ආශ්චර්ය දීපයේ චිත්‍රපට  - 13 ත් එක්ක බෑ , හොඳ අන්කලුයි නරක ඇන්ටියි ,ප්ලෙන්  එනකම්........... හොලිවුඩයේ මේ දවස් වල කථා වෙන්නේ යකඩ මිනිහා 3 , පෙට්ටි කාර්යාල වාර්ථා කුඩු පට්ටම් කිරීම් ගැනය.යකඩ මිනිහාත් ඇතුලු මාවල් විරයෝ සෙට් එකම ඉන්න ඇවෙන්ජර්ස් වලට විතරක් දෙවෙනි ආරම්භයක් යකඩ මිනිහා තුන අරගෙනය . ඒ කියන්නේ හොඳම ආර්ම්භක සති අන්තයන් දෙකටම යකඩ මිනිහා සම්බන්ධ වෙලා කියන එකය. පලවෙනි දර්ශනේට නිලියක් ඇන්ද රෙද්ද නිසා අපේ අයටත් යකඩ 3 මිනිහා ගමේ එකෙක් ...

සුභ නව අලුත් අවුරුද්දක්  - (මේ විදිහට වැඩ කටයුතු සිද්ධ වෙන ) සිංහල හා දෙමල අලුත් අවුරුද්ද උදාවීමට ඇත්තේ තවත් හෝරා කිහිපයකි .සුභ අසුබ නැකත් පිලිබඳව හෝ එසේ නැකතට කටයුතු කිරීමෙන් අත්වෙන විශේෂ වාසියක් පිලිබඳ මාතුල කිසිදු විශ්වාසයක් නැතත් ජාතියක් වශයෙන් අනෙන්‍යවූ සංස්කෘතිකාංගයක් වූ අවුරුදු උත්සවයටත් ඒ හා සබැඳි චාරිත්‍ර වාරිත්‍ර සහ සම්ප්‍රදායන් අනුගමනය කිරීමේ වැදගත් කමක් මා දකිමි . පවුලේ සියලු දෙනා හැකි පමණින් එකතුව අවුර්ද්ද සමරන්නටත් , පරණ තරහ මරහ ...

IPL6 , විරෝධතා , ක්‍රිඩාව සහ දේශපාලනය , චන්දිමාල් & අර්ජුන අයි පි එල් තරඟ මාලාවේ 6 වෙනි අදියර උත්සවශ්‍රියෙන් අද දින ආරම්භ වීමට නියමිතය. දැඩි ආන්දෝලනයකින් පසු නුවන් කුලසේකරත් , අකිල ධනංජයත් හැර අන් සියලුම ක්‍රිඩකයින් මෙම තරඟාවලිය සඳහා සහභාගී වන බැව් මේ වන දැන ගන්නට ඇත . ඇතැම් මාධ්‍ය දිනේශ් චන්දිමාලුත් මෙම ගොඩට දමා අයි පි එල් යන්නේ ක්‍රිඩකයින් 10 ක් පමණක් යැයි පවසමින් සිය සමාන්‍ය දැනීමේ සහ අංක ...

මාතෘකාව දකිනා කෙනෙකු දිණමිනේ මඤඤං නොවන යමක් පලවූයේ කවදා දැයි විමසා සිටියත් මා පුදුමයට පත්වන්නේ නැත . නමුත් රජයට සුදු හුණු ගැමෙන් නොනැවතී ලෝක දේශපාලනයත් ඇඳා ගත් කරුණු කාරණා සම්බන්ධයෙන් "මඤ්ඤං" කථා රාශියක් ඇතුලත් ලිපියක් අද දින කතු වැකිය වශයෙන් පලවී ඇත . මේ ඒ පිලිබඳ විග්‍රහයකි (කරුණු උපුටා ගන්නේ කතුවරයා සටහන් කර ඇති අනුපිලිවෙලට නොවේ )//තායිලන්තය, පිලිපීනය, බ්‍රසීලය, චිලී, ...

ජිනිවා කෙලිය සිතු පරිදිම අවසන්ය ,රජයේ අදූරදර්ශී විදේශ ප්‍රතිපත්තිය නිසා සිදුවන බාගෙන නාගැනීම් පිලිබඳව කථා කිරීමත් කාලය කා දැමීමක් පමණි. එනිසා මේ අද දින ඇමරිකානු කානු තානාපති කාර්යාලය ඉදිරිපිටදී "යටත් නොවෙමුය" කියා බෙරිහන් තැලූ දේශ හිතෛශීයින් ඇතුලු සමස්ථ දේශප්‍රේමීන් ගේ ඉදිරි ක්‍රියාමාර්ග පිලිබඳ අදහස් දැනගැනීමට ඡන්දයකි . ඡන්දය ඉහලින් ඇත , ප්‍රශ්නය සහ පිලිතුරු පහලින් ඇත ජිනිවා හිදී ශ්‍රි ලංකාවට ...

තමිල්නාඩුවට එරෙහිව බ්‍රහ්ම දණ්ඩය .. බුවාගෙන "අර්ධ දේශප්‍රේමී" යෝජනාවක් ! වසර දෙකක් තිස්සේ ලියා මෙහි ලියූ දේවලින් මෙන්ම අනෙකුත් බ්ලොග් අඩවි තුල පල කල අදහස් තුලින් බුවා අයත් වන්නේ "දේශද්‍රෝහින්" කුලකයට කීවොත් නිවැරදිය .ඒ දේශප්‍රේමීන් , සහ දේශද්‍රොහින් නිර්ණය කරන නූතන ශ්‍රි ලාංකීය නිර්ණායකයන්ට අනුවයි . මේ වන විට දකින්නට නැතත් කලකට පෙර බ්ලොග් අවකාශයේ නිරන්තරයෙන් දක්නට ලැබුනු "දේශප්‍රේමීන්" විසින් මේ ලේබලය ඇලවූ අවස්ථාද නැත්තේ නොවේ . මේ සුදානම් වන්නේ ...

කීර්ති වර්ණකුල සුරිය යන අසා නැති කෙනෙක් ශ්‍රි ලංකාවේ පුවත් පත් පාඨකයින් අතරින් සොයා ගැනිමට හැකිවේ යැයි මා සිතන්නේ නැත . දිවයින ඉරිදා සංග්‍රහයේ ආරක්ෂක තොරතුරු වාර්ථාකරු වූ ඔහු මෙවර ජිනිවා හි සිට සිය සුපුරුදු ආරක්ෂක විග්‍රහය දිවයින පුවත් පතට යොමු කර ඇත . ඒ තුල වැඩි ඉඩ කඩක් වෙන් වන්නේ ශ්‍රි ලංකාව පිලිබඳ විශ්ව කාලාන්තර සමාලෝචනය වෙනුවෙන් ඉදිරිපත් වූ ...

ජිනිවා............ නිහැඬියාව,ඩීල් සහ තවත් කථා ජිනිවා සමුලුවට ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවට සිදුවන්නේ කුමක්දැයි දැන ගැනීමට ඉතිරිව ඇත්තේ දින කිහිපයක් පමණි. පසුගිය වසරේ ජිනිවා සමුලුව වෙත මෙවැනිම යෝජනාවක් ඉදිරිපත් වූ අවස්ථාවේ ශ්‍රි ලංකාවේ වාතාවරණය සහ වර්ථමාන වාතාවරණය ඉතා පැහැදිලි වෙනසක් නීරීක්ෂණය කල හැක ."සුද්දන් අපිට කෙලවන්නට එනෝ..." යන ජනප්‍රිය ශ්‍රි ලාංකීය තේමාවේ දිගුවක් වශයෙන් පශ්චාත් යුධ සමයේ ජාත්‍යන්තර බලපැම් විස්තර කරන්නට යෙදුනු ...

ජනප්‍රිය සිනමා නලු රන්ජන් රාමනායක මහතා ගේ රංගනයන් පිලිබඳ මාගේ එතරම් පැහැදීමක් නැතත් දේශපාලකයෙකු වශයෙන් අගය කල හැකි සහ විශ්වාස කල හැකි පුද්ගලයෙකු බැව් ඔහු පසුගිය සමයේ දක්වා ඇති අදහස් උදහස් සහ ක්‍රියා මාර්ගයන්ගෙන් පැහැදිලිවේ . දේශප්‍රේමී ලේබල් ගසා ගත් බොහෝ දේශපාලකයින් කථා කිරීමට මැලි වන දේ ඉතා සෘජුව , බාධා කිරීම් මධ්‍යයේ පාර්ලිමේන්තුව තුල හඬගා කීමෙන් තමා මුදලට යට ...

මුදලට ක්‍රිකට්, මාලිංග, අයිපීල් සහ කුහක මාධ්‍යවෙදියෝ ! රුසියාවට වඩා ලොකුයි ඉරිසියාව යනුවෙන් "රුවන්" වැකියක් බස් රථ සහ ත්‍රිරෝද රථ වල පිටුපස සඳහන් කර තිබෙනු ඔබ විසින් දැක ඇතුවාට සැකයක් නැත . ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය සහ ක්‍රිකට් ක්‍රිඩකයින් අතර හටගත් මත ගැටුමත් ,ඒ අවස්ථාවෙදී ලසිත් මාලිංග මාධ්‍ය වේදීන් පිරිසකට ලබා දුන් පිලිතුරත් සමඟින් ප්‍රධාන ධාරාවේ මාධ්‍යන් හි මෙන්ම අන්තර්ජාලය තුල නොයෙකුත් කතිකාවන් තුලද මතුවූ අදහස් දුටු විට ...

ආශ්චර්ය ද්වීපයට අලුතෙන් ඇමති තුමන්ලා පිරිසක් පත්ව තිබේ . රට ආශ්චර්යමත් කිරීමට දායක වන අමාත්‍යවරුන් තව තවත් පත්කල යුතු යැයි අපි සිතමු . විද්‍යා තාක්ෂණ සහ තාක්ෂණ පර්යේෂන කියා ඇමති කම් දෙකක් තිබීම ගැන අවලාද නගන විජාතික බලවේග වල බලල් අතක් වූ ඊ නිවුසිය වැනි දේශද්‍රෝහි පාහරයන්ගේ නම් පටලැවිලි චෝදනාවලට ලක්නොවී අනාගතයේදී පත්කල හැකි අමාත්‍ය වරුන් ලයිස්තුවක් මෙසේ පලකර සිටින්නේමු ...

අත්වැරදීමකින් මෙහි පලවූවකි . සිදුවූ අපහසුතාවය පිලිබඳ සමාවන්න . සම්පූර්න ලිපිය සඳහාhttp://anveranswers.blogspot.com/2013/01/blog-post_26.html

13 එපා එපා - විමල් , 13  ඕනි ඕනි -ජී .එල්  සමඟින් ආගමික සහජීවනය මීට මාස කිහිපයකට පෙර විමල් වීරවංශ , දේශ හිතෛශීන් , හෙල උරුමය ඇතුලු රජයේ නිල "දේශප්‍රේමීන්ට" තිබු එකම ගැටලුව වූයේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය පමණි . අගවිනිසුරු වරිය එලවීමේ අධිකරණ වසන්තයේ කොටස් කරුවන් වීමට ගිය නිසාදෝ පසුව ඔවුනට එය සහමුලින්ම අමතක බවක් දක්නට ලැබුණි . දැන් නැවතත් රජය විසින් 13 එලියට ඇදගෙන තිබේ ඒ ජී.එල් පිරිස් අමාත්‍ය වරයායි . ඉන්දියාවේ ...

ඇමරිකාවේ බෑ කියනවා නම් අපේ හමුදාවන්ට පුහුණු පාඨමාලා චිනෙන් දෙන්නට පුලුවන්ය කියා ඊයේ නිවුස් වල කියනවා ඇසුනි . සැබැවින්ම හමුදා පුහුණුව පමණක් නොව ඊනියා බටහිර අධිරාජ්‍ය වාදීන්ට නොදී චීනයට දිය හැකි ගොඩක් දේවල් අපිට තිබේ .01) ඇඟලුම් - දේශද්‍රෝහි එජාප පාලන කාලය තුලදී කල තවත් එක් අවලම් වැඩක් වන්නේ අපේ කෙල්ලන් ලවා සුද්දන්ට ජංගි මැස්සවීම බව නොදන්නා කෙනෙක් නැත . ...

මිනිසත් කම නොහඳුනනා පාපතර ම්ලේච්ඡයන් විසින් රිසානා නසීක් මෙනෙවිය ඝාතනය කල පුවත බොහෝ තැන්හී සාක්ච්ඡාවට ලක්වී ඇත . ජනප්‍රිය බ්ලොග් කරු මාතලන්ගේ බ්ලොග් සටහනක තැබු කමෙන්ටුව මකා දමන්නට ඔහු විසින් කටයුතු කල නිසා ඉතාම කෙටියෙන් හෝ මේ ගැන යමක් කිව යුතුව ඇත .01) අඩු වයස් තරුණියක් හොර වීසා සාදා රට පැටවූ ඒජෙන්සිකරුවන් , මෙන්ම එවැනි ඒජෙන්සි කරුවන්ට නිදහසේ කටයුතු කරන්නට ...

Mr .ලොකු තැන - ------------------------------------------{නිහැඬියාවක් පමණි }Mr . පැරකුම් - අපිට රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න වෙලා තියනවා . ලැටිමර් හවුස් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරලා , රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න කියලා අපි ******** ගේ රජයට කියනවා . ලබන සිංහල අවුරුද්ද වෙනකන් විතරයි අපි කල් දෙන්නේ . ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත නොවුනොත් අපි මැයි මාසෙදි පාරට බැහැල 2014 දී ආණ්ඩුව ගෙදර යවනවාMr. කලවැද්දා - ...

කලින් ලිපිය පටන් ගනිත්දි සටහන් කලේ දිගින් දිගටම ලියන්න අකමැති බවක් වුනත් නැවතත් ඒ ගැනම ලියන්න සිදුවෙලා තියනවා . නමුත් මේ බුවාගේ සීතුවිලි බ්ලොග් අඩවිය අන්වර් මනතුංග ගැන හෝ ඉස්ලාම් අන්තවාදය ගැන දරන අවසන් ලිපිය බවට නම් සැකයක් නෑ . මොකද මේ ලිපියේ පරමාර්ථය වෙන්නේ ඒ සඳහා යෙදුනු අලුත් වැඩපිලිවෙල පාඨකයාට හඳුන්වාදීම නිසා . අන්වර් මනතුංග "සිංහල බෞද්ධ ආචාර්ය " ...

සිංහල කාන්තාවන් මුස්ලිම් කරණය කිරීමට නිර්දේශ දෙන අන්වර් මනතුංග බ්ලොග් අඩවියේ "සිංහල බෞද්ධ විද්වතා " .... ආගමික ප්‍රශ්නයන් දිගින් දිගටම ඇදගෙන බ්ලොග් කරණය ඇතුලේ "හෝලි වෝ" එකක් පටන් ගන්න අදහසක් නැතත් , පසුගිය දින කිහිපය පුරාවට අන්වර් මනතුංග උන්නැහෙගේ බ්ලොග් අඩවිය තුලදී නොයෙකුත් ආකාරයේ වාදයන්ට එලඹුන "කාන්තාවන්ගේ වස්ත්‍රය පිලිබඳ " ඉස්ලාමීය මතය පිලිබඳ සාකච්ඡාව ට තවත් එකතු කිරීමක් කරන්න සිද්ධ වෙලා තියනවා . ඒ අන්වර් මනතුංග මහත්තයා තමන්ගේ ඉස්ලාමිය මතය තහවුරු කරන්න "සිංහල බෞද්ධ විද්වතෙකු" ගේ ...

මහසෙන් සහ බණ්ඩාර කියන්නේ ශ්‍රි පුර මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙල හදාරන සමීප මිතුරන් දෙදෙනෙක්. සැහෙන කාලයක් පටන් තිබුනු මේ දෙදෙනාගේ මිත්‍රත්වය ශ්‍රි පුර විද්‍යාලයේ ගුරු සිසු කාටවත් රහසක් වුනේ නෑ . විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා වශයෙන් තේරී පත්වුනු මහසෙන් නියෝජ්‍ය ප්‍රධාන ශිෂ්‍ය නායක කමක් බණ්ඩාරට අරන් දෙන්න සැහෙන මහන්සි වුනු බවත් හැමෝම දන්නවා . බණ්ඩාරගෙනුත් ඒ වෙනුවෙන් මහසෙන් ට ...

ඉස්ලාම් අන්තවාදය පිලිබඳ අන්තර්ජාල කතිකාව බොහොම තදබල විදිහට සිදුවෙන බවක් මේ වෙනකොට දකින්න තියනවා . අන්තර්ජාලයෙන් බැහැර සමාජය තුලටත් මේ මතවාදයන් කාන්දු වෙන්න පටන් අරන් බොදු බලසේනා වගේ සංවිධාන වල බිහිවීමත් එක්ක . මේ සම්බන්ධව අන්තර්ජාලය තුල මතුවු නොයෙක් කතිකාවන් වලදි අදහස් දක්වලා තිබුනත් ඒවා අදාල ලිපියේ සමස්ථ අදහසත් එක්ක බැඳෙන නිසා බ්ලොග් කරුවෙකු වශයෙන් මගේ ස්ථාවරය පැහැදිලි කලයුතුයි කියල ...

Previous Page