Thoughts....Let Time pass,passing me away.....,Let them fade,Memories fade away.....,Let Them Laugh,Laugh for the Deeds We made.....,Let Us Smile,Smile for the Deeds We made.....,
This is "something" I found today in one of my diaries which I used in the post-O/L season (That means around in 2005-2006). It seemed a bit interesting, so thought of sharing it :-) .Life,Flows on,But I,Stand alone,Impatient I am,To witness my Future,To behold its majesty,And to never fall back,But,Although all seems real,All these are.A part of a chained dream,That ...
මේ ලිපිය මීට මාස ගානකට කලින් ලියපු ලිපි පෙලක අන්තිම ලිපිය. කලින් ලිපි බලන්න ඕන නම්HTML හා PHP ඇසුරෙන් form භාවිතය :: 3 වන පියවර :Database එක හා Login page එක සම්බන්ධ කරන අකාරය යන ලිපියේ ඉඳන් පසුපසට බලන් ගියහම හරි.මෙම කොටසින් අපි සිදුකිරීමට යන්නේ සාදාගත් login system එකේ ආරක්ෂාව ගැන මදක් සොයා බැලීමටයි. Databases භාවිතාවන මෙවැනි පද්ධති hack කිරීම ...
අරුමයකින් අරුණලු දිවියට කැන්දාආ හැටි තවම පුදුමයි මට ඒ ලන්දාසැප දුක් සුසුම් හසරැලි සිත තුල රන්දාසිටියෙමි තුන් මසක් ආලය හද රන්දා....ආගිය ගමන් ඔබ අත ගෙන සිත කැන්දාසිහිවන විට නැගෙයි හසරැලි මුවගට කැන්දාදවසින් දවස ලියලන මේ ආදර අන්දාගෙන දෙයි මගේ දිවියට සතුටම කැන්දා....ලංවී ගෙවූ කාලය මතු නොමැකෙන්නසතුටු කඳුලු මිස සෝ කඳුලැලි නොවැටෙන්නආදර හැඟුම් හසරැලි මතු මතුවෙන්නපතනෙමි දිනක ඔබ මා හට හිමිවෙන්න.... ...
නිකලැල් සුකොපුල් රසයෙන් තවලා,ගෙවුනු සැඳෑවන් අඳුරෙන් වැසිලා,ඔබ මා ගිය මං කඳුලින් වැසිලා,දෙමගක යමු අපි අද වෙන් වීලා......
HTML හා PHP ඇසුරෙන් form භාවිතය :: 3 වන පියවර :Database එක හා Login page එක සම්බන්ධ කරන අකාරය
මගේ සටහන්Database එක හා login page එක දත්ත හුවමාරු කරගැනීමට කිසියම් ක්‍රමයක් තිබිය යුතුය. මෙම සම්බන්ධය ඇති කරන්නේ PHP script එකක් මගිනි. මෙය ගැන අවබෝධයක් ලබා ගැනීමට නැවත login page එකේ කේතය ( source ) දෙස බලමු.<html> <body> <form name="login" action="login.php" method="post"> <p>Name: <input type="text" name="name" value="" /></p> <p>Password: <input type="password" name="pass" value=""</p> <input type="submit" value="Login" /> </form> </body> <
කලින් ලිපිය දාලා ගොඩක් කල් ගත උන එකට සමාවෙන්න ඕනේ. සෙමෙස්තරේ හමාර වෙන විභාගේ කඩන් පාත් උනානේ. (කලින් ලිපිය කියවපු නැති කෙනෙක් ඉන්නවනම් මෙතනින් ගිහින් බලන්න).ඔන්න ඒ ලිපි පෙලේ තවත් කොටසක් අද දානවා. ඔබට දැනටමත් වැටහී ඇති පරිදි මෙම form එක භාවිතා කිරීමේදී user name එක හා password එක ලබා දී පද්ධතියට ඇතුල් විය යුතුය. නමුත් පරිශීලකයා ඇතුලත් කරන user ...
හුඟ දවසකට පස්සේ ලිපියක් ලියන්න යන්නේ. මේ ලිපිය ලිපි පෙලක පළමුවැන්න. මේ ලිපි පෙලින් මම HTML හා PHP ඇසුරින් forms හදාගන්නා ආකාරය, එහෙම හදාගත්ත form එක database එකකට සම්බන්ධ කරගන්නා ආකාරය, හදාගත්ත form එක SQL injection (form වැරදි විදියට භාවිතා කරනන පුළුවන් ක්‍රමයක්) වලින් ආරක්ෂා කරගන්නා ආකාරය ගැන සාකච්ඡා කරන්නයි හිතන් ඉන්නේ.පින්තූරෙ ගත්තේ http://www.learn-html-tutorial.com/Images/sol-reg2.gif වලින්Form එකක් කියන්නේ මොකක්ද කියලා නොදන්න ...
Idea Challenge යනු ......... ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය( Institute of Engineers,Sri Lanka-IESL) සහ මොරටුව විශ්වවිද්‍යාලයීය පරිගණක විද්‍යා හා ඉංජිනේරු අංශය( Computer Science and Engineering department, University of Moratuwa -CSE,Uom) එක්ව LakApps අනුග්‍රාහකත්වයෙන් සංවිධානය කරනු ලබන පාසල් මට්ටමේ තරඟාවලියකි. ඔබ මේ සඳහා සහභාගි විය යුත්තේ ඇයි?මෙය ජාතික මට්ටමේ වේදිකාවක ඔබගේ දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට වටිනා අවස්ථාවකි. ජයග්‍රාහකයන්ට හිමි ත්‍යාග සහ සහතික පත්‍ර Techno ...
වෙබ් අඩවියේ දැක්වෙන Error pages cPanel භාවිතයෙන් customize කිරීම- Creating customized error pages using cPanel
මගේ සටහන්අපි වෙබ් අඩවියකට සම්බන්ධ උනාම ඔබ දැකලා ඇති සමහර වෙලාවට error pages දිස්වෙනවා. මේ error pages නොයෙක් හේතු නිසා ඇතිවෙන්න පුළුවන්. උදාහරණයක් විදියට අපිට ඔනෑ කරන පිටුව එම සර්වර් එකේ නොතිබීම, අපිට එම පිටුව ලබාගැනීමට බලතල මදිවීම ( authorization problems) ආදී කාරණා නිසා error pages දිස්වෙන්න පුළුවන්. නමුත් ඔබ දැකලා ඇති මෙහෙ දිස්වෙන error pages ගොඩක් වෙලාවට බොහොම සරලව සැකසුනු ...
උබුන්ටු ලිනක්ස් සඳහා ඉබේ වෙනස් වන wallpapers සාදා ගන්නා ආකාරය - How to create a wallpaper slideshow in Ubuntu
මගේ සටහන්උබුන්ටු පාවිච්චි කරන අය දැකලා ඇති desktop එකේ background එක වෙනස් කරන තැන තියනවා cosmos කියලා wallpapers set එකක්. ඒක Wallpaper එක විදිහට ඒක තේරුවාම යම් කාල පරාසයකට වතාවක් wallpaper එක ඉබේ වෙනස් වෙන බව ඔබ දැකලා ඇති. අද මම කියලා දෙන්න යන්නේ මේ වගේ ඉබේ වෙනස් වන wallpapers set එකක් අපිට ඕන wallpapers දාලා හදාගන්නේ කොහොමද කියලායි. ( මේ ...
හුඟ කාලෙකින් කතාවක් කිව්වේ නැති හන්දා ඔන්න අද කතන්දරයක් කියන්නයි යන්නේ. හැබැයි මේක එසේ මෙසේ කතාවක් නෙමේ, තවත් එක් සත්‍ය කතාවක්. මේ කතාව කියෙව්වාම ඔගොල්ලන්ට තේරෙයි අපි කරන ඉතාම සුළු දේකින් මනුස්සයෙක්ගේ ජීවිතයක් අපිට කොච්චර වෙනස් කරන්න පුළුවන්ද කියලා. ඔන්න එහෙනම් වැඩි කතා නැතුව මම කතාව පටන් ගන්නම්. මේ කතාවේ කතා නායකයා 19 වැනි සියවසේ මුල් භාගයේ ජීවත් උන තරුණයෙක්. ...
XAMPP භාවිතයෙන් ලිනක්ස් වලදී ඔබේම server එකක් නොමිලේ( හා පහසුවෙන්) අටවා ගන්නා ආකාරය - Easily and freely create a server for yourself using XAMPP
මගේ සටහන්ඔබ සැමට කිරි නැතත් පැණි ගොජ ගොජ ගා පෙරෙන සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා...!. ඔන්න ඉතිං අළුත් අවුරුද්දේ හා හා පුරා කියලා පලවෙනියෙන්ම කියලා දෙන්න යන්නේ ඔබේම කියා සර්වර්(server) රාජයෙක් ඔබේම පරිගණකයේ නොමිලේම පහසුවෙන් අටවාගන්නා විදියයි...!ඈ... මොකක්ද බොලේ සර්වරයක්(server) කියන්නේ....#$%*^&$#$???ආ... හැමෝටම වැටහෙන විදියට කිව්වොත් අන්තර්ජාලයේ වෙබ් අඩවි(web sites) දාලා තියෙන්නේ සර්වර් වල. අපි මොකක්හරි වෙබ් අඩවියකට යන්න හිතාගෙන වෙබ් ලිපිනයක් ...
Blogger සඳහා නිවැරදිව Domain එකක් set up කරගන්නා ආකාරය - How to setup a domain for Blogger correctly
මගේ සටහන්මේ ලිපිය ලියන්නේ blogger blog එකක් සඳහා නිවැරදිව domain එකක් set up කරගන්නා ආකාරය කියා දීමටයි. මම පහුගිය දවස් ටිකේම මගේ blog එක අටවගන්න දඟලපු දැඟලිල්ලෙන් ලැබුනු අත්දැකීම් අනුව තමා මේ ලිපිය ලියන්නේ. මෙය කියවීමෙන් ඔබට ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් දැනගැනීමට පුළුවන් වෙනවා.1. නිවැරදිව domain name එකක් set up කරගන්නා ආකාරය2. නිවැරදිව sub-domain name එකක් set up කරගන්නා ආකාරයදැන් ඔබ ...
මේ ලිපිය ලියන්නේ ඔබලාට මගේ හදේ පිරී ඇති අවංක නිකලැල් ආදරයෙන් යුතුව බැව් පලමුව දැනුම් දීමට කැමැත්තෙමි. පසුගිය දින කීපය තුල සයිබර් අවකාශයේ එහෙට මෙහෙට පනිමින් මගේ බ්ලොග් රාජයා ඔබ සමග හැංගිමුත්තන් කල බව ඔබ සැමට මතක ඇතැයි සිතමි. එසේ ලිපින මාරු කරමින් පැන පැන සිටි බ්ලොග් රාජයා අල්ලා අවසානයේ එක තැනකට කූඩු කිරීමට මා සමත් වූ බව ඔබට දන්වා ...
මාස ගානක නිහැඬියාවකින් පස්සේ ඔන්න ආයෙත් ලිපියක් ලියන්න වෙලාවක් හදාගත්තා. පහුගිය දවස් ටිකේම බ්ලොග් එකේ URL එක එහෙට මෙහෙට හරව හරව එක එක URL පාවිච්චි කර කර හිටියනේ. අන්තිමේදී මම තීරණය කලා www.siblog.ishans.info කියන ලිපිනය දිගටම පාවිච්චි කරන්න. siblog කියලා ලිපිනයේ දැම්මේ Sinhala blog කියන අර්ථයෙන්. ලඟදිම ඉංග්‍රීසි භාසාවෙනුත් බ්ලොග් එකක් පටන් ගන්න අදහසක් තියනවා, බ්ලොග් දෙකක් ලියන්න වෙලාව තමා ...
Happy B'day to Me,Happy B'day to Me,Happy B'day dear බ්ලොග්ගී,Happy B'day to Me..........!පහුගිය දවස් ටිකේ තිබුන වැඩ කන්දරාවේ තරම හන්දා හරියට බ්ලොග් එක ගැන හොයන්නවත් ලැබුනේ නෑ. ඊයේ පරණ ලිපි check කරන කොට තමා දැක්කේ මගේ සටහන් තබන්න පටන් අරන් අදට අවුරුද්දක්ම ගතවෙලා!. මම බ්ලොග් කෙරුවාව පටන් ගත්තේ කැම්පස් පටන් ගත්ත කාලේ. හරියටම කිව්වොත් pre-academic term එකේ ...
අද මම කියන්න යන්නේ උබුන්ටු පාවිච්චි කරන අයට වැදගත් වෙන මෘදුකාංගයක් ගැනයි. මේකේ නම Ubuntu Tweak (Homepage- http://ubuntu-tweak.com/). නමෙන්ම තේරෙන විදියට මේක උබුන්ටු වල පොඩි පොඩි වෙනස්කම් කරන්න හදපු( ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීම සඳහා) මෘදුකාංගයක්. මේ මෘදුකාංගය ආධාරයෙන් අපිට පුළුවන් උබුන්ටු වල හැංගිලා තියන සැකසුම් බොහෝමයක් පහසුවෙන් සොයාගෙන ඒවාට අදාල වෙනස්කම් කරන්න. උදාහරණ විදියට මේ මෘදුකාංගයෙන් පුළුවන් උබුන්ටු වල Log in ...
මගේ අම්මියෝ පහුගිය කාලේ වින්ද දුකක් :s. ලිපියක් ලියන්න තියා බ්ලොග් එක දිහා හරියට බලන්නවත් වෙලාවක් හම්බුනේ නෑ තිබුන වැඩ කන්නදරාව හන්දා :-/ . දෙවෙනි semester එකේ අන්තිම විභාගේ ඉවර උනේ ඊයේ. කට්ටියට නිකන් මැරිලා පන ආවා වගේ!. පහුගිය semester එකේ වෙච්ච වැඩ ගැන ලියන්න ගියොත් මට මේ නිවාඩු කාලෙම ඒවා ගැන ලිය ලිය තමා ඉන්න වෙන්නේ :D . ඒ ...
උදේ ඉඳන් ඇක දමලා හරිම මහන්සියි, විභාගෙකුත් ලඟ එනවා කෙලම වෙලා යයි, මලක් කඩන්නටවත් මට වෙලා නැති හැඩයි, මොරටු අපිට මල් කොයින්ද අපෙ ලෝකෙ ඇක තමයි.එකයි එකයි දෙකයි කියලා ඇක දාපන් දැන්, ඇක දාලා ඉන්න බැරිද උඩ පැනපන් දැන්, උඩ පැනලා ඉන්න බැරිද වරෙන් බිමට දැන්, ඔය ගොන් වැඩ නවත්තලා ඇක දාපන් බන්.ඇක දාන්න ඇක දාන්න ඇයි බයවෙන්නේ, ඇක දැම්මොත් ...