේ.77 ජේ ආර් පප්පා ආපු වෙලාවේ, පප්පා උඩ බලාගෙන ඉන්න පෝස්ටර් එකක් හැම සී ටී බී (ලංගම) බස් එකේම අලවලා තිබුනා. එ කාළේ තිබුනේ ලංගම බස් විතරමයි. ආර්ථිකේ ප්‍රයිවටයිස් කොරාපු පප්පා, ගමනාගමනෙත් ප්‍රයිවටයිස් කොරලා දැම්මා. මුලින්ම කොළඹ ...

විදුලි මාෆියාව, පිරබාහරන්ටත් වඩා බලවත්ද? - Electricity Power & Man Power හෙට මැයි පළවනදාය. කම්කරුවාගේ දිනය වගේම, කාන්තා ශෝක දිනයත් යෙදී ඇත්තේ හෙටය. (දන්නෝ දනිති) . 70-77 කාළේ මැයි පෙළපාලි බලන්න ගියා අද වගේ මතකය. මැතිනිගේ පෙළපාලියේ ගියපු දේශප්‍රේමී ජනතාව කෑ ගැහුවේ. "සීනී නැතිව තේ බොන්නම්...., මිරිස් නැතිව හොදි කන්නම්...." කියාය. ඒ මොකෝ, ඒ කාළේ ඒවා "අධි සුඛෝපභෝගී" භාන්ඩ වෙලා තිබුන නිසාය. හෙට ආන්ඩුවේ පෙලපාලියේ යන උන්, "ලයිට් නැතුව අපි ඉන්නම්....., ...

ගේල්ට ආච්චි වැහීම - Gayle, The Superman මේ ළෝකේ හාස්කම් ඇති බව, බොහෝ දෙනෙක් විශ්වාස කොරන්නේ නැතිය. ඒත් එහෙම එව්වා ඇති බව සැමාත් පිලිගෙන ඇත. විශබීජ යන නිසා, අළුත්කඩේ පැත්ත පලාතේ එන්න බැරියැයි කියපු, දුමින්ද සිල්වා, කොළොන්නාවේ කුණු කන්ද පැත්තේ කුඩ්ඩෝ ගේන මල් මාලා දාගෙන යන්නේ එහෙම හාස්කම් තියෙන නිසාය. ඒත් ඉතින් ඒකට කීර්ති වර්ණකුලසූරිය වගේ ගුරාලාත්, අළුත්කඩේ වගේ දේවාලත් තියෙන්නම ඔනෑය. සචින් තෙන්දුල්කාර්ට ආච්චි වැහෙන එක ...

ඔසප් වේදනා (වැඩිහිටියනට පමණක් නොවේ.)- Menses Pain (Not Only for Adults) මේක ලියන්න හිතුනේ, අපේ දුකා, ඕනම දෙයක් ගැන කතා කරාම, පිරිබාහරන් සිංහල ජාතිය ගැන කියපු කතාව මතක් කරන නිසයි. ඒ කියන්නෙ ඕන දෙයක් "සති දෙකයි" කියන කතාව. දැන් විදුලි බිල වැඩි කිරීමේ වේදනාවත්, සති දෙකයි කියලා තමයි එයා කියන්නේ. ඒත් එහෙම වෙන එකක් නෑ. මැයි මාසේ බිල වැඩි වෙනවා කියන්නේ දැන් පාවිච්චි කරපුවටත් එක්කමයි කෙලින්නේ. බස් ගැමුණුත් මිළ වැඩි කරන්න ...

පාට පාට රැලි, බෙල්ලෙ රැලි හා වැරහැලි - The Best Job in the Island ගරිල්ලා මාකටින් ලියන්න ගත්තයින් පස්සෙ දැන් අලි පාටියත් අළුත් ව්‍යවස්ථාවක ගේන්න යෝජනා කරලාය. සෝභිත හාමුදුරුවෝත් අළුත් එකක් ගෙනල්ලාය. ඒක අළුත් එකක් කිව්වාට ගැමෆෝන් එකකටත් වඩා පරණ බයිලා තැටියක්ය. ඕක කීප සැරයක්ම ගෙනාවාට. බලේට ආවයින් පස්සෙ එහෙම තැටියක් තිබුනාදැයි කියාවත් මතක නැත. විධායකේ අහෝසි කරනවා කියා රනිල් ළොකු අයියාටත් පොරොන්දුවක් දීලා ඇවිල්ලාය. එයාට පොරොන්දු දෙන එකනම් අපේ හරක්ට පොරොන්දු දෙනවා වගේ ...

පිනා පොලිටික්කෝ - Politics as a Job ජෙයලලිතා නෝනා ගැන කියවන්න, ජාලේ සැරිසරන අතරේ, අපූරු පොටෝ එකක් හම්බ උනේය. ඒක රනිල්ගේ ගරිල්ලා මාකටින් ගැන මීළඟට මම ලියන්න යන කොටසට නියමාකාරයෙන්ම ගැපෙන්නේය. මම කියන්නේ කිමක්දැයි පොටෝ එක බැලුවාම ඔහේලාට තේරෙනවා ඇතිය. මේ සැරේ ලියන්න යන්නේ අපේ හතර වරම් ඡන්දෙන් පත් වෙන පිනාලා සෙට් එක ගැනය. පිනා කියන්නේ පිනට ජීවත් වෙන එකාටය. අපි ඉස්ස ඉස්සෙල්ලාම පිනා ගැන දැන ගත්තේ ...

කිරි කැට් බයිලා.... මල්ලි අහුල ගනිල්ලා.... - Cricket Baila සිරි, ලන්කන් බයිලා, මල්ලි ඇහිඳ ගනිල්ලා....උඹ ඇහිඳ ගන්නේ බලාගෙනයි, දෙකට නැමී...ලා...මල්ලි, ඇහිඳ ගන්නේ බලාගෙනයි, දෙකට නැමී...ලා...දන්නෙම නෑ, කව්ද උඹට තියේවී ඇරලා...දන්නෙම නෑ, කව්ද උඹට තියේවී ඇරලා...මේවා, ලන්කන් බයිලා, මල්ලි ඇහිඳ ගනිල්ලා...ඉතිරියත් කියවන්න.....>>> ...

ලාංකීය දෙමළා මුරලි පමණද...? - Where are the Tamils of Mother Lanka? රටේ ජනතාවගෙන් 15% වන ජනතාවක්, රටෙන් 1/3 ඉල්ලන එක, මටනම් එදා ඉඳලා තේරෙන්නේ නැතිය. ලංකාව මෙන් 52 ගුණ්යක් විශාල රටක තියෙන සිස්ටම්, මුම්බායි නගරයේ ජනතාවට සමාන ජනතාවක් සිටින රටක, ඇප්ලයි කරන්න යන්නේ කුමන තියරියටදැයි යන්නත්, මට නම් තේරෙන්නේ නැතිය. එහෙම තුනෙන් එකක් ඉල්ලපු කස්ටිය ඇමරිකාවේ, ඉන්දියාවේ උදව්වෙන් දිවිය ළෝකේ යැව්වත්. උදව් කරන එකාට කොන්ඩොම් තියරියෙන් සලකන්න ගිහිල්ලා, අද ශුක්‍රාණු කෑ ...

Previous Page