තනි තටුවෙන්  .... 2010 ජුනි 15 ..ඇය බස් නැවතුම්පලෙහි නොයිවසිල්ලෙන්..එක පිට එක වැටෙන මහ වැස්සට තෙත බරිත උනු සුදු සාරිය ඇඟ වට එතී මවන රටා ඔහුගේ හොර ඇහැට පෙනෙයි..කෙතෙකුත් ඇහැ ඉවතට ගන්නට තැතනුවද යලි යලිත් මුරන්ඩු ඇස් බැල්ම නවතින්නේ පිරුනු ළැම සහ ඒ වටා ඇඳි නේක සුකොමල නිම්න කඳු බෑවුම් අතරම වේ."මොන මගුලක්ද .. " ඔහු සිතයි .."මෙච්චර ගෑණු දැකල තියෙන මට ...

නූතන කිසාගෝතමි කව .... මැරුණු ..කුලුඳුල් පෙම ..ලේ ගලන ..ළමැදෙහි හොවාගෙන ..දුවමි මම ..ඇඳි වත ගැන ..නිනව්වක් නැතුව ..බෙහෙත ..අබ මිටක් නම් ..කිසිවෙකු නොමල ගේකින් ..සත්තකයි ..කිසා ගෝතමිය මෙන් ..නැවත නොහැරෙන බව අතරමග ..හොයාගෙන මිස ..මළ පෙමට ..දිවි දෙන ඔසුව ..ඒත් ..අනේ .. කෝ බුදු කෙනෙක් ..මට ..බෙහෙතක් කියන්න ... ...

ලයිසන් ආදරය ... දැන් හැදෙන එවුන් නම් ගන්න දෙයක් නෑ..ඇටෙන් පොත්තෙන් එළියට එන්න කළින් ලව් මේනියාව..අනේ අනිච්චේ..අපේ කාලේ තිබුනේ නෑ මෙහෙම විගඩං..xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxඒක නෙමේ ..දන්නවද වැඩක් ..එහා ගෙදර කෙල්ල කොල්ලෙක් එක්ක යාලුයි කියන්නේ ..අනේ මන්දා ..චාරයක් විලි සංගයක් නැති සක්කරවට්ටං..මහ ලොකුවට යුනිවර්සිටි යනවා කියලා ගිහින් ඕවා තමයි කරන්නේ ..අපි නොදන්න යුනිවර්සිටිකාරියෝ ..xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxඅපි මේ ඔයාගෙම හොඳටයි අනේ කියන්නේ ..ඒ කොල්ලා අමතක කර

නොමියෙන ආදරය... ♥ එලඹෙන හැම රැයක ..ඔබ දකිමි, ඔබ විඳිමි ..මගේ ජීවිතේ ඔබේ පැවැත්ම ..මම දැනගන්නේ එලෙසිනි ...දුරු කතර ගෙවාගෙන ..අප අතර ඇති වෙනස දරාගෙන ..ඔබ ඇවිදින් මා ලගට ..ඔබේ පැවැත්ම තහවුරු කරන්නට ..දුරක හෝ ලගක ..ඔබ සිටින කොහේ හෝ තැනක ..මම දනිමි ..හදවත ..තවමත් ගැහෙන බව ..ඔබ මවෙත විවර කල දොරටුව ..තව වරක් විවර කල මැන ..දකිනු මැන ඔබ සිටින අපූරුව ..තවමත් ...

වසන්තයේ ආගමනය ... සිංහල හින්දු අලුත් අවුරුද්ද ...ජනවාරි පළවෙනිදා ලබපු කැලැන්ඩර් අවුරුද්දෙන් පස්සේ සූර්ය සන්ක්‍රාන්තියත් එක්ක එන අපේම අවුරුද්ද ..දැන් ඉතිං රබන් සද්දේ ඇහේවි, කොහා කෑ ගහවි, මදි නොකියන්න ඔබේ තීරය පේන්න, බුරියට අඟල් බර ගානක් පහලින් රෙදි ඇඳගත්තු ගෑල්ලමයි ඔළිඳ කවි කියාවි ... හැබැයි හැම දේම රූප පෙට්ටිය ඇතුලේ ..නැකතට ඇණේ කරකවලා ගෑස් ලිප පත්තු කරන, දෙමාපියන්ට කේක් පෙට්ටියක් දීලා ඉන්දියන් ක්‍රමේට ...

පිණි .. හචිං ..මට නිව්මෝනියාව වගේ ..හුස්ම ගන්නත් අමාරුයි ..මැරෙයි මෙහෙම ගියොත් ..මොකෝ උනේ ??වැස්සට තෙමුනද ??පිස්සුද ..වැස්සක් ලඟ ආවත් මම කුඩේ ඇදල අරං ඉවරයි ..චුට්ටක් තෙමුනත් සමහන් බොනවනේ ..දන්නවනේ මාව ..මම සෑහෙන්න පරිස්සම් ..හ්ම්ම් ..එතකොට ඇයි මේ නිවුමෝනියාව ..හුස්ම බටේ අයින් කලොත් මැරෙන තරමට අමාරු උනේ මොකද ..ආ..ඒ මේ පින්නට තෙමිලා ..මොකක් ..පින්න .. පින්නට තෙමිලා ..කෝ එතකොට අර කිව්ව පරිස්සම ...

ජීවිතේ .. උඹට මගෙන් මොනවද ඕන ? ජී වි ත ය ... මට තවමත් උඹව තේරුම් ගන්න බෑ .. උඹව ජීවත් කරවලා මට මහන්සියි .. උඹ වෙනුවෙන් හුස්ම අරං, උඹ වෙනුවෙන් එලඹෙන හැම දවසකම මේ රේස් එක දුවලා මට මහන්සියි ... උඹට මොනවද ඕන මගෙන් ...මට ඒක තේරෙන්නෙම නෑ ...පොඩි කාලේ හිතුවා උඹට ඕන ශිෂ්‍යත්වේ පාස් වෙන්නයි කියලා .. ඉතිං මම ඒක කලා. ලොකු ඉස්කෝලෙකට ගියා. හිතුවා ...

මම.. ජනපද කළණ.. !! මම..ජනපද කළණ..රජ සිටු පවස..එක මදහසින් නිවුව..මම..ජනපද කළණ..නන්ද කුමරිඳු..ආලයෙන් වෙලුන..මම..ජනපද කළණ..පෙම් කළ කුමරු..බුදු පිහිට එපා කී සඳ..ආඩම්බරෙන් ඉදිමුන..මම ..ජනපද කළණ..කුමරෙකු ආලය කලා යැයි..සිහිනයක වෙලුන..මම..ජනපද කළණ..සුරගනන් ලඟ..වැදිරියක් උන..මම..ජනපද කළණ..ළැම මිස..කිසිවෙකුත්..ළය නොදුටුව .. !! ...

මගේ දෙවෙනි කෙටි කථාව ... පළවෙනි එක මේක තාරුකා.. ට්‍රිෂා : අහස අහිමි තාරුකාව ......නින්ද යන්නෙම නැති තැන ලොකුම ලොකු ඩබල් බෙඩ් එකේ කෝටියක් බෙඩ් ෂීට් අස්සෙන් මම එලි‍යට බැස්සා.. නුවර එළියේ හීතල ඇටකටු අස්සෙන් ඇදෙද්දි දැනුනේ අමුතුම හැඟීමක්.. ඉෂානි නිදි. ඔව් ඉතිං.. එළිවෙන පාන්දර එකට නිදියන්නේ නැතුව වෙන අහවල් මගුලක් කරන්නද ... හෝව් හෝව්.. කථාව මෙහෙම ගියොත් ආතක් පාතක් නැති වෙනවා.. හරියට පටන් ගමු ...

එකළු කළ මැන .. මහද ... සෙ නෙ හ සි න් !! ඇත්ත .. ඔයා ඉර නෙමේ ලෝකයක් එළි කරන ... ඔයා පොඩි තරුවක්.. පුංචිම පුංචි තරුවක්, ඈත අහසේ පේන නොපෙනෙන ... ඇයි නොතේරෙන්නේ..මම බය බව ඉරට .. ඒ එළි‍යට .. ඒ රස්නෙට ..ඇයි නොතේරෙන්නේ මට ඕන ඉර නොවන බව ..මට ඕන තරු එළිය විතරමයි ..මොකද මගේ අමාවක අහසට, ඉරෙන්වත් හඳෙන්වත් වැඩක් නෑ..පොඩි තරුවකින් විතරමයි ඒ අහස එළිය කරන්න පුලුවන් ... !!ඇත්ත ...

අනියම් කවිය .. !! එක බවුන්ඩ්‍රියක් ගැහුවේ නැති මේන් බැට්ස්මන්ට සපෝර්ට් එකට දිවුවේ මම .... මුලු මැච් එක පුරාම ... දැන් මේ පැවිලියන් එකේ ඉඳන් කකුලේ තෙල් ගාන ගමන් බලාන ඉන්නවා මේන් බැට්ස්මන්ව බදාගන්න හැටි කට්ටිය .. < මෑන් ඔෆ් ද මැච්ලු එයා > ...

ජනේරු එක ... හ්ම්ම්.. අද ජනේරු දෙක ... දවසක් පරක්කු වෙලා උනත් හිතුනා ජනේරු එක ගැන ලියන්න... ජීවිතෙත් එක්ක ජනේරු එක වෙනස් උන හැටි සහ අද මට දැනෙන හැටි ගැන පුංචි සටහනක් ... මතක ඇති ඈතම අතීතයේ ඒ කිව්වේ ළදරු පාසල් යන කාලේ, ජනේරු එක ගැන තිබුනු එකම වැදගත්කම අලුත් ගවුමක් ලැබෙන එකයි උදෙන්ම කිරිබත් ලැබෙන එකයි විතරයි .. ඊට පස්සේ එක වසර ...

වෙරෝනිකා .. ආදරය හොයන ගණිකාවක් .. !! මිනිත්තු එකොළහේ කතාව පසෙකින් දැමූ ඈ යහනේ ඇල වූවාය..නින්දකට සැරසි නිදහස් ඉරියව්වක් නොව කෙනෙක් තලා පෙලා යහනට ඇද දැම්මාක් වැනි කෙඩෙත්තුවක් පමනක් ඇගේ වතෙහි විය ... වෙරෝනිකා ... ආදරය හොයන ගණිකාවක් ......පාවුලෝ කොයියෝගේ ආරම්භක වදන් පොත් පිටු අතරින් ඇය දෙස බලා ඉඳිනා බවක් ඇයට දැනින ..තමා ලෝකය හමුවේ සම්පූරණයෙන්ම නිරුවත් බවත්, තමාගේ සියලු අඟ පසඟ ලෝකය හමුවේ නිරාවරණ බවත්, එක් ...

දෙසැම්බර් තිස් එක .. !! නවත්තපල්ලා බං ...ඔය රතිඤ්ඤා ගැහිල්ල ..ඩිංගක් ඇහැ පියවන්න නෑ ..ජංගමේ කෑගැහිල්ල ..ඒ මගුල අල්ලලා ඇඳ යටට එබුවම ..මෙන්න පටන් අරන් රතිඤ්ඤා කෙරුවාව ..ජනවාරි පළවෙනිදා කියලා නෑ ..හෙටත් වැඩ ..නිදියන්න දීපල්ලා ..ගමේම බල්ලොත් බයවෙලා ..ඒ මදිවට ... ...

ඉර ... සඳ සහ රැය .... නුඹ..මහද ආලයෙන්..එකලු කල..මගේ ගගනත..සඳ ....ඔහු..සඳ මිළින සඳ..මල හද..රාගයෙන් පණ පෙවූ..ඉර ....ඉරත් සඳත්..අයිති නැති කල..මම..නික්ම යමි..අමාවක රැය සමග..අද ....( යායුතු නිසා මිස, කැමැත්තෙන් නොව ...) ...

අන්ධ.. මැටි මෝල්... මම ... !! මලක් ලෙස ඔබඋවම් කල සඳනොදුටු අරුමයමල මියෙන වග ..නේක පැහැයෙන්දිදුල මල් පෙතිදුඹුරු කලු වීපොහොර වන වග ..ගඟක් ලෙස ඔබඋවම් කල සඳනොදුටු අරුමයගඟ හිඳෙන වග ..පෙණ කැටිති පිරිදිදුල නිල් දියයටින් දෙදරූමැටි පොළව වග ..සඳක් ලෙස ඔබඋවම් කල සඳනොදුටු අරුමයසඳ නො එන වග ..සේද එළියෙන් දිලෙන සඳවතඅමාවක රැයඑළිය නැති වග ..දිවිය ලෙස ඔබඋවම් කල සඳනොදුටු අරුමයදිවි නැසෙන වග ..මගේ කියනාමේ සරීරයකවමදාවත්මගේ නොවු ...

♔ ස්ලීපිං බියුටි ♔ අවුරුදු සීයක් ...නිදාගෙන හිටි මාව..කොහෙන්දෝ ආපු කුමාරයෙක්..හැම කථාවෙම වගේ..හාද්දක් දීලා ...අවදි කලා ...ඉතිං මමත් ...ඇස් ඇරලා හිනා වෙලා ...එහෙනම් අපි ...හැපිලි එවර් ආෆ්ටර් ජීවත් වෙමු කීවම ...කුමාරයා කියපි ...විකාරද හලෝ..මගේ වෙඩිමට ...ජයමංගල ගාථා කියන්න කෙනෙක් නෑ...ඒකයි ඔයාව ඇහැරුවේ ...කියලා ...කමක් නෑ.. ඇහැරුනු එකේ මම ජයමංගලානි කියන්නම්.. හැබැයි පොරොන්දු වෙන්න... ඒ හිලව්වට... ආයෙම නපුරු මන්තරකාරිව හොයගෙන ඇවිත් ...මාව සදාකලික නින්දට ...

εжз මංමුලා සමනළිය :: X εжз මම කොල්ලෙක්...සමාජ සදාචාරයට අනුව පෝරුව උඩ නැගලා පොල් බිඳලා දකුණතට මුද්දක් දාපු කොල්ලෙක්...X කියන්නේ මගේ ජීවිතේට අහම්බෙන් ඇතුලු උනු කෙල්ලෙක් ... මේ වෙලාවේ මම ඉන්නේ එයාව තුරුලු කරගෙන.. ඉනෙනුත් පහලට වැටෙන කැරලි කැරලි කොන්ඩේ අතරේ මගේ නහය හංගගෙන ...මගේ අත X ගේ ඇඟ පුරාම.. සිනිදු තැන් රළු තැන්.. වල ගොඩැලි නිම්න ගවේෂනයක ගිහින් ... ඔන්න එක පාරට ... ම්ම්ම්ම්.. බබා.. ...

< වෙ න ස > මම S p o r t s C a R එකක්..එහෙන් මෙහෙන් වෙට්ටු දාන..නැති උන් අයිති කරගන්න දගලන..යාලුවන්ට උජාරුවට පෙන්නන ...ටයර් ගෙවෙනකන් off road show යන ..මඩ නාගෙන trend එකට ඉන්න ...පාරේ මහා සද්දෙන් යන ...රට්ටු හොල්මන් වෙලා බලන ...දෙමාපිය වැඩිහිටියන්ගෙන් ...ජීවිතේට කොළ එළියක් නොලැබෙන ...කොල්ල වැරදි මඟ යවන.. කොල්ලගේ ඇට කටු කඩන...**********************************************************එතකොට එයා...එයා...C l a s s i c ...

පහන් සිළ සහ ඇය ඇය පහන් වැට දෙසට ගියාය ..පොල්තෙල් බෝතලයත් පහන්වැටි දෙක තුනත් අත්දෙකට ගුලි කරගෙන විහාර බිමේ තමන් හැමදාමත් කැමතිම කොටස වූ පහන් වැට දෙසටඇය ගියාය ...බෝ මළුව සිත නිවනාවායැයි යමෙකු කියූවද .. බුදු කුටියෙහි ඇති පිළිම දෙස පැය ගනන් බලා සිටින්නට හැකියැයි තවෙකෙක් කියූවද... ඉතුරු උන් ශ්වෙත වර්ණ සෑ රදුන්ගේ සෙවනෙහෙහි සිහිල පැතුවද ..ඇගේ සිත බැඳී තිබුනේ පහන් වැට සමග පමනමය..එය ...

Previous Page