පොලවට ඊතා ආසන්නයෙන් ගමන් කරන ත‍වත් විශාල ග්‍රහකයක්! පොලවට ස‍ැතපුම් 17,200 තරම් ආසන්නයෙන් ගමන් කරන 2012 DA14 මෙම ග්‍රහකය ඊතාම වේගයෙන් චණ්ද්‍රකාවලටද පහලින් මේ මස 16 දින ගමන් කරනු ඇත.වසරකට ප්‍රථම සෙ‍ායා ගැනුනු මෙම ග්‍රහකය අඩි 150 පමන පලලින් යුක්තය, මෙහි ගමන් පථය ගැන දැඩි අවදානයෙන් සිටින නිරීක්ෂකයින් මෙය පොලව හා ගැටීමට කිසිදු ඉඩක් නැතිබව පවසන අතර මෙවැනි ග්‍රහකයක් පොලවට මේතරම් ලංවූ ප්‍රථම අවස්ථාව ‍මේය වනු ඇත. ...

හඳට වඩා දීප්තිමත් වල්ගාතරුවක් නොවැම්බරයේදී! ඉසොන් (ISON) ලෙස නම් කර ඇති මෙම වල්ගාතරුව මාර්තු මාසයෙන් පසුව කුඩා දුර දක්නයකින් වුවද දැකගත හැකි වන අතර, සැප්තැම්බර් ඔක්‍තෝම්බර් වන විට පියවි ඇසින්ද දැක ගත හැකිවන අතර, නොවැම්බර් 28 එහි උපරිම දීප්තිය ඇතිකරමින් සූර්යාගේ ලඟම ස්ථානයට පැමිනෙයි.ඒ වනවිට දීප්තිය -16 පමන වනු ඇතැයි අනුමාන කර ඇති අතර එය -13 වන පූර්ණ චන්ද්‍රයාවද පරද වනු ඇති අතර දිවාකාලයේ දිද ...

පසුගිය දා නැවත වරක් වැල්ලවාය ප්‍රදේෂයට රතු වැස්ස පතිත වීම නිසා මේ පිලිබඳව පරික්ෂණයක් සිදුකිරීමට ආධුණික තාරකා විද්‍යා වේදින්ගේ සංගමය තීරණය කර ඇත.අපගේ බලෝග් අඩවිය කියවන කිසිවකුට ඉහත රතු වැස්ස - ජල සාම්පලයක් අප වෙත ලබාදීමට හැකිනම් කරුනාකර ඒබව අපට දන්වන්න.දු.ක. 077 385 63 65 - චානක ද සිල්වා අමතන්න. ...

සෙනසුරු ගේ උප ග්‍රහයකු වන ටයිටන් මත අසාමාන්‍ය නිරීක්ෂණයක් කැසිනි යානය මගින් පසුගිය මසදී ගනු ලැබූ මෙම ජායා රූපයහි ද්‍රව ප්‍රදේශයෙහි අසාමාන්‍ය ලෙස වායු කැටි ගැසී ඇති බව දක්නට ලැබී ඇත.කුමක් නිසා මෙය සිදුවෙනවාද යන්න තවමත් ගැටලුවකි. ...

පොලව මත ඇති ජල ප්‍රමාණය සහ බ්‍රහස්පතිගේ චන්ද්‍රයෙක් වන යුරෝපා මත ඇති ජල ප්‍රමාණ සසදා බැලීමක් යුරෝපා මත ඇති සියලුම ජල ප්‍රමාණය එකතු කල හොත් කි.මි 877 ක බොලයක් වනු ඇති බවට සැලකේ.

Previous Page