තංගල්ල කලාපයේ හා වලස්මුල්ල කලාපයේ ගුරුවරුන් 20 කු සදහා ඇඩෝබි මෘදුකාංග 6 ක පුහුණුවක් මාර්තු 27 සිට 31 දක්වා අප විද්‍යාලීය පරිගණක ඒකකයේදි පැවැත්වේ.මෙය EKSP සම්බන්ධීකරනයෙන් හා Techone ආයතනයේ අනුග්‍රහයෙන් පැවැත්වේ. ...
සිසු නයු අබිසෙස් මංගල්‍ය - 2013හ/නිහිළුව මහා විද්‍යාලයීය ශිෂ්‍ය නායක නායිකාවන්ට නිල ලාංඡන පැළදවීම 2013.03.22 වන දින විද්‍යාලයීය රැස්වීම් ශාලාවේදී තංගල්ල අධ්‍යාපන කලාපයේ විනය අධ්‍යක්ෂ,බුද්ධ ධර්මය විෂය අධ්‍යක්ෂක හා තංගල්ල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ කේ.සෝමසිරි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්,විද්‍යාලයීය විදුහල්පති පී.ආර්.පතිරණ මැතිතුමාගේ මාර්ගෝපදේශකත්වයෙන් ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. ...
නිහිළුව මහ විද්‍යාලයීය වාර්ෂික ක්‍රිඩා උත්සවය මෙවරත් 2013 පෙබරවාරි මස 29 වන දී විද්‍යාලයිය ක්‍රිඩා පිටියේදි ආරම්භ විය.පළමු ක්‍රීඩා තරඟ ඉසව්ව වුයේ මැරතන් ධාවන තරඟයයි.එහිද ි ප්‍රථම ස්ථානය “රන්“ නිවාසය දිනාගත් අතර අනෙකුත් ස්ථාන “මිණි“ හා “මුතු“ නිවාස අතරේ බෙදී ගියේය.ඉන් පසුව තරඟ ඉසව් ගණනාවක් පැවැති අතර අද වන විට සමස්ථ තරඟ ප්‍රතිඵල සටහනේ පෙරමුණ ගන්නට “රන්“ නිවාසය සමත් වී ...
අප පාසලේ සේවය කල සීලපාල ගුරු මහතාගේ විශ්‍රාම උත්සවයතිස් වසරකට අධික කාලයක් ජාතියේ නැණ පහන් එකලු කොට ගුරු සේවයෙන් ඉසිඹු ලද M.A සීලපාල මහත්මාණන්ගේ විශ්‍රාම උළෙල 2012.12.05 දින හ/නිහිළුව මහා විද්‍යාලයේදි ඉතා උත්කර්ෂවත් ලෙස සිදුකෙරිණි.එතුමාට අපගේ උත්තමාචාරය මෙන්ම දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු. ...
2013 වසර සඳහා 6 වන ශ්‍රේණියට නවක සිසුන් ඇතුළත් කර ගැනීම.අද දින එනම් 2013.01.13 වන ගුරු දින හ/නිහිළුව මහ විද්‍යාලයේ 6 ශ්‍රේණියට නවක සිසුන් ඇතුළත් කිරීම සිදු කෙරිණි.ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලබා දෙමින් සෙත් පිරිත් මධ්‍යයේ ඉතා උත්කර්ෂවත් ලෙස මෙය පවත්වන ලදී. ...
තංගල්ල කලාපයේ ප්‍රාථමික ගුරුවරුන් සදහා තොරතුරු තාක්‍ෂන පුහුණූ වැඩමුළුවක් අද දින අප විද්‍යාලීය පරිගණක ඒකකයේදී පැවැත්වේ.තංගල්ල කලාප කාර්යාලයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ O.P.G .නිලානි මහත්මිය මෙය සංවිධානය කරන ලදි. ...
අප විද්‍යාලීය තොරතුරු තාක‍්ෂන සංසදය විසින් මෙහෙයවන මෙම වැඩමුළුව සැප්තැම්බර් මස 17-18 සහ 19 දිනයන්හි විද්‍යාලීය නව පරිගණක විද්‍යාගාරයේදී පැවැත්වේ.තංගල්ල අධ්‍යාපන කලාපයේ පාසල් 40 සිසසුන්ගෙ සහභාගීත්වයෙන් පවත්වනු ලබන අතර කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යනාංශයේ සිසුන් විසින් දේශන පවත්වනු ලබයි. ...
තංගල්ල කලාපයේ අන්‍යධ්‍යන කාර්යමණ්ඩල සදහා මූලික තොරතුරු තාක්‍ෂන වැඩමුළුවක් 25 හා 26 දිනයන්හි අප පාසල් විද්‍යාගාරයේදී පැවැත්වේ.මෙම වැඩමුළුව තංගල්ල කලාප කාර්යාලයේ සැලසුම් අධ්‍යක්‍ෂ නිර්මාල් ජයසූරිය මැතිතුමන් විසින් සංවිධානය කරන ලද අතර කලාප අධ්‍යාපන අධ්‍යක‍්‍ෂ එස්.එච්.සුනිල් මැතිතුමාගේ අධීක්ෂනයෙන් සිදුවේ. ...
මැයි 19 අපිට කවදාවත් අමතක නොවනු ඇත.ඒ අපිට අළුත් නිදහසක් ලැබුන හන්ද.ඒ නිදහස අපිට දෙන්න අපේම සොහොයුරන් දහස් ගනනක් ඔවුන්ගෙ හුස්ම පොද මේ වාතලයට මුදා හැරිය බවත් අප අමකත නොකල යුතුයි.අපි සදා සමරමු ඒ විරුවන්. ...
2600 වැනි සම්බුද්ධත්වය ජයන්තිය සැමැරීම සඳහා බෞද්ධ පින්කම් මාලාවක් අප පාසල විසින් මෙම වසරේදීද සංවිධානය කරනු ලැබුවා.මේ අතරින් ප්‍රධානම පින්කමක් වූයේ සෑම ශ්‍රේණියක් සදහාම වෙන් වෙන් වශයෙන් ස්වාමීන්වහන්සේ නමක් වැඩමවා ධර්ම දේශනයක් පවත්වන ලදී.එය ඊයේ දින පවත්වන ලදී.අද දිනයේදී වෙසක් පහන් කූඩු තරගයක් සහ වෙසක් පත් නිර්මාණ තරඟයක් පවත්වන ලදී. ...
පුරා වසර 34 ගුරු වෘත්තියේ යෙදී සිට අප විද්‍යාලයේ විදුහල්පති ලෙස වසර 3 සේවය කොට ඉසිඹු ලද ආරියසේන බෝධිගම මැතිතුමන්ට උපහාර පිදීමේ උත්සවය අප්‍රේල් 4 වන දින සිසු , දෙමාපිය , ආචාර්ය මණ්ඩලයේ මෙන්ම තංගල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂතුමන්ගේ සහභාගිත්වයෙන් පවත්වන ලදි. ...
පසුගිය කාලේ පාසල් පරිගණක ඒකක අතර තරගයක් තිබ්බා.සෑම අතින්ම හොදම පරිගණක ඒකකය තෝරන්න.පලාතකින් හොදම ඒකක 20 ක් තෝරලා මුදල් තෑගි දෙන්න.ඉතින් දකුණු පලාතේ හොදම 20 අතර අපේ පරිගණක ඒකකය නැහැ කියලා දැනගත්තෙ අන්තිමට.අපිටත් පුදුමයි.හොයලා බැලුවම ප්‍රථමයෙන් කලාප මට්ටමින් මුල් තුන් දෙනා තෝරලා යවන්න ඔනලු.ඉතින් අපි අයිති .තංගල්ල කලාපෙට..අපි දන්නෙ නැහැ වැරැද්ද කොතනද කියලා මෙන්නමේවා ඒකට හේතු වෙන්නැති...තංගල්ල කලාපෙ ප්‍රථම පාසල් ...
වසර 34 සේවා කාලයකින් පසු අප වර්තමාන විදුහල්පති ආරියසේන බෝධිගම මැතිතුමන් අද දින සේවයෙන් විශ්‍රාම ගන්නා ලදි.මෑත භාගයේ අප විද්‍යාලයට පැමිණි දක්‍ෂ මෙන්ම යමක් කිරීමට හැකි සහ යමක් කිරීමේ අවශ්‍යතාවකින්ද හෙබි ආරියසේන බෝධිගම විදුහල්පතිතුමන් කෙටි කාලයකට වුවද විද්‍යාලයේ කැපී පෙනෙන වෙනස්කම් රාශියක් සිදු කල බව දෙමව්පියන්ගේද අදහසයි.එමෙන්ම අනෙක් විශේෂ කාරනාව වන්නේ එතුමන් පරිගණක තාක්‍ෂනය පිළිබඳ දැක්වු උනන්දුවයි.එමෙන්ම කැපවී වැඩ කරන ...
නිල්වලා අධ්‍යාපන විද්‍යාපීඨයේ සිසුන් වාර්ෂිකව මෙහෙයවනු ලබන උක්ත කඳවුර සදහා මෙවර ඔවුන් තෝරා ගෙන ඇත්තෙ තංගල්ල අධ්‍යාපන කලාපයේ පාසල් හතරකි.මෙම කඳවුරට අනුව ඔවුන් දින 5 කාලයක් අදාල පාසල් තුල නේවාසිකව සිටින අතර විද්‍යාපීඨ ආචාර්ය මණ්ඩලයද නේවාසිකව සිටී.අප පාසලේ නොයෙකුත් ආකාරයේ සංවර්ධන හා ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති රාශියක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.පාසල් පරිසරය අලංකාර කිරීම,පස සංරකෂන උපක්‍රම භාවිතා කිරීම,පන්ති කාමර වර්න ...
තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂන නියෝජිතායතනය සංවිධානය කරන පරිගණක සාක්ෂරතාව ඉහල නැංවීමේ වැඩසටහන අප පාසල් පරිගණක විද්‍යාගාරයෙදී මේ දිනවල පැවැත්වේ.බෙලිඅත්ත ප්‍රදේශයේ පරිගණක විද්‍යාගාර නොමැති පාසල් අටක සිසුන් 125 සදහා මේ යටතේ මුලික පරිගණක පුහුණුව ලබා දේ.මේ සදහා අපගේ දායකත්වය ඉතාමත් සතුටින් අප ලබා දෙන අතර ඉදිරියේදී මෙම වැඩසටහන ව්‍යාප්ත කිරීමටද බලාපොරොත්තු වේ. ...
ඔන්න දැන් අපේ පාසල් වෙබ් අඩවියටත් කමෙන්ට්ස් දාන්නත් පුළුවන්.පිවිසෙන්නhttp://www.nihiluwamv.sch.lkස්තුතියි
මේ වෙනකොට අපේ නව පරිගණක ඒකකය සම්පූර්නයෙන්ම නිම කරලයි තියෙන්නෙ.මේකට අවශ්‍ය පරිගණක සහ අනෙකුත් උපාංග සොයා ගැනීමේ මෙහෙයුමක තමයි දැන් අපි නිරත වෙලා ඉන්නෙ.මුල ඉදලම අපි අපට අවශ්‍ය දේවල් ලැබෙනකම් බලා හිටිය පාසලක් නෙවි.බොහෝ දෙවල් අපේ වෙබි අඩවිය හරහා මුන ගැහෙන කරුනාවන්ත පුද්ගලයන් හරහා ලබා ගත්තා.මේ නව ඒකකයේ බිම් මහලේ පරිගණක 30 සදහා ඉඩ තිබෙනවා.උඩු මහලේ පරිගණක 15 සදහා විදුලි ...
දකුණු පළාත් සමුපකාර අමාත්‍ය ගරු ඩී.වී.උපුල් මැතිතුමාගේ අදහසක් අන්ව අප විද්‍යාලයට විශාල අඩුපාඩුවක්ව පැවති පාසල් සමුපකාරය විද්‍යාලයේ සිසුන්ට සහන මිලය පාසල් උපකරණ ලබා දීමේ අරමුණින් ඔක්තෝබර් 27 දින පෙ.ව.10.09 යෙදුනු සුභ මොහොතින් ආරම්භ විය. ...