දැන් නෙව දැක්කෙ හරියට මාස දෙකකින් මොකුත්ම ලියලා නෑ..දාපු එක කොමෙන්ට් එකකටවත් උත්තර ලියල නැහැ.  මෙහෙම ගියොත් බ්ලොග් කෙරුවාව ඉවරෙටම ඉවරවෙලා යයිද මන්දා.ඇයි අප්පා පහුණු ටිකේ සුළුප‍ටු වැඩ රාජකාරියක් යැයි තිබුණෙ. මට නං දැන් එපා වෙලා තියෙන්නෙ.  වෙලාවකට හිතෙනවා මේ ඔක්කොම අතෑරල දාල දුර පලාතක ලියුම් බෙදන රාජකාරියක් වත් අල්ල ගන්න. මේ කාලෙ උන්නැහේට බොහොමත්ම අපල කාලයක්. ...

උන්නැහේ මේ දවස්වල ඉතාමත් කාර්ය බහුලයි. අළුත් ව්‍යාපෘති කීපයකම වැඩ පැවරිලා. ඊට කළින් කරගෙන ආපු වැඩක් මේ දෙසැම්බර් 25 වෙනකොට ඉවර කරලා බාරදෙන්නත් තියෙනවා. ඒ ව්‍යාපෘතිය මූළ්‍යමය වටිනාකම අතින් සහ කාර්යය පරිමාව අතින් දැනට කරගෙන යන ඒවාට වඩා කුඩා උනත්, ආයතනයක් හැටියට අපි ඒකටත් දක්වන්නෙ සමාන සැලකිල්ලක්, අවධානයක්. ඉතින් මේ වැඩ කටයුතු නිසා තමයි ඔය ...

දැන් අමාරුම ටික අවසන්. LCD ප්‍රොජෙක්ටරයේ මූළ ධර්මය, ඒ සඳහා අවශ්‍ය ආලෝක ප්‍රභවය ‍තෝරගැනීම සහ LCD එක සකස් කර ගැනීම ආදී කාරණා මේ වෙනකොට කතා කරළ තියෙන්නෙ. ඉතුරු වෙලා තියෙන්නෙ කාච ටික. මේ ව්‍යාපෘතියෙදි මුහුණපාපු අමාරුම දෙයක් තමයි Fresnel lens ටික හොයා ගැනීම. ඒක නිසාම සෑහෙන කාලෙකට කලින් පටන්ගත්තු මේ වැඩේ අතරමග නවත්තල දාලයි තිබුණෙ. සාමාන්‍යයෙන් මේව ඉතා මිල අධිකයි. ලොකු මුදලක් වැයකරන්න ...

අද LCD එක ගැන කළින් ලිපියක ඉදිරිපත් කරපු සටහන් වල විදිහට, ආලෝක ප්‍රභවය ඉදිරියෙන් තියපු LCD එකක පෙනෙන පින්තූරයේ ප්‍රතිබිම්බය තමයි ප්‍රක්ෂේපණ කාචය මගින් විශාලනය වෙලා තිරය මත පෙනෙන්නෙ. ඒ කියන්නේ LCD ප්‍රොජෙක්ටරයක වැදගත්ම උපාංගය වෙන්නෙ මේ LCD එකයි. ප්‍රොජෙක්ටරයට ‍තෝරා ගන්න LCD එකට මෙන්න මේ ගුණාංග හා අංගෝපාංග ටික තියෙන්න ඕන. අඩුම තරමේ 640 x 480 resolution Video, VGA දෙකම හෝ අඩුමතරමේ ...

පුංචි පැහැදිලි කිරීම් කිහිපයක් කරන්න සිද්ධ වෙලා තියෙනවා.මේ විදිහට ලියන්නෙ කොමෙන්‍ටුවකින් පැහැදිලි කරන්න අමාරු නිසයි.. එකක් තමයි මෙන්න මේ පෝස්ට් එකේ ප්‍රොජෙක්ටරයේ රූප සටහනත් එතන ලියලා තියෙන දෙයත් අතර ඇති පරස්පරය. මේක ගැන මගේ අවධානයට යොමු කරපු කාංචන දිනූක ට ස්තූතියි. එතැන ලියවිලා තියෙන විදිහට fresnel lens දෙකක් යොදා ගන්නෙ, එකක් LCD එක එකාකාරව ආලෝකමත් කරන්න අවශ්‍ය සමාන්තර ආලෝක කදම්භය ලබාගන්නත්, ...

මේ විස්තර කෙටියෙන් නොලියා දිගින් දිගට ලිවීම නොවැදගත් කියල කෙනෙකුට හිතෙන්න පුලුවන්. ඒ වුනත් සියළුම උපාංග ගැන හරි අවබෝධයක් අරගෙන වැඩේ පටන් ගත්තම අනවශ්‍ය කරදර ඒ වගේම වියදම් අවම කරගන්න පුළුවන්. උන්නැහේ මේව ගැන හරියට දැනුම් තේරුම් ගන්න සෑහෙන කාලයක් වගේම මුදළුත් නාස්ති කරළ තියෙනව. ඒක නිසා හැමදෙයක්ම ප්‍රමාණවත් කියල හිතෙන තරමට විස්තර කරන්න තමයි බලාපොරොත්තුව. ඒ වගේම මේ ගැන ...

කළින් දවසකත් කියපු විදිහට මේ තාක්ෂණික ලිපි ලියන එක මහ එපා කරපු වැඩක් තමයි. ඒ වුනාට මේ උන්නැහේ පොරොන්දු කඩ කරන මිනිහ නෙවෙයිනෙ. පහුගිය ටිකේ ටිකක් වැඩ අඩුවෙලා හිටියට මොකෝ ආපහු ඔන්න ඉහටත් උඩින් රාජකාරි වැඩ ටික. කොහොම හරි ඉඩක් ලැබෙන විදිහට වචනෙ දෙක හරි අමුනලා ලියන්න තමයි හිතාගෙන ඉන්නෙ. සරලව ලියන්න ඔනෙ නිසා උන්නැහේට සුපුරුදු බස් වහරෙන්ම ලියන්න තීරණය කළා. ...

ගෘහස්ත සිනමා පද්ධතියක් යන්න බොහෝ දෙනෙකුගෙ සිහිනයක්. මූලිකව දෘශ්‍ය සහ ශ්‍රව්‍ය ප්‍රති නිෂ්පාදන  උපකරණ කට්ටලයකින් සමන්විත වන මෙවැනි පද්ධතියක මිල සාමාන්‍යයෙන් ඉහල මට්ටමකයි පවතින්නෙ. එම මිළ මට්ටම පද්ධතියේ ප්‍රතිදානයේ (output) ගුණාත්මක භාවය, නිෂ්පාදන නාමය වැනි කාරනා මත රඳා පවතින අතර සමහර විටෙක එය මිලියන කිහිපයක් වුවද විය හැකියි. අධික මුදලක් වැයකොට උසස් තත්ත්වයේ පද්ධතියක් මිලදී ...

බ්ලොග් එකක් නිකන් තියන එක පවු! ඒකෙ මොනවහරි ලියන එකෙන් පුංචි හරි චිත්තප්‍රීතියක් ඇතිවෙන හින්ද ඒක පිනක් වෙන්න ඇති. රාජකාරි ජීවිතයෙන් සීයට පනහක්, ඒ කියන්නෙ අවුරුදු තුනක් තිස්සෙ ඇදිල ගිය ව්‍යාපෘතියක් සාර්ථකව නිමකරල ඒ සතුට භුක්ති විඳින ගමන්  තමයි මේ දවස්වල අපි ඉන්නෙ. ඒකෙ කූටප්‍රාප්තිය එලඹෙන්නෙ හෙට, ඔක්තෝබර් 28. ඒ කියන්නෙ ඒ හදපු අහවල් එක හෙට තමයි එයාගෙ අයිති කාරයගෙ ...

මිනිස්සුන්ගෙ භාෂාවන් විවිධයි. එකම බසක වුණත් ප්‍රාදේශීය වශයෙන් නොයෙක් වෙනස් කම් ඕනෑතරම් දැකගන්න පුළුවන්. එකම තේරුම දෙන එහෙත් එකිනෙකට හාත්පසින්ම වෙනස් වචන වගේම එකම වචනයේ සුළු සුළු වෙනස් කමක් සහිතවත් එකම රටක විවිධ ප්‍රදේශ වල දැක ගන්න ලැබෙන්නෙ ප්‍රාදේශීය වෙනස්කම් නිසා තමයි. ඒ වගේම පුද්ගලයාගෙන් පුද්ගලයාට පවා වචන භාවිතය, උච්චාරණය වෙනස් වන ආකාරය සියුම්ව සොයා ...

කියන්නෙපා.... දැනුනේ නම් නෑ කියා හිතේ තිබුණ ආදරේ මගේ හිතාගන්න බෑ උන්නේ කෙළෙසද කියා බිඳුවක් වත් නොපෙනුනාද ඇත්තටම නගේ. සසැලි ‍රැලි දිදී දඟ පෑ මුදු ගඟුලී මුවදොර ළඟ සිටියද නිසැලී   සයුරට නෑ බැඳි පෙම රහසක් වූයේ..... නුඹේ නමින් මා බැඳි පෙම් සිත රහසේ මොහොතක වත් නොහැඟුණාද ඇත්තටම නගේ. ගිනි වැදී දැවෙන කතරක් දුක් හංගා අසරණ වූවද මුව ගොලුවී  දුර අහසට නොවෙදෝ ඒ දුක දැණුනේ... ළඟින් දැව‍ටුනත් රුව මා සිත් අහසේ ...

වසන්තයි අජිතුයි ඔන්න කොහේදෝ ගිහිල්ල ගෙදර එනව බයිසිකලෙන්... දෙන්න පර...ම අවිහිංසාවාදියො. පරම කිව්වහම තේරෙනවනෙ කොයිතරම් සත්ත කරුණාවක් මුන්දැලාගෙ හඳුංපොත්වල තියෙන්න ඇතිද කියලා. තරමක පල්ලමකුත් තියෙන පාරෙ රූං කියාගෙන එන බයිසිකලේ වසන්ත පදිනව අජිත් පොල්ලෙ. ඔය පොල්ලෙ යෑමත් තරමක පුහුණුවක් සංයමයක් තියෙන්න ඔන වැඩක්. පදින එකාට කරදරයක් නොවන විදිහට අඬු බඬු ටික තියාගෙන, හැඬල් එක බුරුලෙන් අල්ලගෙන හේම ...

ඔන්න එකමත් එක රටක වෙදරාළ කෙනෙක් හිටිය. උන්දා බොහෝම දස්ස ගුණයහපත් වෙද රාලකෙනෙක්. හැබැයි කෝකටත් තෛලෙ වගේ හිටපු  ගෝලයනං අම්මපා බත් කන හරක් පැටිය. දුරින් නෑයෙක් වෙන ඒකව වෙද රාළ ළඟට පංගරාත්තු කොරල  තිබුණෙ වෙදකම ඉගෙන ගන්නෙයි කියලා. ඉතිං මේකත් වෙදරාලගෙ පස්සෙන්ම වැටිල හිටියෙ. වෙද රාල ගමේ ලෙඩෙක් බලන්න යනකොට මේකත් පස්සෙන් වැටෙනව. අඩිය තියන්නෙත් වෙදරාළ ...

උණ හැදුනහම මට නං මාර ජොලි. වෙන මොකවත් හින්දා නෙවෙයි, නොමිලේ චිත්‍රපටි, කාටූන් එහෙම බලන්න පුළුවන්නෙ. 102 - 103 ට විතර උණ ආපුවම ඔය වුඩී වුඩ්පෙකර් එතකොට සූර පප්ප වගේ අය උණත් ගෙන්න ගන්න පුළුවන්. මේ සැරේ තමයි වැඩේ හොඳටම නැගල ගියෙ... මොකද කියනවනං කැලේ හිටපු ඔක්කොම යාලුවො ටික මාව බලන්න ආව නෙව. ඇඳ උඩම කොලේකුයි පෑනකුයි තියාගෙන යාලුවො ටික යන්තම් ස්කෙච් කර ...

කොරේ පිටට මරේ කිව්ව වගේ වයිරස් උණකුත් ආවනෙ. සතියක්ම හාන්සි. සනීප උනයි කිව්වට තාම ඇඟට හරි මදි. ඔලුවෙ අමාරුව නං තාම ඔය තියෙන්නෙ. දොස්තරලා කියන්නෙ කාළයත් එක්ක ටික ටික ඇරිල යයි කියල තමයි. ඒ උනාට ඉවසන එක මමම එපෑ කරන්න. කොහොම උනත් මගේ වෛද්‍යවරයා මාව තවත් තැනකට යොමු කළා... බලමු. බ්ලොග් සහෘදයො ටික කම්පාවෙලා ඉක්මන් සුව ප්‍රාර්ථනා කොරළ තිබුන. බොහොම ස්තූතියි. ...

පසුවූ නිසා අසනීපෙන් ගිය සතිය ඔළුවේ නිදහසින් ගතවූයේ නැතිය තවමත් නැතත් හරිහැටි සුවවූ ගතිය කිසිවක් නොලිය ඉන්නට සිත නැත රුතිය හරියට දොලොස් මසකට පෙර මැයි මාසේ සිදුවූ හදිසි අනතුරකින් වුනු දෝසේ තවමත් විටින් විට හිස ඔසවයි රහසේ වදදෙයි කෙලින් සිටිනට බැරි ලෙස බෝසේ නමගිය වෙදුන් දොස්තරවරු මෙලක තුර වෙහෙසුන නමුත් තුළ පසුගිය මුළු වසර සුවකරලනු තබා කුම් වීදැයි සැකැ'ර කියනට නොහැකි වී ඇති කරුමය කවර ...

හෙට වෙසක් පෝය නෙව. ඒ නිමිත්තෙන් මේ පෝස්ට් එක. දිගින් දිගට ලියන්න වෙලාවක් නෑ. අද රෑට මහගෙවල් පැත්තෙ යන්න ඕනෙ.  2004 අවුරුද්දෙ වෙසක් එකට අපේ පන්සලේ තිබ්බා භක්ති ගීත ප්‍රසංගයක්. ඒක සූදානම් කරගෙන තිබුණෙ දහම් පාසලේ ළමයි ටික. ඉතින් එකදවසක් උන්නැහේ පන්සල් ගිය වෙලාවක අහම්බෙන් වගේ දැක්කා උන් ටික සර්පිනාවකුයි තබ්ලා කූට්ටමකුයි තියාගෙන භක්ති ගීත පුරුදුවෙනව. ඔයවගේ වැඩක් දැක්කම උන්නැහේට උන් හිටි ...

පිලේ පැදුර පටන් ගන්න කොට හීනෙකින් වත් හිතුවෙ නෑ මේකෙ කයි කතන්දර ලියන්න. අදහස තිබුණෙ ඔය මොන මොනවා හරි තාක්ෂණික ලිපියක් දෙකක් ලියාගෙන ඉන්නව කියල. ඒ වුණාට ඉතින් අන්තිමට බලද්දී තාක්ෂණික ලිපියි කියළා ලියලා තියෙන්නෙ ලිපි දෙකක් විතරයි. ඒකට එක හේතුවක් තමයි සංසාරෙ පුරුද්දක් හැටියට අරගෙන ආපු කම්මැළිකම. අතින් ලියනව වගේ නෙවෙයි නෙ මේක අකුරෙන් අකුර කොටන්න එපෑ. අනෙක් හේතුව තමයි ...

Previous Page