මළඉලව් සංවර්ධනේ..... නිවාඩුවට ගෙදර ඇවිත් ඉන්න එකේ මංචි ගියා අද පාංදරිම්ම... (ඒ කිව්වෙ උදේ නවයට විතර හරියෙ... ) ඉතින් ගියා මංචිගෙ පුංචි කාලෙ ඉඳන් එක බත්පත බෙදන් කාපු යාලුවා හම්බවෙන්න... එකෝමත් එක කාලෙක ඉඳලම වියමන කියපු අයනම් දන්නවත් ඇතිනෙ... මංචිගෙ හොඳම යාලුවා වින්දි... හරි ඉතින් මේ ලියන්න යන්නෙ ඒ ගියපු ගමන ගැන නෙවෙයි.. ඒ යන අතර දැක්ක සවුත්තුම සවුත්තු දර්ශනයක් ගැන... ...

පශ්චත්තාපය....2 පෙර දින රාත්‍රිය මුළුල්ලේම මා වෙත හරි හමන් නින්දක් නම් ළඟා වූයේ නොවේ... අතීතය යළි යළිත් නෙත් මානයේ නැගෙමින් මා වෙත දත් විලිස්සමින් සිටියේ මා වෙත නින්දකට ඇති ඉඩ කඩ අහුරුවා දමමිනි... ''ඔයාට අසනීපයක්වත්ද හිරුශි..??'' මා නින්දක් නොමැතිව සයනයේ ඒ මේ අත පෙරළෙනු දැනුණු තුෂාරද නින්දෙන් අවදි වන්නට ඇත.. ''නෑ තුෂාර හිස ටිකක් කකියනවා... මම පැනඩෝල් දෙකක් ගත්තා..ටිකකින් හරි ...

පශ්චාත්තාපය...... ''උදේ ඉඳලම මුකුත් කාලත් නෑනේ ළමයො... ඇවිත් මේ පාන් පෙත්තක් හරි කන්න...'' ''තුශාරයි දෝණියි කාලද අම්මෙ නිදාගත්තෙ...??'' ''ඔව්.. මහන්සියට නිදි කියල හිතපු නිසා පුතා කිව්වා ඔයාට කතාකරන්න එපාය කියල... වෙනදත් ඉස්පිරිතාලෙ හිටන් ඇවිත් නිදාගත්තම ඇහැරවනවට තරහයිනෙ ඔයා...'' ''හ්ම්ම්.... එහෙනම් අම්මත් කාල නිදාගන්න.. මට කන්න පිරියක් නෑ...'' මම හෙමින් ඉස්තෝප්පුව දෙසට ඇවිද ආවෙමි.... සඳ එළියෙන් මිදුල පමණක් නොව ඉස්තෝප්පුවද ආලෝකමත් ...

නිහඬ වීම..... "ඉතින්...කොහොමද ඔයාට...??" දෙසවනට නුහුරුවට ඇසුනද ඒ කටහඬ කවදත් මගේ හදවතට නම් හුරුපුරුදු ස්වරයකි.... එහෙත් දැන් ඒ හඬ මගෙන් කොතරම් නම් ඈත්ව ගොස්ද... මට සුසුමක් හෙළුනේ ඉබේටමය... මේ කතාබහ බොහෝ විට කෙළවර විය හැක්කේ අවසනදී තවත් කාලයකට නොසංසිඳෙන දුකක් මා වෙත ශේෂ කරමින් වග හොඳින්ම දන්නා නමුදු..තවමත් ඔහුගේ කටහඬ ඇසීමෙන්ම මගේ හිත සතුටින් පිරී යන්නේ ඇයි... කතා බහින් තොර මුළු ...

යස්....අයි ඈම් අ ට්‍රී හග(ර්)..... :D මංචිගෙ ගෙදර මංචියි එයාගෙ අම්මියි..තාත්තියි විතරනෙ හිටියෙ.. ඉතින් පුංචි කාලෙ ඉඳලම මංචිට අයියෙක් අක්කෙක් නැති පාලුව හරියට දැණුනා.. යාලුවො එක්ක වුණත් මංචි ගොඩාක් කිට්ටු වුණේ කලාතුරකින්.. සෙල්ලම් කරන්නත් අහල පහල කවුරුවත් පුංචි ළමයි හිටියෙත් නෑ.. ඉතින් ඉස්සර ඉඳලම මංචි හරි පුදුම විදිහට පරිසරය..ගහ කොල එක්ක එකතු වෙන්න හුරු වුණා..මිදුල පුරාම තිබුණු හැම ගහක් කොලක්ම මංචිගෙ හොද යාලුවො වුණේ ඉබේටමයි.. ...

මකුළුවෙක් වෙන්න....?? මේ පෝස්ට් එක ලියන්න හිතුණෙ...ඇවිද්ද පය බ්ලොග් එකේ තිබ්බ පෝස්ට් එකක් දැකලයි..ඒ පෝස්ට් එකේ අපි වගේ අන්වර්ථ නම් වලින් ලියන අයට අවස්ථාවක් දීල තිබ්බා අපි අපේ බ්ලොග් පිටු වලට..ආරූඪ නම් වලට මේ නම් තෝර ගත්තෙ ඇයි කියන හේතුව ගැන කියන්න...ඇත්තෙම ඒක හරිම විනෝදජනක අපූරු පෝස්ට් එකක්.... ඉතින් මටත් හිතුණා මම මකුළු පැංචියෙක් වුණේ කොහොමද කියල ඔයාලට මගේම පෝස්ට් එකකින් ...

ඔලුව හැරුණු අත... හැමදේම පටන් ගත්තෙ එකෝමත් එක දවසක හවස් වරුවෙ.. එළියට බැහැලා කොහේ හරිම යන්නම කියලා මගේ ඔළුව අතොරක් නැතුව කංකෙඳිරිගාන්න ගත්තා..වෙන කෙනෙක්ගෙ බල කිරීමක් වගේ නෙවෙයි තමන්ගෙම කොටසක්..දෙයක් කරන්න කියලා බලකරන්න ගත්තහම...ඒකෙන් ගැලවෙන්න හරිම අමාරුයි ගොඩාක් හිත හයිය කෙනෙක් නෙවෙයිනම්... මේ කියන දවස් වල මගෙ හිතත් ගොඩක් හයියට තිබුණෙ නැතුව ඇති...කොහොමටත් මම වැඩිය හිත හයිය කෙනෙක් නෙවෙයිද කොහෙදෝ...ඉතින් දෙපාරක් නොහිතා ...

බෝනික්කෝ...... චූටි දුව එය මුල්ම වතාවට දුටුවේ මීට සතියකට පමණ පෙරය.මා අල්මාරියේ වූ සියලුම ඇඳුම් බඩු මුට්ටු එළියට ඇද, ඒවා පිළිවෙළට නවමින් ඒවා එකිනෙක වෙන් කරමින්ද අඩුක් කරමින්ද උන්නෙමි... බොහෝ කලකට පසු ලැබුණු දින තුනක නිවාඩුවෙන් ප්‍රයෝජනයක් ගැනීම පිණිස මම නිවසේ කොනක පටන් අස්පස් කිරීමට පටන් ගත්තේ එදිනය.. මාධව ද සාලයේ කුමක්දෝ වැඩක නිරත වෙමින් සිටියේය.. මා ඇඳ මත ඇඳුම් ...

නුඹෙ වරදද...මගෙ වරදද... ඉස්සර වගේම අදත්...ගං දෑල අද්දරට ලස්සනට සුදෝ සුදුවට හඳ පායලා... මතකද ඉස්සර....අපි දෙන්නගෙ ආදරේ දිහා මේ හඳත් ආදරෙන් බලාගෙන උන්නු හැටි...අපි ලං ලංව නොහිටිය වෙලාවට වුණත් එකම හඳ දිහා බලාගෙන අපි ඒ තරම් ඈත නෑ කියලා හිත සනසගත්ත හැටි..... කිසිම සද්දයක් නැතුව එදා මේ හඳ අපේ ආදරේ රස වින්ඳා වගේම...තවත් එක දුක්බර දවසකදි ඔයා මගෙන් වෙන් වෙලා යද්දිත් මේ ...

යදම්..... අලුතින් කාර්‍යාලයට පැමිණි 'ඇය' දෙස මම විමසිල්ලෙන් බලා උන්නෙමි... ඇගේ මේසය තිබුණෙ මගේ ඇස්මානයේ නිසාත්..කිව නොහැකි කුමක්දෝ නොපැහැදිලි හේතුවක් නිසාත් නිරන්තරයෙන්ම ඒ දෙසට නෙත් යොමු වීම වලක්වාගන්නට මට අපහසු බවක් දැනිනි... ආ දින සිටම කා සමගත් සුහදව සිනාසෙමින් කතාබහ කරමින් කුළුපග වන්නට ඈ සමත් වූ හෙයින් බොහෝ අලුත් සේවිකාවන්ට මෙන් වදය ගසා ඇය වෙහෙසවන්නට අප නොපෙළඹුනෙමු...එසේ වුවද අප ඈ ...

සුළැඟිල්ලට කිරි එරුණු ලොකු අප්පච්චි.... ලොකු තාත්තයි ලොක්කම්මයි සමගින්..... කතාවක් අහල තියෙනවද... සහෝදරයො...විශේෂයෙන් බාල සහෝදරයො..ඒ කියන්නෙ මාමලා තමන්ගෙ සහෝදරියන්ගෙ දරුවන්ට හරිම ආදරෙයි කියලා.. කටවහරට කියන්නෙ.. අම්මා නැති දාට මාමට සුළැඟිල්ලට කිරි එරෙනව කියලයි.. මකුළු පැංචිට නං අම්මගෙ පැත්තෙන් මාම වෙන්න කෙනෙක් හිටියෙ නෑ..මොකද පැංචිගෙ අම්මා ගෑණු ළමයිම හතර දෙනෙක් හිටිය පවුලක බාලය..ඉතින් මාමලා කොයින්දෑ..හැබැයි ඉතින් ආදරෙන් හුරතල් කරන්ඩ මාමෙක් නැති අඩුව පැංචිට කවදාවත් නොදැනුනේ..ඊටත් ...

යළි...... හ්ම්ම්....හරියටම මාස හතකුත්..තවත් දවස් තුනකුත් ගෙවිල ගිහින්..පැංචිගෙ දුකට සැපට තනියට හිටපු වියමනත් පැංචිගෙ හිත වගේම පාලුවට ගිහින්..ගෙවුණු දින සති මාස ගාණෙම එන්න බැරි වුණේ ඇයි කියල පැහැදිලි කරන වැල් වටාරම් ගොඩකින් පටන්ගන්න ගියොත් තව සති ගානකට මේ පිටුවෙ තියෙන මකුළු දැල් ටික පිහාගන්න බැරි වෙන හන්දා...ඒ ආලවට්ටම් මුකුත් නැතුවම ආපහු ටික ටික ලියන්නයි පැංචිගෙ කල්පනාව.. දැන්නම් ගොඩක් යාලුවන්ට වියමන ...

සිහින...සැතකින් සිඳින්නට පෙර.....!!! මංචිලාට සති කිහිපයකට කලින් ඉගෙන ගන්න යෙදිල තිබුණු විෂයය තමයි ''මාතෘ සායන විද්‍යාව''..එහෙමත් නැත්නම් OBSTETRICS (කෙටියෙන් නම්..Obs)....කියන්නෙ...cycle එක (අධ්‍යයන කාලය) තිබුණු සති දෙකම කම්මැලි කමක් නැතුව ඉගෙන ගන්න ආස හිතෙන පාඩමක් තමයි Obs. කියන්නෙ...ඒ කාලෙදි වෛද්‍ය විද්‍යාත්මක දැනුම ඇරුණහම ඇත්තෙන්ම අමුතුම අත්දැකීම් ගොඩකුත්....ඉතාම සංවේදී සිදුවීම් කීපයක මතකයනුත් ජීවිතේට එකතු වුණා කිව්වොත් තමා වඩාත්ම නිවැරදි.. ඒ ගෙවුණු දවස් 12දි ලැබුණු ...

උපන්දින සිහිනය.......... ආදර ජරමර..විරහ සීන් යනාදී සෙන්ටිමෙන්ටල් ලිපි ගොඩකට පස්සෙ...කාලයක් තිස්සෙ මග ඇරිච්ච ලිපියක් ලියන්න ඕනෙ කියල හිතුන ඔන්න....වෙනසකටත් එක්ක.... පහුගිය දෙසැම්බර් අන්තිම...මංචි ලංකාවට ආපු බව ඔයාලගෙන් ගොඩ දෙනෙක් දන්නවනනේ..(නොදන්න අයත් එහෙනම් දැන් දැන ගත්තනේ..හිකිස්..) හදිස්සියේම ගත්ත තීරණයක් නිසා එහෙම එකපාරටම එන්න තීරණය කළා වුණත්..ඒකෙන් සමහර වැඩ නිකරුනේ අතපසු කරගන්න සිද්දවුණා වුණත්...මංචිට කාලයක් තිස්සේ මග ඇරුණු විශේෂ දවස් කීපයක්ම ගෙදර අයත් ...

ඉතින් අප සමුගතිමු.............සමුගැන්ම... ඩෙවෝන් එකේ ඇතුල් පඩිපෙළ බැස්සෙ කොහොමද කියල සිහියක් නැතත්...එළියෙ පඩි දෙක තුන බැහැගන්න නම් කල්පයක් ගෙවුනා වගෙයි මට දැනුනෙ...හදවතේ එක කොනක් මාව ඉක්මන් කරවද්දි...නුහුරුවට දැනුනු තව කොනක්..මාව ආපස්සට අදිනව වගේ දැනුනෙ ඇයි කියන්න මමවත් දැනගෙන හිටියෙ නෑ...රැයක් දවාලක් නැතුව කොළඹ තියෙන රස්නෙ මැද වුණත් මම හිටියෙ සීතල වෙලා..කහ ඉරක් නැති තැනකින් පාර පැනගන්න උත්සහ ගනිද්දි..ඇස් කොනින් මම දැක්කෙ වාහන ...

ඉතින් අප සමුගතිමු............. නුගේගොඩ හන්දියට ඉහලින් අහස යාන්තමට මළානික වෙන්න පටන් අරන් තිබුණා....ඩෙවෝන් එකේ උඩු මහලෙ වීදුරු බිත්තියට ඔලුව හේත්තු කරගෙන ඔහේ බලාගෙන උන්නු මගේ ඇස් පුරුද්දට වගේ යොමු වුණේ යාන්තමට වගේ පෙනුණු බෝ ගහ දිහාවටයි.. ඉස්සර රොටරියෙ 7-7 පන්ති තියෙන කාලෙ යාලුවො සෙට් එකත් එක්ක ඉන්ටර්වල් එකට ඩෙවෝන් ආවමත් මම ඉඳගන්නෙ මෙතනමයි..ඒත් ඒ කොච්චර කාලෙකට කලින්ද..? ඒ දවස් වලනම් හන්දියෙ තියෙන ...

සැමරුම....... මහද කෙම්බිම මැදම නිම්නෙකගැලූ ජීවන ගඟුල අභියසකෙදින කවදා පාව විත් නුඹරැඳුනිදැයි නොම දනිමි තව මම...එමතු හද පටකයන් අතරිනහෙමි හෙමින් මුල් රිකිළි ඇද ඇදදින දිනම තිර ලෙසින් හද බිමවැඩුණු හැටි නුඹ හොඳින් මතකය...පිරුණු පිවිතුරු හැඟුම් ''ප්‍රේමය''නමින් අබිසෙස් දෙමින් දිවි ගඟයළිඳු නොහැරෙන ලෙසින් නුඹ වෙතබැඳුනෙ කෙදිනද නිනව් නැත මට...නමුදු නුඹ හදවතින් පිබිදුනසොඳුරු ආදර කුසුම සෙනෙහෙනමගේ දෝතට නෙළා දුන් ඒදිනය අමතක නොවේ.... ඒ ...

ඉගිලී එන්නෙමි.......මම නුඹෙ තුරුළට... උතුරන තනිකම..හිම මත තනිකොටපියඹමි පියඹමි උණුසුම් පියසට....කොතරම් කඳුලැලිනැඟුනත් නෙතඟටසැනෙකින් පිසලන අදරැති සෙවණට...හද ගැස්මක් සේ දුටු ආදරයටහදවත දොරගුලු හැර දුන් වරදට...විඳවන සිතුවිලිවැරයෙන් ගුලිකොටඉගිලී එන්නෙමි මම නුඹෙ තුරුළට...මගෙ මව්බිම මතපියවර නඟනටමගෙ හිත හඳුනන මිතුදම් පියසට....නිතරම දඟ වැඩකළ මුත් හරියටසමාව දෙනවද අම්මේ දෝණිට....෴මංචි෴ ...

නොකෙරෙන දීගෙට ඇද වෙන හෙවනැළි....... සයිබරය පුරාම සිකුර උච්ච වෙලාද මංදා...කසාද බඳින එක..පොරොන්දම් බලන එක..ආදරේ කරන්න සහකාරයො සහකාරියො හොයාගන්න විදිහ ගැන මදි නොකියන්න කියවන්න ලැබෙනවා මේ දවස් වල.. සමහරු කියනවා ආදරේ කරල බඳින එක තමා හොඳ කියලා...තවත් සමහරු කියනවා...ගෙදරින් කතාබහ කරලා ඕව කරගන්න එක කරදර අඩුයි කියලා...සමහරු නම් කියන්නෙ නොබැඳ ඉන්න එක තරම් සැපක් තවත් නෑ කියලයි... කවද කවුරු කොහොම කිව්ව වුණත්.....මේ අපි ඇසිපිය ...

සුදු පාට ලෝකයක....නවතිමුද මොහොතකට..... මේ දවස් වල වසීලිස්සගෙ රටට ශීත සෘතුව හෙවත් සාමාන්‍ය භාවිත භාශාවෙන් කිව්වොත් වින්ටර් එක ලබලනෙ..සාමාන්‍යයෙන් වින්ටර් එක මැදක් වෙද්දි නම් උශ්ණත්වය - 30ක් -35ක් හෝට ඊට වඩා වුණත් අඩු වෙනව වුණත් තවම පටන් ගත්ත කාලෙ නිසා වැඩියම සීතල නෑ.. පොඩි කාලෙ ඉඳලම හුරු වෙලා නිසා මේ රටවල් වල මිනිස්සුන්ට නම් ඒක ඒ තරම් ලොකු වෙනසක් නොවුණත් උපන් දා ඉඳලම ...

Previous Page