මීට මාස කිහිපයකට පෙරද මේ මාතෘකාව යටතේම අදහස් කිහිපයක් පල කල අතර ඒ , ජයවර්ධන පුර සරසවියේ ‘සිසු ස්මාරකයේ’ ගඩොලක් ගැලවෙන්නට එල්ල වී තිබූ ‘අධි බල බෝම්බ ප්‍රහාරයකින් ‘ පසු ඊට පසු දින එලිවන්නටත් ප්‍රථම මුළු කොලඹ නගරයම අකර්මණ්‍ය වන පරිදි අන්තරය ප්රමුඛ සංවිධාන කැඳුවූ පෙලපාලියෙන් සහ උද්ඝෝෂණයෙන් පසුවය.අධ්‍යාපන ක්ෂේත්රයේ ගැටලු සහ ඒවා හේතුවෙන් රට අස්ථාවර කිරීමට සහ තම තමන්ගේ ...
කුමාරතුංග මුනිදාස - 125 වන උපත් සමරු උලෙළේදී සාහිත්‍යසූරී ගුණදාස අමරසේකර සූරීන් පැවැත්වූ වෙසෙසි දෙසුම..කුමාරතුංගයන් ශාබ්දිකයකු වශයෙන් ,සාහිත්‍ය විචාරකයකු වශයෙන්, සාහිත්‍ය නිර්මාණකරුවකු වශයෙන් කරන ලද අති විශිෂ්ඨ සේවය ගැන අප කවුරුනුත් දන්නවා.ඒ ගැන සෑහෙන අවබෝධයක් සමාජ අවධානය වෙත යොමු වී තිබෙනව. එහෙත් බුද්ධිමතෙකු වශයෙන් - විශේෂයෙන් මෙරට ජන මනස වෙනස් කිරීමට කටයුතු කල බුද්ධිමතෙකු වශයෙන් ඔහු අතින් සිදු වූ සේවය ...
- ‘ජනප්‍රිය සංවර්ධන මගේ ’ සැනෙන් ඉගිල්ලෙන්නට පෙර මඳක් නැවතී බලමු….මීට කලකට පෙර නම් ඈත ගමක වැඩි කරදරයක් නැතිව යාමට හැකි පාරක් දුටු විට බොහෝ දෙනා එය ‘ගම් උදා පාරක් ‘ එසේ නැතිනම් ‘ ප්‍රේමදාස මහත්තය හදපු පාරක් ‘ යැයි හැඳින්වීමට නිරායාසයෙන්ම පෙලඹිණ. එසේ වූයේ නිදහස ලැබීමෙන් පසු චන්ද්‍රිකා පාලනය අවසන් වන තෙක්ම අප රටේ මාර්ග සංවර්ධනයේ ඇඟට දැනෙන වෙනසක් ...
-නිදහස් මෙන්ම නිවහල් අධ්‍යාපනයක් වෙනුවෙන්...අධ්‍යාපන පෞද්ගලීකරණය අද දවසේ ලේ සෙලවෙන කතිකාවක් බවට පත්ව තිබේ.පිරිසක් 'නිදහස් අධ්‍යාපනයේ' මුරබල්ලන් වීමද තවෙකෙකු 'අධ්‍යාපන පෞද්ගලීකරණයේ" පියවරුන් වීමටද වෙහෙසෙන අයුරු පෙනේ. තවත් සමහරෙකු සමස්ථ අධ්‍යාපන පුද්ගලීකරණයට එරෙහි වනු වෙනුවට තමන්ගේ අනාගත රැකියා සහ ආදායම් අහිමිවීමේ භීතිය වෙනුවෙන් හුදු 'පුද්ගලික වෙද විදුහල්' විරෝධයක සිරවී ඇතැයිද චෝදනා නැගේ. අධ්‍යාපන ක්ෂේත්රය අරඹයා කන්නන්ගර යුගයෙන් පසු සිදුවන තීරණාත්මක හැරවුම ...
-නූතන සයිබර් අවකාශයට ගොසිප් උගතුන්ගේ ආගමනය අනූව දශකය වන විටද අන්තර්ජාලය ලොව පුරාද ප්‍රචලිත තොරතුරු හුවමාරු මාධ්‍යක් ලෙස හොඳින් වර්ධනය වී නොතිබිණ.විශේෂයෙන් ශ්‍රී ලංකාව තුල අන්තර්ජාලය කරලියට එන්නේ 2000 වසරෙන් පසු කාලය තුලදීය.වසර 2000 වන විට සමස්ථ ජනගහනයෙන් 1% පමණ තිබූ අන්තර්ජාල භාවිතාව 2012 වන විට 20% පමණ මට්ටමකට වර්ධනය වී තිබීමෙන් පෙන්නුම් කරනුයේ අන්තර්ජාලය අප සමාජය හරහා හඹායන වේගයේ ...
"19 වන සියවස අග භාගයේදී පමණ මෙරට ගම් නියම්ගම් තුලින් බිහිවී 20 වන සියවස තුළ ශීඝ්‍රයෙන් වැඩුණු සිංහල 'මැද පන්තියේ' පරිණාමය මෙතෙක් නොලියවුනු කතාන්දරයයි මාර්ටින් වික්‍රමසිංහ ගේ තුන් ඈඳුතු නවකතාවෙන් කියැවනුයේ මෙරට විජාතික උසස් පන්තියේ කතාන්දරයයි .මේ මැද පන්තියේ කතාන්දරය මෙරට නූතන ඉතිහාසය ලෙසින් සැලකීම වරදක් නොවේ.ඒ කතාන්දරයෙහි පසු ගිය කාලය තුල මෙරට සිදු වූ සමාජ-ආර්ථික දේශපාලන පෙරළිවල සෙවණැල්ල අනිවාර්යෙන් ...
රුහිරු හෙලා නැසු පින් බිම දිනා තුන් වසකි අද දිනනගමු රණ හඬේ රාවය සිහි කර කැපවූ සැම දන......තුන් දශකයක් එක පිම්මේමැරි මැරි නොමැරි දුක් වින්දේමර බිය හිසින් ගෙන අම්මේ ගෙවු කල ඉතින් දැන් සුම්මේ.... දෙස් විදෙස් බාධාවිඳ සියලු නින්දාකල මෙහෙය හින්දානියම සේනාධිනායක මහින්දා.......දස මහ විරු නමට ඔබිනදැක්මකි නිසි තැනට ඔබිනසොයුරු පෙමට එහා බැඳුනඝෝඨා නිසි ලෙය මෙහෙයුන.......රණ බිම අබියෝග නිසි ලෙස ...
පසුගියදා ජිනීවා මානව හිමිකම් සමුළුව තුලදී ශ්‍රී ලංකාවට එරෙහි ඇමරිකන් යෝජනාව සම්මත වීමත් සමගම අවදියෙන් සිටින බොහෝ දෙනා ඒ පිළිබඳ විවිධ අදහස් ඉදිරිපත් කරමින් සිටිති.යෝජනාව සම්මත වීමට ප්‍රථම සිටම ඇතිවූ සංවාදය තුල පවා ප්‍රධාන මතවාද දෙකක් වෙනුවෙන් පෙනී සිටින ධාරාවන් දෙකක් පැහැදිලිව හඳුනා ගත හැකි විය.එක් පාර්ශවයක් මෙය බියකරු බිල්ලෙකුගේ ආගමනයේ මුල් පියවර ලෙස දකිද්දී අනෙක් ප්‍රධාන කොටස මෙය එතරම් ...
ඇත්තටම යකා හිතනතරම් කලු නැද්ද?පසුගියදා ජිනීවා මානව හිමිකම් සමුළුව තුලදී ශ්‍රී ලංකාවට එරෙහි ඇමරිකන් යෝජනාව සම්මත වීමත් සමගම අවදියෙන් සිටින බොහෝ දෙනා ඒ පිළිබඳ විවිධ අදහස් ඉදිරිපත් කරමින් සිටිති.යෝජනාව සම්මත වීමට ප්‍රථම සිටම ඇතිවූ සංවාදය තුල පවා ප්‍රධාන මතවාද දෙකක් වෙනුවෙන් පෙනී සිටින ධාරාවන් දෙකක් පැහැදිලිව හඳුනා ගත හැකි විය.එක් පාර්ශවයකට මෙය බියකරු බිල්ලෙකුගේ ආගමනයේ මුල් පියවර ලෙස දකිද්දී අනෙක් ...
මානව හිමිකම් වෙස් මුහුණුකරුවන්ගේ ජිනීවා බලහත්කාරය ….එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව 27 වනදායින් ඇරඹී මාර්තු 23 දක්වා මුළු දීමට නියමිතය. පසුගිය වාරයන්ට වඩා මෙම සමුළුව රටක් වශයෙන් අපට තීරනාත්මක වන්නේ මෙවර ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් සමුළුව හරහා සම්මත කර ගැනීමට ඇමරිකාව පෙරටුකරගත් බටහිර රටවල් සහ ඔවුන් සමග එක ගෙයි කන කොටි ත්රස්තවාදයේ ඉතුරු බිතුරු කල්ලිය වන කොටි ඩයස්පෝරාව අර අඳිමින් ...
[අවසන් කොටස ] අද පරන්තන් , ධර්මපුරම් ,විශ්වමඩු ,පුදුකුඩුඉරිප්පු හරහා අවසන් සටන් බිමට...පුදුමාතලන් , වෙල්ලාමුල්ලිවයික්කාල්,අම්පලවන්කොක්කනේ ,කරයාමුලිවයික්කාල්,නන්දිකඩාල්...කලින් යාපා පටුනේ...අද අපේ ආවරණ කලාපය..නාවක්කුලු රජයේ ආහාර ගබඩාවචාවකච්චේරිය බස් නැවතුම..සිසු නේවාසිකාගාරයයාපනය විශ්ව විද්යාලයයාපනයටම උරුම දුම්කොල වගාවඋතුර දකුණ මාරුවන්නට නොව - උතුරු දකුණ එක් කරන්නට...දුරකතන සම්ප්‍රේෂණ කුළුණ :චාවකච්චේරිය යෝජිත චාවකච්චේරිය ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල...යුධ හමුදා සුබසාධක අලෙවි සැලඉයක්කච්චි...සදා මහ විරුවෙකි ඔබ .
යාපා පටුනේ සංචාරේ ...[දෙවන කොටස ] අද නාගදීපය,අරියාලේ,කීරමලේ,දඹකොළපටුන,කසුරිනා වෙරළඊයේ කිලිනොච්චි ,පරන්තන්,අලිමංකඩ,නල්ලූර්දෙවන දින අපේ ගමන් මගහිරු නැගෙන්නට කලින් දවසේ මෙහෙවරට සැරසෙන යාපනය නගරය...යාපනය කොටුවඈතින් සුදු පාටින් දිස්වන්නේ යාපනය පුස්තකාලයයි.1935 වර්ෂයේදී ’Jaffna Library Movement’ නමින් පෞද්ගලික පුස්තකාලයක් වශයෙන් ආරම්භ වූ මෙය 1949 දී යාපනය නගර සභාව යටතට පත්කරන ලදී.1955 මාර්තු 29 වැඩ ආරම්භ කර 1960 දී සම්පුර්ණයෙන් වැඩ අවසන් විණි.මෙය එවකට යාපනය ...
යාපා පටුනේ සංචාරේ ...[පළමු කොටස] - අද කිලිනොච්චි ,පරන්තන්,අලිමංකඩ,නල්ලූර්කිලිනොච්චි රණවිරු ස්මාරකයසටහන: වසර ගණනාවක් තිස්සේ එල්ටීටීඊයේ ප්‍රධාන ම මෙහෙයුම් මධ්‍යස්ථානය බවට පත් ව තිබූ කිලිනොච්චි නගරය මේජර් ජෙනරාල් ජගත් ඩයස්ගේ 57වන සේනාංකය 2009 ජනවාරි 02 උදෑසන අත්පත් කර ගනිමින් එම ඓතිහාසික ජයග්‍රහණය සනිටුහන් කළ හ.57 වන සේනාංකය කිලිනොච්චි නගරයට දකුණු සහ නිරිත දිශාවන්ගෙන් නගරයට ඇතුළු වූ අතර බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වාගේ නායකත්වයෙන් ...
13 සංශෝධනයෙන් ඔබ්බට යාමට ශ්‍රී ලංකා රජය එකඟ වුණා - ඉන්දීය විදේශ ඇමැති කියයිකුමන ආලවට්ටම් ඉදිරියට දමා පැමිණියත් මේ බමුණන් පැමිණෙන්නේම අපගේ 'ගෙල මිරිකීමට ' බව දැන් හොඳින් පැහැදිලිය.අනවරතව දැරූ 'පොලිස් හා ඉඩම් බලතල නොදෙම්යි' යන ජනාධිපතිවරයාගේ සෘජු පිළිවෙත බමුණන්ගේ බලයට යට වීද?එසේ නම් මෙය "ගමනක අවසානය" ඉදිරියෙන් බව හැඟෙන පෙරමග සලකුණ වනු ඇත.පෙර අදහස්බමුණන්ගේ ලංකාගමනය හා දිය රෙද්දෙන් බෙල්ල ...
ඇඟ කිලිපොලා යන අඳුරු යුගය පුනරූපණය නොවීමට නම්...........මේ දිනවල විශ්ව විද්‍යාල කිහිපයකම කිසියම් ගැටුම්කාරී ව්‍යාකූල තත්වයක් උද්ගත වී ඇති බව පෙනේ.එයිනුත් පේරාදෙණිය,ජයවර්ධනපුර,රුහුණ හා රජරට ප්‍රධාන තැනක් ගනී.රජරට හැරුණු විට අනෙක් බොහෝ තැන්වල මේ ව්‍යාකූලත්වය තුල ස්වාභාවිකත්වයෙන් ඔබ්බට ගිය කෘතීම ස්වභාවයක් පෙනේ.උදාහරණයක් වශයෙන් ජ'පුර සරසවියේ ඇති වී ඇති තත්වය දැක්විය හැක.ජ'පුර සරසවිය අභියස 'සිසු විරු ස්මාරකයක ' ගඩොලක් ගැලවෙන්නට එල්ල කරන ...
ඉන්දීය විදේශ අමාත්‍ය එස් එම් ක්‍රිෂ්ණා නිල සංචාරයක් සඳහා මෙම මස 16 නදා ලංකාවට පැමිණෙන බව වාර්ථා වේ.දෙරටේ ආරක්ෂාව සම්බන්ධ තොරතුරු පිළිබඳ ඉහළපෙලේ සාකච්චාවකට පැමිණෙන බව එක් පසෙකින් පැවසෙද්දී අනික් පසින් පැවසෙන්නේ ඉන්දියාව විසින් උතුරු ප්‍රදේශයේ ඉදිකරන නිවාස ව්‍යාපෘතියක ප්‍රගති සමාලෝචනයට පැමිනෙන බවයි. මේ ප්‍රකාශිත අරමුණු උදසාම නම් එහි ගැටලුවක් නැත.නමුත් මේ 'බමුණන්ගේ' යටි අරමුණ 13 ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට බලය ...
පොලිස් හා ඉඩම් බලතලවල සීමාවන් පිලිබඳ ද්‍රජාස (TNA) සමග සාකච්චා කිරීමට රජය සූදානම්- රජයේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල-පුවතක්කලක සිට මාන බල බලා සිටි දෙස් විදෙස් ද්‍රෝහී බලවේගවලට අවසාන මොහොතේ කොන්ද නමන හැඩයි.ආණ්ඩුවේ සියලු කුප්ප කම් සියල්ල ඉවසා සිටියත් බහුතර ආණ්ඩු හදන ජනයා ආණ්ඩුව අත හැර යන තීරණාත්මක සංධිස්ථානය මෙයයි.මෙතෙක් සෘජුව ජනාධිපතිවරයා පවා පෙනී "කප තිබෙන තුරු පොලිස් හා ඉඩම් බලතල ...
සිරස කියනව : "රනිල් පන්නමු" .ඒකට කියන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය/ මාධ්‍ය නිදහස /ප්රජාතන්ත්රවාදය.රනිල් කියනව : "සිරස පන්නමු".හැබයි ඒකට කියන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට බාධාකිරීම / මාධ්‍ය මර්ධනය / ප්රජාතන්ත්රවිරෝධී ඒකාධිපති කම.ඇයි ඒ වෙනසක්? ...
සය වසරක යුග මෙහෙවරපන්නා රුහිරු හෙලු කොටි රැල ඉමෙන් එහාපෙන්නූ එඩි බලෙන් ලක් දිව එකලු කලාපන්නා දැයම පිම්මක් ජය ටැඹෙන් මෙහාපෙන්නූ ජවය සෑහේ නව යුගෙන් එහා....සය වසරකදි කල මෙහෙවර ජන ආලෙන්පසසමු ලොබ නැතුව නිසි ලෙස බර දීමෙන්එනමුදු තව යන්න ඇති දුර ජන ලීලෙන්සිහි කොට ගත යුතුයි ඔබ නිසි වගකීමෙන්...-කැලුම් නිරංජන2011-11-18 ...
2011 පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසූ රටේ දේශපාලන කරලියේ ඉහල තැන් කිහිපයක සහ තවත් කිහිප දෙනෙකු දැකිවිය හැකි අදහස් කිහිපයක් චන්දයට පෙර මෙලෙස අනුමාන කරමු.ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා...."තිස් අවුරුදු යුද්ධයේ ජයග්‍රහණය ජනතාව අමතක කරල නෑ.ජනතාව නැවත නැවතත් මේ පෙන්නුම් කරන්නේ ඔවුන්ගේ රට ජාතිය කෙරෙහි තිබෙන ආදරයයි. නොමග යැවීම් තිබුනත් බහුතර දෙශමාමක ජනතාව මා කෙරෙහිත් මගේ රජය කෙරෙහිත් තැබූ ...