මම තනිවී සිටිමි.මා දිවියේ සැඳෑ කලළඟ ළඟම එන සැටිපෙනෙයි මටමහිස කෙස් සුදුවතුනීවී ගොසිනිය,වල ගැසී ඇත දෙකොපුල,ගමනද ඉතා සෙමිනිය:අවසන්ව ඇත සැණකෙළිය.තරණය කරන්නට තිබූගංගා, දිය දහරඑතෙර වී ඇති බව දනිම්සිනහ නගනෙමි දැන් ඔරුවක් නොතිබූ වග දැකඑතෙර වන්නට එසේ-සූර්යකාන්ත් ත්‍රිපාඨි ‘නිරාලා’ (1899-1961)(ඩේවිඩ් රූබින්ගේ ඉංගිරිසි පරිවර්තනයෙනි) ...
වැස්ස එකවරම කඩාවැටුණේය. ඔහුට දිව යා හැකිව තිබූ එකම ආවරණය වූයේ මාර්ගය පසෙක තිබූ දැවැන්ත කඳෙන් සහ විහිදා වැඩුණු අතුපතර සහිත නුග ගස පමණි. වැස්ස ඇද හැලෙනුද ඉඳහිට තමා දෙසට වැසි වතුර විසිරෙනුද ඔහු උපේක්ෂා සහගතව බලා සිටියේය. මුළු සිරුරම වැසිදියෙන් තෙත්වූ දඩාවතේ යන බල්ලෙකු දිව යනුද මී හරකුන් දෙදෙනෙකු පාර අයිනේ වීසි කළ කෙසෙල් කොළ බුදිනුද ඔහු අලස ලෙස ...
අප දෙදෙනාගේ රැකියාවල් එකිනෙකට බොහෝ වෙනස් වුවද සෙරෆිනෝ සහ මම මිතුරෝ වෙමු; ඔහු කර්මාන්තශාලා හිමිකරුවෙකුගේ රියැදුරාය. මම චිත්‍රපටි කැමරාකරුවෙක් සහ ඡායාරූප ශිල්පියෙක් වෙමි. බාහිර ස්වරූපයෙන්ද අප දෙදෙනා සපුරා වෙනස්ය. ඔහුට රන්වන් කැරළි ගැසුණු හිසකේද රෝස පැහැති ළමා මුහුණක්ද වූ අතර ඔහුගේ විවෘත නිල්වන් දෙනෙත මුහුණට මනාව ගැළපිණි. අනෙක් අතට, මා කලු පැහැතිය. මට ඇත්තේ වැඩිහිටියෙකුගේ බඳු බැරෑරුම් මුහුණකි. මගේ අඳුරු ...
කියනු මැන අප හට නිදහස පිළිබඳවපැවසීය එක් දේශකයෙක්පිළිවදන් දිණි හෙතෙම මෙලෙසට:තමන් මරනා බව දැනම රුදු වහල් හිමියෙකු අසදණින් හෙව ඔහු පසසන වහලුන් බඳුවපුරදොර අබියසද, ගිනි මැලය පසෙකද වැතිරඔබ ඔබේ නිදහසටම වඳින පුදනා‘යුරු මම දිටිමිඔබ අතරින් නිවහල්ම මිනිසුන් සිය නිදහසවියගසක්, විලංගුවක් ලෙස පළඳින අයුරුදෙව්මැඳුරු අරඹෙහිද, බළකොටු ඇතුළෙහිද මම දිටිමිනිදහස සොයා යන ආශාවම පවා සන්නාහයක් වූ කල,අරමුණක්, ජයග්‍රහණයක් ලෙස නිදහස ගැන දෙඩුම ...
පියැස්සේ කෙළවර ගේ කුරුලු කිචිබිචිය,පෑයූ පුරා හඳ, තරු පිරුණු නුබ ගැබ,නිරතුරු ගී ගයන ගහකොළෙහි සරසරය,සැඟවීය මිහිතලේ මහලු ඔදසුන් හැඬුමපැමිණියෙහි නුඹ ඊළඟට හැඬුම්බර ඔය රත’දර සමග,නුඹ සමග පැමිණියේ මුළු ලොවෙහිම කඳුළ,සියලු දුක් වේදනා, පිරිපත සහ ගැහැට,දියතෙහි කම්කටොලු සත සහස් වසරකගේ කුරුල්ලන් දැන් සටනෙහිය පියැසි අග,සුදුමැළිය සඳවතිය, මළානිකය තරු කැළහඬ නගා ගී ගයන නොසන්සුන් ගහකොළසලිතව ගොසින් ඇත අසා මිහිතලේ මහලු ඔදසුන් හැඬුමවිලියම් ...
මීට ටික කාලයකට පෙර කනෙක්ටිකට්හි නිවෙසක් ඉදි කළ ගොඩනැගිලි කම්කරුවෝ පිරිසක් එක් දිනක් සුවිසල් වීදුරු තහඩුවක් මිදුලේ සිරස් අතට සිටවා තැබූහ. මිදුල හරහා වේගයෙන් පියඹා ගිය පාන්කිරිත්තෙක් අර වීදුරුවෙහි ගැටී සිහිමූර්ඡාව බිමට ඇද වැටුණේය. ඔහුට යළි සිහිය ආ විට පාන්කිරිත්තා සිය සගයන් රැඳී සිටි සමාජ ශාලාවට ගියේය. එහි සේවකයෙක් පාන්කිරිත්තාගේ හිසට වෙලුම් පටියක් බැඳ බොන්නටද යමක් දුන්නේය. “මොකද වුණේ ...
චිත්‍රය: එල්.එස්. ලෝරිබිම්මහල් මුළුතැන් ගෙවලපයට පෑගුණු වීදි අද්දරඔවුහු පිඟන් සොලවති හඬින්පුර දොර අබියස දොම්නසින් දළුලනමෙහෙකාර ළඳුන්ගේ තෙතබරිත ආත්මගැන දන්නෙමි මම ඉතින්දුඹුරුවන් මීදුම් රළමා වෙතට නැගී එයිවීදි පත්ලෙන් නැගෙනවිරූපව ගිය මුහුණුමඩ වැකුණු වතක් හැඳිකතක හෙලනා කඳුළක්අවකාශයේ පාවෙනඅරමුණක් නැති සිනාවක්වහළ මට්ටමට නැගඅතුරුදන් වී යයි-ටී.එස්. එලියට් (1888-1965) ...
එකෝමත් එක කාලෙක මමාද් කියලා බොහොම නුවණක්කාර මිනිහෙක් වාසය කළා. ඔහු කිසි දවසක බොරුවක් කිව්වේ නෑ. මුළු රටේම හිටිය මිනිස්සු, වෙන එකක් තියා දවස් විස්සක ගමනකින් පස්සෙ ළඟා වෙන්න ඕනෑ ප්‍රදේශවල හිටිය මිනිස්සු පවා ඔහු ගැන දැනගෙන හිටියා.ඔහොම ගිහින් රටේ රජ්ජුරුවන්ටත් ආරංචි වුණා මමාද් ගැන. රජ්ජුරුවෝ තමන්ගේ හේවායන්ට අණ කළා ගිහින් මමාද් මාලිගාවට අරන් එන්න කියලා. එහෙම ගෙනාවට පස්සේ ...
සරත් සමයේදී යුද්ධය දිගින් දිගටම පැවතියද අපි තවත් එයට නොගියෙමු. මිලානෝ නුවර සරත් ඍතුව දැඩි ලෙස ශීත වූ අතර ඉක්මනින් අඳුරු වැටිණි. අනතුරුව විදුලි පහන් දැල්විණි. වීදියේ සිට බලන විට පෙනෙන ආලෝකවත් ජනේල ප්‍රසන්න දසුනක් මවා පෑය. වෙළෙඳසල්වල පිටත දඩයම් කරන ලද සතුන්ගේ සිරුරු විශාල ප්‍රමාණයක් එල්ලා තිබිණි. නරින්ගේ ලෝම පිරුණු සම් මතුපිට හිම ධූලි තැවරී තිබූ අතර සුළඟට උන්ගේ ...
ඔවුහු තාවකාලික දඬුමැස්සක් මත තබා ගෙන එස්තෙර් ලුසෙරෝ රැගෙන ආවෝය. ඇය තුවාල ලැබූ ඌරෙකු මෙන් රුධිරය වගුරුවමින් සිටි අතර ඇගේ අඳුරුවන් දෙනෙත භීතියෙන් විසල්ව තිබිණි. දොස්තර අන්හෙල් සන්චෙස් ඇය දුටු විට ඔහුගේ සුපුරුදු සුප්‍රකට සන්සුන්බව ඔහුට මතක ඇති කාලයේ සිට පළමුවැනි වතාවට අතුරුදන් විය. ඒ හේතුවක් නැතිව නොවේ. ඇය පළමුවරට දුටුදා පටන් ඔහු ඇය සමග පෙමින් වෙලී සිටි බැවිනි. එවක ...
(බ්‍රෑම් ෆිෂර්, නෙල්සන් මැන්ඩෙලා සහ වර්ණභේදවායට එරෙහි සෙසු දකුණු අප්‍රිකානුවන් වෙනුවෙනි)උසැති ගිරි සිරස මතප්‍රොමිතියස්* යදමින් බැඳ දමා ඇතරුධිරයෙන්, කැත කුණෙන්වැකී ඇත ඔහු සිරුරවිලංගුව ගෑවී පීරි ගෑවෙයිරිදුම් කන ඔහු දෑතසැතක් වන් ගල් පව්වකපයි ලේ ගලන ඔහු සිරුරගිනිහුලක් ගත් සියුස් දෙවිදවයි දිය බුබුලු නැගි වතගොම්මන් වැටුණු කලපියාඹා එති රාජාලියෝකුසගින්න, රාගය, බිය වැනිමතුඩින්, නිය පඳුරෙන්ඉරන්නට ඔහු අතුනු බහන්ඉරන්නට ඔහු ඉකිලියයළි යළිත් වෙයි එයමඅයැදියි ...
මා පියඹ අද රෑටෆූ-සෝවලට පෑයූපුරා හඳ දෙසබලන්නේ තනිවමයසිතමි මම සෝබරවදුර ඈත සිටිනාමා දූ පුතුන් ගැනතවම ළඳ බොළඳයවටහාගත නොහේමේ වෙන්වීම ඔවුනටසිහිවේ මට තවමචැන්ගැන්හි අප ගෙවූ ජීවිතයසුගන්ධිත පින්නෙන්තෙමී ඇත ඈ වරළසසඳඑළියේ දිලෙනධවලවන් ඇගෙ දෑතකිරිගරුඬ මෙන් සීතලයඅපේ දිලිසෙන කඳුළුසඳකැනෙන් වියැලෙන අතරඇරුණු කවුළුවකින් එබීගෙනනැවත අපි කවදාකඑක්ව හිඳිමුද ඉතින්තූ ෆූ (712-770)(ඩේවිඩ් ලුන්ඩ්ගේ ඉංගිරිසි පරිවර්තනය ඇසුරෙනි) ...
සුපිපි කුසුමන් පිරුණු උයන්වතු පිස එනවසත් කල ඉමිහිරි සුගන්ධයවේදනාවක්මයි මට ඔබ නිසාවෙන්අමතකව ඇත ඔබ වත මඬලසුකොමළ දෑත මා හටමතකයේ රැඳී නැත මගේඔබ දෙඅදර මා සිපගත් අයුරුවත්උයන්වතුවල සැතපෙනඅඳ ගොලු බිහිරි ධවල ප්‍රතිමාවන්ටආදරය කරමි මම ඔබ නිසාවෙන්අමතකව ඇත මට ඔබ මියුරු කටහඬඔබේ දෙනුවන්ද සමගින්මලකට සුවඳ මෙන් බැඳී ඇතමා නොපැහැදිලි මතකය ඔබ කෙරේදිවි ගෙවන්නෙමි වේදනාවත් සමගනොඅල්ලනු මැන, මියනු ඇත මා ඒ වේදනාවෙන්මලානික බිත්ති ...
දෙණිපෙත මධ්‍යයේ සිටගෙනනොතකමින් කිසිවෙකුත් අමතනඈ මට හමුවූයේ ඉදින්අහඹුවකින් නම් නොවේ‘නගිනු මැන අර කන්දටහිමවන් සුදෝ සුදු පැහැතිසුසිනිඳු සියුමැලි කුසුම්නෙලාගෙන දෙනු මැන මටනොයනා බැවින් මා කිසිදිනදෙණිපෙතෙන් ඔබ්බට'කීවාය ඇය මා හටනැග්ගෙමි ඉදින් මම කන්දටසොයා නෙක සුදු පැහැති කුසුමන්ඇවිද්දෙමි ගිරිකුළු අතරවිටෙක අවදිවද, විටෙක නිදිබරවදනෙලූ කුසුමන් රැගෙනපැමිණියෙමි මම පහළටසිටියාය ඇය දෙණිපෙතමධ්‍යයේ සිටගෙනඋමතු වූවෙකු ලෙසින් මමවිසිරුවෙමි ඈ මතමා නෙලාගෙන ආසුදෝසුදු කුසුම් රැසහැරීවත් නොබලා මා නෙලූ කුසුම් ...
මම මගේ පිටිසරබද නිවහනේ සිටිමි. ඒ ඔක්තෝබර් මාසයේ අග හරියයි. වැස්ස ඇද හැලෙයි. මගේ නිවෙස පිටුපස කැලෑවකි. නිවෙස ඉදිරිපසින් පාරක් දිවෙන අතර ඉන් ඔබ්බෙහි ඇත්තේ විවෘත කෙත්වතුය. මේ පළාතේ නූස් කඳු ඇති අතර එක්වරම ඒවා තැනිතලා බවට පත්වෙයි. තැනිතලා භූමියෙහි සැතපුම් විස්සක් පමණ එහායින් චිකාගෝ නම් සුවිසල් නගරය පිහිටා ඇත. මේ වැසි දවසේ, මගේ නිවෙස ඉදිරිපිට පාර දෙපැත්තේ වැවුණු ගස්වල ...
මීයා මෙසේ කීවේය : “අපොයි, මුළු ලෝකෙම එන්න එන්නම කුඩා වෙනවා. මුලින්ම ඒක කොච්චර විශාලද කියනවා නම් මට බය හිතුනා, මම නොනැවතී දිගටම දුවන්න ගත්තා. බොහෝම ඈතින් දකුණු පැත්තෙයි වම් පැත්තෙයි තියෙන බිත්ති දැක්කම මම හරියට සතුටු වුණා. ඒත් මේ දිග බිත්ති කොච්චර ඉක්මනට පටු වුණාද කියනවා නම් දැන් මම අන්තිම කාමරයටත් ඇවිල්ලයි ඉන්නේ. ඒ කාමරයේ මුල්ලේ තියෙන්නේ මම අනිවාර්යයෙන්ම ...
කුඩා දූපතට තිබුණේ උසැති, ගල්පර්වතවලින් ගහණ වෙරළ තීරයකි. මුහුද අසළ නොනැසී පවතින්නට හැකි කෙටි, ඝනැති පඳුරු එහි වැවිණි. මුහුදු ලිහිණියෝ අහසේ පියැඹූහ. ගොඩබිමට නුදුරු මුහුදෙහි පිහිටි එම දූපත පාලුවට ගිය කිසිදු වගාවක් නොකළ එකක් විය. හබල් ගාන බෝට්ටුවකින් හෝ මේ දැන් ඒ කරා ළඟා වන යුවළ සතුවූ ආකාරයේ රබර් ඩිංගි බෝට්ටුවකින් දූපත වටා පැය බාගයකින් යාත්‍රා කිරීමට ඔබට හැකිය. රබර් ...
වන මධුවල තිබේනිදහසේ සුගන්ධයදූලිවල ඇත්තේහිරු කිරණක සුවඳයුවතියක දෙඅදරපිච්ච මල් සුවඳ වුවදිලිසෙන රත්තරන්වලකිසිදු සුවඳක් නැතදියවන හිමෙහි ඇතජලයේ සුගන්ධයප්‍රේමයේ ඇත්තේඇපල් ඵලයක සුවඳඑනමුදු සදාකල්හිමදැනෙනු ඇත අපට මෙයලේවල තිබෙන්නේලේවල සුවඳමය -ආන්නා අක්මතෝවා (1889-1966)ජේන් කෙන්යොන් රුසියානු බසින් කළ ඉංගිරිසි පරිවර්තනයෙනි ...
චිත්‍රය:- විලියම් මැක්ටගාර්ට්හිරු බැස ගොස්යපායා ඇත ඉරබටු තරුවයමෙකු මා කැඳවන හඬපැහැදිලිව ඇසෙයි මටනැව් නැගී මා සයුර වෙත යන කලවැලිපරයෙහි ගැටී නොනැගේවා හඬක් තරඟ නැගුණද සයුරපෙනෙන්නේ නිදිගත් සෙයකිහඬක් නැගුමට හෝපෙණ විසිරවිය නොහැකිඅපරිමිත ගැඹුරකින්නැගී වුත් උදම් රැළියළිත් මා නිවෙස වෙතරැගෙන යන්නේ ඉදින් ගොම්මන පැතිර යයිනැගේ සැඳෑ කල සීනු හඬඑළැඹෙනුය ඉන්පසුවරෑ කල ගණ අඳුර !මා නැව් නගින කලසොවක්, සමුගැනීමක්නොතිබේවා ඉදින්කාලයෙන් දේශයෙන්මා සිරුර වෙන්කොටරැගෙන ...
- ඔක්තාවියෝ පාස් (1914-1998)මම නැගිට්ටෙ දාඩියෙන් තෙත් වෙලා. මේ දැන් වතුර ඉහපු රතු ගඩොල් අල්ලපු පොළොවෙන් උණුසුම් හුමාලයක් නැගුණා. ගිනිකණ වැටුණු, අලුපාට තටු තියෙන සමනලයෙක් කහපාට විදුලි බුබුල වටේ කැරකෙනවා. එල්ලෙන ඇඳෙන් බැහැපු මම සෙරෙප්පු දෙකක්වත් දාගන්නෙ නැතුව කාමරය හරහා ඇවිදගෙන ගියේ තමන්ගේ ගුලෙන් එළි බැහැපු ගෝනුස්සෙක්වත් ඉඳියි කියන බයෙන් උඩින් අඩිය තිය තියා. පුංචි ජනේලෙ ළඟට ගිය මම මේ ...