අපේ ගෙදර ඔරලොසුවෙ බට්ට වැනෙනව ඕයි...මට ඒ බට්ටගේ නැගල බට්ටො පදින්න හිතෙනව ඕයි...ඒක මාර ආතල් ඕයි...බට් ටිලි ටිලි චිල්ල මලේ කෙල්ල එක්ක මාත් වැනේ ඕයි...අම්මට හුඩු කවුද එකෙක් විසිල් කලා ඕයි..පොලිසියෙන්ද මන්දා ඕයි...හුටා පාක් එකේ සික්ක නේද... ලැජ්ජයි ඕයි...සමනල පාලමෙන් මුහුදට පනින හිතුන ඕයි...කෙල්ලෙක් ඉදල නෑ ඕයි...කනාටු වෙච්චි මල් පැලයක් ඕයි...උගේ ආච්චිට හැංගෙන්න අපි යමු කොටුවට ඕයි... කොටුව උඩට නැගල ...
කොටුවේ ස්ටේශන් එක ඉස්සරහ මගී පාලම දිගේ මම ස්ටේශන් එක දිහාට ගියේ 2.05 කෝච්චිය අල්ල ගන්න. සති දෙකක් එකතු වෙච්චි ඇඳුම් මල්ල කරේ එල්ලගෙන පුරුදු කැප් එකයි.. ඩෙනිමට උඩින් දාපු ටී එකයි රබර් දෙකයි දාගෙන මම මේ ගෙදර යන ගමන්. අතේ සතේ නැතිව ගෙදරින් දෙන කීයෙන් හරි රෝල කරකවපු ඒ කාලේ පිනට යමක්.. ආධාරයක් දෙනවැයි කියන්නේ අනාථ වෙන සීන් එකක්... ...
කාලය කියන්නේ මහ පුදුම ඩයල් එකක්... ඌ පුදුම විදියට දේවල් වෙනස් කරනවා.. අව්ව.. වැස්ස.. බඩුමිල.. ලෝක විනාසේ... චංගුමි.. ජාතිවදේ ඔය මොන මඟුලවත් ඌට වැඩක් නෑ... උගේ ගමන ඌ යනවා උගේ පාඩුවේ... අපිත් ඌත් එක්කම යනවා වෙන කරන්න දෙයක් නැති නිසා... පුංචි කාලේ අපි හිටියේ අමුතුම ලෝකෙක... රොබින් හුඩ්.. නයිට් රයිඩර්... ටාසන් වගේ වීර චරිත ආරූඩ කරගෙන කාටුන් එකක් බලාගෙන ෆුල් ...
පහුගිය දවසක ආව කෝල් එකක් වයිෆ් ගෙන්... ටිකක් වෙලා කතා කර කර ඉදල.. " අහ් මේ... අපි ඊයේ පන්සල ගිය වෙලේ ඔයාගේ පරණ කෙල්ල ඇවිත් හිටියා... ඔයාලගෙ නංගි පෙන්නුවෙ... එයා ප්‍රෙග්නන්ට් "" අහ්.. එළනේ... මේ... ඔය කොයි එක්කෙනාද ?? "එතනින් එහාට තත්වය ශෝචනීයයි... පොඩි කාලේ කරපු හුට පටනේ එව්ව ඉතින්... ඔය එක්කම මතක් උනේ හසිතය කෙල්ලෙක්ගෙන් යාළු වෙන්න අහපු ...
බෝතලයක්... මස් තසිමක්... සෝඩ බෝතලයක්.. වීදුරු කීපයක්... අපි කතා කලා... බිව්ව..." මචන්.. උබට මතකද.. මට ඒ දවස් වල හම්බුනේ රුපියල් 10000 යි.. වැඩි කලක් නෑ අවුරුදු 2 කට උඩදි.. අඩෝ මම කාටවත් අත නොපා ඒකෙන් ජීවත් උනා හරි.. මට අද 45000 ක් විතර හම්බෙනව... උබලට කියන්න බන්.. වෙනසක් නෑ බන්. ඒ දවස් වල කෑව බිව්ව ඉතුරු නෑ.. අදත් කනව බොනව ...
සෑහෙන කාලෙකින්... අන්තිමට ලියපු පෝස්ට් එක ලියලා දැන් මාස 3 ක් විතර.. මේ මාස තුනට කොයි තරම් දේවල් උනාද.... වෙච්චි දේවල් ඔක්කොම ලියන්න කම්මැලි උනත් මේක නොලිය කොහොමද.... හුඟක් එව්වො දන්නවා ඉතින්... පිස්සත් බැන්ද... මඟුල අරන් දැන් මාස දෙහෙකටත්වැඩියි...අප්‍රේල් ලංකාවට ආවට පස්සෙ මම ඉතින් බඩු මල්ලකුත් අරං ගියා මනමාලිගෙ ගෙදර දිහා... හා හා පුරා... යාළුවෙක් වෙලා අවුරුදු බර ගානක් වුනාට ...
ලංකාවට ආවට පස්සෙ ටිකක් විතර ජංජාල භාවිතයෙන් ඈත් උන නිසා බ්ලොග් එකත් පාළු වෙලා ගිහිල්ලා... මොනා හරි කොටල යන්න ඕනි කියල හිතුන නිසා ආව මේ පැත්තේ... පහුගිය දවසක මම ගියා කුස පබා බලන්න... හප්පේ පබාගේ ලස්සන... ඕක කියල තව ඩිංගෙන් පවුලත් හබක් වෙනවා මයේ... බැල්කොනි ටිකට් දෙහෙකුත් අරන් ඇතුල් වුනා උඩු මහලට... හප්පේ සූ ගාල කපල්... පොඩි පොඩි එව්වො ...
බ්ලොග් අවකාශය හරහා හමු වූ ඔහු වෙනුවෙන් සටහනක් නොතිය වෙන දෙයක් ගැන ලියන්න හිත ඉඩ දෙන්නෙ නෑ.... ඒ නිසා මේ පුංචි සටහන අප කාගෙත් ආදරයට පාත්‍ර වුනු ඔබා මාමා නම් වූ ඒ නිහතමානී මිනිසා වෙනුවෙන් තියන්න කල්පනා කලා....2011 අප්‍රේල් මාසේ සයිබර් උළෙල දවසේ මට ඔහුව හදුන්වා දුන්නේ ටිකක් හිනාවෙන්න බ්ලොග් අඩවියේ අභීත. ඔහුව විශේශයෙන් හඳුන්වා දීමට හේතුව ඔහුත් මාත් එකම ...
මාසෙකින් විතර තමයි පෝස්ට් එකක් දාන්න ඉස්පාසුවක් ලැබුනේ... බ්ලොග් ලියන කියවන උන්ට මාව මතකද මන්දා... පහුගිය දවස් වල දැකපු.. අහපු.. කතා උනු මාතෘකාවක් ගැන තමයි ලියන්නේ... ඒ වූ කතා බහ වලදී මිතුරන් කිහිප දෙනෙක් පැවසූ ඔවුන් මග තොටදී අත්දුටු සිදුවීම් කිහිපයක පෙලගැස්මකි..********************ස්ථානය පිට කොටුව බස් නැවතුම් පොළ... මැදියම් රැය පසුවී පැය 2 ක් පමණ ගත වී ඇත.. බස් රථයක් පැමිණීමට ...
ඉස්සර මම පොඩි කාලේ අපේ ගාල්ලේ ආත්තම්මලගෙ ගෙදර හිටි කාලේ ඒ ගෙදර කොයි තරම් ජීවයක් තිබ්බද... අවුරුදු දවසට සෙනඟ පිරිලා... ළමයි හැමෝම ඇවිල්ලා.. ළමයින්ගෙ ළමයි... නිකන් දවසට උනත් ඒ වෙද්දි බැඳපු නැති පුංචිලා... පොඩි මාමා.. එහෙම ඉද්දි එයාලගෙ යාළුවො එනවා කොයි වෙලෙත් කවුරු හරි.. කාලයත් එක්ක විවාහ වෙලා හැමෝම වෙන් උනා.. ඒත් මාසෙකට පාරක් ගමේ ඇවිත් යන එක හැම කෙනාගෙම ...
පහුගිය දවසක අපේ අමිලයට කෝල් එකක් දීපු වෙලවක වෙච්චි කතා බහක්..." මේ උබට ****** කියල කෙල්ලෙක් Facebook එකේ Request එකක් එවල තිබ්බද ? "" ම්ම්ම් මතක නෑ බන් අමිලයා.. මම දන්නෙ නැති එව්වො ඇඩ් කරන් නෑනේ බන්.. හිටු බලන්න "Facebook හදපු දවසෙ ඉදන් ගොඩ ගැහුන නොදන්න එව්වොන්ගෙ friend request ගොඩ අස්සෙ මට හම්බුනා ලස්සන කෙලි පොඩ්ඩක්..." අහ් ඔව් බන්... common ...
ලංකාවෙ තියෙනවනේ කොටස් වෙලඳ පළ කියල එකක්.. අද ලිපිය ඒකත් එක්ක ගෑවුන ලිපියක්.. කොටස් වෙළඳ පල අයෝජනයට මම මුලින්ම යොමු උනේ 2005 දි.. යාළුවෙක්ගෙ මාර්ගෙන් තමයි කතන්දරේ දැන ගත්තෙ... කොටස් වෙළඳ පළ ආයෝජනය කරන්න නම් CDS එකේ ගිණුමක් තියෙන්න ඕනි... ඔය ගිණුම අපිට තැරව්කාර ආයතනයක් ( Broker firm ) හරහා ආරම්භ කරලා අපේ ගණුදෙනු කරන් යන්න පුළුවන්.. ඉතින් මාත් ඔය ...
පොඩි කාලේ හැම පන්තියකදිම අහපු ප්‍රශ්නයක් තමයි ළමයි ලොකු උනාම කවුරු වෙන්නද කැමති කියලා... පොඩි කාලේ ඉදන්ම ඔලුවලට දාල තිබ්බ නිසාද.. අපි දන්න ලොකුම රස්සා දෙක නිසාද මන්දා හැමෝම දුන්නේ එකම උත්තර.... එක්කො දොස්තර කෙනෙක්... එක්කො ඉංජිනේරුවෙක් කියලා...ඉස්කෝලෙ කාලේ ගුටි කාපුවා.. දඩුවම් ලබපුවා.. මතක් කරමුද.. පෝස්ට් එකේ කිව්ව වගේ නැගෙනහිර පළාතේ තිබුන ඒ පාසලේ ඒ පන්තියේ හිටි ළමයින්ගෙන් එකෙක්වත් ඒ ...
මට පොත් කියවන එක පොඩි කාලෙ ඉදන් තිබ්බ පුරුද්දක්.. ලංකාවෙ ඉද්දි නම් පොතක් නැතිව කෑම කන්න බැරි ගාන ට පොත් කියවිල්ල ට ඇබ්බැහි වෙලා හිටියා.. පොත් කියන්නේ ඉතින් නවකතා තමයි.. පොඩි පන්ති වලදි නම් පාළු දූපත.. නෙල්ලි කැලේ වීරයෝ... එතකොට ඔය නිදන් ගන්න බිලි දෙන සීන්.. කරවල වාඩි වලට උස්සන සීන්... එහෙම තියෙන පොත් සෙට් එකක්ම තිබ්බා... 7 - 8 ...
මාසෙකට පාරක් එන පෝය දවසෙ කලින් අරන් තියපු බෝතල් ටික හිස් කරල සිල් පදේකුත් කඩන අපේ කට්ටිය... එහෙමත් නැත්තම් පෝය දවසට ලස්සන කෑලි එන නිසා පන්සලට යන සමහර කට්ටිය... " භවතු සබ්බ මංගලම් " ගාථා පාඨය ගීතයක යෙදුනා කියලා ජංජාලෙ පුරාවට ලොකු කලබගෑනියක්... ඔය කෑගහන යතුරු පුවරු වීරයො ටික අඩුම ගානේ පෝයට සිල් ගන්නවද.. ?පන්සිල් පද 5 රකිනවද... ? බොහෝ ...
අපේ පොරක් හිටියා බොන්න සෙට් උනාම බොන්නෙ නිකන් ලෝකෙ තියෙන අන්තිම අරක්කු උගුර කියල හිතාගෙන... අපි ශොට් එක දා ගනිද්දි ඌ ශොට් 2ක් දාල 3 වෙනි එක වක් කර ගන්නවා... අපිට ලාවට වදිද්දි ඌ ඔලුව ගහගෙන... එහෙම නැත්තම් කණුවක් ගහක් අල්ලන් කබරය දානවා...පොර ගැන ලියලත් ඇති කබර කතා වල.. ඒ උනාට පොරගෙ ගෑණු දැරිවි දන්නෙ නෑ පොර බොනව කියල... බඳින්නත් ...
YouTube එකේ දැකපු මේ වීඩියෝ එකත් එක්ක මේ ලිපිය ලියන්න හිතුනා. මේ ගැන මීට අවුරුදු කීපයකට කලින් එලකිරි අඩවියෙත් ලිපියක් මම දැම්ම මතක විදියට. අපේ ලංකාවෙ උසස් පෙළ ඉවර වෙනවත් එක්කම බොහෝ කොල්ලො කෙල්ලන්ට හැදෙන ලෙඩක් තමයි ඉගෙන ගන්න රට යන්න ඕනි කියන එක. උන්ගෙ කටේ තියෙන ලොකුම වචන සෙට් එකක් තමයි " මෙහේ ඉදල හරි යන්නෙ නෑ " කියන ...
පහුගිය දවස් වල බ්ලොග් අවකාශේ ලිංගිකත්වය... ජැක් ගැහිල්ල... මඩ ගැහිල්ල.. පුද්ගලික කෝන්තර ඔක්කොම නිකන් ෆෘට් සැලඩ් වෙලා සෑහෙන තරම් උණුසුම් වෙලා දැන් නම් ආයෙ හෙමින් හෙමින් පරණ තත්වෙට එනවා... අද උදේ චමිලයගේ බ්ලොග් එකේ දැකපු පෝස්ට් එක මෙතන කොටල දාන්න හිතුවා මොකද ඒක සිංහල බ්ලොග් අවකාශයට මේ කාලයට ගැලපෙන පෝස්ට් එකක් නිසා. චමිලය මොකට ඒක කඩ්ඩෙන් කෙටුවද මන්දා...චමිලගේ ලිපියේ අදහස ...
ඔහු කඩවසම් තරුණයෙක්... ඔහුට හොඳ කාන්තා ආකර්ශනයක් හිමි වී තිබුනා. ඒ වන විට පෙම්වතියක් සිටියත් අතර මග දකින් හමුවන කෙල්ලන්ට ඇහ දමා ඔවුන්ව ඇවිස්සීමෙ පුරුද්ද ඔහුගෙන් මිදුනේ නෑ.. ඔය අතර තමයි ඔහුට නගරයේ ප්‍රසිද්ධ පුද්ගලික ආයතනයක රැකියාවෙ යෙදන අමාලි හමුවන්නේ... ක්ශණික නූඩ්ල්ස් වගේ බැදීමක් ඔවුන් අතර ඇති වනවා.තමාට පෙම්වතියක් සිටින බව ඔහු අමාලිට කියනවා පමනක් නොව... මාස කීපයකින් තමන් විවාහ ...
ඩන්කන් සර්ගේ ක්ලාස් එකේ දීපු ඉන්ටවල් එකේ පොත් දෙකත් ඉනේ ගහගෙන අහිංසක ලීලාවෙන් එලියට ඇවිල්ලා එතන තිබුන ලෑලි කඩෙන් රුපියල් 12 රෝල් එකකුත් අරන් පල්ලම් බැස්සෙ අපේ එකෙක්වත් ක්ලාස් ඇවිත් නැති නිසා තව පැය 2 - 3 ක් ඉගෙන ගන්න තිබ්බ කම්මැලිකමට... රේල් පාර උඩින් තිබ්බ පාලමෙන් ගොඩ වෙලා කුණු ඇල පාර දිගේ ස්ටෑන්ඩ් එක පැත්තට එද්දි.." ඒයි... අයේශ්... " ...