මේ කතාව මන් දැක්කේ 2012-02-05 වෙනි ඉරිදා රාවය පත්තරේ තියෙන නාලක ගුණවර්ධන ලියන සිව්මංසල කොළුගැටයා ලිපියේ. සති පතා පලවෙන කොලමට වසරක් සපිරීම නිසා කතුවරයා විසින් තමාවම විවේචනය කිරීමක් තමා එහි තිබුනේ.බ්ලොග් ලියන්න පටන් ගන්න සමහර බ්ලොග් කරුවන්ටත් මේක වෙනවද කියලා වෙලාවකට මට හිතෙනවා මුල් කාලයේ ඉතා රසවත් ලිපි ලියන බ්ලොග්කරුවන්ගේ ලිපි කාලයක් යනකොට මුල්කාලය තරන්ම හොඳ නොවීමට මේක හේතුවක් වෙන්න ...

ජීවන වියදම දවසින් දවස ඉහල යනවා. බලමුකෝ ඒකෙත් හැටිසංස්ථා ඔල්ඩ් අරක්කු බෝතලයයි :810/= ගෝල්ඩ් ලීෆ් සිගරට් පැකට් එකයි:264/= අලියා සෝඩා පොඩි බෝතලයයි:65/=පොඩි කොකා කොලා එකයි:85/=රටකජු ග්රෑම් 100:40/=කඩල ග්රෑම් 100:40/=බුලත් විටයි:10/=ඔක්කොම:1314/=2008 ඔක්තොම්බර් ඔය ටිකට ගිහින් තියෙන්නේ 10222009 මැයි මේ ටිකටම 1091 ගිහින්මේ දවස් වල 1314ක් යනවා.ඉතින් මේක කරන්න බැහැනේ අපි වියදම් අඩු කිරීමක් කලාසංස්ථා ඕල්ඩ් නැතුව ගල් බොන්න පුරුදු උනා :730/=සිගරට් ...

පහුගිය දවසක ගොඩගේ පොත් හලට ගියවෙලාවේ , ගොඩගේ එකේ පරණ පොත් තියෙන තැනක තිබිලා පොතක් ගත්තා "සභ්‍යලතාගේ හිරිඔතප් බිඳි වගයි - හර්ෂ ශ්‍රී විජයසිංහ". එකේ තිබ්බ නමයි මුල පිටුවේ තිබ්බ කාටූන් ටිකයි නිසා නිල් පාට පොතක් කියලා හිතන් ගත්තට මොකද ඒක චන්ද්‍ර අනගිරත්නගේ නරලොව හොල්මන් වගේ පොතක් ඒත් ඒ අහලකින්වත් තියන්න නම් බැහැ.මේ පොතේ එක කතාවක් තියෙනවා ඒකේ ප්‍රධාන චරිතෙට ...

සමහර වෙලාවට අපිට එදිනෙදා ජීවිතේ මුහුණ දෙන ප්‍රශ්න ගැන අපේ යාළු හිතමිත්‍රාදීන් එක්ක කියනවා එහෙම වෙලාවට ඒ අයත් ඒ අයට හිතෙන විදිහේ නොයෙක් උපදෙස් දෙනවා. "මෙහෙම කරපන්" "අරහේම කරපන්" වගේ දේවල් වලින්.උදාහරනෙකට රස්සාවකට ගැටළුවකදි වෙන කෙනෙක් කියාවි "උඹට තිබ්බේ බොසාට මෙහෙම කියන්න" හැබැයි එහෙම කියලා රස්සාව නැති උනොත් අර කියපු කෙනාම කියාවි එහෙනම් උඹම වෙන ජොබ් එකක් හොයා ...

මල්ලිලාට ආදරෙන් කියන්නේ නංගිලා මේ වගේ දේවල් කරයි කියලා මන් හිතන්නේ නැති නිසා.සාමාන්‍යයෙන් මගේ බ්ලොග් එකට කුණු හරප කමෙන්ට් වැටෙනවා හරි අඩුයි මන් ඇනෝනිමස් කමෙන්ට් නවත්තලා තියෙන නිසා වෙන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට කුණු හරප කමෙන්ට් දාන්නේ ඇනෝනිමස් ඇවිත් ඒත් ඉඳලා හිටලා ප්‍රොෆයිල් වලින් ඇවිල්ලත් කුණු හරප කමෙන්ට් දානවාකාලෙකට පස්සේ මන් ඊයේ ලියපු ලිපියට අද කුණු හරප කමෙන්ට් එකක් දාලා තිබ්බා ...

දවල් කෑමට මන් ගොඩක් දවස් වලට යන්නේ එකම කඩේකට. කඩේ කෑම වල විශේෂත්වයක් නිසා නම් නෙමෙයි වෙන යන්න තැනක් නැති නිසා. බොහෝ වෙලාවට මන් යැවෙන්නේ එකම වෙලාවක ඉතින් මේ මන් යන වෙලාවට මේ කඩේ ගොඩක් දවස් වලට ඉන්නේ එකම කට්ටියක්. මේ අතර ඉන්නවා මිනිසුන් තුන් දෙනෙක්. ඉතාම හොඳින් මාත් එක්ක කතාබහ කලත් මේ තුන් දෙනාව මට පෙන්නන්න බැහැ ඒ ඔවුන්ගේ ...

පහුගිය දවසක සිරීපාදේ ගියා, හැමදාම මන් හිතාගෙන යන්නේ ආයි නම් සිරීපාදේ යන්නේ නැහැ කියලා මොකද සිරීපාදේ එක පාරක්වත් නොගිය එකාත් මෝඩයා එක පාරට වඩා ගිය එකාත් මෝඩයා කියන එක ඇත්ත කියලා මන් හිතන නිසා. මන් නම් දැනටමත් මෝඩයෙක් මොකද මන් දැන් 6,7 වතාවක් විතර සිරීපාදේ ගිහින් තියෙන නිසා.රත්නපුර පාරෙන් නම් මට තාම සිරීපාදේ යන්න අවස්ථාවක් ලැබිලා නැහැ. ඒ පාරෙන් නම් ...

මළ ගෙයක් කිව්ව ගමන් මටනම් කල්පනා වෙන්නේ බොන එක ගැන. ටික කාලෙකට කලින් අපේ නෑදෑවෙන මහප්පා කෙනෙක් මැරෙන්න ඔන්න මෙන්න තියෙද්දි ඉස්සරහට පෝය දවසක් තිබ්බ නිසා මන් කලින්ම බෝතල් දෙකක් ලෑස්ති කරන් හිටියා පොර මළාම බොන්න සෙට් වෙන්න කියලා.සමහර මළගෙවල් වල ඇතුලටවත් ගිහින් නැහැ ගිය ගමන් යනවා සෙට් වෙන්න ඊට පස්සේ ආපහු ගෙදර එනවා. මළගෙවල් විතරක් නෙමෙයි බණ දානේ උනත් ...

අපේ ජීවිත වලම කොටසක් වෙන යාළුවෝ අපිට පොඩි කාලෙම ඉඳලා හම්බ වෙනවා, සමහර අය ජීවිත කාලෙටම අපිත් එක්ක යාළුකම් තියා ගත්තත් ගොඩක් දෙනෙක් ටික කාලෙකින් නැති වෙලා යන යාළුවො. මට නම් පුංචි කාලේ ඉඳලා ඉන්න යාළුවො කියන්න පුළුවන් අය නම් දැනට ඉන්නේ එක්කෙනයි එයත් එක්කත් වැඩි යාළුකමක් නැහැ කලාතුරකින් තමා මුණගැහෙන්නේ. යාළුවන්ටත් වඩා මන් ගොඩක් ආස්‍රේ කරන්නේ පවුලේ නෑදෑ සහෝදර ...

 ආපිකෝ එකට ගියවෙලාවේ නිකමට වගේ ඇහැගැහුනා ඉස්සර කාලේ කාපු ටොපියක හැඩේ තියෙන පැකට් එකකට. ඉක්මනට අතට අරන් බැලුවාම බුල්ටෝ පැකට් එකක්. කාලෙක ඉඳන් ආයිත් බුල්ටෝ එකක් කාලා බලන්න ආසාවෙන් හිටපු නිසා ඉක්මනින්ම අරගත්තා. ඉස්සර නම් සත විසිපහට තිබ්බේ ඒත් දැන් එයින් බාගයක් වත් සයිස් එක නැති බුල්ටෝ එකක් රුපියල් 2යි ඒකත් තියෙන්නේ 20 පැකට් වලින්. ඒ කාලේ තරම් රස නම් ...

කවි කඳුර කියන්නේ සුනේත්‍රා රාජකරුණානායක ගේ අළුත්ම පොතක්. සරසවි ප්‍රකාශකයෝ තමයි කරලා තියෙන්නේ. මිල රුපියල් 450/=සුනේත්‍රා මන් කැමතිම ලේඛකාවියක්, එයා ලියපු පොත් ගොඩක් මන් ගාවා තියෙනවා. මේ පොතට නම් මන් ගොඩක් ම කැමති එකේ තියෙන අමුතු බස් වහර නිසා. වෙලාවකට ඒක කියවන එක අමාරු උනත් ගොඩක් වෙලාවට ඒක හරිම රසවත්.පොතේ ආරම්භය වර්තමාන කාලේ තියෙන්නේ ඒ හරියෙදි නම් හිතෙනවා දැනට ජීවත් ...

සීට්ටු දානවා කිව්වම සමහර අයට හිතෙයි ඒක කරන්නේ සමහර විට සමාජයේ ටිකක් පහල මට්ටමක ඉන්න බැංකු ගණු දෙනු ගැන වැඩි දැනුවමක් නැති අය කියලා ඒත් මේ ලඟදි පත්තරේක තිබ්බා ලංකාවේ කොහේ හරි පැත්තක කෝටි ගානක් සීට්ටු සල්ලි වංචාවක් ගැන. ඒ ඇරෙන්න මන් දන්න ඉතා උසස් තත්වයේ ඉන්න බැංකු ගණු දෙනු ගැන හොඳට දන්න අය පවා මිලියන ගනන් වල සීට්ටු වලට ...

ඉස්කෝලේ ගිහින් ඉස්සලම ර යනු ට යනු ම යනු ල යනු ඉගෙන ගෙන රට මල වගේ වචන ලියලා යන්තම් වගේ වාඛ්‍ය ලියන්න පුරුදු උනාම ඉස්සෙල්ලම ලියන්නේ මම ගැන රචනාවක්. හරියටම මට මතක නැහැ මන් හිතන්නේ 4 ,5 පංති වලදි තමා මන් මුලින්ම ඉංග්‍රීසි ඉගෙන ගත්තේ. හෝඩිය ඉගෙන ගෙන වචන ඉගෙන ගෙන ඉංග්‍රීසියෙනුත් මුල්ම රචනාව ලියන්නේ My Self ගැන. ඊටත් පස්සේ ...

ස්කූල් බස් එකේ ඉස්කොලේ ගිය කෙනෙක්ට නම් ජීවිතේට අමතක වෙන්නේ නැති අත්දැකීමක් තමයි ස්කූල් බස් එකේ ගිය කාලේ.මම ඉස්කොලේ ගිය දවසේ ඉඳන් සාමාන්‍ය පෙළ කරනකම්ම ඉස්කොලේ ගියේ ස්කූල් බස් එකේ. උසස් පෙළ කරනකොට නම් වැඩිය ලේසි නිසාත් බස් එකේ එක ගමනක් යන ගානෙන් කෝච්චියේ මාසෙටම සීසන් ගන්න පුළුවන් නිසා සහ බස් එකේ ටිකට් ගත්තා නොගත්තා, ලොකු අයියලාට දවස ගානේ ගානක් ...

පහුගිය සතියේ අපේ කාර්යාලයට කෙනෙක් සම්මුඛ පරීක්ෂනයකට ආවා, ඩෙනිම් එකක් සහ ටීෂර්ට් එකක් ඇඳන්, සහතික පොලිතීන් බැග් එකක දාගෙන. දැකපු ගමන් මට හිතුනේ මෙයා හරියන්නේ නැහැ කියලා. සමහර විට අවස්ථාවක් ලැබෙන්න ඉඩ තියෙනවා. ඒත් ඒ ඇඳුම් සහ පැමිණි පිළිවෙන ඉතා ඉහල තත්වයේ කලින් කරපු වැඩ ඇති කෙනෙක්ට සුදුසු උනාට වැඩි අත්දැකීම් නැති කෙනෙක්ට හරියනෙන නැහැ. එහෙම අඩු අත්දැකීම් තියෙන අය ...

මළ ගෙදරක අවසාන කටයුතු ඉවර උනාට පස්සේ ඇවිල්ල ඉන්න අයට කන්න දෙන කෑම වේලට කියන්නේ මළ බත කියලා. සම්මතයක වශයෙන් අපේ පැත්තේ නම් මේකට දෙන්නේ වට්ටක්කා, කරවල හොදි සහ තක්කාලි සම්බෝල. ඒත් ඒ ඇරුනම බෝංචි, අළු කෙසෙල් වගේ ඒවත් සමහර තැන් වලින් දෙනවා.මේ සිරිත පළාතෙන් පළාතට වෙනස්. සමහර පළාත් වල නම් මළ බත කියලා එකක් දෙන්නේ නැහැ. අනුරාධපුරේ ගිය වෙලාවක ...

බොන අයට මේක තරම් බොන්න කැමති එකක් සහ හොඳට බොන්න පුළුවන් අයත් වැටෙන එකක් තමා මේ අන්තිම ෂොට් එක කියන්නේ. මාත් වැඩි පුරම කට් වෙලා තියෙන්නේ තනිකරම වගේ පෙරේතකමට වගේ බොන මෙන්න මේ අන්තිම ෂොට් එක නිසා.අන්තිම ෂොට් එක කිව්වේ දෙන්නෙක් නම් බාගයක් බීලා ඉවර වෙච්ච වෙලාවක ආයි ගෙන්න ගන්න සීය හරි බෝතලයක් තුන් දෙනෙක් බීලා ඉන්න වෙලාවක ආයි ගෙන්න ...

පහුගිය දවසක අනුල ද සිල්වා පරිවර්තනය කල James A. Michener ගේ Sayonara කියන පොතේ සිංහල පරිවර්තනය "ආදරය සමුගනී" කියෙව්වා. කාලෙකට පස්සේ පොතක් බලලා මට ගොඩක් කණගාටුවක් ඇති උනා ඒ කතාවට.දෙවෙනි ලෝක යුද්ධයට පස්සේ ජපානයට යන ඇමරිකානු සොල්දාදුවන් සහ ඒගොල්ලෝ එක්ක පෙමින් බැඳෙන ජපන් තරුනියන් ගැන තමා කතාව යන්නේ. අවසානයේ ඇමරිකාවේ අභිමානය වෙනුවෙන් එවන් පෙම්වතුන්, විවාහක යුවල් බලහත්කාරයෙන් වෙන කරනවා. ...

One | Zero | Zero කියන්නේ "වචන සීයක හිරවුන දිග කතා" අපේ නොදරුවාගේ ළඳරු අදහසක් අනුව අපේ කට්ටිය එකතු වෙලා කරන අළුත් වැඩක් තමා මේක.දිගම දිග කතාවක් ලියන්න ඕනේ හැබැයි කතාවේ නම ඇරුනම තියෙන්න පුළුවන් වචන සීයක් විතරයි. ලේසියි වගේ පෙනුනට ලේසිමත් නැහැ දිගට දිගට ලියාගෙන යන්න අවසර නැහැනේ හිතේ තියෙන සේරම ටික වචන සීයකට හිර කරන්න එපායෑ.මුද්‍රිත පොත් ගත්තම ...

ගොඩක් දවසට මන් කන්න යන්නේ එකම කඩේට, ඔය කඩේ ගාව ඉන්නවා මට පෙන්නන බැරි මිනිස්සු තුන් දෙනෙක්. මේ තුන්දෙනා මාත් එක්ක හරිම හොඳට කතා බහ කරනවා ඒ වගේම මට කිසිම වැරැද්දක් කරලා නැහැ ඒත් මේ තුන්දෙනාව මට පෙන්නන්න බැහැ. මේ ගොල්ලෝ කිසිම නීති විරොධී කටයුත්තක යෙදෙන අයවත් කාටවත් කරදර කරන අයවත් නෙමෙයි ඒත් මේයාලගේ රස්සාව තමා බ්‍රොකර් වැඩේ. මන් කලින් ...

Previous Page