මං පූර්ණකාලීන බ්ලොග් පාඨකයෙක් විදිහට බ්ලොග් කියවන්න පටන් ගත්තට පස්සේ ලියන්නම හිතුනේ නෑ. හැබැයි නොලිව්වට මොකෝ මම දවසගානේ බ්ලොග් ටික නම් කියෝ ගන්නවා. අද සති අන්තයේ ගෙදර කට්ටියම ගමනක් ගිහින් මං විතරයි ඉතුරු.ඒ නිසා කම්මැලිකම යන්ඩත් එක්ක මොනාහරි කුරුටු ගාන්න ඕනේ කියලා හිතුනා.මොනවද ලියන්නේ කියලා කල්පනා කරනකොට මට පරණ කතාවක් මතක් උනා. මතකද ඒ දවස්වල රොබින් හුඩ් කතාව ටීවි එකේ ...
සියළුදෙනාට වාසනාවන්ත සුබ නව වසරක් වේවා !!!
මේ දවස්වල අපේ ගේ ඉස්සරහා උගුරැස්ස ගහේ ගෙඩි පිරිලා තියෙනවා. නත්තල් නිවාඩුව නිසා මගෙයි මලයගෙයි වැඩේම දවස් දෙකෙන් දෙකට උගුරැස්ස කඩන එක. ගොඩක් අය මේවට උගුරැස්ස කිව්වට අපි නම් කියන්නේ කටු ලොවි කියලා.සමහරු නම් කටු කුරුඳු කියලාත් කියනවා. පින්තූරය ගූගල්ගෙනි.ඒ කොයි හැටි වෙතත් නියම පලතුරක් තමා මේක. ගෙඩිය තලලා කන තරමට රසය වැඩියි. අපේ උගුරැස්ස ගහ ගෙයි ඉස්සරහා පැලවෙලා අවුරුදූ ...
පහුගිය දවස් ටිකේම සෑහෙන්න කොම්පීතරෙන් ඈත් වෙලා ජීවත් උනේ. ඒ නිසා බ්ලොග් එකේ කිසිම ලිපියක් ලියන්න උනේ නෑ. නොලිව්වට මොකෝ මම බ්ලොග් කියවන එක නම් අතෑරලා නෑ. පුලු පුලුවන් වෙලාවට කට්ටියගේ බ්ලොග් වලට ගොඩ වැදිලා පෝස්ට් ටික කියෝලා කමෙන්ට් එහෙමත් දැම්මා.ඔන්න අද නම් මුකුත් ලියන්න කියලා අදහසක් නෑ. අද මම මගේ බ්ලොග් අඩවියට ගොඩ උනේ සුබ පතන්ඩ. ඔන්න එහෙනම් මගේ ...
ඉස්සරම පොත් ආවේ කොළ වල මුද්‍රණය කරලා. ඊට ටික කාලෙකට පස්සේ කොළ වල මුද්‍රණය කරන පොත් වලට අමතරව pdf විදිහට පොත් ප්‍රකාශනයට පත් උනා. කොළ වල මුද්‍රණය කරපු පොත් වගේ නෙමෙයි. මේ පොත් අඩුක් කරලා තියන්න ලොකු රාක්ක ඕනැන්නේ නෑ. ඒ වගේම තමා මුද්‍රණ වියදමකුත් නෑ. වැඩි බරකුත් නැතුව යන යන තැන අරගෙනත් ගියෑකි.ඒ උනාට මෘදු පිටපත් විදිහට තියෙන පොත් ...
මේ ගෙවෙන්නේ දෙසැම්බර් මාසයයි. එසේත් නැත්නම් සුවහසක් ජනී ජනයා ලෝක විනාශය සියැසින් දැකීමට පුල පුලා බලා සිටින මාසයයි. බලන බලන හැම අතම සියල්ලන්ගේම කතා බහට ලක් වන්නේ දෙසැම්බර් 21වනදා සිදුවන්නට නියමිත ලෝක විනාශය වේ. දිනක් මා වැඩ ඇරි ගෙට ගොඩ වන විටම "ඕං අයියේ දෙසැම්බර් 21 වෙනිදා ඉදලා දවස් තුනක් ඉර පායන් නෑ." යැයි අපේ මලයා කෑ ගසා කීය."උබ කොහොමද ...
සුපර්ණිකා නම් වූ රාවණගේ අක්කණ්ඩිය, රාමගේ සහෝදරයෙක් වෙච්ච ලක්ෂ්මණට ආදරය කිරීමට පටන් ගන්නවා. නමුත් මේ ආදරය තේරුම් නොගත් ලක්ෂ්මණ, සුපර්ණිකාට අඩත්තේට්ටම් කරනවා.කොටින්ම සුපර්ණිකාගේ නහයයි කන් දෙකයි කපා දමනවා.ඊට පස්සේ සුපර්ණිකා මේ සිද්ධය රාවණට සැල කරනවා.තමන්ගේ අක්කට ලක්ෂ්මණගෙන් වෙච්ච අතවරය දැකලා රාවණ කෝප වෙනවා. ලක්ෂ්මණ ලංකාද්වීපයට ඇවිදින් සුපර්ණිකාගෙන් වැඳලා සමාව ගන්න ඕන. රාවණා එහෙම හිතනවා.මේ නිසා රාවණ රජතුමා සීතාව දඩුමොනරයෙන් ලක්දිව ...
සෑහෙන කාලයකට පස්සේ මොනවාම හරි ලියන්න ඕන කියලා හිතුනා. ඒත් ලියන්න මාතෘකා වල හිඟයක් තිබ්බ නිසා ඔන්නොහේ බ්ලොග් ටික කියෝලා විතරක් හිටියා. ඔහොම ඉන්නකොට තමා ඊයේ වැඩ ඇරිලා ගෙදර යනකොට රේඩියෝ එක අහන්ඩ හිතුනේ.මුලින්ම සේරම රේඩියෝ චැනල් ටික සුසර කරගෙන මම හැමදාම අහන්ඩ ආස බෞද්ධයා චැනල් එක දාගත්තේ. හැමදාම වගේ ඒකේ දායකත්ව ධර්ම දේශනාව අහගෙන ආවා. ඊයේ නම් කිව්වේ රූප ...
පහුගිය දවස් ටිකේ විභාගයක් හන්දා අතුරුදහන් වෙලා හිටපු නිසා හුඟ දවසකින් බ්ලොග් එක දිහෑ ඇහැක් ඇරලා බැලුවේ නෑ. විභාගේ නම් ඉවරයි. ඒත් කම්මැලිකම ඉහටත් උඩින් තිබ්බ නිසා කිසිම දෙයක් ලියන්න හිතුනේ නෑ..ඊයේ සෑමා මතක් කරපු නිසා ආයෙම මොනාහරි බ්ලොග් එකේ කුරුටු ගාන්න ඕන කියලා හිතුනා. ඒත් ලියන්න කිසිම දෙයක් හිතේ නෑ. ඔන්න එතකොට තමා අපේ වැඩපොලේ කට්ටියක් චොක්ලට් ප්‍රශ්නයක් ඇදලා ...
මේ දවස්වල මම ලොවෙත් අන්තරස්ධාන වෙලා ඉන්නේ. ඒ නිසා බ්ලොග් කියවන්නයි ලියන්නයි එන්නම උනේ නෑ. ඒත් අද අපිට මුහුන දෙන්න වෙච්ච සිදුවීමක් නිසා යන්තම් අකුරු තුන හතරක් ලියලා දාන්න හිතුවා.වෙනදා වගේම ස්කයිප් ලොග් වෙලා මගේ පාඩුවේ මම වැඩ කරගෙන ගියා. ස්කයිප් එකෙන් තමයි මෙහෙ වැඩ කරන අය අදහස් හුවමාරු කරන්නේ. ඒ නිසා ස්කයිප් ලොග්වෙන එක අනිවාර්යයයි.ටික වෙලාවක් මම වැඩකරගෙන යනකොට ...
ගිය සති අන්තේ නොසිතූ විරූ කරදරයකට මුහුන දෙන්ඩ වෙච්ච නිසා කට්ටියත් එක්ක පොත් බලන්ඩ යන්න උනේ නෑ. ඒ නිසා සඳුදා දවසේ මමයි අපේ මලයයි පොත් ප්‍රදර්ශනය බලන්ඩ ගියා. ඒ ගිය ගමනෙදි නියම පොතක් හම්බ උනා. ඒ පොතේ නම තමයි බිරිඳ, සැමියට කියන බොරු !ඒක පිටු හාරසීයක විතර ලොකු පොතක් ! මලයයි මායි පොත ගත්තේ නෑ. පොතේ තිබ්බ බොරු ටික ෆොටෝ ...
අදත් බ්ලොග් එකේමොනවා හරි කොටන්ඩ කියලා හිතුනා. ඒත් ලියන්ඩ කිසිම දෙයක් මතක් වෙන්නේ නෑ.. අපේ කතන්දරකාරයාට වගේ මාතෘකා 100ක වෙන්ඩ කතන්දර මුකුත් නෑ. කොටින්ම ලියන්ඩ කිසිම දෙයක් මතක් වෙන්නේ නැත්තේ මේ දවස්වල මම් කරන වැඩත් එක්ක මාර ස්ට්‍රෙස් එකෙන් ඉන්න හන්දා වෙන්ටෑ...ඒ මදිවට ස්ට්‍රෙස් එකෙන් ඉන්නකොට කියන කරන දේ උනත් හරහට හිටින්නේ.. ඒකෙන් ආයෙම වෙන්නේ තවත් ස්ට්‍රෙස් එක වැඩි වෙන ...
පහුගිය දවස් සතියේ ලංකාවේ පලාත් කීපයකට ඡන්දේ තිබ්බා. කට්ටියත් කිරි කිරි පාන්දරම ලැහැස්ති වෙලා ඡන්ද පොලවල් වලට ගිහින් ඡන්දේ දීලා එන්ඩ ඇති නේ.ඉස්සර මම් පොඩි කාලේත් සෑහෙන්ඩ ආසයි අපේ අම්මෑ අතේ එල්ලිල ඡන්ද පොලට යන්ඩ..ඒ වෙන මොකවත් හන්දා නෙමේ ඡන්දේ දාන අයගේ ඇඟිල්ලේ ගාන දම් පාට තීන්ත එක හන්දා !අපේ අම්මා මාවත් ඇඳගෙන ගිහින් ඡන්ද පොළට ගියහම,"ඕකෙන් චුට්ටක් අපේ පුතාගෙත් ...
මේ දවස්වල හැමදාම වගේ හවසට හවසට වහින්ඩ පටන් අරන්. වැස්ස නම් කමන් නෑ කියමු.. ඒත් කොළඹට පොඩ්ඩක් වැස්සත් පාරවල් වල යන්ඩ බැරි තරම් ට්‍රැෆික් ! ට්‍රැෆික් මදිවට පාර අයින් වල කාණුත් උතුරලා පාර පේන්නේත් නෑ...ඒ මදිවට පාරේ අයින් වෙලා ගියහම වහන හයියෙන් ගිහින් මඩ වතුරත් ඉහගෙන යනවා...කොළඹට වහින වැස්සේ මෙලෝ ලස්සනක් නෑ...ඔහේ චිරි චිරි ගාලා වහිනවා විතරයි. මම් මගේ ජීවිතේටම ...
මාර කම්මැලි හවස්වරුවක් !අම්මයි මල්ලියි හවස් අතේ ගමනක් ගිහින්. වෙද මහත්තයාගේ වැඩකට ගියපු අප්පච්චිත් දැන්ම එන පාටක් නෑ... ගෙදර මං විතරක් තනියම.. කරන්ඩ කිසිම දෙයක් නෑ. ටීවි එකක් කියලා තිබ්බට එකේත් හරි හමන් දෙයක් බලන්ඩ නැති හන්දා ටීවි බලන ඒ අතෑරලා දාලා ගොඩක් කල් !ප්ලේන්ටියක් හදාගෙන පුටුවට වෙලා කල්පනා කර කර ඉන්නකොට අපේ අම්මා යන්ඩ කලින් කලිසම් දහයක සාක්කු මහලා ...
අතීත රජ දවස මතට ලොල් වෙච්ච සල්ලාල රජෙක් ලක්දිව පාලනය කරපු යුගයක් තිබුනා. දස පුරාම මධුවිතෙන් මත් වෙච්ච මේ රජතුමා ගැන රටවැසියන් හිටියේ බලවත් කනස්සල්ලකින් ! කොටින්ම මේ රජතුමා රට පාලනය කළ විදිහ ගැන රසවැසියෝ ජීවත් උනේ එච්චර හිත හොඳකමකින් නම් නෙමෙයි !රටවැසියෝ උනත් මේ රජතුමාව හැඳින්වුවේ රූකඩ රජෙක් හැටියට !මේ රූකඩ රජාව බලයෙන් පහ කරලා ධාර්මිෂ්ට පාලනයක් ඇති කරන්ඩ ...
හන්ගේරියානු ජාතික අර්නෝ රුබික් කියන වාස්තු විද්‍යාව පිළිබඳ මහාචාර්ය 1974 අවුරුද්දේ අපූරු සිතුවිල්ලක් පහල වෙනවා. ඒ තමයි "කඩා වැටෙන්නේ නැතුව කුඩා ඝණක සමූහයකට එක මත එක නිදහසේ චලනය විය හැකි ද" කියන සිතුවිල්ල !ඒ සිතුවිල්ල ඔස්සේ හිතපු මහාචාර්යවරයා ඒ අවුරුද්දෙම කුඩා ඝණක විසි හයක් එකතු වෙලා හැදිච්ච ලොකු ඝණකයක් නිර්මාණය කරනවා. ඒ තමා රූබික්ගේ ඝණකය !!!මේ කියන්නේ මොකද්ද කියලා තාමත් ...
කාලෙකට පස්සේ පුංචි පහේ දේශනයක් අහන්ඩ ලැබුනා. ඒ දේශනයේ කියවුනේ සම්ප්‍රදායන් ගැන. දේශකයා තමන්ගේ දේශනය මුලින්ම පටන් ගත්තේ ප්‍රශ්න කිහිපයකින්.ඒ ප්‍රශ්න තමයි,ඇයි අඟහරුවාදයි සිකුරාදයි මිනි වළලන්ඩ හොඳ නැත්තේ ?ඇයි ඒ දවස්වලට නාන්ඩත් හොඳ නැත්තේ ?ඇයි අඩු මාස වල (පෙබරවාරි හෝ දින තිහක් තියෙන මාස) වල විවහා උත්සව ගන්නේ නැත්තේ ?ඔය වගේ ප්‍රශ්න කිහිපයකින් තමයි දේශනය පටන් ගත්තේ...ගොඩක් වෙලාවට අපට මේ ...
මේ දවස්වල මට වැඩට යන එක එපා වෙලා තියෙන්නේ. ඒකට ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ මට අපේ වැඩපොලෙන් දීලා තියෙන ට්‍රේනින් එක !උපන්තේකට අහලා නැති ප්‍රෝග්‍රැමින් ලැංවේජ් එකක් තමයි මේ දවස් වල ඉගෙන ගන්ඩ තියෙන්නේ. අළුත් දෙයක් ඉගෙන ගන්ඩ තියෙන එක හොද දෙයක් උනාට මේ ට්‍රේනින් එක දෙන්න ඇවිත් තියෙන්නේ රැජිනගේ රටේ කෙනෙක් !රැජිනගේ රටේ මිනිස්සු ගැන ආයේ අමුතුවෙන් කියන්ඩ ඕනේ ...
අද සිකුරාද දවසක් ! ඒ වගේම අපේ පැත්තට උදේ ඉඳන්ම සෑහෙන්ඩ වහිනවා. අද වැඩට යන්ඩ මාරම කම්මැලිකමේ හිටියේ... ඒත් ලෙඩ නිවාඩු ඇරෙන්ඩ වෙන නිවාඩු ඉතුරු වෙලා නැති හින්දා අකමැත්තෙන්ම හරි ගෙදරින් පිටත් වෙලා ආවා.ගෙදරින් අකමැත්තෙන් ආවට මොකෝ වැඩපොලට ආවට පස්සේ වැඩ කරන්ඩ සෑහෙන උද්යෝගයක් තියෙන්නේ. ඇයි ඉතින් හෙට සෙනසුරාදා නෙව.ඒ උනාට මම් කියන්ඩ ආව කාරණේ ඒක නෙමෙයි ! ඔන්න මේ ...