ගෙවී ඇත කාලය කුඩා කල සිට මැවූ සිහින සැබෑවී ඇත්ද? උසස් පෙළ සමත් වී ඇත, සරසවි වරම් ලැබ ඇත, උපාධිය ලබා ඇත, රැකියාවක්ද ලැබී ඇත, මින් ඉදිරියට කුමක් කළ යුතුද? කුඩා කල සිටි මිතුරන් බොහෝ කලෙකින් දැක නැත… බෝඩිමේ සගයින් උනුන් නිවෙස් බලා ගොස් ඇත… සරසවි මිතුරන් මිතුරියන් කලෙකින් දැක නැත පෑන අතට හුරු නැත… කාලය ගෙවී ඇත සිතේ…. ...

නිමිති නම් පෙර නිමිති අරගෙන පියා සලනා කුහුඹුවන් මෙන් එකම එක දවසක් නිමේශයකුදු නොමැති අරුනැල්ලක් පැතුම් පියාපත් බොඳවෙලා ඉරිතලා අව්වෙන් දැවීයයි මහා මේඝ අතරේ අකුණු සැරයට හසුවෙලා යදම් බැම්මෙන් යටවෙලා පිළුණුවෙන ලේ දුගඳ අතරින් සිනා සෙන මුහුණක් සතුරු සෙවනැලි බිඳදමා සිතෙහි අරුනැලි ඇහැරිලා මිනිස්කම නම් වළා අතරින් පොද වැස්ස අතරේ නැවුම් මිනිසෙකු ඉපදිලා රුසිරු බොතේජු Filed under: ජීවිතය, වෙනත්, ...

ඌ මළා! ඌ මළේ නැහැ, වෙනස් වුනා! වෙනස් වෙන්නෙත් නැහැ දොර අරින්නම ඕනේ, වහ බීලද? බීල නැහැනේ! අවුරුදු ගානක් ගියා ඌ වහ බොන්නෙ නැහැ මම ඕකව මරනව! ඉස්සර වාගෙ නෙමෙයි මූ වහ බොන්නෙ නැහැ දුක තමයි ෂ්‍රෝඩින්ගර් උඹ මට කෙල කලා! රුසිරු බෝතේජු ෂ්‍රෝඩින්ගර් / ෂ්‍රෝඩින්ගර් 2 කියෙව්ව නං කථාව තේරෙයි Filed under: ආදරය, Love ...

කඳු මුදුන සිපගනී අහස්තලයට එහා බිම නොදකිනා ලෙසම ගංගාව පසුකලා කුංචනද පතුරමින් මිහිමඬල කිතිකවා ලේ බිඳිති ගලා එයි කඳු මුදුන බිඳ දමා කවුරුවත් ළං නොවෙයි ලේ දුගඳ බියකලා අහස්කුස දුකසිතා කඳුලු බිඳු වත්කලා ගලන ලේ ගංගාව දසත පැතිරී ගියා මිහිමඬල හිනැහුනේ ගහ කොලද බිඳදමා දුමාරය තවමත් නැගෙයි රැය කෙමෙන් ලංවෙලා වළාකුළු තවමත් හඬයි මිතුර ඔබ කොහෙ කියා කුංචනද නතරවී ...

සඳ කිරණක් වෙලා සුන්දර රැයක නිල් ගුවනක් වෙලා මිහිමඬල ඒ මිහිර මතින් පියඹා නැගුනාට ජිවිතේ තව එක දවසක් ගෙවිලා මල් වරුසා අතරේ පිනිබිඳු හිමකැට මත්තේ නිල් ගුවනේ කඳු මිටියාවතේ ඒ මිහිරෙන් මේ ලොව දුටුවේ පියඹා සියොතුන් අතරේ පිහිනා මින් රැල අස්සේ වන වදුලේ මුව රැල මත්තේ සිංහ රාවයක් සවනට වැටුනේ රුසිරු බොතේජු Filed under: වෙනත් ...

සිහින දේදුන්න අතරේ සුමුදු මායාව රැඳුනේ වළාකුළු පියන් මත්තේ පියනැගුවේ… මාගේ සිහින අතරේ සුපිපුණූ මලක් මා දුටුවේ ඔබ අසලමයි ආලේ නවතින්නේ… මිහිර දැනුනා මෙ මොහොතේ ඔබගේ දෙතොල් අතරේ සැඟවෙන්නටයි ඔබේ ළමැදේ ආදරේ… සුපිපෙනා වසන්ත කාලේ මල් කැකුළක් වී පිබිදෙන්නේ ඔබමයි මාගෙ සිහිනේ දෙව්ලියේ.. නැවතත් ඒ සිහිනේ නැවතෙන්න මා හද කීවේ ඔබගේ ඒ ආලේ දැනුනේ.. රුසිරු බොතේජු Filed under: ආදරය, ...

වචනයක්වත් නොකියා… වෙන්වී ගිය අතීතය මතක් නොකර… ගිනිගෙන දැවෙන හදට පිදුරු දමන්නට සිනාසී නිහඬව කඳුළු තනිකර පිය නගන්නට ඉඩක් දෙනු මැන…. රුසිරු බොතේජු Filed under: ආදරය, ජීවිතය, Life, Love ...

ඔබ දෑසේ සේයා මා සිහිනේ සඟවා සිත ඇතුලේ හංගා හොර රහසේ මුමුණා ආදරයේ ගංඟා තරුකැට අතරේ රිංඟා නිල්මිණි අතරේ හංඟා ඒ ගීයේ ගැයුනා මේ දෑසින් මුමුණන්නේ ආදරයේ සංගීතේ නිම්නාද දෙන්නේ ආදරයයි සොඳුරේ ඔබ හිනැහුනු ඒ සිහිනේ තනිවෙන්නට හද මඬලේ ආදරයයි හද පතුලේ උණුසුමකින් සිටියේ අප අතරේ බැඳි සෙනෙහේ පැතිරේ හද පතුලේ රුව දිස්වෙයි ඔබගේ හැමවිට මා සිහිනේ රුසිරු බොතේජු ...

ඔබේ නෙතු අග කඳුළු නොම රැඳෙනා ඔබේ මුව අග සිනහ මල් පිපෙනා සඳයි තරුකැට තනිව මේ යාමේ පෙමින් ළංවී ගයමු ගීරාවේ මුවින් ගිලිහෙන සොඳුරු ගී ඇසෙනා සිනා මල්දම ලොවම එළිය කරනා මුවග රැව්දෙන මිහිරි ගී රාවේ මතින් මත්වී සිටිමි ආශාවේ ආදරය ගැන ගේය පද ලියෙනා ජීවිතය ගෙන සොඳුරු තනු මැවෙනා ඔබයි මාගේ සිහින තන්‍යාවී සිහින ලෝකේ සොඳුරු මිහිරාවී රුසිරු ...

නිහඬ සිතක් නොකී කථා මහ පොළොවට ඇද වැටිලා ගංගාවක් පසුකරයයි නිහඬ සොඳුරු ආදරේ නිමේශයක්වත් සිත ලඟ තනිවෙන්නට ඉඩ දෙන්නට කඳුළු බිඳුවලන් වැසී දෝර ගලනවා සිත දෝර ගලනවා වේදනාව එබී බලන හැම හුස්මම පසුකර යන අපේ සොඳුරු සිනහ කථා අඬා වැටෙනවා තනිකර අඬා වැටෙනවා නුඹ ලඟසිත නැවතෙන විට එක හුස්මට හිත ගුලිකර වේදනාව තනිකරමින් හඬා වැටෙනවා සිත හඬා වැටෙනවා රුසිරු ...

මට බෑනෙ simple ඒව අඳින්න අරයගෙ සාරිය 30,000 මම අඳින්න ඕන 50,000ක වත් අරහෙ දවල් පාටියට කෑම Galadhari එකෙන් අපි ගේමු Gall Face එකෙන් රෑට බෙන්නෙ whiskey Red label හරිනැහැ අපි ගේමු Green හරි Blue හරි පාටියෙ වැඩ හරි! පල්ලි යන්න ඕනද? ආහ්! මස් ගේන්න බැරිවුනානෙ ඌරව මැරුවද දන්නෙ නැහැ හරක් මසුත් ගේන්නම් ස්ටූ එක හොඳයි බයිට් එකට ගවලෙන ...

තනි තරුවක්වී රෑ අහසේ ඔබ පමණයි මා අසල සිටියේ හද වේදනා විඳින මොහොතේ අසලින් රැඳෙන් මාගේ සොඳුරේ ආදරේ දැනෙන මොහොතේ උණුසුමෙන් ඔබ අසලට ආවේ තනිවෙන්න නමි අපේ ලෝකේ ඉඩදෙන්න නැවතෙන්න ඔබේ ලමැදේ සොඳුරුම විමනක් නැත්මුත් වළාකුළු අතරේ තනි නොවුනත් තනිවෙමු අපි අපේම ලෝකෙක ජීවිතේ සොඳුරුම සමයක කඳුලැලි සුසුමන් අතරේ ඔබගේ සුවඳයි දැනුනේ වේදනා නැගෙනා රාත්‍රියේ තනිකමින් ඔබ මා අසලින් ...

නිහඬ සිතුවිල්ලක් අසල තනිවීමි ඇයි නිහඬ නුඹ ඇසූවිට මා සිනාසුනා පමණි නෙතින් බිම බලමින්…. දෙනෙත් ඔසවා මදෙස බැලුවිට දුටිමි දෑසක් බරවුනු වේදනාවෙන්… ඇයි ඔබ වේදනාවෙන් ඇසූවිට මා සිනාසුනි නැවතත් බිම බලමින්… “ඇයි ඔබ මා හැරදමා නැද්ද කාලය සිතන්නටවත්…” රුසිරු බොතේජු Filed under: ජීවිතය, වෙනත්, Life ...

රාත්‍රිය අඳුරුයි ගිමන් හල නිහඬයි රුදුරු වැස්සේ සිසිල අතරින් නිහඬ සඳ බැබලෙයි ගෙවන මැදියම් රෑ සොඳුරු තනිකමමයි නිසල අහසේ රැඳී සිටියේ වළාකුල පමණයි අහස දැන් නිහඬයි වළාකුළු නොමවෙයි ඔබව හැරගොස් දමා ඇත්තේ වළාකුල පමණයි රුසිරු බොතේජු Filed under: ජීවිතය, වෙනත්, Life ...

The day starts with an ending Where the two headed beast sleeps The heads are facing each other Reminds a hourly shape Drums are too loud its a whisper For a believer thats what he gets Is just today or forever It screams, sweet agony of pain The beast’s head is moving The eyes are still a sleep Can ...

වෙන මළ ගෙවල්වල කොඩිදාන්න උඹත් එක්ක ගිය අපි හිතුවෙනෑ කවදාවත් උඹේ මළගෙටත් කොඩිදාන්න වෙයිකියල කොහොමද බං හිත හදාගෙන කොන්වොකේෂන් යන්නෙ උඹ නැති….. ගිලෙන්න යනාකොට බේර ගන්න උඹ හිටියට උඹව බේර ගන්න අපිට බැරිවුනා උඹ අපේ වීරයා උනාට අපිට උඹේ වීරයෝ වෙන්න බැරි වුනා අනේ බං නැගිටපන් තව එක ට්‍රිප් එකක් යන්න තව එක කැරමක් ගහන්න [...] ...

Previous Page